ගෙයින් ගෙට ගොස් පාන් විකිණූ “Perera and sons"

" ගෙයින් ගෙට ගොස් පාන් විකිණූ පෙරේරා පවුලෙන් බිහිවූ රටම දන්න “Perera and sons”
වසර 1902 දී කේ. ඒ. චාල්ස් පෙරේරා මහතා, දකුණු පළාතේ කෝදාගොඩ නම් ගමේ සිට, එක් පාන් තැටියක් පමණක් භාවිත කරමින් පළමු පාන් ගෙඩිය පුළුස්සන විට තමාගේ මෙම සුළු ව්යාපාරය අනාගතයේදී ශ්රි ලංකාව පුරා ම විසිරී තිබෙන ව්යාපාර ජාලයක් බවට පත්වේවි යැයි කිසිසේත්ම නොසිතන්නට ඇත.
ඔහු පුළුස්සන ලද පාන් ඔහුගේ සහයක ඇන්තනී බාස් ගේ සහය ඇතිව, ගෙයින් ගෙට ගොස් විකුණන්න පටන් ගත්තා. ඔහුගේ නිෂ්පාදිතයන්ගේ ඇති ගුණත්වය නිසා පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට ඔහුට හැකි වුණා. වැඩි කලක් නොගොස් ම පාරිභෝගිකයන් සංඛ්යාව එන්න එන්නම වැඩිවුණා. මෙයින් ධෛර්යයටපත් වූ ඔහු, තමාගේම බේකරියක් ආරම්භ කළා.
වසර ගණනාවකට පසු චාල්ස් මහතාගේ පුත් ඇල්බට් පෙරේරා Perera & Sons ව්යාපාරයට, පළමු විදුලි උදුන සවිකළා. මෙසේ වසර 116ක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට ඔහුගේ දරු මුණුබුරන් විසින් P & S ව්යාපාරයට විවිධ නව තාක්ෂණය, නව රසයන්, නව නිෂ්පාදිත හා නව අදහස් එකතු කරමින්, අද වන විට ශ්රී ලංකාවේ ප්රමුඛතම බේකරි නිෂ්පාදකයෙක් ලෙස කීර්තියක් දිනා ගෙන තිබෙනවා.
වර්තමානයේ එහි කළමනාකරණ අධ්යක්ෂ වරයා වන්නේ කේ. ඒ. චාල්ස් පෙරේරා මහතාගේ මී මුණුබුරා වන ගිහාන් පෙරේරා මහතායි.
P & S ව්යාපාරය ඔවුන්ගේ නිෂ්පාදිතයන්ගේ ගුණත්වය එක ලෙස පවත්වා ගනිමින් සහ නවීනතම නිෂ්පාදන උපකරණ හා තාක්ෂණය භාවිත කරමින් පාරිභෝගිකයා ගෙවන මුදලට සාධාරණ වටිනාකමක් ලබාදීමට කටයුතු කරන බැවින්, වසර 116 ක් පුරා ව්යාපාර ක්ෂේත්රයේ රැඳී සිටීමට හැකියාව ලැබී තිබෙනවා.
ගෙයින් ගෙට ගොස් නිෂ්පාදිත විකිණීමෙන් ආරම්භ කළ ව්යාපාරය වර්තමානයේ, කේක් නිෂ්පාදනයේ සිට ආහාර සැපයීම (catering) දක්වා විවිධාංගීකරණය වූ නිෂ්පාදිත රැසක් සපයමින්, ආහාර සහ පාන වර්ග කර්මාන්තයේ ප්රමුඛයා බවට පත්වී ඇත.
ඔබටත් මේ වන විට යම්කිසි ව්යාපාරයක් ආරම්භ කිරීම පිළිබඳව යම් අදහසක් තිබෙන්නට පුළුවන්. එම අදහස පිළිබඳ දිගින් දිගටම සිතමින් නොසිට ඔබට එය ව්යාපාරයක් ලෙස ආරම්භ කිරීමට හැකිනම් අනාගතයේදී එය ඔබ නොසිතන මානයකට දියුණු කිරීමට ඔබට පුළුවන් වේවි. සරලවම කිව්වොත් එයට අවශ්ය වන්නේ ඔබේ උත්සාහය ධෛර්යය පමණයි.
උපුටා ගැනීමක්
මුල් හිමිකරු ට ස්තූතියි
ගාල්ල ඉමදූව කෝදාගොඩ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!
හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)
ශ්රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්
ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..