News Category
From Date
To Date
Maximum Number of Result

නිදහස ලැබිල තියෙන්නෙත් එහෙනං ඒ විදියට....!

Feb 5, 2025 at 01:22 PM
|

අනුන්ගේ කතාවලට කන්දීම ශිෂ්ඨසම්පන්න නොවන බව ඉඳුරාම දැන දැනත් මීට කළකට ඉහත දී මා එවැනි අශිෂ්ඨ වැඩක් කෙරුවෙමි. ඒ දෙදෙනෙකු අතර සිදුවූ කතාබහකට අනවසරයෙන් කන් දීමයි. කතාබහ රසවත් නිසාම ඒ වැඩේ ශිෂ්ට හෝ අශිෂ්ට බව ගැන තැකීමට මට අවශ්‍ය නොවුණි. මේ දෙදෙනාගෙන් එක් අයෙකු නම් ‘රාවය’ පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ, මෑතකදී අපෙන් සමුගත් වික්ටර් අයිවන් ය. අනෙක් පුද්ගලයා මගේ ගුරුවරයා ද  වූ ‘අරුණ’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම ය.

අලුත් ආණ්ඩුවක් යටතේ 77 වන නිදහස් සැමරුමට රට ලහි ලහියේ සූදානම් වෙද්දී මා පෙර කී කතාබහෙන් අහුලා ගත් තොරතුරු කිහිපයක් මෙහි සටහන් කරන්නට සිත් විය.

එදා වික්ටර් අයිවන් දැඩි විශ්වාසයකින් යුතුව කියාසිටියේ නිදහස දිනාගැනීමේ සටනට නායකත්වය දුන් කාන්තා චරිතයක් ලංකා ඉතිහාසයට නැති බවය. නමුත් ඔහු විසින් රචිත ‘ජාතියක ඛේදවාචකය’ නම් ග්‍රන්ථයේ, එවැනි අප්‍රකට කාන්තා චරිතයක් පිළිබඳව සඳහනක් තිබූ බව සිහි වී මා නැවතත් ඒ පොත සොයා කියවීමි.

බැලින්නම් අනුමානය හරිය. ලංකාවට නිදහස ලබාදීම සඳහා වන ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදනය කිරීමට 1944දී මෙරටට පැමිණි සෝල්බරි සාමිවරයාගේ ලේකම්වරිය වූ ෆීලිස් මිලර්, අපිට නිදහස ලබා දීම වෙනුවෙන් සුවිශාල රාජකාරියක් ඉටු කොට තිබිණි. ඒ හරි අපූරු ක්‍රමයකටය.

ඒ සුද්දන්ගෙන් රට නිදහස් කරගෙන, රාජ්‍ය බලය නැවතත් සියතට ගැනීමට ඩී.එස්.සේනානායක සැලසුම් කරමින් සිටි යුගයයි. ඒ සැලසුම ක්‍රියාත්මක කිරීමට ඩී.එස්ගේ දකුණු අත මෙන් තවත් පුද්ගලයෙක් සිටියේය. ඒ සර් ඔලිවර් ගුණතිලකයි. ඩී.එස්. එවකට ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිය. සර් ඔලිවර් ගුණතිලක මහජන ආරක්ෂා කොමසාරිස්ය. සර් නම්බු නාමයද ලබා සිටි ඔලිවර් ඒ වනවිට බ්‍රිතාන්‍ය රජයේ හිතවතෙක්ද වී සිටියේය. එබැවින් 1944 දෙසැම්බර් 22, සෝල්බරි ප්‍රමුඛ කොමිසමේ නියෝජිතයන් ලංකාවට ආ දා, ඔවුන්ගේ දිවා භෝජනය සූදානම් වූයේ ඔලිවර්ගේ නිවසේ ය.

