News Category
From Date
To Date
Maximum Number of Result

නුවර අය සුද්දට රට පාවා දුන්නාද?

Mar 7, 2025 at 06:42 PM
|

ඔය නුවර අය සුද්දට රට පාවා දුන්නා කියල අපි කතාවට, ආතල් එකට,කිණ්ඩියට කිව්වට ටෙක්නිකලි බැලුවොත් ඕක වැරදි කතාවක්, 


රජ්ජුරුවො හැංගිලා උන්නු බෝමුරේ උඩුපිටිය ආරච්චිගෙ ගෙදර පෙන්නුවෙ ඒ ගමේම කොලුගැටයෙක් බව හැබෑව, ඒක අඹගෙඩියකට කරා කියලත් කියනව තව අය ඒක සුද්දන්ගෙ තර්ජනවලට බයේ කරා කියලත් කියනවා, 


ඒත් ඔතනට වෙනකල්ම සිදුවුණ සිදුවීම් බොහොමයක් orchestrate කරේ සබරගමුවෙන් ආපු එක්නැලිගොඩල මොල්ලිගොඩල වගෙ රාජසභාවෙ අසමගිය ඇතිකරල රාජ්‍ය පාලනය අවුල් කරපු රදළයො, ඒකටම සෙට්වුණ රජකමට ලොල්වුණ ඇහැළේපොළ යටින් සහ උඩින් ගහපු ගේම්වල ප්‍රතිඵල විදිහට තමයි කන්ද උඩරට අවසානයේ බ්‍රිතාන්‍ය කිරීටයට යටත්වෙන්නෙ, 


ඊටකලින් අවුරුදු ගණනාවක්ම වාර ගණනාවක්ම ඉංග්‍රීසීන් ඇතුළුව යුරෝපා ජාතීන් තුනක් කන්ද උඩරට අල්ලගන්න ට්‍රයිකරා, ඒත් ඒ හැමවතාවකම එයාල ෆේල් වුණා, ඔය ගැන ලියපු පරණ හෑල්ලක උපුටනයක් පල්ලෙහායින් දාන්නං,


මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරපු අපරදිග ජාතීන් කිහිපවතාවක්ම කන්ද උඩරට තමන්ගෙ සිතියමට ඈඳාගන්න ට්‍රයිකරනව. 


1594 දන්තුරේ සටන ඒකෙ මුල්ම උත්සාහය, එතනදි පෘතුගීසීන්ට අත්වෙන්නෙ අන්ත පරාජයක්, පරාජය අවසානයෙ පෘතුගීසීන් තමන් එක්ක එක්කගෙන ආව දෝන කතිරිනා කුමරිය උඩරට සේනාවන්ගෙ අත්අඩංගුවට පත්වෙනව,


දෙවැනි උත්සාහය 1602 බලන සටන, මැනුවෙල් ඩි සූසා කියන පෘතුගීසී සෙන්පතියා සෙංකඩගල අල්ලගන්න ඇවිල්ල ආයෙ පසුබසින අතරවාරයෙ බලන දුර්ගයෙදි සෙනරත් රජ්ජුරුවන්ගෙ පුතා වුණ මහාස්ථාන කුමාරයගෙ සේනාවන්ගෙන් සමූලඝාතනය වෙනව, පසුකාලීනව දෙවැනි රාජසිංහ නමින් රජවෙන්නෙ  මේ මහාස්ථාන කුමාරයා.


ඉන්පස්සෙ ආයෙ 1630දි කොන්ස්තන්තීනු ද සා ගෙ සේනාව කන්ද උඩරට ආක්‍රමණය කරනව, එයාල ඌවෙදි කන්ද උඩරට සේනාවන්ට කොටුවෙලා හොඳ සංග්‍රහයක් භුක්තිවිඳිනව, මුළු පෘතුගීසී සේනාවම සමූලඝාතනයට ලක්වෙනව,


පිරමීඩෙක හැඩේට පරංගි හිස් පිහිටුවන සිංහල සේනාව ද සා ගෙ හිස ගෙනත් රාසිං දෙයියො හෙවත් රාජසිංහ රජ්ජුරුවන්ගෙ දෙපාමුලින් තියනව, 


