News Category
From Date
To Date
Maximum Number of Result

පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුන් වසරක් පාසා ගලහා හන්දියේ නිර්මාණය කළ පහන් කූඩුව පාලන අධිකාරියෙන් තහනම් කරලා..

May 13, 2025 at 08:29 AM
|

පේරාදෙණිය විශව විද්‍යාල සිසුන් වසරක් පාසා ගලහා හන්දියේ නිර්මාණය කළ පහන් කූඩුව විශ්ව විද්‍යාල පාලන අධිකාරය  තහනම් කර ඇති බවට පුවතක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

එම සටහන පහළින්..

2002 සිට පේරදෙනිය විශ්ව විද්යාලයේ වෛද්‍ය පීඨ සිසුන් විසින් වසරක් පාසා ගලහා හන්දියේ නිර්මාණය කරන්නට යෙදුන පහන් කූඩුව විශ්ව විද්යාලීය පාලන අධිකාරිය විසින් තහනම් කර ඇත. 

ඒ වෙද්දීත් කූඩුවේ සෑහෙන කොටසක් සාදා තිබුනු බව ද පෙනී යයි. ඊයේ දිනයේ දී මේ පුවත අසන්නට ලැබීම මා හට මහත් කණගාටුවක් ගෙන දෙන්නක් විය. 

අප පේරාදෙණි විශ්ව විද්යාලයේ සිසුවන් ව සිටියදී වෙසක්, පොසොන් හෝ වෙනයම් බෞද්දාගමික සැමරීම එහි තිබුනේ නැත. එකම පහන් කූඩුව වනාහී ජයතිලක ශාලාවේ සිසුන් විසින් කාගේ හෝ සරමක් එල්ලා එය ඇතුලේ විදුලි බුබුලක් දල්වා පැටවු ලක්ශේ පහන් කූඩුව නමින් වෙසක් උත්සවය හාස්‍යයට ලක් කරනා විකාරයක් විය. 

ආගම් හාස්‍යයට ලක් කරනාවුන් ට දඬුවම් දෙන 2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්යන්තර සම්මුති (ICCPR) පනත නොතිබූ එකල එවැනි ගොං පාට් දැමීම සාමාන්ය දෙයක් විය. මා ආවසන් වසර දන්ත වෛද්‍ය සිසුවෙකු සිටියදී අභාවයට ගොස් තිබූ දන්ත වෛද්‍ය පීඨ බෞද්ද සහෝදර සංගමය නැවත ගොඩ නැගීමට උත්සාහ කරද්දී එයට ජේශ්ඨ භාන්ඩාගාරික කෙනෙකු පත් කර ගැනීමට තිබුනු අපහසුව පුදුමාකාරය. බෞද්ද නම ගෑවී තිබුනු කිසිම දේකට එක් වීම එකල ආචාර්ය මංඩලය ප්‍රතික්ශේප කරන තත්වයක් මත ලේකම් ලෙස එම සංගමය යලි පිහිටුවා ගැනීමට මා හට හැකි විය. 

පසුව වෛද්ය පීඨ ආචාර්ය මංඩලයට බැඳුනු මා ආචාර්ය උපාධිය නිමවා ලංකාවට පැමින සේවයට වාර්තා කර පැවැත්වෙන්නට යෙදුනු පළමු පීඨ රැස්වීමේ දීම වෛද්ය පීඨ ශිශ්‍ය සංගමේ ජේශ්ඨ භාන්ඩාගාරික ධූරය ආදරයෙන් මගේ ඇඟේ ගසන්නට (එම තනතුරු දැරුවාට උසස්වීමෙ ලකුණු නොතිබූ එකල ) මා මිත්‍ර වර්තමාන මහාචාර්ය සමත් ධර්මරත්න මහතා උත්සුක විය. 

