News Category
From Date
To Date
Maximum Number of Result

'එට්කා ඇතුළු රටට අහිතකර ගිවිසුම් සහ රටට හතුරු බලමුලු පරදවා රට බතබුලතින් සරු කරමු' මැයෙන් අද(30) දින උදෑසන 5 සිට රුවන්වැලි මහා චෛත්‍ය රාජයාණන් අභියස ජාතික ගොවි සංවිධාන එකමුතුව විසින් පවත්වනු ලැබූ කිරි ආහාර සහ අධිෂ්ඨාන පූජාව සඳහා විශාල භික්ෂූන් වහන්සේ ප්‍රමාණයක් සමඟ අති විශාල බැතිමතුන් සංඛ්‍යාවක් සහභාගි වී සිටි බව වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාවක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමති මණ්ඩලය හා මැතිවරණ කොමිසම දැනුම්වත් කර තිබේ.

පාස්කු බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙලිකළ බව කියන පුද්ගලයා හඳුනාගැනීමට රහස් පොලිසිය විසින් විශේෂ ස්ථානයක කැමරා පද්ධතියක් පරීක්ෂාවට ලක් කළ බවට සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

නැගෙනහිර තමන්කඩුව දෙපලාතේ ප්‍රධාන සංඝනායක ශ්‍රි කළ්‍යානිවංශ පාර්ශවයේ අනුනායක කොළඹ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති පිච්ච මල් පූජාවේ නිර්මාතෘ පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමිපානන් ශාන්ති පදනමේ 45 වන වාර්ෂික මහා සභා රැස්වීමට එක් වෙමින් පවසා සිටියේ ආතර් සී ක්ලාක් මහතා ප්‍රකාශ කළ අනාගතයේදී ඉතිරි වන්නේ බුදු දහම පමණක්ය යන අනාවැකිය සනාථ වීමට ඇත්තේ තවත් වසර 24ක් පමණක් බවයි.

මේ වසරේ ජනවාරි මාසයේදී විවිධ එළවළු වර්ග ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන තිස් තුනක මුදලක් වැයකර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මාබිම ප්‍රදේශයේ තිබෙන පෞද්ගලික ආයතනයක අලුත්වැඩියා අංශයේ සේවකයකුගේ ගුද මාර්ගයට විහිළුවට හුළං බටයක් ඇල්ලීමෙන් බඩවැල් පිපිරී එම පුද්ගලයා මරුමුවට පත්වී ඇත.

ඉදිරි මැතිවරණ සැලසුම ගැන සාකච්ඡා කිරීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නැවත වතාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී ඇති බව වාර්තා වේ.

වර්ථමානය වනවිට බුදු දහමට විවිධාකාරයෙන් බලපෑම් එල්ල වෙමින් පවතින බව අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියෝ පවසති.

ජනතාව ආහාරයට ගන්නා පාන්පිටිවලට උග්‍ර කෘෂි රසායනයක් යොදා දින පහක් කාලයක් කැකිරාව, ඇඹුල්ගස්වැව ප්‍රදේශයේ ගබඩාවක ගබඩාකර තිබියදී සොයාගෙන තිබේ.


ප්‍රධාන පුවත්

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.