කටයුතු එසේ සිද්ද වෙද්දී අප්‍රකටව හිඳ ඒවායේ සියලු බරපැන දැරුවේ ඩී.එස් ය. මේ දෙපළටම අවශ්‍ය වූයේ සෝල්බරි කොමිසමේ නියෝජිතයන් සමග දුර ගිය ඇයිහොඳැයියක් පැවැත්වීමටයි. එම නිසා පළමු දිවා භෝජන සංග්‍රහයෙන් දින කිහිපයකට පසු ඩී.එස් ගේ උපදෙස් පරිදි ඔලිවර්, සෝල්බරි සාමාජිකයන් වෙනුවෙන් කොළඹ ගෝල්ෆේස් හෝටලයේ තවත් රාත්‍රී සාදයක් සූදානම් කළේය. වියපත් සෝල්බරි සාමිගේ ලේකම්වරිය වූ ෆීලිස් මිලර්ද එම සාදයට සහභාගි විය. ඒ වනවිටත් ඩී.එස්. ගේ පිටපතට අනුව ඔලිවර් අධ්‍යක්ෂණය කරන නාටකයක තමා රඟ දක්වමින් සිටින බව නොදත් සෝල්බරි සාමිගේ ලේකම්වරියට එදින රාත්‍රි යේ ඔලිවර්ගෙන් ප්‍රේම ආරාධනාවක් ලැබුණේය. නාටකය කොතරම් තාත්විකද කිවහොත් ඇයට, එම ප්‍රේම ඇරයුම ප්‍රතික්ෂේප කිරීමට නොහැකි විය. ඔලිවර් සහ මිලර් අතර ඇතිවූ එම ඓතිහාසික ප්‍රේම වෘතාන්තය ඉතා රෝමාන්තික ලෙස ගලාගෙන යද්දී, දෙපාර්ශවයේම මැදිහත්වීමෙන් සෝල්බරි ප්‍රතිසංස්කරණයට අදාළ කෙටුම්පත් සම්පාදනය වෙමින් තිබිණි.

ඩී.එස්ගේ පාර්ශවයෙන් සකස් කළ වාර්තාව කෙටුම්පත් කළේ එවකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපතිව සිටි සර් අයිවර් ජෙනින්ග්ස්ය. සෝල්බරිගේ පාර්ශවයේ ලියවිල්ල කෙටුම්පත් කිරීම පැවරී තිබුණේ ඔලිවර්ගේ පෙම්වතිය, ෆීලිස් මිලර්ටය. එමනිසා සෝල්බරි විසින් කෙටුම්පත් කරන ලියවිල්ලේ අඩංගු කරුණු කාරණා සියල්ල කාටත් කලින් ලැබුණේ ඔලිවර්ගේ අතටය.

ඒ අනුව දිනාගැනීමට බලාපොරොත්තු වූ නිදහස හෝ අත්පත්කරගැනීමට අපේක්ෂා කළ රාජ්‍ය බලයට පටහැනි යමක් සෝල්බරි විසින් සකසන ලියවිල්ලේ අඩංගු වුවහොත් ඩී.එස්. සහ ඔලිවර්ට කලින්ම එය දැනගත හැකි විය. ඊළඟට සියල්ල දිව්‍ය ඥාණයකින් දැනගත්තාක් මෙන් හැසිරෙන ඩී.එස්, වහාම සෝල්බරි සමග සාකච්ඡා කොට කෙටුම්පත තම සිතැඟි පරිදි සකස් කර ගත්තේය. ඒ සඳහා සෝල්බරිට බලපෑම් කෙරුණේද මේ ලේකම්වරිය හරහාය.

සියල්ල ඉතා සූක්ෂම ලෙස සිදුවෙමින් තිබියදී ඒ කිසිවක් නොදැන සිටි සෝල්බරි සාමිගේ සිතට වදදුන් තවත් කාරණාවක් පිළිබඳව මිලර් මාර්ගයෙන් ඔලිවර්ට දැනගන්නට ලැබුණේය. ඒ, ලාංකිකයන් ඉල්ලා සිටින නිදහස ලබා දුන්නත් රට පාලනය කිරීමට තරම් උගත්කමක් ඇති පිරිසක් දේශීයයන් අතර සිටීද යන කාරණාවය. සෝල්බරි ගේ මේ සැකය දුරු කරන්නට ඔලිවර් එවලේම තවත් උපක්‍රමයක් යෙදුවේය.

ඒ සෝල්බරි ප්‍රමුඛ කොමිසමේ නියෝජිතයන් සමග උඩරට සංචාරයක් සංවිධානය කිරීමයි. ඔලිවර් ප්‍රමුඛ සෝල්බරි කොමිසමේ සාමාජිකයන් නුවර යන දිනය එළැඹුණේය. ඒ වනවිටත් ඉතා හොඳින් ඉංග්‍රීසි භාෂාව හසුරුවන රාජ්‍ය සේවකයින් කිහිපදෙනෙකුට අමුඩ අන්දවා මාවනැල්ල ප්‍රදේශයේ කුඹුරක මඩේ බැස්සවීමට ඔලිවර් කටයුතු යොදා තිබුණි.

