News Category
From Date
To Date
Maximum Number of Result

හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී

May 17, 2025 at 04:54 PM
|

හාල් කිලෝ එකක් ඩොලර් එකයි.  පොල් ගෙඩියක් ඩොලර් එකයි.  ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි. අපි කාන්තා පරපුර සංවිධානය මගින් තමයි මේ මාධ්‍ය සාකච්ජාව පවත්වන්නේ. රට වටේ හිටපු කාන්තාවෝ එක මිටට එකතු කරලා ඒ කාන්තාවන්ගේ කරමතින් ජනාධිපති කෙනෙක් පත්වෙලා  රට කරවන වෙලාවක ඒ කාන්තාවන්ගේ කරමතින්ම ආණ්ඩුවත් බලයට පත් කරලා රට කරවන්න අරගෙන මාස හතක් ගතවෙලා අවසන්. මාස හතක් ගතවෙලා අවසන් වෙද්දි රටපුරා විසිරී සිටින කාන්තාවෝ ලුණු හොය හොයා කඩවල් ගානේ ඇවිදින තත්ත්වයකට පත්වෙලා තියෙන වෙලාවක තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව මේ විදියට කැඳවන්නේ. 

ලුණු කියලා කියන්නේ අපේ රට පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආහාරය රසින් පුරවන ගුණයෙන් වැඩි කරන කුස්සියට නැතිවම බැරි දෙයක්. ලුණු සම්බන්ධය අපේ ඉතිහාසයත් එක්ක සම්බන්ධ ජනකතා බොහෝමයි. හෙළ වෙදකමට හෙළ සිරිතට විරිතට සම්බන්ධ මේ ලුණු ගැන අපේ පැරැන්නෝ දැරුවේ ලුණු පොල් කට්ට නම් හිස් කරන්න එපා කියන අදහසයි. ඔවුන් එදා එහෙම කිව්වේ එදා ඔවුන් ගෙදර තියෙන ලුණු පොල් කට්ට හිස්වීම දැක්කේ අසුභ කාරණාවක් විදියට. මේ පුනුරුද ආණ්ඩුව පත්වෙලා මාස හතක් යනකොට අන්න අපේ ගේ ඇතුලෙ තියෙන ලුණු පොල් කට්ට හිස් වෙලා. අද දවසේ මාධ්‍ය වාර්තා දක්වන ආකාරයට කැට ලුණු කිලෝවක් රුපියල් 500යි. කුඩු ලුණු කිලෝ එකක් රුපියල් 600යි . මම අන්තිමට මිලදී ගත්ත ලුණු පැකට් එකේ මිල රුපියල් 135 යි. 

අද රටේ සෑහෙන්න වෙනසක් කරන්න ලෑස්ති වෙලා ආපු ආණ්ඩුවේ කර්මාන්ත ඇමති හඳුන්නෙත්ති මෙහෙම ප්‍රකාශයක් කරනවා. පෙර සුදානමක් තිබුණේ නෑ.  පෙර සූදානමක් නැති අපිට කර්මාන්තවලට ඕන කරන යම් ලුණු ප්‍රමාණයක් ගෙන්නන්න සිද්ධවෙලා තියෙනවා. ඒ ලුණු ප්‍රමාණය අපි ආනයනය කරනවා.  කර්මාන්ත ඇමතිතුමා ලුණු ගැන දීපු සහතිකය අන්න එහෙමයි. එතකොට එතුමා කියනවා කර්මාන්ත සඳහා පමණක් ලුණු ආනයනය කරනවා කියනවා. අනිත් පැත්තෙන් අද වෙනකොට ලුණු හිඟයක් ඇවිල්ල තියෙනව ඒක බලපාලා තියෙන්නේ අපේ ගෙවල් වලට. එක මිටට එකතුවෙලා එතුමන්ලාව බලයට පත් කරන්න ගෑනුන්ගේ කුස්සිවලට. අපි එතුමාගෙන් අහනවා. මෙවන් කයිවාරු ගසමින් කල්මරමින් සිටීම තවදුරටත් සුදුසුද කියලා. ඒ විතරක් නෙවෙයි අද වෙනකොට කැටලුණු සොයාගන්න නැහැ අතුරුදහන්. මං යෝජනා කරනවා දැක්ක කෙනෙක් ඉන්නවනම් වහාම අපිට දන්වන්න. මොකද පාරිභෝගික සේවා අධිකාරිය නිදි. ඇත්තටම අපේ රටේ ලුණු ප්‍රශ්නය ගැන කතා කරද්දි මට මෙන්න මෙහෙම.

