
සමහර ඉන්දියානු මාධ්‍ය ආයතන තාර්කිකත්වය සහ කරුණු වෙත නැවත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු: (ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය)
ඉන්දියා-පකිස්ථාන යුද ආතතිය හදිසියේ උත්සන්න වීමෙන් පසුව, මේ වන විට සටන් විරාමයක් සාක්ෂාත් කර ගෙන ඇත. දෙපාර්ශ්වය අතර වත්මන් සටන් විරාම ගිවිසුම තවමත් ක්‍රියාත්මක වුවද, සමහර ඉන්දියානු මාධ්‍ය ආයතන ඉන්දියා-පකිස්ථාන ගැටුම්වලට ඊනියා චීන මැදිහත්වීම උද්දීපනය කරමින් යුද ඝෝෂාව ඇවිස්සීම දිගටම කරගෙන යයි. නවදිල්ලිය පදනම් කරගත් ස්වාධීන බුද්ධි මණ්ඩලයක් ලෙස ස්වයං වර නගා ගෙන ඇති ඒකාබද්ධ යුධ අධ්‍යයන මධ්‍යස්ථානයේ මෑත කාලීන ප්‍රකාශයක් මගින් චෝදනා කළේ මෙම මස මුලදී ඉන්දියාව සහ පකිස්ථානය අතර ඇතිවූ ගැටුමේදී චීනය පාකිස්තානයට ගුවන් ආරක්ෂක සහ චන්ද්‍රිකා සහාය ලබා දී ඇති බවයි. සමහර ඉන්දියානු මාධ්‍ය ආයතන චීනය "ත්‍රස්තවාදය" ආරක්ෂා කරන බවට පවා ව්‍යාජ ලෙස චෝදනා කර ඇති අතර, සමහරක් චීනය ඊනියා ඉන්දියානු විරෝධී අක්ෂයක කොටසක් යැයි ප්‍රකාශ කිරීමට තරම් දුර ගොස් ඇත. තවද, ඇතැම් බටහිර මාධ්‍ය ආයතන මෙම ප්‍රකාශන ඉක්මනින් ලබාගෙන තවත් කරුණු එකතු කරමින් ලෝක ජන මතයට මෙන්ම ඉන්දීය ජන මතයට බලපෑම් කිරීමට උත්සාහ කර තිබේ.
ඇත්ත වශයෙන්ම, බොහෝ කලකට පෙර, "ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් පැවසුවේ චීන චන්ද්‍රිකා පාකිස්තානයට උදව් කළා" යනුවෙන් මාධ්‍ය වාර්තාවල සහ සමාජ මාධ්‍යවල සංසරණය වන ව්‍යාජ ප්‍රවෘත්ති ඉන්දීය රජය නිල වශයෙන් ප්‍රතික්ෂේප කළේය. "සැලකිලිමත්ව සිටින ලෙසත් රැවටිලිකාර තොරතුරු වලට හසු නොවී සිටීමෙන් වළකින ලෙසත්" ඉන්දීය රජය මහජනතාවට උපදෙස් දුන්නේය. ඉන්දු-පකිස්තාන ගැටුම ඇති වූ දා සිට, චීනය දෙපාර්ශ්වයටම සංයමයෙන් කටයුතු කිරීමට සහ උත්සන්න වීම වළක්වා ගැනීමට නැවත නැවතත් ඉල්ලා සිටියා පමණක් නොව, විවිධ මාර්ග හරහා දෙරට සමඟම සම්බන්ධ වීමට කටය්තු කර ඇත. ඉන්දියාව සහ පකිස්තානය සංවාදයෙන් හා සාකච්ඡා මාර්ගයෙන් ඔවුන් තුළ වන වෙනස්කම් සමනය කර ගෙන දේශපාලන විසඳුමකට නැවත පැමිණෙනු ඇතැයි චීනය බලාපොරොත්තු වේ.