කුඹුරු වැඩ කරන ගොවියන් පවා ඉංගිරිසි කතා කරන, උගතුන් බව සොල්බරිට පෙන්වීමට ඔලිවර්ට අවශ්‍ය විය. ඒ අනුව අහම්බෙන් දුටු ගොවීන් පිරිසක් පෙන්වන්නාක් මෙන් තමාම අමුඩ අන්දවා කුඹුරට බැස්සවූ පිරිස පෙන්වා ඔවුන් සමග කතාබස් කොට යමු යැයි ඔහු මාවනැල්ලේදී සෝල්බරි සාමිට යෝජනා කළේය. එවෙලෙහි පිරිස ගමන්ගත් කාර් රථය අසලට ආ මඩ තැවරුණු අමුඩ හැඳගත් ගොවියෝ සාමිවරයා සමග ව්‍යක්ත ඉංග්‍රීසි බසින් කතා කළහ. කුඹුරු කොටන ගොවින්ට පවා එතරම් ඉහළ සාක්ෂරතාවයක් පවතින විට, තවදුරටත් සැකසංකා තබාගැනීම ඵලක් නැති බව සෝල්බරි සිතුවේය.

ෆීලිස් මිලර්ගේ සහයෝගය ඇතිව ඩී.එස්.සේනානායක සහ ඔලිවර් ගුණතිලකගේ නිදහස් මෙහෙයුමේ අමාරුම වැඩ කොටස ඒ වනවිට සිදුකෙරී අවසන්ය. දැන් ඇත්තේ මේ ව්‍යවස්ථා කෙටුම්පත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සම්මත කරගැනීමේ භාරදූර රාජකාරියයි. එම කාර්යය වෙනුවෙන් සෝල්බරි කොමිසමේ අනෙක් සාමාජිකයන්ට මෙන්ම ෆීලිස් මිලර්ටද නැවත සිය මව්රට වූ බ්‍රිතාන්‍ය බලා යාමට සිදුවිය. ඒ මොහොතේ තම කූඨ සැලසුමේ අවසන් අදියර සාර්ථක කරගැනීමට මාන බලමින් සිටි ඔලිවර් ගුණතිලකද ඩී.එස්. සේනානායක සමග බ්‍රිතාන්‍යය බලා ගියේය.

මේ අතරතුර අයිවර් ජෙනින්ග්ස් විසින් සකස් කළ කෙටුම්පත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සම්මත කරගැනීමට පෙර, මිලර් ලවා සෝල්බරීට බලපෑම් කර අවසන් වගන්ති කිහිපයකුත් එක්කරගැනීමට ඔලිවර් සමත් විය.

අපි ඉල්ලූ සම්පූර්ණ නිදහස 1948 පෙබරවාරි 4 වැනි දින අපිට ලැබුණේ ඒ අයුරිනි. ඇතැම්විට ප්‍රේමයේ නාමයෙන් ෆීලිස් මිලර් එම කටයුත්ත වෙනුවෙන් මැදිහත් නොවන්නට ඩී.එස්. බලාපොරොත්තු වූ නිදහස එලෙසින්ම නොලැබෙන්නටද ඉඩ තිබුණි.

වරක් එම පනත් කෙටුම්පත මෙරට රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී සම්මත කරගත් මොහොත පිළිබඳව ඔලිවර් ගුණතිලක සිය දිනපොතේ මෙසේ හරි අපූරු සටහනක් තබා ඇත.

‘‘වර්ෂ 1945 නොවැම්බර් මස 9 වැනිදා සවස 6.40ට ඒ ඓතිහාසික විවාදය රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී අවසන් විය. අපේ කුඩා දිවයිනේ පොහොසත් දුප්පත් කවුරුත් පහන් පත්තු කරන්නේ මේ වෙලාවටය. පොහොසත් අය විදුලි ලාම්පු පත්තු කරන අතර පැල්පත්වල අය භූමිතෙල් හෝ පොල්තෙල් ලාම්පු පත්තු කරති. මුළු රටම පහන් දල්වන වෙලාවේ ජාතියේ පහන දැල්වීම එදා රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ආරම්භ විය. මගේ ජීවිතයේ මෙතරම් සතුටක් ගෙනදුන් දිනයක් මට මතක නැත.’’

