News Category
From Date
To Date
Maximum Number of Result

සමහර ඉන්දියානු මාධ්‍ය ආයතන තාර්කිකත්වය සහ කරුණු වෙත නැවත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු: (ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය)

May 20, 2025 at 03:07 PM
|

ඉන්දියා-පකිස්ථාන යුද ආතතිය හදිසියේ උත්සන්න වීමෙන් පසුව, මේ වන විට සටන් විරාමයක් සාක්ෂාත් කර ගෙන ඇත. දෙපාර්ශ්වය අතර වත්මන් සටන් විරාම ගිවිසුම තවමත් ක්‍රියාත්මක වුවද, සමහර ඉන්දියානු මාධ්‍ය ආයතන ඉන්දියා-පකිස්ථාන ගැටුම්වලට ඊනියා චීන මැදිහත්වීම උද්දීපනය කරමින් යුද ඝෝෂාව ඇවිස්සීම දිගටම කරගෙන යයි.  නවදිල්ලිය පදනම් කරගත් ස්වාධීන බුද්ධි මණ්ඩලයක් ලෙස ස්වයං වර නගා ගෙන ඇති  ඒකාබද්ධ යුධ අධ්‍යයන මධ්‍යස්ථානයේ මෑත කාලීන ප්‍රකාශයක් මගින් චෝදනා කළේ මෙම මස මුලදී ඉන්දියාව සහ පකිස්ථානය අතර ඇතිවූ ගැටුමේදී චීනය පාකිස්තානයට ගුවන් ආරක්ෂක සහ චන්ද්‍රිකා සහාය ලබා දී ඇති බවයි. සමහර ඉන්දියානු මාධ්‍ය ආයතන චීනය "ත්‍රස්තවාදය" ආරක්ෂා කරන බවට පවා ව්‍යාජ ලෙස චෝදනා කර ඇති අතර, සමහරක් චීනය ඊනියා ඉන්දියානු විරෝධී අක්ෂයක කොටසක් යැයි ප්‍රකාශ කිරීමට තරම් දුර ගොස් ඇත. තවද, ඇතැම් බටහිර මාධ්‍ය ආයතන මෙම ප්‍රකාශන ඉක්මනින් ලබාගෙන තවත් කරුණු එකතු කරමින් ලෝක ජන මතයට මෙන්ම ඉන්දීය ජන මතයට බලපෑම් කිරීමට උත්සාහ කර තිබේ.

ඇත්ත වශයෙන්ම, බොහෝ කලකට පෙර, "ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් පැවසුවේ චීන චන්ද්‍රිකා පාකිස්තානයට උදව් කළා" යනුවෙන් මාධ්‍ය වාර්තාවල සහ සමාජ මාධ්‍යවල සංසරණය වන ව්‍යාජ ප්‍රවෘත්ති ඉන්දීය රජය නිල වශයෙන් ප්‍රතික්ෂේප කළේය. "සැලකිලිමත්ව සිටින ලෙසත් රැවටිලිකාර තොරතුරු වලට හසු නොවී සිටීමෙන් වළකින ලෙසත්" ඉන්දීය රජය මහජනතාවට උපදෙස් දුන්නේය. ඉන්දු-පකිස්තාන ගැටුම ඇති වූ දා සිට, චීනය දෙපාර්ශ්වයටම සංයමයෙන් කටයුතු කිරීමට සහ උත්සන්න වීම වළක්වා ගැනීමට නැවත නැවතත් ඉල්ලා සිටියා පමණක් නොව, විවිධ මාර්ග හරහා දෙරට සමඟම සම්බන්ධ වීමට කටය්තු කර ඇත. ඉන්දියාව සහ පකිස්තානය සංවාදයෙන් හා සාකච්ඡා මාර්ගයෙන් ඔවුන් තුළ වන වෙනස්කම් සමනය කර ගෙන දේශපාලන විසඳුමකට නැවත පැමිණෙනු ඇතැයි චීනය බලාපොරොත්තු වේ.

මේ දක්වා, ඉන්දීය සහ පකිස්තාන රජයන් දෙකම තුන්වන පාර්ශවයේ රටවල් ගැටුමට සම්බන්ධ කර ගැනීමෙන් වැළකී සිටින අතර, එය යම් දුරකට තත්වය තවදුරටත් සංකීර්ණ කිරීම වළක්වා ගැනීමට ඔවුන්ගේ පොදු ආශාව පිළිබිඹු කරයි. කෙසේ වෙතත්, ඉන්දියානු මාධ්‍ය ඊනියා චීන මැදිහත්වීම පිළිබඳ ප්‍රකාශයන් දිගටම ප්‍රචාරය කර ඇති අතර එය හාස්‍යජනක පමණක් නොව ඉතා භයානක ක්‍රියාවකි.

