News Category
From Date
To Date
Maximum Number of Result

ඊශ්‍රායල ජාතික කොඩිය කපුටකු විසින් බිම දමන අයුරු දැක්වෙන වීඩියෝවක් නිකුත් වී තිබේ.

ලංකාවට ඇතුළු වන සංචාරකයන්ට වීසා ලබාදීමේ ක්‍රියාවලිය රටේ ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් පෞද්ගලික සමාගමකට ලබාදීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව ජනාධිපතිවරයාගේ නියෝග මත ත්‍රස්තවදය වැළැක්වීමේ පනත යටතේ පොලීසිය භාරයට ගනු ලැබූ දෙහිවල සහ බේරුවල ප්‍රදේශවල පිහිටි සුඛෝපභෝගී නිවාස දෙක අල් කයිඩා සහ ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ දැනට ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග 'සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ්' වෙත පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ජනාධිපතිවරණය මේ වසරේ ඔක්තෝබර් මුල් සතියේ ව්‍යවස්ථානුකූලව පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්දී ඇති බව වාර්තා වේ.

රුසියාවේ මොස්කව් නගරයට එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබු අයවෙනුවෙන් ඔවුන්ගේ පවුල් වලට සහ සමස්ත රුසියානු ජනතාවට ශෝකය පළ කිරිමට දේශප්‍රේමි ජනතා පෙරමුණ ඊයේ එක්විය.

ජාතික සංවිධාන එකමුතුවේ නායකයන් විසින් රුසියාවට එල්ලවූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරුවූවන්ට සිය ශෝකය පළකරීම අද සිදුකරන ලදී.

මේ වසරේ සැප්තුම්බර් මස 28 හෝ ඔක්තෝබර් මස 5 වැනිදා අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යෙන්ම මේ ජනාධිපතිවරණය පවත්වන බවත් ජාතික ජනබලෙව්ගෙය් නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

21 වතාවක් විවිධ ජාතීන් විසින් ආක්‍රමණ දියත්කර අල්ලා ගැනීමට උත්සාහ දැරූ මවුබිම 22 වැනි වතාවට එට්කා ගිවිසුම හරහා ඉන්දියාව විසින් තම ආධිපත්‍යයට නතුකර ගැනීමට සූදානම් බව බවත්, මෙම ගිවිසුම මගින් වෙන කවරදාකටත් වඩා රට බරපතළ අනතුරකට ලක්ව ඇති බවත් පෙන්වා දෙමින් දෙවන පරපුර සංවිධානය දේශපාලන පක්ෂ නායකයන් දැනුවත් කිරීම සඳහා නිවේදනයක් නිකුත්කර තිබේ.


ප්‍රධාන පුවත්

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.