ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
පිලිපීනය සහ කාම්බෝජය වැනි රටවලින් පලවා හරින ලද ආසියානු පාතාල කල්ලි සහ නීති විරෝධී අන්තර්ජාල සූදු ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන නවාතැනක් බවට ශ්‍රී ලංකාව, විශේෂයෙන්ම කොළඹ වරාය නගරය පත්වෙමින් පවතින බව 'The Island' පුවත්පත මගින් අනාවරණය කර ඇත.
පිලිපීනය, වියට්නාමය සහ කාම්බෝජය වැනි රටවල සිට පැමිණි විශාල විදේශිකයන් පිරිසක් නීත්‍යානුකූල මෙන්ම නීති විරෝධී මාර්ගවලින් මෙරටට සංක්‍රමණය වී මෙම ජාවාරම් පවත්වාගෙන යන බවට තොරතුරු හෙළි වී තිබේ.
මොවුන් ටික්ටොක්, ටෙලිග්‍රෑම් සහ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ ඇමරිකානු ඩොලර් 1,200 සිට 2,000 දක්වා ඉහළ වැටුප්, සුඛෝපභෝගී නවාතැන් සහ ආහාර පාන ලබා දෙන බවට පොරොන්දු වෙමින් මෙම මෙහෙයුම් සඳහා පුද්ගලයන් බඳවා ගනු ලබයි.
පිලිපීනයේ තහනම් කෙරුණු 'POGO' (Philippine Offshore Gaming Operators) මාදිලියේ අන්තර්ජාල සූදු ව්‍යාපාර මෙරට තුළ තොරතුරු තාක්ෂණ (IT) හෝ BPO ආයතන ලෙස වෙස්ගන්වා පවත්වාගෙන යන අතර, අන්තර්ජාල සූදුවට අමතරව මූල්‍ය වංචා, හැකර් ප්‍රහාර, මුදල් විශුද්ධිකරණය, මිනිස් ජාවාරම් සහ ක්‍රිප්ටෝ මුදල් හරහා සිදුවන නීති විරෝධී ගනුදෙනු සඳහාද මෙම කල්ලි සම්බන්ධ බව සඳහන් වේ.
මෙම පිරිස්වල හදිසි පැමිණීමත් සමග කොල්ලුපිටිය සහ බම්බලපිටිය වැනි ප්‍රදේශවල සුඛෝපභෝගී නිවාස කුලී ගාස්තු අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති අතර, මෑතකදී වරාය නගරයේදී චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියද මෙවැනි පාතාල ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස සැක කෙරේ.
තවද, මෙම ජාවාරම්කරුවන් දැන් තාක්ෂණික සහාය සඳහා ශ්‍රී ලාංකික තරුණයන්ද බඳවා ගැනීමට පටන් ගෙන ඇති බැවින්, දේශීය තරුණ පිරිස් සයිබර් අපරාධවලට යොමුවීමේ බරපතල තර්ජනයක් මතුව ඇත.
මෙම තත්ත්වයේ බරපතලකම සලකා බලමින් රජය වහා ක්‍රියාත්මක වී ඇති අතර, පසුගිය සතියේදී පමණක් මෙරට ඉලක්ක කරගත් නීති විරෝධී වෙබ් අඩවි 122ක් තහනම් කිරීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළේ, අන්තර්ජාල සූදු ක්‍රීඩා නියාමනයට නව අධිකාරියක් පිහිටුවීමටත්, තායිලන්තය සහ කාම්බෝජය වැනි කලාපීය රටවල් සමග එක්ව දේශසීමා පාරදෘශ්‍ය අපරාධ මර්දනය කිරීමටත් සාකච්ඡා පවත්වමින් සිටින බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..
ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..