News Category
From Date
To Date
Maximum Number of Result

හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී

May 17, 2025 at 04:54 PM
|

හාල් කිලෝ එකක් ඩොලර් එකයි.  පොල් ගෙඩියක් ඩොලර් එකයි.  ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි. අපි කාන්තා පරපුර සංවිධානය මගින් තමයි මේ මාධ්‍ය සාකච්ජාව පවත්වන්නේ. රට වටේ හිටපු කාන්තාවෝ එක මිටට එකතු කරලා ඒ කාන්තාවන්ගේ කරමතින් ජනාධිපති කෙනෙක් පත්වෙලා  රට කරවන වෙලාවක ඒ කාන්තාවන්ගේ කරමතින්ම ආණ්ඩුවත් බලයට පත් කරලා රට කරවන්න අරගෙන මාස හතක් ගතවෙලා අවසන්. මාස හතක් ගතවෙලා අවසන් වෙද්දි රටපුරා විසිරී සිටින කාන්තාවෝ ලුණු හොය හොයා කඩවල් ගානේ ඇවිදින තත්ත්වයකට පත්වෙලා තියෙන වෙලාවක තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව මේ විදියට කැඳවන්නේ. 

ලුණු කියලා කියන්නේ අපේ රට පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආහාරය රසින් පුරවන ගුණයෙන් වැඩි කරන කුස්සියට නැතිවම බැරි දෙයක්. ලුණු සම්බන්ධය අපේ ඉතිහාසයත් එක්ක සම්බන්ධ ජනකතා බොහෝමයි. හෙළ වෙදකමට හෙළ සිරිතට විරිතට සම්බන්ධ මේ ලුණු ගැන අපේ පැරැන්නෝ දැරුවේ ලුණු පොල් කට්ට නම් හිස් කරන්න එපා කියන අදහසයි. ඔවුන් එදා එහෙම කිව්වේ එදා ඔවුන් ගෙදර තියෙන ලුණු පොල් කට්ට හිස්වීම දැක්කේ අසුභ කාරණාවක් විදියට. මේ පුනුරුද ආණ්ඩුව පත්වෙලා මාස හතක් යනකොට අන්න අපේ ගේ ඇතුලෙ තියෙන ලුණු පොල් කට්ට හිස් වෙලා. අද දවසේ මාධ්‍ය වාර්තා දක්වන ආකාරයට කැට ලුණු කිලෝවක් රුපියල් 500යි. කුඩු ලුණු කිලෝ එකක් රුපියල් 600යි . මම අන්තිමට මිලදී ගත්ත ලුණු පැකට් එකේ මිල රුපියල් 135 යි. 

අද රටේ සෑහෙන්න වෙනසක් කරන්න ලෑස්ති වෙලා ආපු ආණ්ඩුවේ කර්මාන්ත ඇමති හඳුන්නෙත්ති මෙහෙම ප්‍රකාශයක් කරනවා. පෙර සුදානමක් තිබුණේ නෑ.  පෙර සූදානමක් නැති අපිට කර්මාන්තවලට ඕන කරන යම් ලුණු ප්‍රමාණයක් ගෙන්නන්න සිද්ධවෙලා තියෙනවා. ඒ ලුණු ප්‍රමාණය අපි ආනයනය කරනවා.  කර්මාන්ත ඇමතිතුමා ලුණු ගැන දීපු සහතිකය අන්න එහෙමයි. එතකොට එතුමා කියනවා කර්මාන්ත සඳහා පමණක් ලුණු ආනයනය කරනවා කියනවා. අනිත් පැත්තෙන් අද වෙනකොට ලුණු හිඟයක් ඇවිල්ල තියෙනව ඒක බලපාලා තියෙන්නේ අපේ ගෙවල් වලට. එක මිටට එකතුවෙලා එතුමන්ලාව බලයට පත් කරන්න ගෑනුන්ගේ කුස්සිවලට. අපි එතුමාගෙන් අහනවා. මෙවන් කයිවාරු ගසමින් කල්මරමින් සිටීම තවදුරටත් සුදුසුද කියලා. ඒ විතරක් නෙවෙයි අද වෙනකොට කැටලුණු සොයාගන්න නැහැ අතුරුදහන්. මං යෝජනා කරනවා දැක්ක කෙනෙක් ඉන්නවනම් වහාම අපිට දන්වන්න. මොකද පාරිභෝගික සේවා අධිකාරිය නිදි. ඇත්තටම අපේ රටේ ලුණු ප්‍රශ්නය ගැන කතා කරද්දි මට මෙන්න මෙහෙම.

