News Category
From Date
To Date
Maximum Number of Result

බටහිර ආයුධ කර්මාන්තය අධික පිරිවැය නිසා කඩාවැටේ.. ඇමරිකාවේ ගෝලීය ආරක්ෂක ජාලය බිඳවැටිලා..

Mar 9, 2026 at 08:56 AM
|

බටහිර මාධ්‍ය කොතරම් වර්ණනා කළත්, යුධ පිටියේ සැබෑ තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්ය. ලෝකයේ දියුණුම මිසයිල නාශක පද්ධතියක් ලෙස සැලකෙන "THAAD" පද්ධතියේ රේඩාර් යන්ත්‍ර ඉරාන ප්‍රහාර හමුවේ විනාශ වී ඇති බව වාර්තා වේ. 

ජෝර්දානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්ථාපිත කර තිබූ මෙම රේඩාර් පද්ධති විනාශ වීමත් සමඟ ඊශ්‍රායලය වෙත එල්ල වන ප්‍රහාර හඳුනා ගැනීමට ඇති කාලය "මිනිත්තු කිහිපයක්" දක්වා සීමා වී තිබේ.

මෙහි ඇති පුදුමයට කරුණ නම්, ඩොලර් බිලියන ගණනක් වටිනා මෙම රේඩාර් පද්ධති විනාශ කිරීමට ඉරානය භාවිතා කර ඇත්තේ ඉතා අඩු පිරිවැයකින් නිෂ්පාදනය කළ හැකි 'ෂහීඩ්' වර්ගයේ ඩ්‍රෝන යානා වීමයි. 

මේවා පියාසර කරන විට මෝටර් බයිසිකලයක ශබ්දයට සමාන ශබ්දයක් නිකුත් කරන තරමට සරල තාක්ෂණයක් සහිත වුවත්, ඒවා හඳුනාගෙන විනාශ කිරීමට ඇමරිකානු "Patriot" පද්ධති අසමත් වී ඇත. 

එක් මිසයිලයක් බිම හෙළීමට ඩොලර් මිලියන ගණනක් වටිනා "Patriot මිසයිල" 11 ක් පමණ එකවර මුදා හැරියත්, ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වූ අවස්ථා ද පසුගිය දිනවල දක්නට ලැබුණි!

ඇමරිකානු ආරක්ෂක කර්මාන්තය මුහුණ දී සිටින ලොකුම ගැටලුව වන්නේ මිසයිල නිෂ්පාදනය කිරීමේ වේගයයි. වර්තමානයේ ඇමරිකාවට මසකට නිෂ්පාදනය කළ හැක්කේ 'THAAD' මිසයිල 10 ක් සහ "Patriot" මිසයිල 35-40 ක් වැනි සුළු ප්‍රමාණයකි. 

නමුත් යුධ පිටියේදී දිනකට මෙවැනි මිසයිල විශාල ප්‍රමාණයක් වැය වේ. ඇමරිකාව ලෝකයට පෙන්වන්නේ තමන් ලෝකයේ විශාලතම ආර්ථිකය සහ නිෂ්පාදන බලවතා බවයි. නමුත් මැදපෙරදිග යුද්ධය ආරම්භ වූ විට හෙළි වූයේ ඔවුන්ගේ "පේට්‍රියට්" වැනි නවීන මිසයිල නිපදවන්නේ ඉතා සෙමින්, බොහෝ දුරට අතින් එනම් "Hand assembled" ලෙස බවයි. 

මෙයට හේතුව එම සමාගම් ලාභය වැඩි කරගැනීම සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය ස්වයංක්‍රීය කිරීමට ආයෝජනය නොකිරීමයි. යුද්ධයේදී මිසයිල සිය ගණනින් වැය වන විට, ඇමරිකානු කර්මාන්තශාලා වලට ඒවා සැපයීමට නොහැකි විය.  

