News Category
From Date
To Date
Maximum Number of Result

නුවර අය සුද්දට රට පාවා දුන්නාද?

Mar 7, 2025 at 06:42 PM
|

ඔය නුවර අය සුද්දට රට පාවා දුන්නා කියල අපි කතාවට, ආතල් එකට,කිණ්ඩියට කිව්වට ටෙක්නිකලි බැලුවොත් ඕක වැරදි කතාවක්, 


රජ්ජුරුවො හැංගිලා උන්නු බෝමුරේ උඩුපිටිය ආරච්චිගෙ ගෙදර පෙන්නුවෙ ඒ ගමේම කොලුගැටයෙක් බව හැබෑව, ඒක අඹගෙඩියකට කරා කියලත් කියනව තව අය ඒක සුද්දන්ගෙ තර්ජනවලට බයේ කරා කියලත් කියනවා, 


ඒත් ඔතනට වෙනකල්ම සිදුවුණ සිදුවීම් බොහොමයක් orchestrate කරේ සබරගමුවෙන් ආපු එක්නැලිගොඩල මොල්ලිගොඩල වගෙ රාජසභාවෙ අසමගිය ඇතිකරල රාජ්‍ය පාලනය අවුල් කරපු රදළයො, ඒකටම සෙට්වුණ රජකමට ලොල්වුණ ඇහැළේපොළ යටින් සහ උඩින් ගහපු ගේම්වල ප්‍රතිඵල විදිහට තමයි කන්ද උඩරට අවසානයේ බ්‍රිතාන්‍ය කිරීටයට යටත්වෙන්නෙ, 


ඊටකලින් අවුරුදු ගණනාවක්ම වාර ගණනාවක්ම ඉංග්‍රීසීන් ඇතුළුව යුරෝපා ජාතීන් තුනක් කන්ද උඩරට අල්ලගන්න ට්‍රයිකරා, ඒත් ඒ හැමවතාවකම එයාල ෆේල් වුණා, ඔය ගැන ලියපු පරණ හෑල්ලක උපුටනයක් පල්ලෙහායින් දාන්නං,


මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරපු අපරදිග ජාතීන් කිහිපවතාවක්ම කන්ද උඩරට තමන්ගෙ සිතියමට ඈඳාගන්න ට්‍රයිකරනව. 


1594 දන්තුරේ සටන ඒකෙ මුල්ම උත්සාහය, එතනදි පෘතුගීසීන්ට අත්වෙන්නෙ අන්ත පරාජයක්, පරාජය අවසානයෙ පෘතුගීසීන් තමන් එක්ක එක්කගෙන ආව දෝන කතිරිනා කුමරිය උඩරට සේනාවන්ගෙ අත්අඩංගුවට පත්වෙනව,


දෙවැනි උත්සාහය 1602 බලන සටන, මැනුවෙල් ඩි සූසා කියන පෘතුගීසී සෙන්පතියා සෙංකඩගල අල්ලගන්න ඇවිල්ල ආයෙ පසුබසින අතරවාරයෙ බලන දුර්ගයෙදි සෙනරත් රජ්ජුරුවන්ගෙ පුතා වුණ මහාස්ථාන කුමාරයගෙ සේනාවන්ගෙන් සමූලඝාතනය වෙනව, පසුකාලීනව දෙවැනි රාජසිංහ නමින් රජවෙන්නෙ  මේ මහාස්ථාන කුමාරයා.