මේ දක්වා, ඉන්දීය සහ පකිස්තාන රජයන් දෙකම තුන්වන පාර්ශවයේ රටවල් ගැටුමට සම්බන්ධ කර ගැනීමෙන් වැළකී සිටින අතර, එය යම් දුරකට තත්වය තවදුරටත් සංකීර්ණ කිරීම වළක්වා ගැනීමට ඔවුන්ගේ පොදු ආශාව පිළිබිඹු කරයි. කෙසේ වෙතත්, ඉන්දියානු මාධ්‍ය ඊනියා චීන මැදිහත්වීම පිළිබඳ ප්‍රකාශයන් දිගටම ප්‍රචාරය කර ඇති අතර එය හාස්‍යජනක පමණක් නොව ඉතා භයානක ක්‍රියාවකි.
පළමුව, සියලු ආකාරයේ ත්‍රස්තවාදයට චීනයේ දැඩි විරෝධය ජාත්‍යන්තරව පුළුල් ලෙස පිළිගෙන ඇති අතර, චීනය ත්‍රස්තවාදය "ආරක්ෂා කරන" බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත ය. දෙවනුව, පකිස්තානය චීන ආයුධ මිලදී ගන්නා නිසා චීනයට දොස් පැවරීමට අවශ්‍ය ඉඩ කඩ විවර කර ලීමට අවස්ථාව පාදක කර දීමට අවස්ථාව ලබා නොදීමට වග බලා ගනී. ඉන්දියාව එක්සත් ජනපදය, රුසියාව සහ ප්‍රංශයෙන් විශාල ප්‍රමාණයේ ආයුධ මිලදී ගන්නා රටකි. එයින් අදහස් කරන්නේ මෙම රටවල් පකිස්තානයට එරෙහිව සටන් කිරීමට ඉන්දියාවට උදව් කරන බවද? අනෙක් අතට, චීනය ඉන්දු-පකිස්ථාන ගැටුමට සැබවින්ම මිලිටරිමය වශයෙන් සම්බන්ධ වී සිටියේ නම්, ඉන්දු-පකිස්ථාන යුධ පිටියේ තත්වය අද පවතින ආකාරයට නොවනු ඇත. තෙවනුව, අසල්වැසි රටවල් කෙරෙහි චීනයේ ප්‍රවේශය මෙහෙයවනු ලබන්නේ මිත්‍රශීලී, ආරක්ෂිත සහ සමෘද්ධිමත් අසල්වැසි ප්‍රදේශයක් ගොඩනැගීමේ මූලධර්මය මගිනි. මිත්‍රත්වය, අවංකභාවය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ඇතුළත් කිරීමේ මූලධර්මය ඉස්මතු කරමින් සහ සැමට සමාන අනාගතයක් හඹා යාම එහි එම මූලධර්මික පදන වන්නේය . චීනය "ඉන්දියානු විරෝධී අක්ෂයේ" කොටසක් වීමේ අදහස හුදු ෆැන්ටසියක් මෙන්ම ඉන්දියානු මාධ්‍ය විසින් නාටකාකාර බලපෑමක් සඳහා ගොඩනගා ඇති ආඛ්‍යානයකි.