ඉන්පසු වසර 25ක් පැවති ප්‍රේම සම්බන්ධයේ ප්‍රතිඵලයක් ලෙස සර් ඔලිවර් ගුණතිලක, ෆීලිස් මිලර් විවාහ කරගත්තේය. ඒ 1968 පෙබරවාරි මස 8 වැනිදාය. ඒ වනවිටත් 76 වන වියෙහි පසුවූ සර් ඔලිවර්ගේ දෙවන විවාහය එය විය.


සටහනේ  කර්තෘ  හිමිකම - සුරංගා සමරනායක

සම්බන්ධිත පුවත් | Related News

මහ බස් මාදිලියක (මබමාවක, Large Language Model, LLM) හැකියාව මෙන්න මේකයි කියලා නිශ්චිත කරලා කියන්න බෑ. මබමාවන්ගේ හැකියාව සන්දර්භය අනුව වෙනස්වෙනවා.
ප්‍රවෘත්ති බලද්දි දවසගානේ මේ වචන ඇහෙද්දි, මේ කියන්නේ ඇත්තටම මොකක් ගැනද කියලා ඔයා කවදාහරි හිතලා තියෙනවද? නම දන්නවා වුණාට, මේ ආයතන හැදුණේ කොහොමද, මේවායේ ඇතුළාන්තය මොකක්ද කියලා දන්නේ අපි අතරින් ඉතාම සුළු පිරිසක් විතරයි.
නවීන විද්‍යාත්මක දැනුම වනාහි හුදු එක් ශිෂ්ටාචාරයක නිර්මාණයක් නොවන බව නූතන ලෝකය සාමාන්‍යයෙන් පිළිගන්නා කාරණයකි. එසේ වුවද නවීන විද්‍යාව යනු හුදු බටහිර ලෝකයේ පමණක් උපත ලැබූ දැනුම් සමුදායක් බව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තවමත් විශ්වාස කරති. ඒ මතය අදටත් වඩා ලෝකය පුරා ජනප්‍රියව පැවති කාලයක ඒ මතයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ එක්තරා සුවිශේෂී විද්වතෙක් බටහිර ලෝකයෙන්ම බිහිවිය. ඒ අදින් අවුරුදු 126කට පෙර බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර උපත ලැබූ ජෝශප් නීඩ්හැම් (Joseph Needham) නමැති ජීව රසායන විද්‍යාඥයාය.
ශ්‍රී ලංකාවේ බිත්තර පරිභෝජනය අඩුවීම මන්දපෝෂණයට හේතු වී ඇත.
සංචාරක නියෝජ්‍ය ඇමති 'මහාචාර්ය' රුවන් රණසිංහ දෙවෙනි වතාවටත් ආතල් එකක් දුන්නා.
“හරක් කටා” නැමැත්තාගේ රැඳවුම් නියෝග ඉවත්කර සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ 1200 ක (කෝටි 12 ක) අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින නීතීඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ ශ්‍රී චතුරංග යන තිදෙනා ඊයේ (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
වත්මන් ආණ්ඩුව විසින් පසුගිය කාලයේ දී විවෘත කළ අලවල සංචාරක මධ්‍යස්ථානය මේ වන විට වල් බිහිවී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප රැසක් පසුගිය කාලයේ සමාජ මාධ්‍ය හරහා සංසරණය විය.
පසුගිය 14 වෙනිදා සුරේෂ් සලේ තමන් PTA යටතේ රදවා ගෙන සිටීමට එරෙහිව අධිකරණයට ඉදිරිපති කරන ලද රීට් පෙත්සමට අදාලව කරුණු දැක්වීම කරනු ලැබුවා.
කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා ලෙස ගෞරවයට පාත්‍ර වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (14) පස්වරුවේ කටාර් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබිණි.

ප්‍රධාන පුවත්

ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වුවහොත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..

පුරාවිද්‍ය දෙපාර්තමෙිින්තුවෙහි වසර 20 පුරාවට පැවති සහකාර අධ්‍යක්ෂක තනතුරු පුරප්පාඩු කඩිමුඩියේ අසාධාරණ ලෙස පිරවිම දරණ උත්සාහය සමාජයට හෙලිදරව් වීම සහ චානක්‍ය .. සුමන්තිරන්ගෙ රහසිගත හමුව හෙලිදරවිි වීම සෙනරත් වික්‍රමසිංහගේ වියරුවට හේතු වි ඇති බව lankaleader වෙත වාර්තා වේ.

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.