ඉන්පස්සෙ ආයෙ 1630දි කොන්ස්තන්තීනු ද සා ගෙ සේනාව කන්ද උඩරට ආක්‍රමණය කරනව, එයාල ඌවෙදි කන්ද උඩරට සේනාවන්ට කොටුවෙලා හොඳ සංග්‍රහයක් භුක්තිවිඳිනව, මුළු පෘතුගීසී සේනාවම සමූලඝාතනයට ලක්වෙනව,


පිරමීඩෙක හැඩේට පරංගි හිස් පිහිටුවන සිංහල සේනාව ද සා ගෙ හිස ගෙනත් රාසිං දෙයියො හෙවත් රාජසිංහ රජ්ජුරුවන්ගෙ දෙපාමුලින් තියනව, 


එතනදි දෙවැනි රාජසිංහ රජ්ජුරුවො ප්‍රකාශයක් කරනව,

"මා සමඟ යුධනොවදින ලෙසත් මගේ රාජ්‍යය විනාශනොකරන ලෙසත් සාමයෙන් වෙසෙන්නට මට ඉඩදෙන ලෙසත් මම ඔබට කොතෙක් නම් කන්නලව් කෙළෙම්ද ? මා එසේ ඉල්ලා සිටියේ ඔබ ලංකාවේ හොඳම කොටස අල්ලාගෙන සිටියදීය. ඔබගෙන් පසුව පැමිණෙන්නෝ ඔබගේම අඩිපාරේ යයි නම් මේ ඉරණම අත්කරගන්නා අන්තිමයා ඔබ නොවනු ඇත."


මේක එක්තරා විදිහක අනතුරු ඇඟවීමක්! 


නමුත් ඒක ගණන් නොගෙන රාජසිංහයන්ගේ සහ කන්ද උඩරැටියන්ගේ සටන්කාමීත්වය අවතක්සේරු කරල ඉන් අට වසරකට පස්සෙ 1638 අවුරුද්දෙ කන්ද උඩරටට කඩාවදින ජෙනරාල් දියොගු ද මේලෝ කැස්ට්‍රෝ ගන්නෝරුවෙදි රාජසිංහගෙ සේනාවන් අතින් හොඳම එකෙන් කනවා. මුළුමහත් පෘතුගීසී සේනාවම සසමූලඝාතනය වෙලා දෙව්මව් තුරුළට සැපත්වෙනව.


එතනින් පස්සෙ ආයෙ පෘතුගීසී කන්ද උඩරටට ඇඟිලිගහන්න එන්නෑ, ලන්දේසීන්ගෙ ආගමනයත් එක්ක ලංකාවෙ මුහුදුබඩ පෙදෙස්වල පෘතුගීසී ආධිපත්‍යය බිඳෙනව.


ලන්දේසි උඩරට අල්ලගන්න කිහිපවටාඅවක්ම ට්‍රයිකරත් එයාලට ඒක කරගන්න බැරිවෙනව, දෙවැනි රාජසිංහ රජ්ජුරුවන් අතින් පරාජය වෙන එයාල කන්ද උඩරට එක්ක තරමක ශේප් න්‍යායයක් අනුගමනය කරල සාමෙං ඉන්න බලනව තමංගෙ වැඩේ කරගෙන.


1796  ඓතිහාසික කිව් ලිපියෙන් සහ සටන් කීපෙකින් ඉංග්‍රීසීන් ලංකාවෙ මුහුදුබඩ ප්‍රදේශ තමන්ගෙ ආධිපත්‍යයට නතුකරගන්නව. මුල්ම ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වුණ ෆෙඩ්‍රික් නෝත් කන්ද උඩරට රාජධානියත් එක්ක වෙළඳ කටයුතුවලදි ඇතිවුණ ගැටුම් කිහිපයක් පදනම් කරගෙන 1803දි කන්ද උඩරට ආක්‍රමණය කරන්න තීරණය කරනව. 1803 ජනවාරි 31 කොළඹින් පිටත්වෙන මැක්ඩෝවල් ප්‍රමුඛ ඉංග්‍රීසි සේනාවන් අතරමඟදි මහලොකු ප්‍රතිරෝධයක් නැතුව සම්ප්‍රාප්ත වෙන්නෙ පාළුවට ගිය, රජමාලිගය ඇතුළුව හැමදේම ගිනිතබා විනාශකරල බිමට සමතලා කරපු සෙංකඩගල නගරයට. ඒ වෙනකොට සියලු වස්තුව සහ දන්තධාතූන්වහන්සේ අරගෙන ශ්‍රී වික්‍රමරාජසිංහ රජ්ජුරුවෝ ප්‍රමුඛ උඩරැටියන් සෙංකඩගල නගරයෙන් හඟුරන්කෙතට පලාගිහින්. මේක කිහිපවිටක්ම කන්ද උඩරට රජවරු පාවිච්චිකරපු යුධෝපක්‍රමයක්.