ඒ වසරේ වෛද්ය පීඨ ශිශ්ය සංගමේ ක්‍රියාකාරීන් වූවේ ඕනෑම දේකට සාර්ථකව මුහුණ දෙන්නට සමත් වැඩ්ඩන් සැට් එකකි. කායව්‍යච්චෙද දෙපාර්තමේන්තුවට සහ අනෙකුත් පළමු වසර අධ්‍යයන අංශ වලට නව ගොඩනැගිල්ලක් විවෘහ වුනු ඒ වසරේ එයට සමගාමීව වෛද්‍ය සිසුන් ට කපා කොටා අධ්‍යයනය කිරීමට තම සිරුරු දන් දුන් මලගිය ඇත්තන් ට පිරිතක් කියවා, දානයක් දී ට පින් පමුණුවීමේ අදහසක් වෛද්ය ශිශ්‍ය සංගමයට පහල විය. ජේශ්ඨ භාන්ඩාගාරික ලෙස එම අදහස පීඨ මංඩලයට ගෙන ගිය මා හට එල්ල වූයෙ නොසිතූ අන්දමේ බරපතල විරෝධයකි.

කොටින්ම කියනවානම් කිසිම ආකාරයක බෞද්දාගමික වැඩක් කිරීමට ඉඩක් නොදෙන වාතාවරනයක් මැද, නොයෙකුත් තර්ජන ගර්ජන මැද විශ්ව විද්යාල පණතේ ඇති ප්‍රතිපාදන සහ  ජේශ්ඨ භාන්ඩාගාරික ලෙස ඇති බලතල පාවිච්චි කර මා තර්ක විතර්ක කරමින් සිටිනා අතර, නිසි අවසරයකින් තොරව මහ රෑ බුදු පිලිමට තැන්පත් කිරීම සිශ්යයන් විසින් සිදු කරන ලදී. පසුදින පැවති විශේශ පීඨ රැස්වීමේ දී එය වහාම ඉවත් කරන ලෙසට මා හට තර්ජනාංගුලිය එල්ල වෙද්දී මා පැවසුවේ එම පිලිමය මා විසින් තැන්පත් කලේ නැති බවත්, කැමති කෙනෙකුට එය ගලවා ඉවත් කල හැකි බවත්, එසේ සිදු කර වස් වැදීමකට ලක් වූවේ නම් මා හට ඒ පිලිබඳව වගකීමක් ගත නොහැඛි බවත් ය. බෞද්ද වැඩ කටයුතු ව්ලට අවි අමෝරාගත් ආචාර්ය මහාචාර්ය වරු වස් වදිනවාට බියෙන් ඒ ගැන වාද කිරීම එතැනින් අවසන් කල අතර එම බුදුපිලිමය අදටත් කායව්යච්චේද දෙපාර්තමේන්තු පරිශ්‍රයේ විරාජමාන වේ!! මේ ගැන සම්පූර්ණ විස්තරය මහාචාර්ය චන්න ජයසුමන ගේ පොතක සඳහන් වේ. 

වෛද්‍ය පීඨ ඉතිහාසයේ පළමු වරට ගලහ හන්දියේ සිට හේවිසි හොරණෑ පෙටටුකොටගත් මහා බුදු පෙරහරකින් ධාතු කරඬුව වඩම්මවා සර්ව රාත්‍රික පිරිතක් ද සංඝ ගත දක්ශිනාවක් ද ඩීමට එම සිසු දරුවෝ සමත් වූහ.

එම වසරේ වෙසක් උත්සවය වෙනුවෙන් මහා පහන් කූඩුවක් නිර්මාණය කිරීමට ඔවුන් අවශ්‍ය බව සිශ්‍ය සංගමය පවස්ද්දී, කලින් සිදු වූ බාධා නිසාම මා කලේ මාස දෙකකටත් ප්‍රථමයෙන්  උපකුලපති කාර්යාලයට ලියුමක් ලියා ලිඛිත අවසරයක් ලබා ගැනීමයි. 