හිතුනා.  දුප්පත් කමේමහිමය විදහාලා 

කුස්සියේ ලුණු කට්ට ඇත දැන් සුන් වීලා

කාන්තාව මුල් කරගෙන රජවීලා

ලැජ්ජා නැද්ද ලුණු කට්ටත් හිස් කරලා.

හාල් කිලෝ එකක් ඩොලර් එකයි.  පොල් ගෙඩියක් ඩොලර් එකයි.  ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි.  කොටින්ම කියනවනම් මේ පුනරුද ආණ්ඩුව පුනරුදේ කොහොමද කියලා කියනවනම් ලුණුයි පොලුයි බතුයි කාලවත්කත් ඉන්න බැරි තැනට මේ රටේ අපිව පත් කරලා තියෙනවා. අපි ආයෙත් අහනවා අනුර කුමාර දිසානායක ලඟින් ලැජ්ජ නැද්ද තවදුරටත් මේ රටේ දැවෙන ප්‍රශ්න ගැන මේ විදියට නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්න.

මනෝවිද්‍යා උපදේසිකා සුළංකනා මෙනෙවිය අදහස් දක්වමින්

අපි අද කතා කරන්නේ මේ දවස්වල වැඩිපුරම කතා කරන නිවුස් එකක් ගැන. ඒ තමයි කොටහේනේ වෙච්ච ඛේදවාචකය. මේක අපරාධයක්.  මේක අද අපි කතා කළාට මේක වර්තමානයේ සිදුවූ සිතුවීමක් නෙවෙයි මේක මාස හයකට කලින් දෙසැම්බර් මාසයේ සිදු වූ සිදු වීමක්.  අපි නැවත නැවත මේක ගැන කතා කිරීම වත් කවුද කලේ කොහොමද කළේ මොකක්ද වුණේ කියලා කතා කරන එක තේරුමක් නෑ. මොකද හැම මාධ්‍යයකම මේ සිදුවීම මොකක්ද කියන එක හෙළිදරව් කරා. අපි කාන්තා පරපුර සංවිධානය විදිහට අපි පෙන්නලා දෙන්න යන්නේ මේ සිදුවීම යට තියන නොපෙනෙන පැතිකඩක් ගැන.

මේ ගැන කතා කරද්දි විෂය භාර ඇමතිතුමිය කියනවා මට පෙත්සමක් ආවේ නැහැ ආවොත් මේ සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නවා වගේ කතාවක්. ඇය නීතිය ක්‍රියාත්මක කරන්න යම් යම් ලිපි ලේඛන එනකම් බලාගෙන ඉන්නවා වගේ එකක් අපිට දැනෙනවා. ඇය නීතිය ගැන දන්නේ නැතිද කියලා මෙතනදි අපිට ප්‍රශ්නයක් මතු  වෙනවා. මොකද අපිට එහෙම ප්‍රශ්නයක් මතුවෙන්නේ මගේ අතේ තියෙන්නේ 1998 50 වෙනි පනත ළමා රක්ෂණ අධිකාරිය නිකුත් කරපු. මේ පනත ඉතා බලසම්පන්න පනතක්. මේ පනතේ විශාල බලයක් අතට දීලා තියෙනවා එහි සඳහන් වෙලා තියෙනවා ළමාරක්ෂණ අධිකාරියේ සභාපතිට පුළුවන් යම් අපරාධයක් කරපු පුද්ගලයෙකු, සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන පැය 48 රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නීතිය හමුවට යොමු කරන්න පුළුවන්.  ඒ වගේම මෙම පනතේ සඳහන් වෙලා තියෙනවා . 

