ජනපති සහ චීන සන්නවේදන ඉදිකිරීම් සමාගමේ නියෝජිතයන් අතර හමුවක්..
සීමාසහිත චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ ප්‍රධානී ෂැං බිංනන් ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (11) පස්වරුවේ පැවැත්විණි.
මෙහිදී ප්‍රධාන වශයෙන් කොළඹ වරාය නගරය කේන්ද්‍ර කරගෙන මේ වන විට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා විය.
මෙරට පුනර්ජනනීය බලශක්තිය, වෙළෙඳ සැපයුම් සහ ඩිජිටල් තාක්ෂණය යන අංශවල ආයෝජන අවස්ථා පුළුල් කිරීමට උනන්දුවෙන් පසුවන බවත්, ශ්‍රී ලංකාව එම අංශවල වැදගත් මධ්‍යස්ථානයක් බවට පත් කරමින් ආයෝජන අවස්ථා ආකර්ෂණය කර ගත හැකි බවත් මෙහිදී ඔවුහු පෙන්වා දුන්හ.
ආයෝජන අවස්ථාවලදී 90%ක් දේශීය ශ්‍රමය යොදා ගන්නා බවත්, එමගින් විශාල පිරිසකට රැකියා නිර්මාණය කිරීමට හැකි වනු ඇති බවටත් චීන සමාගම් ප්‍රධානීහු මෙහිදී සහතික විය.
කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර, සීමාසහිත චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ විදේශ ව්‍යාපාර අධ්‍යක්ෂ ටෑං චියාඕලියං, ඒකාබද්ධ අංශයේ නියෝජ්‍ය කළමනාකරු ජි හයිජුන්, සීමාසහිත චීන වරාය ඉංජිනේරු සමාගමේ සාමාන්‍යාධිකාරී ෂැං ෂියාඕචියැං, CHEC ශ්‍රී ලංකා අංශයේ සාමාන්‍යාධිකාරී වෑං ගෑං, කොළඹ වරාය නගරයේ CHEC කළමනාකාර අධ්‍යක්ෂ ෂියොං හොංෆෙං යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති