News Category
From Date
To Date
Maximum Number of Result

අයවැය යනු රැවටීමක්, ප්‍රතිපත්තිමය පරස්පරයක් සහ ආණ්ඩුවේ උපායමාර්ගික දුප්පත්කමේ පිළිබිඹුවක් - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් පත්‍රිකා ව්‍යාපාරයක්

Dec 1, 2025 at 03:19 PM
|

2025/25 අයවැය ලේඛනය හුදු ගිණුම් සටහනක් මිස ආර්ථික උපායමාර්ගික හැරවුමකට මඟපෙන්වන ප්‍රතිපත්තිමය ප්‍රකාශනයක් නොවන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසයි.

එමගින් බරපතළ ප්‍රතිපත්තිමය පරස්පරයක් පෙන්වන බවත්, ජාත්‍යන්තර ණය දෙන ආයතනවල බලපෑම්වලට යටත්ව දේශීය නිෂ්පාදන පද්ධතිය බිඳවට්ටවන බවත් ආණ්ඩුවට බරපතළ චෝදනා එල්ලකර ඇත.

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ අදාළ පත්‍රිකාව සමාජ මාධ්‍ය සහ විද්‍යුත් තැපෑල මගින් මෙන්ම මුද්‍රිත පත්‍රිකා පෞද්ගලිකව සහ තැපෑල මගින් බෙදා හැරීමට කටයුතු කරන බවය.

ලංකා ලීඩර් වෙත එවා ඇති පත්‍රිකාව මෙසේ පළකරමු..

රැවටීමේ අය වැය හෙවත් මූල්‍ය පරතරය පියවා ප්‍රතිපත්තිමය පරස්පරය සැඟවීම

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව සහ ඊට පෙර මැතිවරණ ව්‍යාපාරය තුළ ලබා දුන් පොරොන්දු හෙවත් මහජන මනසේ ජනිත කළ ආපේක්ෂාවලට අනුව ආර්ථික කළමනාකරණයට අදාළව ප්‍රබල උපාය මාර්ගික හැරවුමක් පෙන්වීමට සුවිශේෂී අවස්ථාව ලැබෙන්නේ මෙවර අය වැය තුළිනි. එහෙත් කණගාටුවට කරුණ වන්නේ රට සහ ආණ්ඩුව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදයට සහ මෙතෙක් පැමිණි ගමනට සාපේක්ෂව කිසිදු උපාය මාර්ගික හැරවුමක් හෙවත් “සිස්ටම් චේන්ජ්” අපේක්ෂාවක් පෙන්වීමට මෙවර අයවැය අසමත් වීමය. එහිදී විශේෂිත කාරණාව වන්නේ ආණ්ඩුව විසින් අය වැය ලේඛනය සැරසීම සඳහා ඉදිරිපත් කරන උපාය මාර්ගික අරමුණුවලට පරස්පර උපායමාර්ගික ප්‍රවේශයක් යම් නිශ්චිත යෝජනා තුළින් ප්‍රකට වීමය. එනම් වත්මන් අර්බුදයට අදාළ මූලධර්මික හේතු සාධක නිවැරදි කරන ආකාරය හෙවත් ඊට අදාළ උපාය මාර්ගික ප්‍රවේශය නිශ්චිත සහ ප්‍රබල ලෙස දැක්වීමට අයවැය ලේඛනය අසමත් වී ඇත. එපමණක් නොව ජාත්‍යන්තර ණය දෙන ආයතන සහ ලෝක වෙළඳ සංවිධානය විසින් නිර්දේශ කරනු ලබන, පවතින ගෝලීය වෙළෙඳ සහ ආර්ථික රටාව වෙනස් කිරීම වැළැක්වීම සඳහා ඉදිරිපත් කරන කොන්දේසි හෙවත් මානසික බාධක ආණ්ඩුව විසින් ප්‍රකාශිතව පිළිගෙන ඇත.

එම පිළිගැනීමට අනුව අය වැයට අදාළ සමස්ත උපාය මාර්ගික ප්‍රවේශයේ ප්‍රබල පිළිබිඹුවක් ලෙස උදාහරණ 