එම අත්අඩංගුවට ගැනීම  ප්‍රශ්න කිරීමට කිසිදු ලිඛිත ලේඛනයක් අවශ්‍ය වෙන්නේ නැති බව ඒකට නිර්නාමික ඇමතුමක් මාධ්‍ය යන ප්‍රකාශනයක් පත්තරේ යන ලිපියක් කවුරුහරි දෙන දුරකථන ඇමතුමක් උනත් ප්‍රමාණවත් එතකොට අපිට ප්‍රශ්නයක් එනවා මේ තරම් බලතල තියෙන පනතක් තියෙද්දි විෂය භාර ඇමතිතුමිය කියනවා අගතියට පත් පාර්ශවය පැත්තෙන් පෙත්සමක් ලැබුනේ නෑ කියලා.  අපිට ප්‍රශ්නයක් මතු වෙනව ඇමතිතුමිය නීතිය දන්නෙ නැද්ද කියල.  එහෙම නැත්නම්  කවුරුහරි බේරගන්නවා ද යන්න අපිට ලොකු සැකයක් මතු වෙනවා. මේ පිළිබඳව සමාජයේ කතා කරන්න පටන් ගන්නේ මාස හයකට පසුව සිදුවීම වෙලා තියෙන්නේ දෙසැම්බර් නමුත් සිතුවිම ගැන කතා කරන්නේ මැයි මාසේ. ඒකට හේතුව වෙන්නේත් මැයි මාසයේදී අපි දකිනවා උද්ඝෝෂණ තුනක් පවත්වනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි මේ මියගිය දැරියගේ පාර්ශවයන්  සාධාරණයක් කරලා දෙන්න කියලා දැනුම් දීල බැරිම තැනක් ඔවුන් වෙන කරන්න දෙයක් නැති තැන ඔවුන් මහමගට බැහැලා ඔවුන් ඔවුන්ගේ දුක් ගැනවිල්ල කියනවා.



මහජනතාවට වෙලා තියෙන්නේ අරගල කරලා දේවල් අරගන්නද කියලා අපිට මෙතනදි ප්‍රශ්නයක් මතු වෙනවා මෙතනදි අපි බලමු මේ සිදුවීමට වගකිවයුතු පුද්ගලයන් කියලා. වගකිවයුතු පුද්ගල පාර්ශව කිහිපයක් මෙතන දකිනවා. පොලිසිය විදුහල්පති තුමිය විෂය භාර ඇමතිතුමිය අගමැතිතුමිය අධ්‍යාපන අමාත්‍යාන්ශය, ළමාරක්ෂන අධිකාරිය.  ඒකට හේතුව ඇය අධ්‍යාපනය භාරව ඉන්න ඇමතිතුමිය. ඒ වගේම රටේ අගමැතිතුමිය ඒ වගේම ඇය කාන්තාවක් වීම ඒ වගේම විෂය භාර ඇමතිතුමිය. මේ  සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තෙ නැති එක අපිට ලොකු ගැටලුවක්. වගකීම් පැහැර හැරියා කියලා හිතෙනවා. මොකද හේතුව  1998  50 වගන්තිය සහ ඒ වගේම 1995 20 සන්ශෝදනය දන්ඩනීති සංග්‍රහය  සඳහන් වෙලා තියෙනවා. මේහි නීත්‍යානුකූල පැතිකඩ පිළිබඳව.  ඒ නිසා අපිට පේනවා නීතිය පැත්තෙන් කිසිම බුරුලක් දීලා නැහැ කියල. හරිආකාරව අනපනත් ප්‍රකාශ වෙලා තියෙනවා නමුත් මේ නීතියක් මෙය වගකිවයුතු කිසිම ආයතනයකින් සිදුවුණේ නෑ කියන එක අපිට පේනවා. පොලිසිය ගත්තොත් ඔවුන්ගේ වගකීම් හරියට ඉටු කරාද කියන එක අපිට ප්‍රශ්නයක්. මොකද මේ දැරියගේ පාර්ශවය දෙසැම්බර් මාසේ පැමිණිලි දෙකක් දානවා බම්බලපිටිය පොලිසියේ සහ ළමා කාන්තා කාර්යාංශයේ එතකොට මේ පැමිණිලි දෙක එතනින් එහාට ක්‍රියාත්මක වුණේ නැත්තේ ඇයි කියන එක අපිට ගැටලුවා. ඒ වගේම විදුහල්පතිතුමියටත් විශාල කාර්යභාරයක් තියෙනවා ඇය මේ සම්බන්ධව මොකක්ද කරේ කියන ප්‍රශ්නය අපිට හිතෙනවා. මොකද ඇය දැරියගේ පැත්තෙන් කටයුතු කරා නම් මේ පිළිබඳව අදාළ  අය මතු කර ගන්න තිබුණා. මාධ්‍ය වුනත් හරියාකාරව මේ සම්බන්ධව ක්‍රියා කරනවා.  ඇය දෙමළ ජාතික දැරියක් දෙමළ මාධ්‍යයකවත් ඉංග්‍රීසි මද්‍යයක්. වත් මේ ගැන කතා කලේ නෑ. මාධ්‍ය  මේ සම්බන්ධව ක්‍රියා කරනවා.  පාසල් උප දේශකවරු පත් කරලා තියෙනවා. මොකද ඇය යන්නේ ජාතික පාසැලක් නිසා. එතකො උපදේශකවරයෙක්ගේ කාර්යභාරය වෙන්නේ ගණන් උගන්නන එක විද්‍යාව උගන්නන එක නෙවෙයි. 