වැහි කාලෙ එළඹෙනව, ඒ එක්කම කැලෑඋණ (මැලේරියාව), බැරිබැරියාව වගේ ලෙඩරෝග කන්ද උඩරට වාඩිලාගෙන ඉන්න බ්‍රිතාන්‍ය සේනාවන් අතරෙ පැතිරෙන්න ගන්නව.ඒ අතරෙ කන්ද උඩරට සේනාවන් ටිකෙන් ටික ගේමට එන්ටර් වෙන්න ගන්නව, එයාල මුලින්ම මීගස්තැන්න අධිකාරම්ගෙ නායකත්වයෙන් ඉංග්‍රීසීන්ගෙ දඹදෙණි බලකොටුවට නොසිතූ ප්‍රහාරයක් එල්ලකරනව, 


බ්‍රිතාන්‍ය සේනාංක වැඩිවශයෙන් හුරුවෙලා උන්නෙ ඉන්දියාවෙ, ඊජිප්තුවෙ, බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල උණුහුම එක්ක කෙරුණ හටන්වලට, කන්ද උඩරට වගේ තෙත්, කඳුකර නිවර්තන කලාපීය හටන් එයාලට ආගන්තුකයි.


එක පැත්තකින් වැසි සමය ආරම්භවෙලා, අනිත් පැත්තෙන් කැලෑඋණ ඇතුළු ලෙඩරෝග පැතිරෙනව, තව පැත්තකින් උඩරට සේනාංක හැංගිලා ඇටෑක් කරන්න අරගෙන, තමන්ට අවශ්‍ය ආහාරපාන, වෙඩිබෙහෙත්, ඖෂධ වර්ග ඇතුළු සැපයුම් කන්ද උඩරටට ගේන්න තියෙන හැම මාර්ගයක්ම එක්කො 

වැස්ස නිසා ඇහිරිලා නැත්තං කන්ද උඩරැටියන් අහුරගෙන.


බ්‍රිතාන්‍යයන් වැටෙන්නෙ අන්ත අසරණ අඩියකට!


එයාලට ආයෙමත් කොළඹට පසුබසින්නැයි අණ කෙරුණත් ඒ වෙලාවෙ හැටියට ඒක ප්‍රායෝගික වුණේ නෑ,


ලෙඩරෝගවලින් බ්‍රිතාන්‍ය සෙබලු විශාල වශයෙන් මියයන්න ගන්නව, පොරවල් වගේ කන්ද උඩරට අල්ලගන්න ආව බ්‍රිතාන්‍යයො හෙන ඩෙස්පරේට් තත්වෙකට වැටෙනව,

මැක්ඩෝවල් සෙන්පති මේ ප්‍රශ්න පටන්ගන්න කලින්ම කොහොමහරි කන්ද උඩරටින් පිටත්වුණායින් පස්සෙ හැමදේම වැටෙන්නෙ මේජර් ඩේව්ගෙ කර මතට. 