හිතුනා.  දුප්පත් කමේමහිමය විදහාලා 

කුස්සියේ ලුණු කට්ට ඇත දැන් සුන් වීලා

කාන්තාව මුල් කරගෙන රජවීලා

ලැජ්ජා නැද්ද ලුණු කට්ටත් හිස් කරලා.

හාල් කිලෝ එකක් ඩොලර් එකයි.  පොල් ගෙඩියක් ඩොලර් එකයි.  ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි.  කොටින්ම කියනවනම් මේ පුනරුද ආණ්ඩුව පුනරුදේ කොහොමද කියලා කියනවනම් ලුණුයි පොලුයි බතුයි කාලවත්කත් ඉන්න බැරි තැනට මේ රටේ අපිව පත් කරලා තියෙනවා. අපි ආයෙත් අහනවා අනුර කුමාර දිසානායක ලඟින් ලැජ්ජ නැද්ද තවදුරටත් මේ රටේ දැවෙන ප්‍රශ්න ගැන මේ විදියට නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්න.

මනෝවිද්‍යා උපදේසිකා සුළංකනා මෙනෙවිය අදහස් දක්වමින්

අපි අද කතා කරන්නේ මේ දවස්වල වැඩිපුරම කතා කරන නිවුස් එකක් ගැන. ඒ තමයි කොටහේනේ වෙච්ච ඛේදවාචකය. මේක අපරාධයක්.  මේක අද අපි කතා කළාට මේක වර්තමානයේ සිදුවූ සිතුවීමක් නෙවෙයි මේක මාස හයකට කලින් දෙසැම්බර් මාසයේ සිදු වූ සිදු වීමක්.  අපි නැවත නැවත මේක ගැන කතා කිරීම වත් කවුද කලේ කොහොමද කළේ මොකක්ද වුණේ කියලා කතා කරන එක තේරුමක් නෑ. මොකද හැම මාධ්‍යයකම මේ සිදුවීම මොකක්ද කියන එක හෙළිදරව් කරා. අපි කාන්තා පරපුර සංවිධානය විදිහට අපි පෙන්නලා දෙන්න යන්නේ මේ සිදුවීම යට තියන නොපෙනෙන පැතිකඩක් ගැන.

මේ ගැන කතා කරද්දි විෂය භාර ඇමතිතුමිය කියනවා මට පෙත්සමක් ආවේ නැහැ ආවොත් මේ සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නවා වගේ කතාවක්. ඇය නීතිය ක්‍රියාත්මක කරන්න යම් යම් ලිපි ලේඛන එනකම් බලාගෙන ඉන්නවා වගේ එකක් අපිට දැනෙනවා. ඇය නීතිය ගැන දන්නේ නැතිද කියලා මෙතනදි අපිට ප්‍රශ්නයක් මතු  වෙනවා. මොකද අපිට එහෙම ප්‍රශ්නයක් මතුවෙන්නේ මගේ අතේ තියෙන්නේ 1998 50 වෙනි පනත ළමා රක්ෂණ අධිකාරිය නිකුත් කරපු. මේ පනත ඉතා බලසම්පන්න පනතක්. මේ පනතේ විශාල බලයක් අතට දීලා තියෙනවා එහි සඳහන් වෙලා තියෙනවා ළමාරක්ෂණ අධිකාරියේ සභාපතිට පුළුවන් යම් අපරාධයක් කරපු පුද්ගලයෙකු, සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන පැය 48 රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නීතිය හමුවට යොමු කරන්න පුළුවන්.  ඒ වගේම මෙම පනතේ සඳහන් වෙලා තියෙනවා . 