ආයුධවල මිල ඉහළ දැමීමට කොන්ත්‍රාත්කරුවන් කළ කපටි උපාය අවසානයේදී ඇමරිකානු හමුදාව යුධ පිටියේදී අසරණ වීමට ප්‍රධාන හේතුව විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවට දැන් සිදුව ඇත්තේ දකුණු කොරියාව සහ තායිවානය වැනි රටවල ස්ථාපිත කර ඇති මිසයිල පද්ධති පවා, මැදපෙරදිගට ගෙන්වා ගැනීමටයි. මෙය ඇමරිකාවේ ගෝලීය ආරක්ෂක ජාලය දුර්වල වීමක් ලෙස හැඳින්විය හැකිය.

මෙම ගැටුමේ වඩාත්ම සංකීර්ණ සහ තීරණාත්මක පැත්ත වන්නේ රුසියාවේ මැදිහත්වීමයි. රුසියාව සහ ඉරානය අතර ඇති වෙමින් පවතින යුධමය සහයෝගීතාවය ඇමරිකාව දැඩි තිගැස්මකට පත් කර තිබේ. 

රුසියාව විසින් ඉරානය වෙත සිය දියුණුම රේඩාර් තාක්ෂණය, Mig-29 සහ Su-35 වැනි ප්‍රහාරක යානා මෙන්ම S-400 මිසයිල ආරක්ෂක පද්ධති ලබා දී ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම ඇමරිකානු චන්ද්‍රිකා සහ නිරීක්ෂණ පද්ධති මඟහරවා ගනිමින් ඉලක්ක ලබා දීමට රුසියානු බුද්ධි තොරතුරු ඉරානයට විශාල ශක්තියක් වී ඇත. 

මෙය එක් අතකින් යුක්රේන යුද්ධයේදී ඇමරිකාව ක්‍රියා කළ ආකාරයට රුසියාව විසින් දෙන ලද "ප්‍රතිචාරයක්" ලෙසද සැලකිය හැකිය. "ඔබ අපේ සතුරන්ට උදව් කරන්නේ නම්, අපි ඔබේ සතුරන්ට උදව් කරන්නෙමු" යන පණිවිඩය රුසියාව ප්‍රායෝගිකව පෙන්වා දී තිබේ.

යුද්ධය හුදෙක් වෙඩි උණ්ඩ වලට පමණක් සීමා නොවේ. එය ලෝක ආර්ථිකයටද දැඩි බලපෑමක් එල්ල කරයි. මේ වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 90 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මෙය තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතී. 

ලෝකයේ තෙල් සැපයුමෙන් 20% ක් පමණ ගමන් කරන්නේ 'හෝමූස්' සමුද්‍ර සන්ධිය හරහාය. ඉරානය විසින් මෙම කලාපයේ නාවික ගමනාගමනයට බාධා කළහොත් සමස්ත ලෝකයම බලශක්ති අර්බුදයකට මුහුණ දෙනු ඇත.

විශේෂයෙන්ම යුරෝපය මේ සම්බන්ධයෙන් දැඩි අවදානමක පසුවේ. ඔවුන් රුසියානු ගෑස් ප්‍රතික්ෂේප කර කටාර් රාජ්‍යයෙන් ගෑස් ලබා ගැනීමට උත්සාහ කළත්, වර්තමාන යුධ තත්ත්වය හමුවේ කටාර්හි ගෑස් නිෂ්පාදන මධ්‍යස්ථාන පවා අඩපණ වී ඇත. මෙහි ප්‍රතිඵලය වන්නේ යුරෝපයේ කර්මාන්ත ශාලා වැසී යාම සහ ජන ජීවිතය අතිශය දුෂ්කර වීමයි.

අප වැනි කුඩා රටකට ලෝක බලවතුන්ගේ මෙම ගැටුම් ඈත සිදුවීම් ලෙස පෙනුනත්, එහි බලපෑම සෘජුවම අපේ මුළුතැන්ගෙයට පවා දැනේ. ඉන්ධන මිල ඉහළ යාම, භාණ්ඩ හිඟය සහ ගෝලීය උද්ධමනය මේ සියල්ලේ ප්‍රතිඵල වේ. එහෙත් මෙහි ඇති වැදගත්ම පාඩම වන්නේ, ලෝකය දැන් තනි බලවතෙකුට යටත් නොවන ලෝකයක් කරා ගමන් කරමින් සිටින බවයි.