ජුනි මාසෙ 24වැනිදා සුදුකොඩියක් ඉස්සර කරගෙන කන්ද උඩරට ප්‍රධානීන්ව මුණගැහෙන ඩේව් නෙගෝශියේට් කරන්න ගන්නව. එයාගෙ ඉල්ලීම් වෙන්නෙ නීරෝගී තත්වයෙන් ඉන්න සෙබළ පිරිස් සමඟ තමන්ට සහ තමන් එක්ක ආව මුත්තුසාමි කුමාරයට ආපහු ත්‍රිකුණාමලේට යන්න දෙන්නත් දැනට ගිලන් තත්වයෙ ඉන්න සෙබළුන් සුව අතට හැරුණායෙන් පස්සෙ එයාලට එන්න දෙන්න කියල. ඒකට පළවෙන එකඟතාව මත ඒ පිරිස වටපුලුවාවට ළඟාවෙනව බෝට්ටුවලින් මහවැලි ගඟෙන් එතෙරවෙන අභිලාශයෙන්, නමුත් එයාලට එහෙම ලේසියෙන් පිටවෙලා යන්න කන්ද උඩරැටියන් ඉඩදෙන්නෑ. මුත්තුසාමි ප්‍රමුඛ නායක්කර්වරුන් උඩරැටියන්ගෙ අත්අඩංගුවට පත්වෙලා හිස්ගැසුම් කනව, ඒ අතරෙ කන්ද උඩරටට කඩාවදින උඩරට සේනාවන් එහේ උන්නු සෙබළුන්ව සමූලඝාතනය කරනවා. කන්ද උඩරටට එන බ්‍රිතාන්‍ය සේනාවෙන් අති විශාල ප්‍රමාණයක් මියයයනව, තවත් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට පත්වෙනව, ෆෙඩ්‍රික් නෝත්ගෙ කන්ද උඩරට ආක්‍රමණය අන්ත පරාජයකින් කෙළවර වෙනව. 


අවි බිම තියල යටත්වෙන මේජර් ඩේව් කන්ද උඩරට සිරකරුවෙක් විදිහට දශකයකට ආසන්න කාලයක් ගෙවපු බව ඉතිහාසෙ සඳහන්වෙනව,


ඒ සා දියුණු අවිආයුධ තියාගෙන, ඒ සා විශාල සුවිශාල සේනා බලයක් තියාගෙන එකල ලෝකෙ උන්නු බලගතුම අපරදිග ජාතීන් ත්‍රිත්වයකටම කන්ද උඩරැටියන් යුධමය වශයෙන් පරාජය කරන්න බැරිවුණා, ඒ හැම උත්සාහයක්ම ගඟට කැපූ ඉනි සේ ව්‍යර්ථව ගියා, 


මේ එක්ක බ්‍රිතාන්‍යයන් තේරුම්ගන්නව කන්ද උඩරට කියන්නෙ තමන්ට කවමදාවත් යුද්ධයකින් යටත්කරගන්න පුළුවන් රාජ්‍යයක් නොවන විත්තිය. එයාල වෙන මඟක් හොයන්න ගන්නව, 


ජෝන් ඩොයිලි කියන මහමොළකාරය ලංකාවට එන්නෙ ඒකෙ ප්‍රතිඵලයක් විදිහට, 


The rest is history ! 


ජෝන් ඩොයිලිගෙ උපායයන්, රදළයින්ගේ අසමගිය, ශ්‍රී වික්‍රමරාජසිංහ රජ්ජුරුවන් ගැන පැතිරුණ බොරු ප්‍රචාරයන් නිසා රජ්ජුරුවන් ගැන ඇතිවුණ ජන අප්‍රසාදය වගේ කරුණු කාරණාවන් නිසා අවසානෙ කන්ද උඩරට 1815දි බ්‍රිතාන්‍ය කිරීටයට යටත්වෙලා ඒ එක්කම සමස්ත ලංකාවම බ්‍රිතාන්‍ය යටත්විජිතයක් බවට පත්වෙනව, 


නුවර අයම ස්වකැමැත්තෙන් වෙනත් රාජධානියකට යටත්වුණා නම් ඒ කරලියැද්දේ බණ්ඩාරගෙ කාලෙ සීතාවක රාජසිංහ රජ්ජුරුවන්ගෙ ආක්‍රමණයට සපෝට් කරපු එක විතරයි, එතැනදි පේරාදෙණියෙ වීරසුන්දර බණ්ඩාර කියන ප්‍රාදේශීය පාලකයා තමයි නුවර අයගෙන් ඒ වැඩේට මූලිකත්වය ගන්නෙ, අවසානෙ ඒ දක්වපු සපෝට් එකට තෑග්ගක් විදිහට සීතාවක රාජසිංහයන් එයාව කන්ද උඩරට සාමන්තයා බවට පත්කරනවා,  

ඕන්නෝකයි සීන්නෙක! 