ඊට සති කීපයකට පසු ශිශ්‍යයන් විසින් ගලහා කූඩුව තැනීමට පටන් ගත් විට අර බෞද්ද විරෝදී කන්ඩායම් නැවතත් මහා කාලගෝට්ටියක් නටන්නට විය. එවකට බලවත් තනතුරු දැරූ ආචාර්ය මහාචාර්ය කීපදෙනෙකු මට පැවසූවේ මා එම කූඩු තැනීමට ඉඩ දිය යුතු නැති බවයි. ඒ සියල්ලන්ට ම මා ශිස්ය සංගමය විසින් (මගේ උපදෙස් මත ) මගෙන් අවසර ඉල්ලා ලියූ ලියුමේ චායා පිටපත් ලබ දුන්නෙමි. කුපිත වූ ඔවුන් උප කුලපති වරයා හමු වී කූඩුව හැදීම නැවැත්වීමට උත්සාහ කල ද, බෞද්ද විරෝදීන් ගේ බලපෑම් ගැන නොදැණුවත්වම මාස දෙකකට කලින් ම ඔහු තම අවසරය දී ඇති බව උපකුලපතිවරයා පෙන්නා දුන්නේය.

කූඩුව හදන්නට පෙර ශ්ශ්යයන් විසින් මගේ රෙකමදාරුව ද සහිතව ලියූ ලිපියක් රැගෙන ගොස් උපකුලපතිතුමා හමු වී කූඩුවේ ස්මාරම්භක උත්සවයට පැමින එය විවෘත කරනා ලෙස ඉල්ලීමක් කලේය. වෛද්ය පීඨ කූඩු විරෝදීන් නිසා චූන් වී සිටි උපකුලපතිවරයා එම ඉල්ලීම එකහෙලාම ප්‍රතික්ශේප කල අතර සිසුන් විසින් ක්ශනිකව තීරණය කලේ එම විවෘත කිරීමට මා හට ආරාධනා කිරීමටය. මා එම ආරාධනය ගෞරවයෙන් බාරගතිමි.

ඒ අතරතුර කිසිදා පේරාදෙණි විශ්ව විද්යාල පරිශ්‍රයේ නොතැනුනු තට්ටු හතරක් හෝ පහක් විරුද්ද දිශාවට කැරකෙනා මහා පහන් කූදු රාජයෙක් ගලහා හන්දියේ ගොඩ නැගෙමින් තිබුනි. එහි සියළු නිර්මාණ කටයුතු කලේ වෛද්‍ය ශිශ්යයන් ය.

වෙසක් දින සවස හතට විවෘත කිරීමට නියමකරගෙන එම වෙලාවට මා එහි ගිය විට සිසුන් සියල්ලෝ මා වෙත පැමින කීවේ පැය බාගයකට කලින් සුදු වතින් සැරසී උපාසෙකයෙක් ලෙසින් පැමින උපකුලපති තුමා විසින් එම පහන් කූඩුව උත්සවාකාරයෙන් විවෘත කල බව ය!! කාරණාවට විරුද්ද වුනත් එය ලොකු සාර්තක උතස්වයක් නම් එහි මුල් පුටුව දරා අලියා වීම උපකුලපතිතුමා ට අත හැරිය නොහැකි දෙයක් බව අප සැම තේරුම් ගත්තෙමු!

එතැණ් සිට වසරක් පාසා වෙසක් උලෙල ට වෛද්‍ය පීඨ සිසුන් විසින් ගල්හා හන්දියේ මහා පහන් කූඩුවක් නිර්මාණ්ය කරන්නට යෙදුනි. අවාසනාවක මහත, ඊයේ මා හට දැණගන්නට ලැබුනේ විශ්ව විද්යාල පාලන අධිකාරිය එය තහනම් කල බව ය!

මා හට කිව හැක්කේ මෙපමනය; පාලන අධිකාරියේ මහතුනි, තොපට යන්නට සතර අපාය මදි බවයි!!!

- මහා වෙදමහත්තයා FB පිටුවෙන්..


සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.