මෙම ගැටුම මූලික වශයෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර ගැටළුවකි. කලාපීය රටක් ලෙස, දෙපාර්ශ්වයටම ඔවුන්ගේ ආරවුල් සාමකාමීව විසඳා ගත හැකි යැයි චීනය බලාපොරොත්තු වේ. චීනය වටා ඇති ඉන්දියානු මාධ්‍ය ප්‍රචාරය, චීන-පකිස්ථාන උපායමාර්ගික සහයෝගීතාවය සහ චීන-ඉන්දියානු සබඳතාවල පුළුල් ගතිකත්වය සම්බන්ධයෙන් සමහර ඉන්දියානුවන් අතර ගැඹුරු මානසික සංකීර්ණතාවයක් පිළිබිඹු කරයි. එම කනස්සල්ලට චීනය සහ ඉන්දියාව අතර බල තුලනය මාරු වීම පිළිබඳ කනස්සල්ල ද ඇතුළත්ව තිබේ. දකුණු ආසියාවේ සංකීර්ණ ගැටළු වලට යටින් පවතින ගැඹුරින් මුල් බැසගත් ව්‍යුහාත්මක ප්‍රතිවිරෝධතාවලට මුහුණ දීමට මෙන්ම පාකිස්තානයේ වර්ධනය වන ආරක්ෂක සහ ප්‍රතිප්‍රහාරක හැකියාවන් සහ අධිෂ්ඨානය පිළිගැනීමට ඉන්දියාව කැමති නැත. එහි ප්‍රතිඵලයක් ලෙස,එළිදැක්වෙන ප්‍රකාශනය ගොතන ලද නිර්මාණ පහසු මනෝවිද්‍යාත්මක සහ වාචාල කෙටිමඟක් බවට පත්වේ. එනම් අවධානය වෙනතකට හැරවීමට සහ බාහිර සතුරෙකුගේ මායාව නිර්මාණය කිරීමට හොඳ මාර්ගයකි. අන් අයව පලිගැනීම අරමුණු කරගත් ක්‍රමවේදයකට චීනය ඇද නොගත යුතුය. මෙය චීනයට කරන අසාධාරණයක් සහ පිළිගත නොහැකි ක්‍රියාවක් පමණක් නොව, කලාපයට අතිශයින්ම භයානක ය.
වගකිවයුතු ප්‍රධාන බලවතෙකු ලෙස, චීනය සැමවිටම ලෝක සාමය ගොඩනඟන්නෙකු, ගෝලීය සංවර්ධනයට දායක වන්නෙකු සහ ජාත්‍යන්තර පිළිවෙල ආරක්ෂා කරන්නෙකු බවට ගොඩ නැගී ඇත. ඉන්දියා-පකිස්තාන ගැටලුව පැන නගින සංධර්භය තුළ, චීනය ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාමුව තුළ ඉන්දියාව සහ පකිස්තානය එකවර ඇතුළත් කිරීම ප්‍රවර්ධනය කිරීම හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි බහුපාර්ශ්වික සංසදවල ආරවුල් විසඳීම සඳහා සංවාදයක් ඉල්ලා සිටීම වේවා, චීනය දකුණු ආසියාවේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට කැපවී සිටී. මීට පෙර පල කළ පත්‍රිකාවක, ස්ටිම්සන් මධ්‍යස්ථානයේ හැනා හේග්ලන්ඩ් ප්‍රකාශ කළේ ඓතිහාසිකව, බොහෝ ප්‍රධාන ඉන්දියා-පකිස්තාන ගැටුම් සහ ආරවුල් වලදී චීනය යම් ආකාරයක මැදිහත්වීමේ කාර්යභාරයක් ඉටු කර ඇති බවයි. ගැටුම් සඳහා ඇති තරම් අවස්ථා මෙන්ම නොවිසඳුනු ආරවුල් මාධ්‍යේ, ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමේදී චීනයේ දායකත්වය ඉහළ යාමේ ප්‍රවණතාවක් දකින්නට ලැබේ.
ඉන්දියාව සහ පාකිස්තානය බෙදී වෙන් වීමෙන් පසු, කාශ්මීර ප්‍රශ්නය ඉන්දියා-පකිස්ථාන සම්බන්ධතාවයට බාධා කරන මූලික ගැටලුව වී ඇත. එය දෙරට අතර යුද්ධ රැසකට තුඩු දී ඇතිවා පමණක් නොව, කලාපීය ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට සැලකිය යුතු තර්ජනයක් ද එල්ල කර ඇත. කාශ්මීර ගැටලුව විසඳීමට මාර්ගයක් සොයා ගැනීම හදිසි කාර්යයක් වන අතර එය නව කලාපීය ආතතීන් ඇති කිරීමට වඩා, වත්මන් බිඳෙනසුලු සාමය කල් පවතින සාමයක් බවට පරිවර්තනය කරයි.