මේක කියවපු නුවර පීප්ල්ස් 


"තාමත් අපි වැරදිද ?" 😒

.

~ ✍️| විකුම්...

.

.

.

📷 - ප්‍රසන්න වීරක්කොඩි මහත්තයගෙ 'දන්තුරේ සටන' චිත්‍රෙ.

.

.

#දෙන්නඅඹේරජාඅරෙහෙ

සම්බන්ධිත පුවත් | Related News

මැයි 18,වෙනිදා අපි සමරන්නේ යුධ ජයග්‍රහණයක් නෙවෙයි රාජ්‍යය ගලවපු ජයග්‍රහණයක් . ‼️
අනුරට ඕන මොනම විදිහකින් හරි මිනිස්සුන්ට වැඩ තහනම් කරපු පොළිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉවත්කර ගන්න. ජනතාවට ඒ අනුර කරන ඉවත් කිරීම ගැන සැකයක් අවිශ්වාසයක් ඉතු රුනෙකෙරන්න වැඩ කරන්න.
බුද්ධාගම ආගමක්ද? දර්ශනයක්ද? බෞද්ධ සංස්කෘතියට ගහන අය බෞද්ධ දර්ශනයට ආදරේ ඇයි? යනුවෙන් සඳහන් වීඩියෝව බැලීමෙන් මෙය ලිවීමට සිත්වුණි. මෙහිදී මා සළකා බැලීම කරණු ලබන්නේ දර්ශණයක්ද ආගමක්ද යන්න නිගමනය සඳහා එතුමා භාවිතාකළ නිර්නායකයේ නිරවද්‍යතාවය පිළිබඳවයි.
මෙරට කිසිඳු නිෂ්පාදනයක් සිදු නොකරන නිසා සියල්ල පිටරටින් ගෙන ඒමට පියවර ගන්නා බවත්, එමගින් කොමිස් ලබා ගැනීම හැකිවීම නිසා පාලකයන් නිෂ්පාදනය පසෙක තබා භාණ්ඩ ගෙන්වීම මුලට දමා ඇති බවත් ඉකුත් ආණ්ඩුව සමයේ දී වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
බුද්ධාගම ආගමක්ද? දර්ශනයක්ද?... වඩා වැදගත් වන්නේ බෞද්ධ දර්ශනය ද? නැතිනම් බෞද්ධ සංස්කෘතිය ද? යන ප්‍රශ්න බොහෝ වාද විවාදයන්ට තුඩු දෙන ප්‍රශ්න බවට පත්වී තිබේ.
යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහෝ දින විශ්ව විද්‍යාල සිසුන් සමඟ අට සිල් සමාදන් වී තිබේ.
වාර්ෂිකව ලොව පුරා ටොන් මිලියන 400ක ප්ලාස්ටික් අපද්‍යවය ජනනය වේ. (UNEP, 2023). ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය යනු ඊට විසඳුමක් ලෙස පෙන්වීමට උත්සාහ කළත්, එදා-මෙදා තුර ප්‍රතචක්‍රීකරණයට ලක්ව ඇත්තේ භාවිතා කරන ලද ප්ලාස්ටික් වලින් 9% කට අඩු ප්‍රමාණයක් පමණක් බවට සංඛ්‍යාලේඛන පෙන්වාදෙයි
පේරාදෙණිය විශව විද්‍යාල සිසුන් වසරක් පාසා ගලහා හන්දියේ නිර්මාණය කළ පහන් කූඩුව විශ්ව විද්‍යාල පාලන අධිකාරය තහනම් කර ඇති බවට පුවතක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