කිහිපයක්ම ඉදිරිපත් කළ හැක. ඒ අතරින් පළමුවැන්න ලේඛනයේ අඩංගු පළමු සහ දෙවන උපාය මාර්ගික අරමුණු වන “තිරසාර සහ සැමට ප්‍රතිලාභ සැලසෙන ආර්ථික වර්ධනයක්” සහ “ආනයන විවිධාංගීකරණය මගින් ඉහළ ආදායමක්” යන අරමුණු වලට පටහැනි ආදායම් යෝජනා හෙවත් ආනයන බඳු ප්‍රතිපත්තිය යෝජනා කිරීමය. ආණ්ඩුවේ එම පරස්පර මූලික ප්‍රතිපත්තිමය පදනම ඉතා හොඳින් පිලිඹිබු වන්නේ පළමුවැනි ආදායම් යෝජනාව මගිනි. ඒ මගින් කියවෙන්නේ ආනයනික පොල්තෙල් සහ ෆාම් තෙල් සඳහා පිළිවෙලින් කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 150ක් සහ රුපියල් 275ක් වශයෙන් පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉවත් කර ඒ වෙනුවට වැට් හෙවත් එකතු කල අගය මත බද්ද පනවන බවය. එසේ ආදායම් යෝජනාවක් ලෙස ආදායම් අහිමි කර ගැනීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා නිදහසට කාරණය ලෙස ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රදානතම සටන් පාඨය වන “වෙළඳාම සඳහා සමාන තරගකාරී තත්ත්වයක් තහවුරු කිරීම” යන්න දැක්වීම මගින් අයවැය ලේඛනයේ උපාය මාර්ගික දුප්පත්කම ඉතා හොඳින් ප්‍රකට වේ.

ඊනියා සමාන තරගකාරී තත්ත්වය හෙවත් සම බිමක වෙළඳාම ප්‍රචලිත කිරීම නැමති සටන් පාඨය ලෝක වෙළඳ සංවිධානය විසින් 1994 දී ඉදිරිපත් කරන්නේ බටහිර රටවල එසේ නොවන බිමක තම ආර්ථිකය ශක්තිමත් කර

ගැනීමෙන් පසුවය. ඒ බව 1950 දශකයේ එම රටවල් විසින් ආනයන අධෛර්යමත් කිරීම සඳහා පැනවූ බදු ප්‍රතිශත දෙස බැලීමෙන් පමණක් ඉතා හොඳින් වටහා ගත හැක. බටහිර රටවල් දියුණු වීමෙන් පසුව පරිදියේ රටවල් දියුණුවීම හෙවත් එම රටවල නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කර ගැනීම වැළැක්වීම සඳහා යොදා ගන්නා එම උපාය

මාර්ගික ප්‍රවේශයට ආණ්ඩුව හිස නමා යටත් වී ඇත. එම ප්‍රතිපත්තිය සමස්ත ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රබල පිළිබිඹුවක් වන අතර ඒ මගින් ජාවාරම්කරුවන් විසින් අත්පත් කරගෙන තිබෙන ආනයන වෙළඳපාළ දිරිමත් කෙරෙන අතර දේශීය නිෂ්පාදන පද්ධතිය බිඳ වැටීමට ලක්වේ.

ඊට අමතරව ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රධාන කොන්දේසියක් වන තීරු බඳු පැනවීම කාණ්ඩ තුනක් හෝ හතර දක්වා සීමා කිරීමට අදාළව අය වැය ලේඛනය මගින් එම ප්‍රතිපත්තිය පිළිගන්නා බව දැක්වෙන ප්‍රකාශය තුළ ඉතා පැහැදිලිවම සඳහන් වන්නේ දේශිය නිෂ්පාදන පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා විවිධ නීති මගින් පනවන ලද බදු සියල්ල අහෝසි කරන බවය. තීරු බදු වලට අමතරව විශේෂ බදු මගින් දේශීය නිෂ්පාදනය ආරක්ෂා කිරීම වැළැක්වීම සඳහා ලෝක වෙළඳ සංවිධානය විසින් එම ප්‍රබල කොන්දේසිය පනවා ඇත. ඒ අනුව මෙවර අයවැය මගින් එම මූලික ප්‍රතිපත්තිමය කොන්දේසියට යටත් වීම යනු ආර්ථික වර්ධනය සහ අපයනය දිරිමත් කිරීම මෙන්ම දුප්පත්කම තුරන් කිරීම ආදී සියලු සුන්දර අරමුණු පාවාදීමක් මිස අන් යමක් නොවේ. ඇමරිකාවේ ඩේ‍රනල්ඩ් ට්‍රරම් පාලනය විසින් ප්‍රබල ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කරමින් විවිධ රටවලට විවිධ ආනයන බදු පනවමින් ලෝක වෙළඳ සංවිධානය ඔලුවෙන් සිටුවා ඇති තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව එම සංවිධානයේ කොන්දේසිවලට යටත්වීම ඉතා කණගාටුදායක සහ ලැජ්ජා සහගත වේ.