පළමුව, සියලු ආකාරයේ ත්‍රස්තවාදයට චීනයේ දැඩි විරෝධය ජාත්‍යන්තරව පුළුල් ලෙස පිළිගෙන ඇති අතර, චීනය ත්‍රස්තවාදය "ආරක්ෂා කරන" බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත ය. දෙවනුව, පකිස්තානය චීන ආයුධ මිලදී ගන්නා නිසා චීනයට දොස් පැවරීමට අවශ්‍ය ඉඩ කඩ විවර කර ලීමට අවස්ථාව පාදක කර දීමට අවස්ථාව ලබා නොදීමට වග බලා ගනී. ඉන්දියාව එක්සත් ජනපදය, රුසියාව සහ ප්‍රංශයෙන් විශාල ප්‍රමාණයේ ආයුධ මිලදී ගන්නා රටකි.  එයින් අදහස් කරන්නේ මෙම රටවල් පකිස්තානයට එරෙහිව සටන් කිරීමට ඉන්දියාවට උදව් කරන බවද? අනෙක් අතට, චීනය ඉන්දු-පකිස්ථාන ගැටුමට සැබවින්ම මිලිටරිමය වශයෙන් සම්බන්ධ වී සිටියේ නම්, ඉන්දු-පකිස්ථාන යුධ පිටියේ තත්වය අද පවතින ආකාරයට නොවනු ඇත. තෙවනුව, අසල්වැසි රටවල් කෙරෙහි චීනයේ ප්‍රවේශය මෙහෙයවනු ලබන්නේ මිත්‍රශීලී, ආරක්ෂිත සහ සමෘද්ධිමත් අසල්වැසි ප්‍රදේශයක් ගොඩනැගීමේ මූලධර්මය මගිනි. මිත්‍රත්වය, අවංකභාවය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ඇතුළත් කිරීමේ මූලධර්මය ඉස්මතු කරමින් සහ සැමට සමාන අනාගතයක් හඹා යාම එහි එම මූලධර්මික පදන වන්නේය . චීනය "ඉන්දියානු විරෝධී අක්ෂයේ" කොටසක් වීමේ අදහස හුදු ෆැන්ටසියක් මෙන්ම ඉන්දියානු මාධ්‍ය විසින් නාටකාකාර බලපෑමක් සඳහා ගොඩනගා ඇති ආඛ්‍යානයකි.

මෙම ගැටුම මූලික වශයෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර ගැටළුවකි. කලාපීය රටක් ලෙස, දෙපාර්ශ්වයටම ඔවුන්ගේ ආරවුල් සාමකාමීව විසඳා ගත හැකි යැයි චීනය බලාපොරොත්තු වේ. චීනය වටා ඇති ඉන්දියානු මාධ්‍ය ප්‍රචාරය, චීන-පකිස්ථාන උපායමාර්ගික සහයෝගීතාවය සහ චීන-ඉන්දියානු සබඳතාවල පුළුල් ගතිකත්වය සම්බන්ධයෙන් සමහර ඉන්දියානුවන් අතර ගැඹුරු මානසික සංකීර්ණතාවයක් පිළිබිඹු කරයි. එම කනස්සල්ලට චීනය සහ ඉන්දියාව අතර බල තුලනය මාරු වීම පිළිබඳ කනස්සල්ල ද ඇතුළත්ව තිබේ. දකුණු ආසියාවේ සංකීර්ණ ගැටළු වලට යටින් පවතින ගැඹුරින් මුල් බැසගත් ව්‍යුහාත්මක ප්‍රතිවිරෝධතාවලට මුහුණ දීමට මෙන්ම පාකිස්තානයේ වර්ධනය වන ආරක්ෂක සහ ප්‍රතිප්‍රහාරක හැකියාවන් සහ අධිෂ්ඨානය පිළිගැනීමට ඉන්දියාව කැමති නැත. එහි ප්‍රතිඵලයක් ලෙස,එළිදැක්වෙන ප්‍රකාශනය ගොතන ලද නිර්මාණ පහසු මනෝවිද්‍යාත්මක සහ වාචාල කෙටිමඟක් බවට පත්වේ. එනම් අවධානය වෙනතකට හැරවීමට සහ බාහිර සතුරෙකුගේ මායාව නිර්මාණය කිරීමට හොඳ මාර්ගයකි. අන් අයව පලිගැනීම අරමුණු කරගත් ක්‍රමවේදයකට චීනය ඇද නොගත යුතුය. මෙය චීනයට කරන අසාධාරණයක් සහ පිළිගත නොහැකි ක්‍රියාවක් පමණක් නොව, කලාපයට අතිශයින්ම භයානක ය.