වර්තමාන යුධ පිටියේ ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරක යානා ඉරානයේ ගුවන් පථ ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන විට එක් අපූරු සිදුවීමක් වාර්තා විය. චන්ද්‍රිකා සහ රේඩාර් මඟින් ලබාගත් දත්ත වලට අනුව, ගුවන් පථවල ප්‍රහාරක හෙලිකොප්ටර් යානා පෙළට නවතා තිබෙනු දිස් විය. ඇමරිකානු මිසයිල ඉතා නිවැරදිව මෙම "යානා" මතට පතිත විය.

නමුත් ප්‍රහාරයෙන් පසු ලබාගත් ඡායාරූප පරීක්ෂා කිරීමේදී හෙළි වූයේ පුදුම සහගත කරුණකි. එහි තිබී ඇත්තේ සැබෑ හෙලිකොප්ටර් නොව, ගුවන් පථය මත ඉතා සූක්ෂ්ම ලෙස ඇඳ තිබූ ත්‍රිමාණ හෙවත් 3D චිත්‍ර සමූහයකි. ඩොලර් මිලියන ගණනක් වටිනා අධි-තාක්ෂණික මිසයිල අවසානයේදී පුපුරා ගොස් තිබුණේ කොන්ක්‍රීට් පොළොව මත ඇඳි තීන්ත චිත්‍ර මතය. 

මෙය අපට පෙන්වා දෙන්නේ තාක්ෂණය කොතරම් දියුණු වුවත්, මිනිස් බුද්ධිය සහ සරල රැවටීම් උපක්‍රම හමුවේ එය තවමත් පරාජය කළ හැකි බවයි.

ඇමරිකානු නාවික හමුදාව සතු දැවැන්ත ගුවන් යානා වාහක නෞකා සහ 'Destroyers' යනු සාගරයේ පාවෙන බලකොටු වැනිය. ඒවායේ ඇති මිසයිල සහ රේඩාර් පද්ධති වලට සැතපුම් සිය ගණනක් ඈතින් එන සතුරු ඉලක්ක විනාශ කළ හැකිය. 

නමුත් ඉරානය මෙයට පිළියමක් ලෙස භාවිතා කළේ ඉතා සරල උපක්‍රමයකි. ඔවුන් රුපියල් ලක්ෂ කිහිපයක් පමණක් වටිනා ඉතා වේගවත් කුඩා බෝට්ටු සිය ගණනක් එකවර මුදා හැරීමට පුරුදු විය. මෙම බෝට්ටු මත සාමාන්‍ය මිසයිල හෝ මැෂින් තුවක්කු සවිකර තිබේ. 

දැවැන්ත නෞකාවකට එකවර ඉලක්ක කරගත හැක්කේ සීමිත ඉලක්ක ප්‍රමාණයකි. නමුත් මී මැසි රංචුවක් මෙන් සෑම පැත්තකින්ම වේගයෙන් ඇදී එන කුඩා බෝට්ටු සියයක් පාලනය කිරීම එම දැවැන්ත නෞකා වලට අසීරු විය. බිලියන ගණනක් වටිනා නෞකාවක්, සාමාන්‍ය ධීවර බෝට්ටු වැනි කුඩා යාත්‍රා සමූහයක් හමුවේ පසුබැසීමට සිදුවීම තාක්ෂණයේ බලයට එල්ල වූ තදබල පහරකි.

ඇමරිකානු ගුවන් හමුදාව ලෝකයේ ඕනෑම තැනක ඇති ඉලක්කයක් අහසේ සිට විනාශ කිරීමට සමත් "ස්මාර්ට් බෝම්බ" භාවිතා කරයි. ඔවුන් සිතුවේ ඉරානයේ මිසයිල ගබඩා සහ විදින යන්ත්‍ර අහසේ සිට පහසුවෙන් විනාශ කළ හැකි බවයි. 

නමුත් ඉරානය සියුම් උපක්‍රමයක් ලෙස සියලුම වැදගත් යුධ උපකරණ අඩි සිය ගණනක් පොළොව යට සහ කඳුකරයේ ගැඹුරු ගුහාවල තැන්පත් කළේය. ඔවුන් මෙය හඳුන්වන්නේ "මිසයිල නගර" ලෙසයි.