කෙසේ වෙතත් ඒ ආකාරයට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ලෝක වෙළඳාම තුළ ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට මනරම් අවස්ථාවක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිර්මාණය කර තිබියදී එසේ නොකිරීම සඳහා ප්‍රබල ආනයනකරුවන්ගේ බලපෑම ද හේතුවන බව රහසක් නොවේ. විශේෂයෙන්ම පොල් තෙල් ෆාම් තෙල් සහ සීනි ආනයනකරුවන් ඉතා බලවත් අතර ඔවුන් විසින් විශාල වශයෙන් උපයන ලාභය යොදා ගනිමින් සෑම ආණ්ඩුවක්ම තම අනසකට යටත් කර ගැනීමට සමත් වී ඇත. එනම් ශ්‍රී ලංකාවේ ආණ්ඩු මාරුව සමග ප්‍රභූන් සහ ඇමතිවරුන් මාරු වුවද ජාවාරම්කරුවන් මාරුවන්නේ නැත. සීනි ආනයනකරුවන් ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ සීනි බදු සහනය මගින් ලබා ගත් අයුතු ලාභය රුපියල් මිලියන 15,000 බව විගණන වාර්තා සාක්ෂි දරයි. එම රජය යටතේම විදේශ රටවලින් ඉවත් කරන භාවිතා කළ පොල්තෙල් බොරතෙල් ලෙස ආනයනය කර ඊනියා පිරිපහදු කිරීම මගින් ශ්‍රී ලංකාවේ මිනිසුන්ට විකිණීම සඳහා බදු සහන යටතේ ආනයනය කිරීම සහ පොල්තෙල් ලෙස පෙන්වා පාම් තෙල් ආනයනය කිරීම මගින් එම වසරේදීම වංචා කළ බදු මුදල රුපියල් මිලියන 22,000ක් බව ගණනය කර ඇත.

මෙම අය වැය මගින් පොල්තෙල් සහ පාම් තෙල් වලට පනවා තිබූ විශේෂ පරිභෝජන බදු ඉවත් කිරීම නිසා රජයට අහිමිවන ආදායම හෙවත් ආනයනකරුවන් විසින් ලබා ගන්නා බදු සහනය රුපියල් මිලියන 40,000 ඉක්මවා යනු ඇත. ඒ අනුව වර්තමාන රජය ගෝඨාභය පාලනය ආභිභවා යමින් ආනයනකරුවන් සතුටු කිරීම සහ ඒ මඟින් රජයට සම්බන්ධ යම් පිරිස් වලට අයුතු ආදායම් උපයා ගැනීම සඳහා ඉඩ සලසා ඇත. ඒ මගින් අර්බුදයට ලක්වන 500කට අධික දේශීය පොල්තෙල් කර්මාන්තශාලා ආශ්‍රිතව අහිමිවන ආර්ථික ඉඩ ප්‍රස්ථාවල වටිනාකමද එම පාඩුවට එකතු විය යුතුය. ඊට අමතරව පිරිපහදු කර විකුණන බව කියන අපිරිසිදු පොල්තෙල් සහ පාම් තෙල් පරිභෝජනය දිරිමත්වීම මගින් ඇතිවන දීර්ඝ කාලීන මහජන සෞඛ්‍ය ප්‍රශ්න හේතු කොට ගෙන රජයට සහ ආර්ථිකයට දැරීමට සිදුවන සෘජු සහ වක්‍ර පිරිවැය ද ඊට එකතු විය යුතුය. ඒ සියල්ලට වඩා මෙම ක්‍රියාව රටේ නීතියක් ලෙස සැලකෙන අයවැය මඟින් සිදු නොකර මුදල් අමාත්‍යවරයාගේ බලතල යටතේ සිදු කළා නම් එය ඉතා පැහැදිලිව බදු වංචාවක් ලෙස සැලකෙනු ඇත.