එතනදි දෙවැනි රාජසිංහ රජ්ජුරුවො ප්‍රකාශයක් කරනව,

"මා සමඟ යුධනොවදින ලෙසත් මගේ රාජ්‍යය විනාශනොකරන ලෙසත් සාමයෙන් වෙසෙන්නට මට ඉඩදෙන ලෙසත් මම ඔබට කොතෙක් නම් කන්නලව් කෙළෙම්ද ? මා එසේ ඉල්ලා සිටියේ ඔබ ලංකාවේ හොඳම කොටස අල්ලාගෙන සිටියදීය. ඔබගෙන් පසුව පැමිණෙන්නෝ ඔබගේම අඩිපාරේ යයි නම් මේ ඉරණම අත්කරගන්නා අන්තිමයා ඔබ නොවනු ඇත."


මේක එක්තරා විදිහක අනතුරු ඇඟවීමක්! 


නමුත් ඒක ගණන් නොගෙන රාජසිංහයන්ගේ සහ කන්ද උඩරැටියන්ගේ සටන්කාමීත්වය අවතක්සේරු කරල ඉන් අට වසරකට පස්සෙ 1638 අවුරුද්දෙ කන්ද උඩරටට කඩාවදින ජෙනරාල් දියොගු ද මේලෝ කැස්ට්‍රෝ ගන්නෝරුවෙදි රාජසිංහගෙ සේනාවන් අතින් හොඳම එකෙන් කනවා. මුළුමහත් පෘතුගීසී සේනාවම සසමූලඝාතනය වෙලා දෙව්මව් තුරුළට සැපත්වෙනව.


එතනින් පස්සෙ ආයෙ පෘතුගීසී කන්ද උඩරටට ඇඟිලිගහන්න එන්නෑ, ලන්දේසීන්ගෙ ආගමනයත් එක්ක ලංකාවෙ මුහුදුබඩ පෙදෙස්වල පෘතුගීසී ආධිපත්‍යය බිඳෙනව.


ලන්දේසි උඩරට අල්ලගන්න කිහිපවටාඅවක්ම ට්‍රයිකරත් එයාලට ඒක කරගන්න බැරිවෙනව, දෙවැනි රාජසිංහ රජ්ජුරුවන් අතින් පරාජය වෙන එයාල කන්ද උඩරට එක්ක තරමක ශේප් න්‍යායයක් අනුගමනය කරල සාමෙං ඉන්න බලනව තමංගෙ වැඩේ කරගෙන.


1796  ඓතිහාසික කිව් ලිපියෙන් සහ සටන් කීපෙකින් ඉංග්‍රීසීන් ලංකාවෙ මුහුදුබඩ ප්‍රදේශ තමන්ගෙ ආධිපත්‍යයට නතුකරගන්නව. මුල්ම ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වුණ ෆෙඩ්‍රික් නෝත් කන්ද උඩරට රාජධානියත් එක්ක වෙළඳ කටයුතුවලදි ඇතිවුණ ගැටුම් කිහිපයක් පදනම් කරගෙන 1803දි කන්ද උඩරට ආක්‍රමණය කරන්න තීරණය කරනව. 1803 ජනවාරි 31 කොළඹින් පිටත්වෙන මැක්ඩෝවල් ප්‍රමුඛ ඉංග්‍රීසි සේනාවන් අතරමඟදි මහලොකු ප්‍රතිරෝධයක් නැතුව සම්ප්‍රාප්ත වෙන්නෙ පාළුවට ගිය, රජමාලිගය ඇතුළුව හැමදේම ගිනිතබා විනාශකරල බිමට සමතලා කරපු සෙංකඩගල නගරයට. ඒ වෙනකොට සියලු වස්තුව සහ දන්තධාතූන්වහන්සේ අරගෙන ශ්‍රී වික්‍රමරාජසිංහ රජ්ජුරුවෝ ප්‍රමුඛ උඩරැටියන් සෙංකඩගල නගරයෙන් හඟුරන්කෙතට පලාගිහින්. මේක කිහිපවිටක්ම කන්ද උඩරට රජවරු පාවිච්චිකරපු යුධෝපක්‍රමයක්.

වැහි කාලෙ එළඹෙනව, ඒ එක්කම කැලෑඋණ (මැලේරියාව), බැරිබැරියාව වගේ ලෙඩරෝග කන්ද උඩරට වාඩිලාගෙන ඉන්න බ්‍රිතාන්‍ය සේනාවන් අතරෙ පැතිරෙන්න ගන්නව.ඒ අතරෙ කන්ද උඩරට සේනාවන් ටිකෙන් ටික ගේමට එන්ටර් වෙන්න ගන්නව, එයාල මුලින්ම මීගස්තැන්න අධිකාරම්ගෙ නායකත්වයෙන් ඉංග්‍රීසීන්ගෙ දඹදෙණි බලකොටුවට නොසිතූ ප්‍රහාරයක් එල්ලකරනව, 


බ්‍රිතාන්‍ය සේනාංක වැඩිවශයෙන් හුරුවෙලා උන්නෙ ඉන්දියාවෙ, ඊජිප්තුවෙ, බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල උණුහුම එක්ක කෙරුණ හටන්වලට, කන්ද උඩරට වගේ තෙත්, කඳුකර නිවර්තන කලාපීය හටන් එයාලට ආගන්තුකයි.


එක පැත්තකින් වැසි සමය ආරම්භවෙලා, අනිත් පැත්තෙන් කැලෑඋණ ඇතුළු ලෙඩරෝග පැතිරෙනව, තව පැත්තකින් උඩරට සේනාංක හැංගිලා ඇටෑක් කරන්න අරගෙන, තමන්ට අවශ්‍ය ආහාරපාන, වෙඩිබෙහෙත්, ඖෂධ වර්ග ඇතුළු සැපයුම් කන්ද උඩරටට ගේන්න තියෙන හැම මාර්ගයක්ම එක්කො 

වැස්ස නිසා ඇහිරිලා නැත්තං කන්ද උඩරැටියන් අහුරගෙන.


බ්‍රිතාන්‍යයන් වැටෙන්නෙ අන්ත අසරණ අඩියකට!


එයාලට ආයෙමත් කොළඹට පසුබසින්නැයි අණ කෙරුණත් ඒ වෙලාවෙ හැටියට ඒක ප්‍රායෝගික වුණේ නෑ,


ලෙඩරෝගවලින් බ්‍රිතාන්‍ය සෙබලු විශාල වශයෙන් මියයන්න ගන්නව, පොරවල් වගේ කන්ද උඩරට අල්ලගන්න ආව බ්‍රිතාන්‍යයො හෙන ඩෙස්පරේට් තත්වෙකට වැටෙනව,

මැක්ඩෝවල් සෙන්පති මේ ප්‍රශ්න පටන්ගන්න කලින්ම කොහොමහරි කන්ද උඩරටින් පිටත්වුණායින් පස්සෙ හැමදේම වැටෙන්නෙ මේජර් ඩේව්ගෙ කර මතට. 


ජුනි මාසෙ 24වැනිදා සුදුකොඩියක් ඉස්සර කරගෙන කන්ද උඩරට ප්‍රධානීන්ව මුණගැහෙන ඩේව් නෙගෝශියේට් කරන්න ගන්නව. එයාගෙ ඉල්ලීම් වෙන්නෙ නීරෝගී තත්වයෙන් ඉන්න සෙබළ පිරිස් සමඟ තමන්ට සහ තමන් එක්ක ආව මුත්තුසාමි කුමාරයට ආපහු ත්‍රිකුණාමලේට යන්න දෙන්නත් දැනට ගිලන් තත්වයෙ ඉන්න සෙබළුන් සුව අතට හැරුණායෙන් පස්සෙ එයාලට එන්න දෙන්න කියල. ඒකට පළවෙන එකඟතාව මත ඒ පිරිස වටපුලුවාවට ළඟාවෙනව බෝට්ටුවලින් මහවැලි ගඟෙන් එතෙරවෙන අභිලාශයෙන්, නමුත් එයාලට එහෙම ලේසියෙන් පිටවෙලා යන්න කන්ද උඩරැටියන් ඉඩදෙන්නෑ. මුත්තුසාමි ප්‍රමුඛ නායක්කර්වරුන් උඩරැටියන්ගෙ අත්අඩංගුවට පත්වෙලා හිස්ගැසුම් කනව, ඒ අතරෙ කන්ද උඩරටට කඩාවදින උඩරට සේනාවන් එහේ උන්නු සෙබළුන්ව සමූලඝාතනය කරනවා. කන්ද උඩරටට එන බ්‍රිතාන්‍ය සේනාවෙන් අති විශාල ප්‍රමාණයක් මියයයනව, තවත් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට පත්වෙනව, ෆෙඩ්‍රික් නෝත්ගෙ කන්ද උඩරට ආක්‍රමණය අන්ත පරාජයකින් කෙළවර වෙනව. 


අවි බිම තියල යටත්වෙන මේජර් ඩේව් කන්ද උඩරට සිරකරුවෙක් විදිහට දශකයකට ආසන්න කාලයක් ගෙවපු බව ඉතිහාසෙ සඳහන්වෙනව,


ඒ සා දියුණු අවිආයුධ තියාගෙන, ඒ සා විශාල සුවිශාල සේනා බලයක් තියාගෙන එකල ලෝකෙ උන්නු බලගතුම අපරදිග ජාතීන් ත්‍රිත්වයකටම කන්ද උඩරැටියන් යුධමය වශයෙන් පරාජය කරන්න බැරිවුණා, ඒ හැම උත්සාහයක්ම ගඟට කැපූ ඉනි සේ ව්‍යර්ථව ගියා, 


මේ එක්ක බ්‍රිතාන්‍යයන් තේරුම්ගන්නව කන්ද උඩරට කියන්නෙ තමන්ට කවමදාවත් යුද්ධයකින් යටත්කරගන්න පුළුවන් රාජ්‍යයක් නොවන විත්තිය. එයාල වෙන මඟක් හොයන්න ගන්නව, 


ජෝන් ඩොයිලි කියන මහමොළකාරය ලංකාවට එන්නෙ ඒකෙ ප්‍රතිඵලයක් විදිහට, 


The rest is history ! 


ජෝන් ඩොයිලිගෙ උපායයන්, රදළයින්ගේ අසමගිය, ශ්‍රී වික්‍රමරාජසිංහ රජ්ජුරුවන් ගැන පැතිරුණ බොරු ප්‍රචාරයන් නිසා රජ්ජුරුවන් ගැන ඇතිවුණ ජන අප්‍රසාදය වගේ කරුණු කාරණාවන් නිසා අවසානෙ කන්ද උඩරට 1815දි බ්‍රිතාන්‍ය කිරීටයට යටත්වෙලා ඒ එක්කම සමස්ත ලංකාවම බ්‍රිතාන්‍ය යටත්විජිතයක් බවට පත්වෙනව, 


නුවර අයම ස්වකැමැත්තෙන් වෙනත් රාජධානියකට යටත්වුණා නම් ඒ කරලියැද්දේ බණ්ඩාරගෙ කාලෙ සීතාවක රාජසිංහ රජ්ජුරුවන්ගෙ ආක්‍රමණයට සපෝට් කරපු එක විතරයි, එතැනදි පේරාදෙණියෙ වීරසුන්දර බණ්ඩාර කියන ප්‍රාදේශීය පාලකයා තමයි නුවර අයගෙන් ඒ වැඩේට මූලිකත්වය ගන්නෙ, අවසානෙ ඒ දක්වපු සපෝට් එකට තෑග්ගක් විදිහට සීතාවක රාජසිංහයන් එයාව කන්ද උඩරට සාමන්තයා බවට පත්කරනවා,  

ඕන්නෝකයි සීන්නෙක! 


මේක කියවපු නුවර පීප්ල්ස් 


"තාමත් අපි වැරදිද ?" 😒

.

~ ✍️| විකුම්...

.

.

.

📷 - ප්‍රසන්න වීරක්කොඩි මහත්තයගෙ 'දන්තුරේ සටන' චිත්‍රෙ.

.

.

#දෙන්නඅඹේරජාඅරෙහෙ

සම්බන්ධිත පුවත් | Related News

මහ බස් මාදිලියක (මබමාවක, Large Language Model, LLM) හැකියාව මෙන්න මේකයි කියලා නිශ්චිත කරලා කියන්න බෑ. මබමාවන්ගේ හැකියාව සන්දර්භය අනුව වෙනස්වෙනවා.
ප්‍රවෘත්ති බලද්දි දවසගානේ මේ වචන ඇහෙද්දි, මේ කියන්නේ ඇත්තටම මොකක් ගැනද කියලා ඔයා කවදාහරි හිතලා තියෙනවද? නම දන්නවා වුණාට, මේ ආයතන හැදුණේ කොහොමද, මේවායේ ඇතුළාන්තය මොකක්ද කියලා දන්නේ අපි අතරින් ඉතාම සුළු පිරිසක් විතරයි.
නවීන විද්‍යාත්මක දැනුම වනාහි හුදු එක් ශිෂ්ටාචාරයක නිර්මාණයක් නොවන බව නූතන ලෝකය සාමාන්‍යයෙන් පිළිගන්නා කාරණයකි. එසේ වුවද නවීන විද්‍යාව යනු හුදු බටහිර ලෝකයේ පමණක් උපත ලැබූ දැනුම් සමුදායක් බව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තවමත් විශ්වාස කරති. ඒ මතය අදටත් වඩා ලෝකය පුරා ජනප්‍රියව පැවති කාලයක ඒ මතයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ එක්තරා සුවිශේෂී විද්වතෙක් බටහිර ලෝකයෙන්ම බිහිවිය. ඒ අදින් අවුරුදු 126කට පෙර බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර උපත ලැබූ ජෝශප් නීඩ්හැම් (Joseph Needham) නමැති ජීව රසායන විද්‍යාඥයාය.
ශ්‍රී ලංකාවේ බිත්තර පරිභෝජනය අඩුවීම මන්දපෝෂණයට හේතු වී ඇත.
සංචාරක නියෝජ්‍ය ඇමති 'මහාචාර්ය' රුවන් රණසිංහ දෙවෙනි වතාවටත් ආතල් එකක් දුන්නා.
“හරක් කටා” නැමැත්තාගේ රැඳවුම් නියෝග ඉවත්කර සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ 1200 ක (කෝටි 12 ක) අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින නීතීඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ ශ්‍රී චතුරංග යන තිදෙනා ඊයේ (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
වත්මන් ආණ්ඩුව විසින් පසුගිය කාලයේ දී විවෘත කළ අලවල සංචාරක මධ්‍යස්ථානය මේ වන විට වල් බිහිවී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප රැසක් පසුගිය කාලයේ සමාජ මාධ්‍ය හරහා සංසරණය විය.
පසුගිය 14 වෙනිදා සුරේෂ් සලේ තමන් PTA යටතේ රදවා ගෙන සිටීමට එරෙහිව අධිකරණයට ඉදිරිපති කරන ලද රීට් පෙත්සමට අදාලව කරුණු දැක්වීම කරනු ලැබුවා.
කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා ලෙස ගෞරවයට පාත්‍ර වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (14) පස්වරුවේ කටාර් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබිණි.

ප්‍රධාන පුවත්

ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වුවහොත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..

පුරාවිද්‍ය දෙපාර්තමෙිින්තුවෙහි වසර 20 පුරාවට පැවති සහකාර අධ්‍යක්ෂක තනතුරු පුරප්පාඩු කඩිමුඩියේ අසාධාරණ ලෙස පිරවිම දරණ උත්සාහය සමාජයට හෙලිදරව් වීම සහ චානක්‍ය .. සුමන්තිරන්ගෙ රහසිගත හමුව හෙලිදරවිි වීම සෙනරත් වික්‍රමසිංහගේ වියරුවට හේතු වි ඇති බව lankaleader වෙත වාර්තා වේ.

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.