කඳුකරයේ සැඟවී ඇති මෙම මධ්‍යස්ථාන සොයා ගැනීමට ඇමරිකානු චන්ද්‍රිකා වලට පවා අපහසු වී තිබේ. ඉරාන හමුදාව කරන්නේ මිසයිල විදින රථ උමං මාර්ග හරහා පිටතට ගෙන විනාඩි කිහිපයකින් මිසයිල මුදා හැර, ඇමරිකානු යානා පැමිණීමට පෙර නැවතත් උමං තුළට ගෙන ගොස් සැඟවීමයි. අති නවීන ගුවන් බලය හමුවේ වුවද "පොළොව යට සැඟවී සිට පහර දීම" වැනි පැරණි සරල උපක්‍රමයන් තවමත් සාර්ථක වී ඇත.

බටහිර රටවල් ඉරානයට සහ රුසියාවට එරෙහිව පැනවූ ලොකුම තහනම වූයේ නවීන පරිගණක චිප්ස් ලබා නොදීමයි. නවීන මිසයිල සහ ඩ්‍රෝන නිපදවීමට මෙම චිප්ස් අත්‍යවශ්‍ය යැයි ඔවුන් සිතූහ. 

නමුත් එම රටවල් කළේ ඉතා පුදුම සහගත දෙයකි. ඔවුන් සාමාන්‍ය රෙදි සෝදන යන්ත්‍ර , ශීතකරණ සහ ස්මාර්ට් ජංගම දුරකථනවල ඇති සරල චිප්ස් ගලවා ඒවා සිය යුධ උපකරණ සඳහා භාවිතා කිරීමට පටන් ගත්හ.

ඇමරිකාව සිතුවේ මෙම "සරල චිප්ස්" වලින් සාදන ආයුධ අසාර්ථක වනු ඇති බවයි. නමුත් ඉරාන ඩ්‍රෝන යානා පරීක්ෂා කිරීමේදී හෙළි වූයේ ඒවා තුළ තිබුණේ අප නිවෙස්වල භාවිතා කරන උපකරණවල ඇති සරල තාක්ෂණය බවයි. ඩොලර් දහස් ගණනක් වටිනා මිල අධික චිප්ස් වෙනුවට, වෙළඳපොලේ ඇති සාමාන්‍ය උපාංග වලින් නිපදවූ මෙම ආයුධ ඇමරිකානු ආරක්ෂක පද්ධති පරාජය කිරීමට සමත් විය. 

ඇමරිකානු රේඩාර් සහ ජෑමර් පද්ධති නිර්මාණය කර ඇත්තේ ගුවන් විදුලි තරංග මගින් පාලනය වන ඩ්‍රෝන යානා අඩපණ කිරීමටයි. සතුරා ඩ්‍රෝන යානයක් එවූ සැනින් එහි සංඥා අවහිර කර එය පාලනයෙන් බැහැර කිරීමට ඇමරිකානු තාක්ෂණයට හැකියාව තිබේ. 

නමුත් මෑතකදී ඉරානය සහ ඔවුන්ගේ හිතවාදී කණ්ඩායම් මේ සඳහා ඉතා පැරණි එහෙත් සාර්ථක උපක්‍රමයක් භාවිතා කළහ. ඔවුන් සිය ඩ්‍රෝන යානා පාලනය කිරීමට ගුවන් විදුලි තරංග වෙනුවට, ඉතා සිහින් 'ෆයිබර් ඔප්ටික්' රැහැනක් භාවිතා කළහ. ඩ්‍රෝන යානය පියාසර කරන විට මෙම නූලක් වැනි රැහැන දිග හැරෙමින් පාලන මධ්‍යස්ථානය සමඟ සෘජුවම සම්බන්ධ වේ. 

රැහැන් හරහා පණිවිඩ යන බැවින් කිසිදු ජෑමර් යන්ත්‍රයකට මෙම ඩ්‍රෝන යානා නතර කළ නොහැකි විය. බිලියන ගණනක් වටිනා ඉලෙක්ට්‍රොනික යුධ උපකරණ, සාමාන්‍ය නූලකින් පාලනය වන ඩ්‍රෝන යානයක් හමුවේ අසරණ වූයේ, ඒ අයුරිනි!