එම අත්අඩංගුවට ගැනීම  ප්‍රශ්න කිරීමට කිසිදු ලිඛිත ලේඛනයක් අවශ්‍ය වෙන්නේ නැති බව ඒකට නිර්නාමික ඇමතුමක් මාධ්‍ය යන ප්‍රකාශනයක් පත්තරේ යන ලිපියක් කවුරුහරි දෙන දුරකථන ඇමතුමක් උනත් ප්‍රමාණවත් එතකොට අපිට ප්‍රශ්නයක් එනවා මේ තරම් බලතල තියෙන පනතක් තියෙද්දි විෂය භාර ඇමතිතුමිය කියනවා අගතියට පත් පාර්ශවය පැත්තෙන් පෙත්සමක් ලැබුනේ නෑ කියලා.  අපිට ප්‍රශ්නයක් මතු වෙනව ඇමතිතුමිය නීතිය දන්නෙ නැද්ද කියල.  එහෙම නැත්නම්  කවුරුහරි බේරගන්නවා ද යන්න අපිට ලොකු සැකයක් මතු වෙනවා. මේ පිළිබඳව සමාජයේ කතා කරන්න පටන් ගන්නේ මාස හයකට පසුව සිදුවීම වෙලා තියෙන්නේ දෙසැම්බර් නමුත් සිතුවිම ගැන කතා කරන්නේ මැයි මාසේ. ඒකට හේතුව වෙන්නේත් මැයි මාසයේදී අපි දකිනවා උද්ඝෝෂණ තුනක් පවත්වනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි මේ මියගිය දැරියගේ පාර්ශවයන්  සාධාරණයක් කරලා දෙන්න කියලා දැනුම් දීල බැරිම තැනක් ඔවුන් වෙන කරන්න දෙයක් නැති තැන ඔවුන් මහමගට බැහැලා ඔවුන් ඔවුන්ගේ දුක් ගැනවිල්ල කියනවා.