මෙම ක්‍රියාවලිය තුළ හාස්‍යයට කාරණය වන්නේ එසේ බදු ආදායම් අහිමිවන යෝජනාව නව බදු අය කිරීමක් හෙවත් ආදායම් යෝජනාවක් ලෙස දක්වා තිබීමය. අහිමිවන විශේෂ ආනයන බඳු ප්‍රමාණයට සාපේක්ෂව එකතු කළ අගය මත බද්ද මගින් උපයාගත හැක්කේ එසේ අහිමිවන ආදායමෙන් දළ වශයෙන් 50% වඩා අඩු මුදලකි. ඊට අමතරව වැට් බදු යෙදවුම ආනයනකරුවාට නැවත හිමිකම් ලෙස ලබාගත හැකි බැවින් ඒ මගින් සැබෑ ලෙසම බදු ආදායම ලෙස රජයට ලැබෙන්නේ ඉතා සුළු ප්‍රතිශතයකි.. එසේම දේශීය නිෂ්පාදකයාට වැට් යොදවුමකට හිමිකම් නැති නිසා තරගකාරීත්වයේදී දේශීය නිෂ්පාදකයාට බරපතළ අසාධාරණයක් සිදුවේ. ගරු මුදල් ඇමතිවරයා  වන  ජනාධිපතිතුමා  සුවිශේෂී  ගණිතමය  හැකියාවක්  සහිත  පුද්ගලයෙකු  ලෙස  සැලකෙන තත්ත්වයක් යටතේ උපදේශකයින් සහ ඊනියා 76 වසරක සාපයට දේශපාලකයින්ට වඩා වගකිය යුතු භාණ්ඩාගාර නිලධාරීන් විසින් ආර්ථික උපාය මාර්ගික වශයෙන්, කෙසේ වෙතත් ගණිතමය වශයෙන් එතුමා නොමග යැවීම යනු හාස්‍යජනක තත්ත්වයකි.

ඒ සියල්ලට අමතරව අය වැය කතාව මගින් ඉහළට එස වූ දුප්පත්කම තුරන් කිරීම සහ ග්‍රාමීය ආර්ථිකය වර්ධනය කිරීම යන සංකල්ප වලට අනුව ගත යුතු ප්‍රධානතම උපාය මාර්ගික ප්‍රවේශයට අදාළව දීර්ඝකාලීන ව්‍යුහාත්මක විසඳුමක් අය වැය මඟින් ඉදිරිපත් වී නැත. එනම්, ග්‍රාමීය ආර්ථිකය තුළ ප්‍රධානතම නිශේධාත්මක සාධකය වන ක්‍ෂුද්‍ර මූල්‍ය වහල් භාවයෙන් ගොවියා සහ සුළු නිෂ්පාදකයා ගලවා ගැනීමෙන් තොරව ඔවුන්ගේ ආර්ථික ඉඩ ප්‍රස්ථා වර්ධනය කිරීම සඳහා කිසිදු හැකියාවක් නැත. අය වැය මගින් ගොවි ණය අරමුදලක් සඳහා ප්‍රතිපාදන වෙන්කර ඇතත් ගොවිජන බැංකුව නැවත සක්‍රීය කිරීම සහ සමෘද්ධි හෝ දිවි නැගුම බැංකු පද්ධතියට අරමුදල් සපයා එම බැංකු වලින් ඉටු නොවන වගකීම ඉටුකරවා ගැනීම සඳහා දීර්ඝ කාලීන උපායමාර්ගික යෝජනාවක් ඉදිරිපත් වී නැත. ඒ මගින් කතාව සහ ක්‍රියාමාර්ග අතර පවතින බරපතල පරස්පරය පිළිබිඹුවේ.

ඊට අමතරව වැට් බදු සීමාව මිලියන 36 දක්වා පහත දැමීම මගින් දිනකට ලක්ෂයක වෙළඳාම සහිත කුඩා වානිජ ආයතන මත පවා වැට් බදු බර පැටවෙනු ඇත. අවසානයේදී වැට් බදු දැරිය යුත්තේ මහජනයා විසින් වන බැවින් ග්‍රාමීය ආර්ථිකය තුළ සුළු නිෂ්පාදකයා සහ වෙළඳාම අධෙර්්‍යමත් වන අතර භාණ්ඩ සහ සේවා මිල ඉහළ යනු ඇත. ඒ තුළ සුපිරි වෙළඳ සැල් ප්‍රචලිත වීම සහ ජිවන වියදම තව දුරටත් ඉහළ යාමද සිදුවේ. අවසානයේදී වැඩි බරක් පැටවෙනු ඇත්තේ ග්‍රාමීය ජනතාව මතය. ඒ අනුව සමාජ සාධාරණත්වය සඳහා දැනට 75%ක් වන මහජනයා මත පැටවෙන වක්‍ර බදු 60% දක්වා අඩු කළ යුතු බව ප්‍රකාශ වුව ද නිත්‍ය වශයෙන්ම සිදුවන්නේ ඊට පටහැනි ක්‍රියාවකි.

