මෙරට ජනගහනය ඉහළට... අලුත්ම වාර්තාව මෙන්න
2024 වසරේ ජන හා නිවාස සංගණනය ප්‍රතිඵල නිකුත් වී තිබේ.
ඒ අනුව, මෙවර සංගණනයේදී අනාවරණ වී ඇති පරිදි මෙරට ජනගහනය 21,763,170 කි.
2012 වසරේදී සිදු කළ ජන හා නිවාස සංගණනයට සාපේක්ෂව සලකා බලන විට එම වසරේදී වාර්තා වූ මුළු ජනගහනයට වඩා මෙවර ජනගහනය 1,403,731ක වැඩිවීමක් පෙන්නුම් කරයි.
2001-2012 අන්තර් සංගණන කාල පරිච්ඡේදය සැළකුවිට ජනගහනයේ සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතිකය සියයට 0.7 කි.
මෙවර 2012-2024 අන්තර් සංගණන කාල පරිච්ඡේදය සැලකූ විට ජනගහනයේ සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතිකය සියයට 0.5 ක් වේ.
මෙමගින් පැහැදිළි වන්නේ මෙරට ජනගහන වර්ධන වේගය අඩු වුවද තවදුරටත් ජනගහනය වර්ධනය වෙමින් පවතින බවයි.
ශ්‍රී ලංකාවේ පළාත් අනුව ජනගහනය සැලකුවිට මුළු ජනගහනයෙන් සියයට 28.1 ක වැඩිම ජනගහනයක් බස්නාහිර පළාතේ පදිංචිව සිටින අතර සියයට 5.3ක් වූ අඩුම ජනගහනයක් පදිංචිව සිටින්නේ උතුරු පළාතේය.
දිස්ත්‍රික්ක මට්ටමින් ජනගහන ව්‍යාප්තිය සැලකුව හොත් වැඩිම ජනගහනයක් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ වන අතර එය සංඛ්‍යාත්මක වශයෙන් 2,433,685 කි.
දෙවන වැඩිම ජනගහනයක් සිටින්නේ කොළඹ දිස්ත්‍රික්කයේ වන අතර එහි ජනගහනය 2,374,461 කි.
මේ අනුව මිලියන 2 කට වැඩි ජනගහනයක් පදිංචිව සිටිනුයේ මෙම දිස්ත්‍රික්ක දෙක තුළයි.
ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක හැරුණු විට පෙර සංගණනවලදී මෙන්ම මෙවරද වැඩි ජනගහනයන් පිළිවෙලින් වාර්තා වන්නේ පහත දිස්ත්‍රික්කවලයි.
කුරුණෑගල – 1,760,829
මහනුවර – 1,461,269
කළුතර – 1,305,552
රත්නපුර – 1,145,138
ගාල්ල – 1,096,585
ඉහත සෑම දිස්ත්‍රික්කයකම මිලියනයකට වැඩි ජනගහනයක් පදිංචිව සිටියි.
පෙර සංගණන වලදී මෙන්ම, මෙවරද දිවයිනේ ජනගහනය අඩු දිස්ත්‍රික්ක ලෙස උතුරු පළාතේ මුලතිව් (122,542), මන්නාරම (123,674), කිලිනොච්චි (136,434) සහ වවුනියා (172,257) දිස්ත්‍රික්ක වාර්තා වී ඇත.
සියයට 2.23 ක වැඩීම සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයක් වාර්තා වී ඇත්තේ මුලති වූ දිස්ත්‍රික්කයෙන් ය.
අවම සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයක් වාර්තා වන්නේ වවුනියා දිස්ත්‍රික්කයෙන් වන අතර එම ප්‍රතිශතය 0.01% කි.
පෙර සංගණන වලදී මෙන්ම මෙවරද, වර්ග කිලෝමීටරයකට පුද්ගලයින් 3,549 ක් වූ වැඩිම ජනගහන ඝනත්වයක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, අවම ජනගහන ඝනත්වයක් වාර්තා වී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයෙනි.
එහි ජනගහන ඝනත්වය වර්ග කිලෝමීටරයකට පුද්ගලයින් 50කි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි