News Category
From Date
To Date
Maximum Number of Result

නිදහස ලැබිල තියෙන්නෙත් එහෙනං ඒ විදියට....!

Feb 5, 2025 at 01:22 PM
|

අනුන්ගේ කතාවලට කන්දීම ශිෂ්ඨසම්පන්න නොවන බව ඉඳුරාම දැන දැනත් මීට කළකට ඉහත දී මා එවැනි අශිෂ්ඨ වැඩක් කෙරුවෙමි. ඒ දෙදෙනෙකු අතර සිදුවූ කතාබහකට අනවසරයෙන් කන් දීමයි. කතාබහ රසවත් නිසාම ඒ වැඩේ ශිෂ්ට හෝ අශිෂ්ට බව ගැන තැකීමට මට අවශ්‍ය නොවුණි. මේ දෙදෙනාගෙන් එක් අයෙකු නම් ‘රාවය’ පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ, මෑතකදී අපෙන් සමුගත් වික්ටර් අයිවන් ය. අනෙක් පුද්ගලයා මගේ ගුරුවරයා ද  වූ ‘අරුණ’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම ය.

අලුත් ආණ්ඩුවක් යටතේ 77 වන නිදහස් සැමරුමට රට ලහි ලහියේ සූදානම් වෙද්දී මා පෙර කී කතාබහෙන් අහුලා ගත් තොරතුරු කිහිපයක් මෙහි සටහන් කරන්නට සිත් විය.

එදා වික්ටර් අයිවන් දැඩි විශ්වාසයකින් යුතුව කියාසිටියේ නිදහස දිනාගැනීමේ සටනට නායකත්වය දුන් කාන්තා චරිතයක් ලංකා ඉතිහාසයට නැති බවය. නමුත් ඔහු විසින් රචිත ‘ජාතියක ඛේදවාචකය’ නම් ග්‍රන්ථයේ, එවැනි අප්‍රකට කාන්තා චරිතයක් පිළිබඳව සඳහනක් තිබූ බව සිහි වී මා නැවතත් ඒ පොත සොයා කියවීමි.

බැලින්නම් අනුමානය හරිය. ලංකාවට නිදහස ලබාදීම සඳහා වන ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදනය කිරීමට 1944දී මෙරටට පැමිණි සෝල්බරි සාමිවරයාගේ ලේකම්වරිය වූ ෆීලිස් මිලර්, අපිට නිදහස ලබා දීම වෙනුවෙන් සුවිශාල රාජකාරියක් ඉටු කොට තිබිණි. ඒ හරි අපූරු ක්‍රමයකටය.

ඒ සුද්දන්ගෙන් රට නිදහස් කරගෙන, රාජ්‍ය බලය නැවතත් සියතට ගැනීමට ඩී.එස්.සේනානායක සැලසුම් කරමින් සිටි යුගයයි. ඒ සැලසුම ක්‍රියාත්මක කිරීමට ඩී.එස්ගේ දකුණු අත මෙන් තවත් පුද්ගලයෙක් සිටියේය. ඒ සර් ඔලිවර් ගුණතිලකයි. ඩී.එස්. එවකට ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිය. සර් ඔලිවර් ගුණතිලක මහජන ආරක්ෂා කොමසාරිස්ය. සර් නම්බු නාමයද ලබා සිටි ඔලිවර් ඒ වනවිට බ්‍රිතාන්‍ය රජයේ හිතවතෙක්ද වී සිටියේය. එබැවින් 1944 දෙසැම්බර් 22, සෝල්බරි ප්‍රමුඛ කොමිසමේ නියෝජිතයන් ලංකාවට ආ දා, ඔවුන්ගේ දිවා භෝජනය සූදානම් වූයේ ඔලිවර්ගේ නිවසේ ය.

කටයුතු එසේ සිද්ද වෙද්දී අප්‍රකටව හිඳ ඒවායේ සියලු බරපැන දැරුවේ ඩී.එස් ය. මේ දෙපළටම අවශ්‍ය වූයේ සෝල්බරි කොමිසමේ නියෝජිතයන් සමග දුර ගිය ඇයිහොඳැයියක් පැවැත්වීමටයි. එම නිසා පළමු දිවා භෝජන සංග්‍රහයෙන් දින කිහිපයකට පසු ඩී.එස් ගේ උපදෙස් පරිදි ඔලිවර්, සෝල්බරි සාමාජිකයන් වෙනුවෙන් කොළඹ ගෝල්ෆේස් හෝටලයේ තවත් රාත්‍රී සාදයක් සූදානම් කළේය. වියපත් සෝල්බරි සාමිගේ ලේකම්වරිය වූ ෆීලිස් මිලර්ද එම සාදයට සහභාගි විය. ඒ වනවිටත් ඩී.එස්. ගේ පිටපතට අනුව ඔලිවර් අධ්‍යක්ෂණය කරන නාටකයක තමා රඟ දක්වමින් සිටින බව නොදත් සෝල්බරි සාමිගේ ලේකම්වරියට එදින රාත්‍රි යේ ඔලිවර්ගෙන් ප්‍රේම ආරාධනාවක් ලැබුණේය. නාටකය කොතරම් තාත්විකද කිවහොත් ඇයට, එම ප්‍රේම ඇරයුම ප්‍රතික්ෂේප කිරීමට නොහැකි විය. ඔලිවර් සහ මිලර් අතර ඇතිවූ එම ඓතිහාසික ප්‍රේම වෘතාන්තය ඉතා රෝමාන්තික ලෙස ගලාගෙන යද්දී, දෙපාර්ශවයේම මැදිහත්වීමෙන් සෝල්බරි ප්‍රතිසංස්කරණයට අදාළ කෙටුම්පත් සම්පාදනය වෙමින් තිබිණි.

ඩී.එස්ගේ පාර්ශවයෙන් සකස් කළ වාර්තාව කෙටුම්පත් කළේ එවකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපතිව සිටි සර් අයිවර් ජෙනින්ග්ස්ය. සෝල්බරිගේ පාර්ශවයේ ලියවිල්ල කෙටුම්පත් කිරීම පැවරී තිබුණේ ඔලිවර්ගේ පෙම්වතිය, ෆීලිස් මිලර්ටය. එමනිසා සෝල්බරි විසින් කෙටුම්පත් කරන ලියවිල්ලේ අඩංගු කරුණු කාරණා සියල්ල කාටත් කලින් ලැබුණේ ඔලිවර්ගේ අතටය.

ඒ අනුව දිනාගැනීමට බලාපොරොත්තු වූ නිදහස හෝ අත්පත්කරගැනීමට අපේක්ෂා කළ රාජ්‍ය බලයට පටහැනි යමක් සෝල්බරි විසින් සකසන ලියවිල්ලේ අඩංගු වුවහොත් ඩී.එස්. සහ ඔලිවර්ට කලින්ම එය දැනගත හැකි විය. ඊළඟට සියල්ල දිව්‍ය ඥාණයකින් දැනගත්තාක් මෙන් හැසිරෙන ඩී.එස්, වහාම සෝල්බරි සමග සාකච්ඡා කොට කෙටුම්පත තම සිතැඟි පරිදි සකස් කර ගත්තේය. ඒ සඳහා සෝල්බරිට බලපෑම් කෙරුණේද මේ ලේකම්වරිය හරහාය.

සියල්ල ඉතා සූක්ෂම ලෙස සිදුවෙමින් තිබියදී ඒ කිසිවක් නොදැන සිටි සෝල්බරි සාමිගේ සිතට වදදුන් තවත් කාරණාවක් පිළිබඳව මිලර් මාර්ගයෙන් ඔලිවර්ට දැනගන්නට ලැබුණේය. ඒ, ලාංකිකයන් ඉල්ලා සිටින නිදහස ලබා දුන්නත් රට පාලනය කිරීමට තරම් උගත්කමක් ඇති පිරිසක් දේශීයයන් අතර සිටීද යන කාරණාවය. සෝල්බරි ගේ මේ සැකය දුරු කරන්නට ඔලිවර් එවලේම තවත් උපක්‍රමයක් යෙදුවේය.

ඒ සෝල්බරි ප්‍රමුඛ කොමිසමේ නියෝජිතයන් සමග උඩරට සංචාරයක් සංවිධානය කිරීමයි. ඔලිවර් ප්‍රමුඛ සෝල්බරි කොමිසමේ සාමාජිකයන් නුවර යන දිනය එළැඹුණේය. ඒ වනවිටත් ඉතා හොඳින් ඉංග්‍රීසි භාෂාව හසුරුවන රාජ්‍ය සේවකයින් කිහිපදෙනෙකුට අමුඩ අන්දවා මාවනැල්ල ප්‍රදේශයේ කුඹුරක මඩේ බැස්සවීමට ඔලිවර් කටයුතු යොදා තිබුණි.

කුඹුරු වැඩ කරන ගොවියන් පවා ඉංගිරිසි කතා කරන, උගතුන් බව සොල්බරිට පෙන්වීමට ඔලිවර්ට අවශ්‍ය විය. ඒ අනුව අහම්බෙන් දුටු ගොවීන් පිරිසක් පෙන්වන්නාක් මෙන් තමාම අමුඩ අන්දවා කුඹුරට බැස්සවූ පිරිස පෙන්වා ඔවුන් සමග කතාබස් කොට යමු යැයි ඔහු මාවනැල්ලේදී සෝල්බරි සාමිට යෝජනා කළේය. එවෙලෙහි පිරිස ගමන්ගත් කාර් රථය අසලට ආ මඩ තැවරුණු අමුඩ හැඳගත් ගොවියෝ සාමිවරයා සමග ව්‍යක්ත ඉංග්‍රීසි බසින් කතා කළහ. කුඹුරු කොටන ගොවින්ට පවා එතරම් ඉහළ සාක්ෂරතාවයක් පවතින විට, තවදුරටත් සැකසංකා තබාගැනීම ඵලක් නැති බව සෝල්බරි සිතුවේය.

ෆීලිස් මිලර්ගේ සහයෝගය ඇතිව ඩී.එස්.සේනානායක සහ ඔලිවර් ගුණතිලකගේ නිදහස් මෙහෙයුමේ අමාරුම වැඩ කොටස ඒ වනවිට සිදුකෙරී අවසන්ය. දැන් ඇත්තේ මේ ව්‍යවස්ථා කෙටුම්පත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සම්මත කරගැනීමේ භාරදූර රාජකාරියයි. එම කාර්යය වෙනුවෙන් සෝල්බරි කොමිසමේ අනෙක් සාමාජිකයන්ට මෙන්ම ෆීලිස් මිලර්ටද නැවත සිය මව්රට වූ බ්‍රිතාන්‍ය බලා යාමට සිදුවිය. ඒ මොහොතේ තම කූඨ සැලසුමේ අවසන් අදියර සාර්ථක කරගැනීමට මාන බලමින් සිටි ඔලිවර් ගුණතිලකද ඩී.එස්. සේනානායක සමග බ්‍රිතාන්‍යය බලා ගියේය.

මේ අතරතුර අයිවර් ජෙනින්ග්ස් විසින් සකස් කළ කෙටුම්පත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සම්මත කරගැනීමට පෙර, මිලර් ලවා සෝල්බරීට බලපෑම් කර අවසන් වගන්ති කිහිපයකුත් එක්කරගැනීමට ඔලිවර් සමත් විය.

අපි ඉල්ලූ සම්පූර්ණ නිදහස 1948 පෙබරවාරි 4 වැනි දින අපිට ලැබුණේ ඒ අයුරිනි. ඇතැම්විට ප්‍රේමයේ නාමයෙන් ෆීලිස් මිලර් එම කටයුත්ත වෙනුවෙන් මැදිහත් නොවන්නට ඩී.එස්. බලාපොරොත්තු වූ නිදහස එලෙසින්ම නොලැබෙන්නටද ඉඩ තිබුණි.

වරක් එම පනත් කෙටුම්පත මෙරට රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී සම්මත කරගත් මොහොත පිළිබඳව ඔලිවර් ගුණතිලක සිය දිනපොතේ මෙසේ හරි අපූරු සටහනක් තබා ඇත.

‘‘වර්ෂ 1945 නොවැම්බර් මස 9 වැනිදා සවස 6.40ට ඒ ඓතිහාසික විවාදය රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී අවසන් විය. අපේ කුඩා දිවයිනේ පොහොසත් දුප්පත් කවුරුත් පහන් පත්තු කරන්නේ මේ වෙලාවටය. පොහොසත් අය විදුලි ලාම්පු පත්තු කරන අතර පැල්පත්වල අය භූමිතෙල් හෝ පොල්තෙල් ලාම්පු පත්තු කරති. මුළු රටම පහන් දල්වන වෙලාවේ ජාතියේ පහන දැල්වීම එදා රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ආරම්භ විය. මගේ ජීවිතයේ මෙතරම් සතුටක් ගෙනදුන් දිනයක් මට මතක නැත.’’

ඉන්පසු වසර 25ක් පැවති ප්‍රේම සම්බන්ධයේ ප්‍රතිඵලයක් ලෙස සර් ඔලිවර් ගුණතිලක, ෆීලිස් මිලර් විවාහ කරගත්තේය. ඒ 1968 පෙබරවාරි මස 8 වැනිදාය. ඒ වනවිටත් 76 වන වියෙහි පසුවූ සර් ඔලිවර්ගේ දෙවන විවාහය එය විය.


සටහනේ  කර්තෘ  හිමිකම - සුරංගා සමරනායක

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.