දේශප්‍රේමී ජාතික පෙරමුණෙන්, අනුර - මෝදි හොර ගිවිසුම් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කරයි..
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පසුගිය නිල සංචාරයට සමගාමිව ශ්‍රි ලංකා රජය සහ ඉන්දීය රජය සමග අත්සන් කල ගිවිසුම් හතක් අභියෝගයට ලක්කරමින් දේශප්‍රේමි ජාතික පෙරමුණ ඇතුළු ජාතික සංවිධාන හයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා තිබෙනවා.
මෙම ගිවිසුම් වල අන්තර් ගතය හෙළිදරවු කිරිම ප්‍රතික්ෂේප කිරිමෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් එම ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරිමෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ ජනතා පරමාධිපත්‍ය බලය උල්ලංගණය වන බවත් පෙත්සම්කරුවෝ චෝදනා කරති.
මෙම පෙත්සම දේශප්‍රේමි ජාතික පෙරමුණ වෙනුවෙන් නීතීඥ නුවන් බැල්ලන්තුඩාව, ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් ගුණදාස අමරසේකර,දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බන්ඩාර, තුන්හෙල ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය අශෝක කමලදාස සහ ගෝලීය ශ්‍රි ලංකා සංසදය වෙනුවෙන් ශාමෙන්ද්‍ර වික්‍රමාරච්චි යන අය සාමුහික පෙත්සම් කරුවන් ලෙස ඉදිරිපත් කලහ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු දේශප්‍රේමි ජාතික පෙරමුණේ නායක නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා ප්‍රකාශ කර සිටියේ ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව තරුණයන් දහස් ගණනක ජිවිත මතින් සටන් වැදුන ජනතා විමුක්ති පෙරමුණ මෙම ගිවිසුම් අත්සන් කිරිමෙන් තමන්ගේ මතවාදය වෙනුවෙන් ජිවිත පරිත්‍යාග කල ඒ තරුණයන්ගේ ජිවිත සමච්චලයට ලක් ඇතිබවයි.
"අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කතා කරන සහකම්පනය තමන් වෙනුවෙන් සටන් වැදුනු සගයන් වෙනුවෙන් නැද්ද යන්න ජනාධිපතිවරයා ප්‍රකාශ කල යුතුය. ආණ්ඩුවේ ඇමතිවරුන්ට ත්‍රිකුණාමලය තෙල් ටැංකි හුදු තෙල් ටැංකි ලෙස පෙනුනත් ඉන්දියාවට එය භූ දේශපාලනයේ වැදගත් කේන්ද්‍රයක් බව දේශපාලනයේ හය හතර දන්නා දරුවකුත් දන්නවා. මේ ගිවිසුම් මගින් අපේ ස්වාධිපත්‍යය ඉන්දියාවට යටත් කරනවා පමණක් නොව ඉන්දියානු සාම කලාපය තුල ලෝක බලවතුන්ගේ ගැටුම් වලට අතවැනීමකුත් වෙනවා.එදා නොබැඳි රාජ්‍යයක් ලෙස විරුදාවලිය ලත් අපෙ රට මේ ගිවිසුම් නිසා ලෝක බලවතුන්ගේ පොර පිටියක් බවට පත්වෙනවා. බලශක්තිය පිළිබඳව ගිවිසුම් නිසා අපේ පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර වල අයිතිය ඉන්දියාවට පැවරෙනවා. ආණ්ඩුව එක් අතකින් ක්‍රමානුකුලව සූර්‍ය බල ශක්තිය කප්පාදු කරමින් අනෙක් පැත්තෙන් පුනර්ජනනිය බලශක්ති අයිතිය අදානිට පවරා දෙනවා. අදානි බංගලාදේශයේ විදුලි බලය සම්බන්ධ අධිකාරිය තමන් අතට ගෙන එහි ආර්ථිකයේ ගොටුව සිර කරමින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ ගේ මුණුබුරා වගේ අනුර කුමාර ජනාධිපතිවරයාත් අපේ රට ඉන්දියාවේ යටත් විජිතයක් කිරිමට කටයුතු කරනවා. මේ ගිවිසුම් නෛතිකව මෙන්ම දේශපාලනිකවත් පරාජය කිරිම අපේ දේශ්ප්‍රේමි ජනතාවට පැවරෙන ඓතිහාසික වගකීමක්" බව නුවන් බැල්ලන්තුඩාව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.
දේශප්‍රේමි ජාතික පෙරමුණ මෙම ගිවිසුම් වලට එරෙහිව “රට අස්ථාවර කරන, ජාතික සම්පත් විකුණන,මවුබිමේ ස්වෛරීත්වය පාවා දෙන ඉන්දියානු හොර ගිවිසුම් වලට එරෙහිව මහජන සමුළුවක් ද පැවත් වු අතර ජනතාව දැනුවත් කිරිම සඳහා පෝස්ටර් ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක කරන ලදි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..