අලුත් තීරු බදු ක්‍රමයක් ගේනවා.. - නි. ඇමති අනිල් ජයන්ත
දේශීය ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කරමින් ඔවුන් ආරක්ෂා කිරීමේ අරමුණින්, ආනයනික භාණ්ඩ සඳහා දැනට පනවා ඇති සෙස් (CESS) සහ පැල් (PAL) බදු අදියරෙන් අදියර ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
දේශීය කර්මාන්ත රැසක්ම ආනයනික අමුද්‍රව්‍ය මත යැපෙන බැවින් පවතින බදු නිසා නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් දේශීය හා අපනයන වෙළෙඳපොළ තුළ තරගකාරීත්වයට මුහුණ දීමට අපහසු වී ඇති බව පෙන්වා දෙන නියෝජ්‍ය අමාත්‍යවරයා, පළමුව අතරමැදි ද්‍රව්‍ය සඳහා සහන කාලයක් ලබා දෙමින් මෙම සෙස් බද්ද ක්‍රමිකව ඉවත් කිරීමට පියවර ගන්නා බව සඳහන් කළේය.
මීට සමගාමීව 0%, 10%, 20% සහ 30% ලෙස කාණ්ඩ හතරකින් යුත් නව සරල තීරුබදු ව්‍යුහයක් හඳුන්වා දීමට සැලසුම් කර ඇත. මෙම නව ක්‍රමය යටතේ දේශීය නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය මූලික අමුද්‍රව්‍ය ආනයනයේදී 0% ක තීරුබද්දක් අය කෙරෙන අතර, නිමි භාණ්ඩ සහ තෝරාගත් විශේෂ භාණ්ඩ සඳහා උපරිම 30% දක්වා තීරුබදු පනවනු ලැබේ.
අමුද්‍රව්‍ය වියදම් පහළ හෙළීම තුළින් අවසන් භාණ්ඩයේ මිල අඩු කර දේශීය කර්මාන්තකරුවන්ට ශක්තිමත් පදනමක් සකසා දීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අපේක්ෂාවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..