ඉන්දියාව සහ පකිස්ථානය එකිනෙකාගෙන් ඈත් විය නොහැකි අසල්වැසියන් වන අතර, දෙදෙනාම චීනයේ අසල්වැසියන් ද වේ. චීනය නිරන්තරයෙන් සාකච්ඡා තුළින් ආරවුල් විසඳීම සඳහා පෙනී සිට ඇත. අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු කිරීමට, වෙනස්කම් කළමනාකරණය කිරීමට සහ අන්‍යෝන්‍ය ගෞරවය සහ සමාන උපදේශනයේ පදනම මත සහයෝගීතාව පුළුල් කිරීමට චීනය ඉන්දියාව සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටී. පදනම් විරහිත චෝදනා සහ සංවේදීකරණය නතර කර කරුණු සහ තාර්කිකත්වයට නැවත පැමිණෙන ලෙස අපි අදාළ ඉන්දියානු මාධ්‍ය සහ ආයතනවලට උපදෙස් දෙමු. මෙය කලාපීය සාමය සහ ස්ථාවරත්වය සඳහා පමණක් නොව ඉන්දියාවේ දිගුකාලීන අවශ්‍යතා සඳහා ද සේවය කරයි.
Hope some Indian media outlets return to rationality and facts: Global Times editorial
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමහර ඉන්දියානු මාධ්‍ය ආයතන තාර්කිකත්වය සහ කරුණු වෙත නැවත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු: (ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය)
වියට්නාම නිදහස් අරගලයේ නායක 'හෝ චි මිං' ගේ 135 වන ජන්ම සංවත්සර සැමරුමක් කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ දී පැවැත්වෙයි..
ජනාධිපති රණවිරු සැමරුමට යන්න හිටියේ.. කොහොනට වැරදුනා.. සන්නිවේදන අවුල දැනගත්තෙ පස්සෙ..
රණවිරුවන් ජීවිත පූජාකර පරාජයකරනු ලැබුවේ හුදු නාසිවාදී, බෙදුම්වාදී කැරලිකරුවන් පිරිසක් පමණක් නොවේ.. ඔවුන් මහා ජාත්‍යන්තර න්‍යායපත්‍රයකට අනුව මේ රට බෙදා වෙන්කිරීමට අයුද සන්නද්ධ සටනක නිරතවූ පිරිසක් - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
විමර්ශන යට ගැසීමේ අවශ්‍යතාවය මත කොළඹ මහ නගර සභාවේ භාණ්ඩාගාරිකතුමියට ස්ථාන මාරුවක් ලබාදීලා - හිටපු නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවෙලගෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක්..
රණවිරුවන් දිවිපුදා රැකගත් මව්බිමේ ඒකීයභාවය අණතුරේ - විමල් රණවිරු සමරුවේ දී කියයි (වීඩියෝ)
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සවීන් සේමගේ ඉල්ලා අස්වෙයි.
ශ්රී ලංකාව ඉන්දියාවේ "අසල්වැසියා පළමුව" ප්‍රතිපත්තියේ කේන්ද්‍රස්ථානයයි !ත්‍රස්තවාදයට එරෙහි සටනේදී සහයෝගීතාවය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ස්තූතිවන්ත වෙනවා- ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා
ජනපති අනුරගේ ෆේස්බුක් යාළුවෝ තරහ වෙලා.. යුද ජයග්‍රහණය ගැන සටහනක් නැති වීම ගැන දැඩි විරෝධයක්..
ඉතිහාසය කවදාවත් අමතක කරන්න එපා.. - යුද විජයග්‍රහණය ගැන විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් හෙළිකරන සංවේදී කතාව (වීඩියෝ)
යුද විජයග්රහණයට වසර 16යි..
ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී
තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