ඒ අතර ඉහත සඳහන් කළ ආකාරයට දේශීය නිෂ්පාදකයා අධෛර්යමත් කරමින් ආනයන ඉදිරිමත් කිරීමේ සැඟවුණු පොදු ප්‍රතිපත්තියට අදාලව තවත් උදාහරණයක් අයවැය තුළ දැකගත හැක. එනම් ආනයනික වාහන සඳහා පනවනු ලබන 2.5% සමාජ ආරක්ෂණ බද්ධ දේශීයව එකලස් කරන වාහන වලටද පැනවීමය. ඒ මගින් විශේෂයෙන්ම දේශීය මෝටර් සයිකල් නිෂ්පාදන කර්මාන්තයට පහර වදින බවට සැකයක් නැත. අයවැය

තුළ 7%ක ඉතා ඉහළ ආර්ථික වර්ධන ඉලක්කයක් පිළිබඳව සඳහන් වුවද දේශීය නිෂ්පාදන පද්ධතිය බිඳ වැටීම

තුළ දේශීය පුද්ගලික ආයෝජන අධෛර්යමත් වීම නිසා එම ඉලක්කය හුදු සිහිනයක් පමණක් වනු ඇත. විශේෂයෙන්ම අයවැය තුළ රජයේ ණය සේවාකරන ගෙවීම් රුපියල් බිලියන 4495ක් දක්වා ඉහළ යාම සහ මුළු ණය ගැනීමේ අවශ්‍යතාවය රුපියල් බිලියන 3740 දක්වා ඉහළ යාම තුළ රාජ්‍ය ආයෝජන වර්ධනය කිරීමේ හැකියාව ඉතා සීමා සහිත වේ.

කෙසේ වෙතත් සුභසාධන වපසරිය තුළ මහා පරිමාණ තේ වතු කම්කරුවන්ට රජයේ වියදමින් වැටුප් වැඩි කිරීම සඳහා එක් අයකුට රුපියල් 200 බැගින් ලබාදීම මුල්කරගෙන රුපියල් මිලියන 5000ක් වෙන්කිරීම මගින් ගැටලු සහගත තත්වයක් මතුවේ. එය ඉතාම නරක පූර්වාදර්ශයක් වන අතර මීට පෙර පුද්ගලික ආයතනවල සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා රජය මගින් එම ආයතන වලට සහනාධාර ලබාදී නැත. එම නිසා එම ක්‍රියාව දූෂණයක් ලෙස ද අර්ථ දැක්විය හැක. නමුත් අය වැය ලේඛනය රටේ නීතියක් ලෙස සැලකෙන බැවින් එම “ඡන්ද ගුණ්ඩුව” පිළිබඳව මුදල් ඇමතිවරයාට දූෂණ චෝදනා එල්ල නොවනු ඇත. එසේ වුවත් වතුකරයේ ඡන්ද අපේක්ෂාවෙන් රජයේ බදු ආදායමෙන් මුදල් වැය කිරීම පිළිබඳ බරපතල දේශපාලන විවේචන එල්ල වනු ඇත. එසේම, අදාළ පුද්ගලික ආයතනවලට එම සහනාධාරය තම ලාභයක් ලෙස ඉතිරිකර ගත හැකි බවට සහ ඒවා වංචා කළ හැකි බවට ද විවේචන එල්ල වීම වැළැක්විය නොහැක.

අදාළ චෝදනා වඩා බරපතළ වන්නේ වී ගොවියා සහ එළවළු ගොවියා පිළිබඳ ආණ්ඩුව ඒ ආකාරයට අනුකම්පා සහගත ව නොබැලීම නිසාය. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ වී ගොවින්ගෙන් 75% වගා කරනු ලබන්නේ අක්කර 2.5 හෝ ඊට අඩු කුඹුරු ඉඩම් ප්‍රමාණයක්ය. වතු කම්කරුවන්ට සාපේක්ෂව බැලීමේදී එම ගෙවීන්ට කන්න දෙකක් වැඩ කිරීමෙන් පසුව දිනකට ලැබෙන්නේ දළ වශයෙන් රුපියල් 500 - 700 අතර ප්‍රමාණයකි. නමුත් අයවැය ලේඛනය තුළ වී සඳහා ඉහළ සහතික මිලක් පැනවීම පිළිබඳව සඳහන් වන්නේ නැත. ඊට අමතරව අල සහ ලුණු ගොවීන් මේ වන විට පාරට වැටී උද්ඝෝෂණය කරන තත්ත්වයක් තුළ පවා ඔවුන්ට ඉන්දියාවේ මෙන් “අවම සහයක මිලක්” නියම කිරීම සඳහා සහ ඊට අනුව ආනයන අධෛර්යමත් කිරීම සඳහා දීර්ඝ කාලීන ආනයන බදු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පිළිබඳව අයවැය ලේඛනයේ කිසිදු සඳහනක් නැත. ඒ අනුව ආනයනකරුවන් සතුටු කිරීම, මහා වතුසමාගම්වල කොටස් හිමිකරුවන් සතුටු කිරීම සහ වතුකරයේ “ඡන්ද ගුණ්ඩු” යන චෝදනා ප්‍රතික්ෂේප කිරීම ආණ්ඩුවට දුෂ්කර වනු ඇත.