එතකොට මේ නිලධාරීන් වගකියන්නේ නැත්තං ඒ ගැනත් හොයලා බලන එක රජයේ වගකීමක් නෙමෙයිද.  ඒ වගේම අපි මෙතනදි කතා කරා උද්ඝෝෂණ තුනක් වුනා කියන එක දැරියගේ පාසල අසල,  දැරිය ගිය ටියුෂන් පන්තිය අසල,  ඒ වගේම බම්බලපිටියේ පොලිසිය අසල. මේ උද්ඝෝෂණවලින් පසුව අපි දකිනවා මේ දැරිය ඉගෙන ගත්තටියුෂන් ආයතනයේ අයිතිකරු cid  එකට ගිහිල්ලා පැමිණිල්ලක් යොදනවා. ඒ මේ දැරිය සම්බන්ධව නං නෙමෙයි. ඒ ඔහුගේ ගැලවිච්චාව සම්බන්ධව ඔහු සඳහන් කරන අය එතැනදී පහුගිය මැතිවරණ දෙකේම මම මාලිමාවෙන් ඡන්දෙ ඉල්ලුවා කෙනෙක් පවතින රජයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මේ මට මඩගහන්න කරපු ප්‍රකාශනයක් පහුවදා දකිනවා.  එම පුද්ගලයාට පොලිසියේ නිලධාරීන් අට දෙනෙක් සමග පොලිස ආරක්ෂාවක් දීලා තියෙනවා කියලා. එතකොට එකම රටක දෙන්නෙකුට නීති දෙකක් කොහොමද අගතියට පත් පාර්ශවයට කිසිදු නීතියක් ක්‍රියාත්මක නොවුන අතර අපරාධය කරපු පාර්ශවය සහ අපරාධය කරපු සම්බන්ද අයට නීතිමය රැකවරණයක් රජය විසින් දීලා තියෙනවා. එතකොට මේක ගැටලුවක් නෙමෙයිද? කාවද මේ රකින්න යන්න කියන එක අපිට ප්‍රශ්නයක්. 

මේ සිදුවීම උණ මුල් අවස්ථාවේදී විෂය පාර ඇමතිතුමිය ප්‍රකාශයක්ට  ප්‍රකාශයක් කරනවා කිසිම අපරාධ කරුවන්ට  නිදැල්ලේ හැසිරෙන්න දෙන්නේ නෑ සියලුම අපරාධකරුවන්ව ඒ සම්බන්ධව නීතියට යොමු කරලා දැඩි දඬුවම් දෙනවා කියලා. එතකොට මේක ද මේ මාලිමා රජය තුළින් මහජනතාව බලාපොරොත්තු වුණේ? පරණ කුණු ගද ගහන දේශපාලනඥයන් අතුගාලා දාලා මේ රජය බලයට පත් කරගත් ඔවුන්ට අසීමිත බලයක් ලබලා දුන්නේ මහජනතාව හැමදාම මේ රජය මහජනතාවගේ පැත්ත හිටගනී ඔවුන්ව රැක ගනින් ඔවුන් වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරයි කියලා. මොකද කලින් රජයන් වලින් එහෙම සාධාරණයක් ඉෂ්ඨ වුණේ නැහැ ඔවුන් හොරු රැක්කා. ඔවුන් දූෂිතයන්ට අවස්ථාව ලබා දුන්නා. උන් මහජනතාව අධික ලෙස පීඩා පත් කරා. ඉතින් අපිට මේ  රජයෙන් දකින්නෙත් මේ ක්‍රියාවලියේදී දූෂිතයන්ව රකිනවා කියලා. 