මහජනතාවට වෙලා තියෙන්නේ අරගල කරලා දේවල් අරගන්නද කියලා අපිට මෙතනදි ප්‍රශ්නයක් මතු වෙනවා මෙතනදි අපි බලමු මේ සිදුවීමට වගකිවයුතු පුද්ගලයන් කියලා. වගකිවයුතු පුද්ගල පාර්ශව කිහිපයක් මෙතන දකිනවා. පොලිසිය විදුහල්පති තුමිය විෂය භාර ඇමතිතුමිය අගමැතිතුමිය අධ්‍යාපන අමාත්‍යාන්ශය, ළමාරක්ෂන අධිකාරිය.  ඒකට හේතුව ඇය අධ්‍යාපනය භාරව ඉන්න ඇමතිතුමිය. ඒ වගේම රටේ අගමැතිතුමිය ඒ වගේම ඇය කාන්තාවක් වීම ඒ වගේම විෂය භාර ඇමතිතුමිය. මේ  සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තෙ නැති එක අපිට ලොකු ගැටලුවක්. වගකීම් පැහැර හැරියා කියලා හිතෙනවා. මොකද හේතුව  1998  50 වගන්තිය සහ ඒ වගේම 1995 20 සන්ශෝදනය දන්ඩනීති සංග්‍රහය  සඳහන් වෙලා තියෙනවා. මේහි නීත්‍යානුකූල පැතිකඩ පිළිබඳව.  ඒ නිසා අපිට පේනවා නීතිය පැත්තෙන් කිසිම බුරුලක් දීලා නැහැ කියල. හරිආකාරව අනපනත් ප්‍රකාශ වෙලා තියෙනවා නමුත් මේ නීතියක් මෙය වගකිවයුතු කිසිම ආයතනයකින් සිදුවුණේ නෑ කියන එක අපිට පේනවා. පොලිසිය ගත්තොත් ඔවුන්ගේ වගකීම් හරියට ඉටු කරාද කියන එක අපිට ප්‍රශ්නයක්. මොකද මේ දැරියගේ පාර්ශවය දෙසැම්බර් මාසේ පැමිණිලි දෙකක් දානවා බම්බලපිටිය පොලිසියේ සහ ළමා කාන්තා කාර්යාංශයේ එතකොට මේ පැමිණිලි දෙක එතනින් එහාට ක්‍රියාත්මක වුණේ නැත්තේ ඇයි කියන එක අපිට ගැටලුවා. ඒ වගේම විදුහල්පතිතුමියටත් විශාල කාර්යභාරයක් තියෙනවා ඇය මේ සම්බන්ධව මොකක්ද කරේ කියන ප්‍රශ්නය අපිට හිතෙනවා. මොකද ඇය දැරියගේ පැත්තෙන් කටයුතු කරා නම් මේ පිළිබඳව අදාළ  අය මතු කර ගන්න තිබුණා. මාධ්‍ය වුනත් හරියාකාරව මේ සම්බන්ධව ක්‍රියා කරනවා.  ඇය දෙමළ ජාතික දැරියක් දෙමළ මාධ්‍යයකවත් ඉංග්‍රීසි මද්‍යයක්. වත් මේ ගැන කතා කලේ නෑ. මාධ්‍ය  මේ සම්බන්ධව ක්‍රියා කරනවා.  පාසල් උප දේශකවරු පත් කරලා තියෙනවා. මොකද ඇය යන්නේ ජාතික පාසැලක් නිසා. එතකො උපදේශකවරයෙක්ගේ කාර්යභාරය වෙන්නේ ගණන් උගන්නන එක විද්‍යාව උගන්නන එක නෙවෙයි. 

එතකොට මේ නිලධාරීන් වගකියන්නේ නැත්තං ඒ ගැනත් හොයලා බලන එක රජයේ වගකීමක් නෙමෙයිද.  ඒ වගේම අපි මෙතනදි කතා කරා උද්ඝෝෂණ තුනක් වුනා කියන එක දැරියගේ පාසල අසල,  දැරිය ගිය ටියුෂන් පන්තිය අසල,  ඒ වගේම බම්බලපිටියේ පොලිසිය අසල. මේ උද්ඝෝෂණවලින් පසුව අපි දකිනවා මේ දැරිය ඉගෙන ගත්තටියුෂන් ආයතනයේ අයිතිකරු cid  එකට ගිහිල්ලා පැමිණිල්ලක් යොදනවා. ඒ මේ දැරිය සම්බන්ධව නං නෙමෙයි. ඒ ඔහුගේ ගැලවිච්චාව සම්බන්ධව ඔහු සඳහන් කරන අය එතැනදී පහුගිය මැතිවරණ දෙකේම මම මාලිමාවෙන් ඡන්දෙ ඉල්ලුවා කෙනෙක් පවතින රජයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මේ මට මඩගහන්න කරපු ප්‍රකාශනයක් පහුවදා දකිනවා.  එම පුද්ගලයාට පොලිසියේ නිලධාරීන් අට දෙනෙක් සමග පොලිස ආරක්ෂාවක් දීලා තියෙනවා කියලා. එතකොට එකම රටක දෙන්නෙකුට නීති දෙකක් කොහොමද අගතියට පත් පාර්ශවයට කිසිදු නීතියක් ක්‍රියාත්මක නොවුන අතර අපරාධය කරපු පාර්ශවය සහ අපරාධය කරපු සම්බන්ද අයට නීතිමය රැකවරණයක් රජය විසින් දීලා තියෙනවා. එතකොට මේක ගැටලුවක් නෙමෙයිද? කාවද මේ රකින්න යන්න කියන එක අපිට ප්‍රශ්නයක්. 