අවසාන වශයෙන් සාර්ව ආර්ථික දර්ශක වලට අදාළව අයවැය තුළින් සුවිශේෂී උපාය මාර්ගික ප්‍රවේශයක් යෝජනා කරන්නේ නැත. උදාහරණයක් ලෙස ඇඟලුම් සහ තේ අපනයනය මගින් මෙම වසර තුළ අපනයන ආදායම ඩොලර් මිලියන 700 ක් පමණ සුළු ප්‍රමාණයකින් වර්ධනය වී තිබුණ ද ආනයන වියදම් පසුගිය වසර සමඟ සංසන්දනය කිරීමේදී ඩොලර් මිලියන 1670ක් දක්වා වර්ධනයක් පෙන්නුම් කරයි. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ ආර්ථික අර්බුදය ක්‍රමානුකූලව ජය ගැනීමට සාපේක්ෂව ගෙවුම් ශේෂ හ`ිගය කළමනාකරණය පිළිබඳව දීර්ඝකාලීන උපායමාර්ගික ප්‍රවේශයක් ඉදිරිපත් කිරීමෙන් තොරව සුඛෝපභෝගී වාහන ආනයනයට ඉඩදීම ය. ඒ මගින් රේගු බදු හරහා රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම හෙවත් මූල්‍ය හිඟය හෙවත් අයවැය පරතරය පියවා ගැනීම ප්‍රධාන අරමුණක් වීම තුළ ගෙවුම් ශේෂ හිඟය කළමනාකරණය කිරීමේ වැදගත්කම අවතක්සේරු කර ඇත. ආණ්ඩුව විසින් තම ප්‍රයෝජනය සඳහා දහස් ගණනින් වාහන ආනයනය කිරීමට තීරණය කිරීම තුළ

තත්වය නරක අතට තවදුරටත් වර්ධනය වනු ඇත.

ඊට අමතරව විදේශ සංචිත වර්ධනය කිරීමට අදාළව විදේශ ශ්‍රමිකයින් මෙම වසරේ දී වැඩි දායකත්වයක් ලබා

දී තිබුණ ද ඔවුන් දිරිමත් කිරීම සඳහා ඔවුන්ගේ සුභසාධනයට අදාළව කිසිදු යෝජනාවක් අය වැය තුළ දක්නට නැත. ඒ වෙනුවට ඔවුන් විසින් තම ප්‍රයෝජනය සඳහා තම සේවය කළ රටවල භාවිතා කළ භාණ්ඩ රැගෙන ඒම වැළැක්වීම සඳහා රේගුව විසින් බරපතළ සීමාකම් පනවා ඇත. අඩු තරමින් ඉන්දියාවේ ආදර්ශය අනුව විශේෂයෙන්ම ගෘහ සේවිකාවන්ගේ ආපසු ගමන් ටිකට් පතට අදාලව මුදල් තැන්පත් කිරීමක් සඳහා විදේශ රැකියා කාර්යංශයට සහ රැකියා ඒජන්සි ආයතනවලට වගකීමක් පවරා නැත. එසේම බංගලාදේශ ආදර්ශය අනුව ලෝකයේ පවතින කුසලතා ඉල්ලුමට සරිලන ආකාරයට වෘත්තීය පුහුණු ක්‍රියාවලිය නැවත ස්ථානගත කර පුළුල් කිරීම මගින් ඉහළ වැටුප් සහිත රැකියා වෙළඳපළ අත්පත් කර ගැනීම පිළිබඳව සඳහනක් හෝ නැත.