මේ මාධ්‍ය සාකච්ඡාවට උදේනි විජේවිර මහත්මියද සහභාගි විය.


සම්බන්ධිත පුවත් | Related News

ජනාධිපති කාර්යාලය සතුව තිබූ සුඛෝපභෝගී වාහන 17ක් අලෙවි කිරීමේ වෙන්දේසිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර මහතා පවසයි.
16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට සමගාමිව එළඹෙන 2025 මැයි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය සඳහා වන පෙර සූදානම පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් (මැයි 16) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.
ඉතිහාසයේ පහළවූ කිසිම ආණ්ඩුවක් නොකළ ආකාරයේ මහා විනාශයකට මේ ආණ්ඩුව විසින් රට රැගෙන යමින් පවතින බවත්, රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව විනාශකර තුප්පහි අනාගමික දේදුනු රාජ්‍යක් බිහිකිරීමේ කටයුත්තේ ඔවුන් නියැලී සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උත්සාහ කර ඇති ප්‍රමුඛ චීන ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක්, ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යාමේදී බාධකවලට මුහුණ දී සිටින බව දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ චීන විද්වතෙක් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.
යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය නීති සංශෝධනය කරන බවත්, ජනවරමට අනුව ජාතික ජන බලවේගයට (NPP) බහුතරයක් ලැබී ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට අයිතියක් ඇති බවත් ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනවරම අනුව ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 152 ක සභා පිහිටුවීම සඳහා පැහැදිලි බහුතරයක් ඇති බවත්, සභා 115 ක සභා පළමු රැස්වීමේ දිනයේදී පිහිටුවන බවත්ය.

ප්‍රධාන පුවත්

ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

ජනාධිපති කාර්යාලය සතුව තිබූ සුඛෝපභෝගී වාහන 17ක් අලෙවි කිරීමේ වෙන්දේසිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර මහතා පවසයි.

හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී

හාල් කිලෝ එකක් ඩොලර් එකයි. පොල් ගෙඩියක් ඩොලර් එකයි. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි. අපි කාන්තා පරපුර සංවිධානය මගින් තමයි මේ මාධ්‍ය සාකච්ජාව පවත්වන්නේ. රට වටේ හිටපු කාන්තාවෝ එක මිටට එකතු කරලා ඒ කාන්තාවන්ගේ කරමතින් ජනාධිපති කෙනෙක් පත්වෙලා රට කරවන වෙලාවක ඒ කාන්තාවන්ගේ කරමතින්ම ආණ්ඩුවත් බලයට පත් කරලා රට කරවන්න අරගෙන මාස හතක් ගතවෙලා අවසන්. මාස හතක් ගතවෙලා අවසන් වෙද්දි රටපුරා විසිරී සිටින කාන්තාවෝ ලුණු හොය හොයා කඩවල් ගානේ ඇවිදින තත්ත්වයකට පත්වෙලා තියෙන වෙලාවක තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව මේ විදියට කැඳවන්නේ.

ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..

16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට සමගාමිව එළඹෙන 2025 මැයි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය සඳහා වන පෙර සූදානම පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් (මැයි 16) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)

ඉතිහාසයේ පහළවූ කිසිම ආණ්ඩුවක් නොකළ ආකාරයේ මහා විනාශයකට මේ ආණ්ඩුව විසින් රට රැගෙන යමින් පවතින බවත්, රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව විනාශකර තුප්පහි අනාගමික දේදුනු රාජ්‍යක් බිහිකිරීමේ කටයුත්තේ ඔවුන් නියැලී සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උත්සාහ කර ඇති ප්‍රමුඛ චීන ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක්, ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යාමේදී බාධකවලට මුහුණ දී සිටින බව දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ චීන විද්වතෙක් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..

කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය නීති සංශෝධනය කරන බවත්, ජනවරමට අනුව ජාතික ජන බලවේගයට (NPP) බහුතරයක් ලැබී ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට අයිතියක් ඇති බවත් ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනවරම අනුව ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 152 ක සභා පිහිටුවීම සඳහා පැහැදිලි බහුතරයක් ඇති බවත්, සභා 115 ක සභා පළමු රැස්වීමේ දිනයේදී පිහිටුවන බවත්ය.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.