විමර්ශන යට ගැසීමේ අවශ්‍යතාවය මත කොළඹ මහ නගර සභාවේ භාණ්ඩාගාරිකතුමියට ස්ථාන මාරුවක් ලබාදීලා - හිටපු නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවෙලගෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක්..
කොළඹ මහ නගර සභාවේ නාගරික භාණ්ඩාගාරික තුමියට ස්ථාන මාරුවීමක් ලබාදි ඇති බවත්, කෝපා කමිටුව විසින් විමර්ශන අවසන් වන තුරු නාගරික භාණ්ඩාගාරික තුමිය එම තනතුරේ තබාගත යුතු යැයි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්තුමිය විසින් තීරණයක් ලබා දීතිබියදී කෝපා කමිටු විමර්ශනයන්හි ප්‍රධාන සාක්ෂිකාරිනියක වන කො.ම.න.ස.භාණ්ඩාගාරික තුමිය මාරුකර යවා ඇත්තේ මෙම විමර්ශන යට ගැසීමට ඇති අවශ්‍යතාවය මත බවත් සඳහන් කරමින් හිටපු නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවෙල මහත්මිය විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.
හිටපු නාගරික කොමසාරිස් රෝෂිණි දිසානායක මහත්මිය සතුවූ අතිශයෙන් රහසිගත සහ වැදගත් තොරතුරු ස්ථාන මාරුවීම ලබාදී ඇති මෙම භාණ්ඩාගාරික තුමිය සන්තකයේ පවතින බවත්, මෙම ඇතැම් ගොනුවල ඇති තොරතුරු ලබා ගැනීමට චෝදනා ලබා ඇති ඇතැම් පෞද්ගලික ආයතන මහත් පරිශ්‍රමයක් දරනා බවත් ඇය විසින් මෙම ලිපිය මගින් පෙන්වා දී තිබේ.
අදාළ ලිපිය පහළින්..
බස්නාහිර පළාත් ආණ්ඩුකාර,
ගරු හනීෆ් යූසුෆ් මැතිතුමන්,
බස්නාහිර පළාත් ගොඩනැගිලි සංකීර්ණය,
බත්තරමුල්ල.
ගරු ආණ්ඩුකාරතුමනි,
කොළඹ මහ නගර සභාවේ භාණ්ඩාගාරික තුමිය මාරු කිරීම සම්බන්ධවයි.
කොළඹ මහ නගර සභාවේ නාගරික භාණ්ඩාගාර තුමියට ස්ථාන මාරුවීමක් ලබාදි ඇති බවට දැනගන්නට ලැබිණ.
හිටපු නාගරික මන්ත්‍රීවරියක ලෙස කෝපා කමිටු විමර්ශන පිළිබඳව මා දැඩි උනන්දුවක් දැක්වූයේ කෝපා කමිටුවේ විමර්ශනයට ලක් වූ වංචා, දූෂණ හා අක්‍රමිකතාවයන් බොහොමයක් මා විසින් රජයේ විගණකාධිපති, අල්ලස් දූෂණ කොමිෂම, බස්නාහිර පළාත් ආණ්ඩුකාර, ජනාධිපති විමර්ශන කොමිෂම ඇතුළු බලධාරීන් වෙත අදාළ වාර්තා හා සාක්ෂිද සමඟ පැමිණිලි කළ අයෙක් ලෙසටය.
කෝපා කමිටුව විසින් විමර්ශන අවසන් වන තුරු නාගරික භාණ්ඩාගාරික තුමිය එම තනතුරේ තබාගත යුතු යැයි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්තුමිය විසින් තීරණයක් ලබා දීතිබියදී කෝපා කමිටු විමර්ශනයන්හි ප්‍රධාන සාක්ෂිකාරිනියක වන කො.ම.න.ස.භාණ්ඩාගාරික තුමිය මාරුකර යවා ඇත්තේ මෙම විමර්ශන යට ගැසීමට ඇති අවශ්‍යතාවය මතයයි හැඟේ.
හිටපු නාගරික කොමසාරිස් රෝෂිණි දිසානායක මහත්මිය සතුවූ අතිශයෙන් රහසිගත සහ වැදගත් තොරතුරු ස්ථාන මාරුවීම ලබාදී ඇති මෙම භාණ්ඩාගාරික තුමිය සන්තකයේ පවතී. මෙම ඇතැම් ගොනුවල ඇති තොරතුරු ලබා ගැනීමට චෝදනා ලබා ඇති ඇතැම් පෞද්ගලික ආයතන මහත් පරිශ්‍රමයක් දරනා බව නොරහසකි.
කො.ම.න.ස සිදුවූ වංචා, දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඇති වැදගත් තොරතුරු අස්ථානගත කිරීමේ පරමාර්ථයෙන් හෝ ප්‍රධාන සාක්ෂි කාරිනියක් මෙම විමර්ශනයන්ගෙන් බැහැර කිරීම කොළඹ නගරයේ බදු ගෙවන ජනතාවට සිදුවන විශාල අසාධාරණයකි.
පලාත් පාලන කොමිසමට බලය ඇති විටෙක, පලාත් ප්‍රධාන ලේකම්තුමිය විසින් මෙම භාණ්ඩාගාරිකතුමිය තවදුරටත් කොළඹ මහ නගර සභාවේ සිටිය යුතු යැයි තීරණය කර තිබෙද්දීත් මෙසේ මාරුවීමක් ලබාදීමට හේතුව මැයි මස 3වන දින තරු පහේ හෝටලයක පවත්වන ලද සංගීතමය වැඩසටහනකින් සභාවට අය විය යුතුව තිබූ නිසි බදු මුදලක් අහිමිවීමට නොදී මූලු මුදල අය කර ගැනීම බවටද සභාව තුළ ආරංචි පැතිරේ.
කො.ම.න.ස ආර්ථික අර්බුදයකට මුහුණ දුන් විට සාර්ථකව එම තත්ත්වයෙන් මුදවා ගැනීමට කටයුතු කළ භාණ්ඩාගාරික තුමියත් නියෝජ්‍ය භාණ්ඩාගාරික ආදායම් යන දෙදෙනාම එකවර මෙසේ මාරු කර යැවීමෙන් පත්වීමට නියමිත නව සභාව අපහසුතාවයකට පත්වීමටත් පුළුවන.
දූෂණ, වංචා හා අක්‍රමිකතාවයන්ට එරෙහිව ජනතා වරමක් ලැබූ රජයක ගරු ජනාධිපතිතුමන්ගේ නියෝජිතයා ලෙස ඉහත සඳහන් කර ඇති අතිශයින්ම වැදගත් හා රහසිගත තොරතුරු ආරක්ෂා කර ගැනීමේ වගකීමත් ප්‍රධාන සාක්ෂි කාරිණියක් වන භාණ්ඩාගාරික තුමිය පළාත් ලේකම්තුමියගේ තීරණයට පිටින් මෙසේ මාරුවීමක් ලබාදීමට හේතුවත් සොයා බලා නිසි තීරණ ගන්නා ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
මෙයට,
හිටපු නාගරික මන්ත්‍රීනි.
ශර්මිලා ගෝනවෙල
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..