එසේම පසුගිය සෑම ආණ්ඩුවක් සේම වර්තමාන ආණ්ඩුව ද එළුවාගේ අවයවයක් දෙස නරියා බලා සිටි ආකාරයට ආර්ථික වර්ධනය සඳහා විදේශ ආයෝජන මත බලාපොරොත්තු තැබූව ද විදේශ ආයෝජන කිසිදු වසරක ඩොලර් මිලියන 800 ඉක්මවා නැත. එසේම ඊට අමතරව එම ආයෝජන ප්‍රමාණයෙන් 80%ක් ලාභය ලෙස ඉතා කෙටි කලක් තුළ ආපසු රැගෙන යාම පිළිබඳව හෝ එම ආයතන වලට බදු සහන ලබාදීම මගින් රටට අහිමිවන බව කියවෙන ඩොලර් මිලියන 400කට අධික ප්‍රමාණයක් පිළිබඳව කළ යුත්තේ කුමක්දැයි උපාය මාර්ගික දැක්මක් සහිතව කිසිදු යෝජනාවක් ඉදිරිපත් වී නැත. ඒ සියල්ලටම වඩා පවතින ආර්ථික අර්බුදයට අදාළ ප්‍රබල මූලධර්මික හේතු ලෙස සැලකෙන විදේශ විනිමය වංචා සහ ඊට අදාළ කළු වෙළඳපළ පාලනය කිරීමකින් තොරව මෙන්ම මූල්‍ය අරමුදල විසින් පාලනය කරන රටේ මහ බැංකුව රාජ්‍යයේ පාලනයට යටත් කිරීමෙන් තොරව පවතින අර්බුදය දීර්ඝ කාලීනව ජයගත නොහැකි බව සක්සුදක් සේ පැහැදිලිය. එහෙත් මූල්‍ය අරමුදල අබියස ආණ්ඩුවේ යටත් වීම කොතෙක් ද යත් එම මූලධර්මික ගැටලුවලට හේතු වූ 2018 විදේශ විනිමය පනත සහ 2013 මහ බැංකු පනත සංශෝධනය කිරීමට අදාළව වචනයක් හෝ අය වැය කතාව තුළ සඳහන් නොකිරීමට ජනාධිපතිවරයා පරිස්සම් වී ඇත.මේ සියල්ල සැලකිල්ලට ගැනීමේ දී පෙනී යන්නේ පවතින ආර්ථික අර්බුදය වර්ධනය නොවන බවට ජනාධිපතිවරයා වාචිකව ලබාදෙන සහතිකය අය වැය මගින් උපාය මාර්ගිකව තහවුරු කර නොමැති බව නොවේද?

වෛද්‍ය වසන්ත බණ්ඩාර

මහ ලේකම්,

දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය.


සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාවේ නව දිල්ලි අගනුවර පවතින උණුසුම් විරෝධතා හේතුවෙන්, එම කලාපය තුළ ඔන්ලයින් ආහාර බෙදාහැරීම්, ඊ-වාණිජ කටයුතු (E-commerce) සහ මහජන සංචරණය සීමා කිරීමට දිල්ලි පොලිසිය පියවර ගෙන තිබේ. මෙයින් විරෝධතා පැවැත්වෙන ප්‍රදේශ තුළ දැඩි ආහාර හිඟයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මගී ආරක්ෂාව පිළිබඳ අවම පහසුකම් හෝ සම්පූර්ණ නොකර, අක්‍රීය වී ඇති සංඥා පද්ධතිය සහිත තලෙයිමන්නාරම් දුම්රිය මාර්ගයේ නැවත දුම්රිය ධාවනය ආරම්භ කිරීමට ගෙන ඇති තීරණයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සිය බලවත් විරෝධය පළ කර සිටියි.
ලිංගික අපචාර චෝදනා එල්ලවූ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් එම නතුරෙන් නෙරපා හැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
වසර හයකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස සේවය කළ චී ෂෙන්හොං (Qi Zhenhong) මහතා සිය රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලය අවසන් කරමින් ශ්‍රී ලාංකික ජනතාව වෙත විශේෂ සමුගැනීමේ පණිවිඩයක් නිකුත් කර තිබේ.
වත්මන් ආණ්ඩුව මේ වන විට හතර වරිගයටම එපා වී ඇති බවත්, එම හතර වරිගයටම එපා වූ බවට ජීවමාන සාක්ෂිය වන්නේ මේ රටේ ගොබි ජනතාව බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කළ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ (JVP) ඊට එරෙහි වූයේ ඉන්දියාව කෙරෙහි වූ විරෝධයක් හෝ විරසකයක් නිසා නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරමින් සියළු අමාත්‍යාංශ මේවනවිට වැඩකටයුතු සිදු කරමින් සිටින බව හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පවසයි.
ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය මුල් කරගනිමින් ඇරඹි කැරපොතු අරගලයේ ප්‍රධාන ඉල්ලීමක් වන අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් සිය තීරණය දැනුම් දීමට ඉන්දීය රජය සෙනසුරාදා පස්වරුව තෙක් කල් ඉල්ලා ඇති බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

ජනපති මන්දිරවල පිටස්තරයින් 3000කට වැඩිය නවාතැන් අරන්.. - විගණන කාර්යාලයෙන් අනාවරණයක්

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

"ශ්‍රී ලංකාව සැමවිටම අපගේ හදවත් තුළයි" – චීන තානාපති චී ෂෙන්හොං වසර 6ක සේවයෙන් පසු සමුගනියි..