නවීන රේඩාර් පද්ධති සහ මිසයිල නිර්මාණය කර ඇත්තේ ඉතා වේගයෙන් පියාසර කරන ලෝහමය වස්තූන් උදාහරණ ජෙට් යානා හෝ මිසයිල හඳුනාගෙන විනාශ කිරීමටයි. මෙම පද්ධති ඩොලර් මිලියන ගණනක් වටිනා 'ස්මාර්ට්' තාක්ෂණයෙන් යුක්තය. නමුත් ඉරානය සහ ඔවුන්ගේ හිතවාදී කණ්ඩායම් මේ සඳහා ඉතා සරල උපක්‍රමයක් භාවිතා කළහ.

ඔවුන් ඉතා මිල අඩු, ලෝහමය තීන්ත ආලේපනයක් සහිත බැලූන වන "Metallic coated balloons" සිය ගණනක් අහසට මුදා හැරියහ. රේඩාර් පද්ධති වලට සුළගේ ගසා ගෙන එන මෙම බැලූන් පෙනෙන්නේ සතුරු මිසයිල හෝ යානා ලෙසයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඊශ්‍රායලයේ සහ ඇමරිකාවේ මිසයිල ආරක්ෂක පද්ධති මෙම හිස් බැලූන් විනාශ කිරීමට සිය මිල අධික මිසයිල මුදා හරින ලදී. 

ඩොලර් මිලියන 6 ක් වටිනා එක් පේට්‍රියට් මිසයිලයකින් විනාශ කළේ ඩොලර් 10 ක් වටිනා බැලූනයකි! 

යුද්ධයකදී ආයුධ වලට වඩා බලවත් වන්නේ ආර්ථිකයයි. ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අසල යුධ අභ්‍යාස පවත්වන විට, ලෝකයේ විශාලතම නෞකා රක්ෂණ සමාගම් එම කලාපය හරහා යන තෙල් නැව්වල රක්ෂණ ගාස්තු අධික ලෙස ඉහළ දැමූහ. මෙය ඇමරිකානු ආර්ථිකයට එල්ල වූ දැඩි පහරකි.

ඩොනල්ඩ් ට්‍රම්ප් රජය ප්‍රකාශ කළේ තමන් මෙම නැව් වලට ආරක්ෂාව සපයන බවයි. නමුත් රක්ෂණ සමාගම් පැවසුවේ "ඔබ කොතරම් ආරක්ෂාව දුන්නත්, එක සරල ඩ්‍රෝන ප්‍රහාරයකින් නැවක් ගිල්වා දැමුවහොත් අපට බිලියන ගණනක වන්දියක් ගෙවීමට සිදුවන" බවය. 

මෙහිදී ඉරානය කිසිදු වෙඩිල්ලක් පත්තු නොකර, හුදෙක් "තර්ජනයක්" මගින් ලෝක තෙල් වෙළඳපොළ සහ රක්ෂණ ක්ෂේත්‍රය කළඹවා දැමීමට සමත් විය. අති නවීන යුධ නැව් තිබුණද, රක්ෂණ වාරිකය වැනි සරල ආර්ථික සාධකයක් හමුවේ ලෝක බලවතාට පසුබැසීමට සිදුවිය. 

ඇමරිකානු නාවික හමුදාව සතු බිලියන ගණනක් වටිනා නෞකා ඕනෑම මිසයිල ප්‍රහාරයකට මුහුණ දීමට සූදානම්ය. නමුත් හෝමූස් සමුද්‍ර සන්ධිය වැනි පටු මුහුදු තීරයකදී ඔවුන්ට මුහුණ දීමට සිදුවූ ලොකුම අභියෝගය වූයේ සාමාන්‍ය ධීවර බෝට්ටු මගින් මුහුදේ පාවීමට හරින ලද "මුහුදු බෝම්බ" හෙවත් "Sea Mines" ය.

මෙම බෝම්බ ඉතා පැරණි තාක්ෂණයෙන් යුක්ත වුවත්, ඒවා නෞකාවක ගැටුණු සැනින් විශාල විනාශයක් කළ හැකිය. ධීවර බෝට්ටු වලින් රහසිගතව මෙවැනි බෝම්බ සිය ගණනක් මුදා හරින විට, ඇමරිකානු අධි-තාක්ෂණික නෞකා වලට මුහුදේ ගමන් කිරීම අතිශය අවදානම්ය. 