වගකිවයුතු ප්‍රධාන බලවතෙකු ලෙස, චීනය සැමවිටම ලෝක සාමය ගොඩනඟන්නෙකු, ගෝලීය සංවර්ධනයට දායක වන්නෙකු සහ ජාත්‍යන්තර පිළිවෙල ආරක්ෂා කරන්නෙකු බවට ගොඩ නැගී ඇත. ඉන්දියා-පකිස්තාන ගැටලුව පැන නගින සංධර්භය තුළ, චීනය ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාමුව තුළ ඉන්දියාව සහ පකිස්තානය එකවර ඇතුළත් කිරීම ප්‍රවර්ධනය කිරීම හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි බහුපාර්ශ්වික සංසදවල ආරවුල් විසඳීම සඳහා සංවාදයක් ඉල්ලා සිටීම වේවා, චීනය දකුණු ආසියාවේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට කැපවී සිටී. මීට පෙර පල කළ පත්‍රිකාවක, ස්ටිම්සන් මධ්‍යස්ථානයේ හැනා හේග්ලන්ඩ් ප්‍රකාශ කළේ ඓතිහාසිකව, බොහෝ ප්‍රධාන ඉන්දියා-පකිස්තාන ගැටුම් සහ ආරවුල් වලදී චීනය යම් ආකාරයක මැදිහත්වීමේ කාර්යභාරයක් ඉටු කර ඇති බවයි. ගැටුම් සඳහා ඇති තරම් අවස්ථා මෙන්ම නොවිසඳුනු ආරවුල් මාධ්‍යේ, ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමේදී චීනයේ දායකත්වය ඉහළ යාමේ ප්‍රවණතාවක් දකින්නට ලැබේ.

ඉන්දියාව සහ පාකිස්තානය බෙදී වෙන් වීමෙන් පසු, කාශ්මීර ප්‍රශ්නය ඉන්දියා-පකිස්ථාන සම්බන්ධතාවයට බාධා කරන මූලික ගැටලුව වී ඇත. එය දෙරට අතර යුද්ධ රැසකට තුඩු දී ඇතිවා පමණක් නොව, කලාපීය ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට සැලකිය යුතු තර්ජනයක් ද එල්ල කර ඇත. කාශ්මීර ගැටලුව විසඳීමට මාර්ගයක් සොයා ගැනීම හදිසි කාර්යයක් වන අතර එය නව කලාපීය ආතතීන් ඇති කිරීමට වඩා, වත්මන් බිඳෙනසුලු සාමය කල් පවතින සාමයක් බවට පරිවර්තනය කරයි.

ඉන්දියාව සහ පකිස්ථානය එකිනෙකාගෙන් ඈත් විය නොහැකි අසල්වැසියන් වන අතර, දෙදෙනාම චීනයේ අසල්වැසියන් ද වේ. චීනය නිරන්තරයෙන් සාකච්ඡා තුළින් ආරවුල් විසඳීම සඳහා පෙනී සිට ඇත. අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු කිරීමට, වෙනස්කම් කළමනාකරණය කිරීමට සහ අන්‍යෝන්‍ය ගෞරවය සහ සමාන උපදේශනයේ පදනම මත සහයෝගීතාව පුළුල් කිරීමට චීනය ඉන්දියාව සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටී. පදනම් විරහිත චෝදනා සහ සංවේදීකරණය නතර කර කරුණු සහ තාර්කිකත්වයට නැවත පැමිණෙන ලෙස අපි අදාළ ඉන්දියානු මාධ්‍ය සහ ආයතනවලට උපදෙස් දෙමු. මෙය කලාපීය සාමය සහ ස්ථාවරත්වය සඳහා පමණක් නොව ඉන්දියාවේ දිගුකාලීන අවශ්‍යතා සඳහා ද සේවය කරයි.

Hope some Indian media outlets return to rationality and facts: Global Times editorial


සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජාතික ජන බලවේගය බලයට පත්වූ විගස රටටම සාමය ගෙනැවිත් දුන් බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි.
ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත මහජන රැලිය හේතුවෙන් බේරුවල ධීවර වරායට යාත්‍රා ඇතුළු වීම තාවකාලිකව නතර කරන ලෙස දන්වමින් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නිකුත් කරන ලදැයි කියන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත් බවත්, 2027 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළින් ඉවත් වී ජනතාවට මීට වඩා සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධූර සඳහා සුදුසු පුද්ගලයන් තෝරාගැනීම ප්‍රමාද වී ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 13ක තිස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ව්‍යාපාරික නිමල් පෙරේරා නැමැත්තා ලබා දුන් ප්‍රකාශයක් පදනම් කරගෙන පමණක් බව එම පක්ෂයේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.