වසර හයකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස සේවය කළ චී ෂෙන්හොං (Qi Zhenhong) මහතා සිය රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලය අවසන් කරමින් ශ්‍රී ලාංකික ජනතාව වෙත විශේෂ සමුගැනීමේ පණිවිඩයක් නිකුත් කර තිබේ.

"ගොවි පුත්තු ටික ගමට එනකම් ගොවියො බලාගෙන ඉන්නේ".. - ජයන්ත සමරවීර

වත්මන් ආණ්ඩුව මේ වන විට හතර වරිගයටම එපා වී ඇති බවත්, එම හතර වරිගයටම එපා වූ බවට ජීවමාන සාක්ෂිය වන්නේ මේ රටේ ගොබි ජනතාව බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

පාර්ලිමේන්තු වරප්‍රසාද පිටුපස හැංගෙන්නේ නැතුව ඕන නම් එළියෙදි කියන්න.. – නීතිඥ සංගමයේ සභාපති ගැන කළ ප්‍රකාශයට මන්ත්‍රී අසිත නිරෝෂණට අභියෝගයක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති නීතිඥ රජීව් අමරසූරියට එරෙහිව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන විසින් ඊයේ (24) පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය, පදනම් විරහිත සහ ද්වේෂසහගත බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනය කරයි.

විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම: 'ගොඩගැසුණු නඩු ඉවර කිරීම අරමුණ නම් මුර්දු ප්‍රනාන්දු සිටියදී නොගෙනාවේ ඇයි?' - ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රශ්න කරයි!

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීමට රජය ගෙන ඇති යෝජනාව සහ අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වී ඇති බව කියන බලපෑම පිළිබඳව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් සංවිධානය කරන ලද විශේෂ සම්මන්ත්‍රණයකදී මෙරට ප්‍රමුඛ පෙළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයින් සහ නීතිඥයින් විසින් අදහස් දක්වා තිබේ.

ට්‍රම්ප්ට වෙලා තියෙන්නේ "ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී" වගේ වැඩක්.. - ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා ප්‍රකාශ කළේ ඇමරිකානු දේශපාලනය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින බවයි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්..

ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ.

ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට අරගෙන.. - විමල්ගෙන් චෝදනා..

ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට ගෙන ඇති බවත්, අධිකරණ පද්ධතිය ආණ්ඩුවෙන් නිදහස් කරගැනීම සියළු මත දරන සියල්ලන්ගේ පොදු වුවමනාවක් බවට පත්ව ඇති බවත් ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

සබරගමුව වෛද්‍ය පීඨය අනතුරේ.. නැවතත් වෛද්‍ය නොවන තැනත්තෙක් පීඨාධිපති කිරීමේ තැතක්.. ලෝක වෛද්‍ය සභාවේ ප්‍රතීතනය අහිමිවීමේ අවදානමක්..

සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ධුරය සඳහා නැවත වරක් වෛද්‍ය නොවන පුද්ගලයෙකු පත් කිරීමට සූදානම් වන බවට මහජන යුතුකම් කේන්ද්‍රය චෝදනා කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභයට එරෙහිව කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ.. - ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ රිට් පෙත්සම අද (23) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලූණි.

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාව: මුදල් අමාත්‍යංශය කියන්නේ බොරු.. - මහ බැංකුවෙන් ආන්දෝලනාත්මක නිවේදනයක්

ඕස්ට්‍රේලියානු 'Export Finance Australia' ආයතනය වෙත ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට ආසන්න (USD 2,489,441) විදේශ ණය වාරිකය වංචනික ගිණුමකට බැරවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ වාර්තාවේ කරුණු අසත්‍ය සහ අසම්පූර්ණ බව පවසමින් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (COPF) වෙත විශේෂ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..

වලිකාමම් ප්‍රදේශයේ පිහිටි හමුදා රෝහල කඩා ඉවත් කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

රෝහණ විජේවීර මහතාගේ භාර්යාව වූ ශ්‍රීමතී ච්ත්‍රාංගනී විජේවීර මහත්මිය සහ දරුවන් නාවික හමුදා භාරයේ තබාගැනීම සඳහා වියදම් කළ මුදල පිළිබඳව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීම පිළිබඳව සදාචාරමය ගැටලුවක් මතුවන බව ලංකා ලීඩර් පාඨකයෝ පවසති.

චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්

චීන මහජන විමුක්ති හමුදාවේ (PLA) 99 වැනි සංවත්සරය සැමරීමේ විශේෂ පිළිගැනීමේ උත්සවයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං (H.E. Qi Zhenhong) මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වුවහොත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.