අහසේ සිට එන මිසයිල නැවැත්වීමට සමත් වුවද, දිය යට පාවෙන සරල බෝම්බයක් හඳුනා ගැනීමට එම නෞකා වලට අපහසු ය. මෙය සාගරයේ බලය හුදෙක් තාක්ෂණය මතම රඳා නොපවතින බවට හොඳම නිදසුනකි.

යුද්ධයක් දිගු කාලයක් ඇදී යන විට, වැදගත්ම සාධකය වන්නේ භට පිරිස්වල සැපයුම් ජාලයයි . ඇමරිකානු හමුදාව ඉරාකය සහ සිරියාවේ සිය කඳවුරුවල සිටින භටයන්ට ආහාර සහ අනෙකුත් පහසුකම් සපයන්නේ ඉතා මිල අධික ගුවන් ගමන් සහ රථ පෙළවල් මගිනි.

ඉරාන හිතවාදී කණ්ඩායම් විසින් මෙම සැපයුම් මාර්ග වලට නිරන්තරයෙන් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරන විට, ඇමරිකානු භටයන්ට අවශ්‍ය ආහාර සහ ඉන්ධන සැපයීම අතිශය දුෂ්කර විය. කඳවුර තුළ කොතරම් නවීන ආයුධ තිබුණත්, ආහාර සහ ජලය නොමැති වූ විට භටයන්ගේ මානසිකත්වය බිඳ වැටේ. ඉරානය මෙහිදී භාවිතා කළේ සතුරාට කෙලින්ම පහර දෙනවා වෙනුවට, ඔවුන්ගේ "බඩට පහර දීමේ" සරල උපක්‍රමයයි. බිලියන ගණනක යුධ අයවැයක් තිබුණද, සරල සැපයුම් ජාලයක් පවත්වා ගැනීමට නොහැකි වීම නිසා, ඇමරිකාවට සිය කඳවුරු වසා දැමීමට පවා සිදුවිය. 

මෙම සරල කතා හරහා ලෝක දේශපාලනයේ සහ යුධ පිටියේ පවතින සැබෑ යථාර්ථය ඔබට පැහැදිලි වනු ඇතැයි මම සිතමි. මේ කතා අපේ ජීවිත වලටත් අදාළය. අපේ දෛනික ජීවිතයත් යුධ පිටියක් වැනිය. අද්වෛත වේදාන්තය උගන්වන්නේ අපේ බොහෝ බිය සහ වේදනාවන් හුදෙක් "මායාවක්" බවයි. ඉරානයේ ත්‍රිමාණ චිත්‍ර වලට රැවටී මිසයිල නාස්ති කළා සේ, අපත් සමාජයේ සම්මතයන් සහ අන් අයගේ මත නමැති චිත්‍ර වලට රැවටී අපේ ශක්තිය නාස්ති කරමු. 

ආතතිය, අධික වැඩ රාජකාරි සහ අනවශ්‍ය සිතුවිලි නමැති "මිසයිල" අපේ මනසට නිරන්තරයෙන් එල්ල වේ. බටහිර ආයුධ කර්මාන්තය අධික පිරිවැය නිසා කඩාවැටුණා සේ, අපත් අපේ ජීවිතය අනවශ්‍ය ලෙස සංකීර්ණ කරගතහොත් අපේ ජීව ශක්තිය නාස්ති වේ. ඒ නිසා ඔබේ ඉලක්ක කරා යාමට ඇති සරලම සහ කාර්යක්ෂම මග සොයන්න. මිල අධික සම්පත් වලට වඩා, ඔබේ නිර්මාණශීලී බුද්ධියට ආයෝජනය කරන්න. ගැටලුවකට මුහුණ දීමේදී, හැමෝම කරන දේ නොව කිසිවෙකු නොසිතන සරල එහෙත් බලවත් විසඳුමක් සොයන්න. තවත් විග්‍රගයකින් හමුවෙමු.

©️ සාගර දියගම

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.