ප්‍රධාන පුවත්

ඉතිහාසය කවදාවත් අමතක කරන්න එපා.. - යුද විජයග්‍රහණය ගැන විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් හෙළිකරන සංවේදී කතාව (වීඩියෝ)

යුද විජයග්‍රහණය සඳහා නායකත්වය දුන් දේශපාලන අධිකාරිය සහ හමුදා නායකත්වය අමතක නොකළ යුතු බවත්, සියලු දෙනාගෙන්ම ඉතිහාසය අමතක නොකරන ලෙස ඉල්ලා සිටින බවත් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් මහතා පවසයි.

ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

ජනාධිපති කාර්යාලය සතුව තිබූ සුඛෝපභෝගී වාහන 17ක් අලෙවි කිරීමේ වෙන්දේසිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර මහතා පවසයි.

හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී

හාල් කිලෝ එකක් ඩොලර් එකයි. පොල් ගෙඩියක් ඩොලර් එකයි. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි. අපි කාන්තා පරපුර සංවිධානය මගින් තමයි මේ මාධ්‍ය සාකච්ජාව පවත්වන්නේ. රට වටේ හිටපු කාන්තාවෝ එක මිටට එකතු කරලා ඒ කාන්තාවන්ගේ කරමතින් ජනාධිපති කෙනෙක් පත්වෙලා රට කරවන වෙලාවක ඒ කාන්තාවන්ගේ කරමතින්ම ආණ්ඩුවත් බලයට පත් කරලා රට කරවන්න අරගෙන මාස හතක් ගතවෙලා අවසන්. මාස හතක් ගතවෙලා අවසන් වෙද්දි රටපුරා විසිරී සිටින කාන්තාවෝ ලුණු හොය හොයා කඩවල් ගානේ ඇවිදින තත්ත්වයකට පත්වෙලා තියෙන වෙලාවක තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව මේ විදියට කැඳවන්නේ.

තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධිකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ එමෙන්ම ප්‍රකට දේශපාලන ක්‍රියාකරුවකු වන තුසිත හල්ඔලුව යන අය ගමන් ගත් මෝටර් රථයට නාරාහෙන්පිට ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි නාරාහේන්පිට පොලිසිය පවසයි. නාරහේන්පිට කිරි මණ්ඩල මාවතේ පෞද්ගලික රෝහලක් ඉදිරිපිට දී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවද පොලිසිය පවසයි.

ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..

16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට සමගාමිව එළඹෙන 2025 මැයි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය සඳහා වන පෙර සූදානම පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් (මැයි 16) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)

ඉතිහාසයේ පහළවූ කිසිම ආණ්ඩුවක් නොකළ ආකාරයේ මහා විනාශයකට මේ ආණ්ඩුව විසින් රට රැගෙන යමින් පවතින බවත්, රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව විනාශකර තුප්පහි අනාගමික දේදුනු රාජ්‍යක් බිහිකිරීමේ කටයුත්තේ ඔවුන් නියැලී සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උත්සාහ කර ඇති ප්‍රමුඛ චීන ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක්, ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යාමේදී බාධකවලට මුහුණ දී සිටින බව දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ චීන විද්වතෙක් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..

කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය නීති සංශෝධනය කරන බවත්, ජනවරමට අනුව ජාතික ජන බලවේගයට (NPP) බහුතරයක් ලැබී ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට අයිතියක් ඇති බවත් ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනවරම අනුව ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 152 ක සභා පිහිටුවීම සඳහා පැහැදිලි බහුතරයක් ඇති බවත්, සභා 115 ක සභා පළමු රැස්වීමේ දිනයේදී පිහිටුවන බවත්ය.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.