News Category
From Date
To Date
Maximum Number of Result

ජාතික ජනබලවේගයට බලය හිමි බොරලැස්ගමුව නගර සභාවේ සභාපති ප්‍රදීප් වෙදමුල්ලගේ සහෝදරියක විසින් දෙහිවල -ගල්කිස්ස මහ නගර සභා සේවකයින්ට සහ මන්ත්‍රීවරුන්ට පසුගිය දිනක බැන තර්ජනය කිරීමට අදාළ විඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

තමන් පක්ෂයේ දේශපාලන උපරිමයට කර ඡන්ද මධ්‍යස්ථාන නියෝජත ලෙස පවා සිටි පුද්ගලයෙක් බවත් අද ගමේ ඉන්න බැරි තැනට වැටී ඇති බවත් අක්කර දෙසීය ජයසිරිපුර ගොවිසංවිධානයේ උපසභාපති යූ.ජී. ධනවර්ධන මහතා පවසයි.

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය මෙන්ම හිටපු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන ඉම්රාන් ඛාන් බන්ධනාගාරය තුළදී ඝාතනය කර ඇති බවට වන පුවතක් එරට සමාජ මාධ්‍ය තුළ මේ වනවිට වේගයෙන් සංසරණය වෙමින් තිබේ.

ගල්ඔය ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශයේ මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා බ්‍රිතාන්‍යයේ සිදු කරන සංචාරයක් අතරතුරදී ලන්ඩනයේදී එල්.ටී.ටී.ඊ. (LTTE) හිතවාදීන් පිරිසකගේ විරෝධයට ලක්වීම ප්‍රතිපත්තිමය වශයෙන් ඇති වූ විරෝධයක් නොව ජනාධිපතිවරණයට පෙර ඔවුන්ට දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා ඇති වූ විරෝධයක් බවත්, එසේත් නැතිනම් ඔවුන්ට උතුරු සහ නැගෙනහිර අවශ්‍ය දේ සිදුකිරීමට ආණ්ඩුව ඉඩදීම මත එය වසා ගැනීමට සිදුකළ ව්‍යාජ විරෝධයක් ද විය හැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

දිවයිනේ ප්‍රදේශ දෙකක් සඳහා ජනතාවට වහාම ඉවත්වෙන ලෙස දැනුම් දෙමින් නායයෑම් රතු නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබේ.

අධ්‍යාපනය සඳහා 6%ක ප්‍රතිශතයක් වසරක් තුළ වෙන් කරන බව කිසි ලෙසකින්වත් නොකියූ බව අධ්‍යාපන අමාත්‍ය හා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි.

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ආරම්භ වි ටික දවසකින් එය පොඩ්ඩක් දුර්වල වූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් සිල්වා මහතා සඳහන් කරයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටියදී මෙරටට ගෙන්නන ලද Prednisolone eye drops භාවිතා කිරීම නිසා දිවියන පුරා රෝගීන් එකසිය පනහකට ආසන්න ප්‍රමාණයකට සදාකාලික හා තාවකාලික ආබාධිත තත්ත්වයට පත් වූ අතර විටින් විට එම රෝගීන් තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් විවිධ පැමිණිලි සහ උද්ඝෝෂණ පවා පවත්වන ලදී.


ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.