මේ සිදුවීම උණ මුල් අවස්ථාවේදී විෂය පාර ඇමතිතුමිය ප්‍රකාශයක්ට  ප්‍රකාශයක් කරනවා කිසිම අපරාධ කරුවන්ට  නිදැල්ලේ හැසිරෙන්න දෙන්නේ නෑ සියලුම අපරාධකරුවන්ව ඒ සම්බන්ධව නීතියට යොමු කරලා දැඩි දඬුවම් දෙනවා කියලා. එතකොට මේක ද මේ මාලිමා රජය තුළින් මහජනතාව බලාපොරොත්තු වුණේ? පරණ කුණු ගද ගහන දේශපාලනඥයන් අතුගාලා දාලා මේ රජය බලයට පත් කරගත් ඔවුන්ට අසීමිත බලයක් ලබලා දුන්නේ මහජනතාව හැමදාම මේ රජය මහජනතාවගේ පැත්ත හිටගනී ඔවුන්ව රැක ගනින් ඔවුන් වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරයි කියලා. මොකද කලින් රජයන් වලින් එහෙම සාධාරණයක් ඉෂ්ඨ වුණේ නැහැ ඔවුන් හොරු රැක්කා. ඔවුන් දූෂිතයන්ට අවස්ථාව ලබා දුන්නා. උන් මහජනතාව අධික ලෙස පීඩා පත් කරා. ඉතින් අපිට මේ  රජයෙන් දකින්නෙත් මේ ක්‍රියාවලියේදී දූෂිතයන්ව රකිනවා කියලා. 

මේ මාධ්‍ය සාකච්ඡාවට උදේනි විජේවිර මහත්මියද සහභාගි විය.


සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි ගැසට් කර තිබේ.
රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.
ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.
ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.
වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ (06) රාත්‍රියේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.
දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ප්‍රධාන පුවත්

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග

ඕනෑම රටක් හෝ ජාතියක් ඉදිරියට ගොස් ජයග්‍රාහී ස්ථානයකට පැමිණීමට නම් මව් භාෂාවට ප්‍රමුඛස්ථානය ලබා දීම අනිවාර්ය සාධකයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

ශ්‍රීලංකන් ගුවන් සමාගම මුල්කරගෙන ඇමති සහ නියෝජ්‍ය ඇමති අතර ගැටුම උපරිමයට පැමිණෙයි..

පාඩුවලට මුහුණ දී සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියෙකු (CEO) පත්කිරීමේ මතභේදාත්මක තීරණයත් සමඟ, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු අතර පවතින ගැටුම උපරිම මට්ටමකට පැමිණ ඇති බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග කිහිපයකින් වාර්තා වේ.

බටහිර රටවල ආරක්ෂණවාදයේ වගකීමෙන් පලා යාමට චීනය බිල්ලක් කර නොගත යුතුය!

මේ වන විට චීනය නිෂ්පාදන අංශයෙන් ලබා ගෙන ඇති අද්විතීය ජයග්‍රහනය සම්බන්ධයෙන් බටහිර රටවල පාලකයන් වික්ෂිප්ත වී ඇති ස්වභාවයක් ඔවුන්ගේ හැසිරීම් වලට අනුව වටහා ගත හැක. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය දැඩි ස්ථාවරයක සිටී. ඒ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය දැක්වෙන වැදගත් සටහනක් ග්ලොබල් ටෛම්ස් වෙබ් අඩවිය තබා තිබුණි. ලංකා ලීඩර් පාඨකයාගේ පරිශීලනය සඳහා මෙසේ පල කරමු..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය..

අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ අධිකරණවල එකතු වී ඇති නඩු ප්‍රමාණය කාර්යක්ෂමව අවසන් කිරීමේ අරමුණින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.