මාලිමා මන්ත්‍රිට හයියෙන් කතා කළැයි CI මාරු කරන්න යනවලු..
ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුට උස් හඬින් කතා කළැයි කියන සිද්ධියක් මුල් කරගනිමින් යටියන්තොට පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු මාරු කර යවන ලෙසට සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලිපියක් යවා ඇති බව අරුණ පුවත් අඩවිය වාර්තා කර තිබේ.
සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් ක්‍රිෂාන්ත රත්නායක විසින් sw/s/05/15/2026 අංක දරන මෙම ලිපිය පසුගිය 18 වැනිදා සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ කෑගලු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යවා ඇත.
කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා විසින් යටියන්තොට පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දුරකථන ඇමතුමක් ලබාදී පවසා ඇත්තේ එම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි.ඩී. කත්‍රිආරච්චි තමාට උස් හඬින් කතා කරන බවත් තම නියෝග හා ඉල්ලීම් නොපිළිගන්නා බවත්ය.
ඒ අනුව ස්ථානාධීපතිවරයා විසින් කිසිඳු සටහනක් හෝ නොතබමින් මෙම සිද්ධිය ගැන සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත ලිපියක් යවා ඇත.
අදාළ ලිපිය හා මූලික කරගනිමින් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් මෙම නිලධාරියා සම්බන්ධයෙන් විමර්ශනයක් හෝ ප්‍රකාශ සටහන් කරගැනීමක් නොකොට ඒ ආකාරයෙන්ම පවතින තවත් චෝදනා කිහිපයක්ද සටහන් කරගනිමින් මෙම නිලධාරියා ස්ථාන මාරු කර යවන ලෙස ඉල්ලා සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ කෑගලු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යවා ඇත.
මෙම සිද්ධියේ කොටස්කරුවකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා මීට සති තුනකට පෙර යටියන්තොට පිහිටි සිය දේශපාලන කාර්යාලයට යටියන්තොට පොලිසියේ ස්ථානාධිපතිවරයා විමර්ශන අංශ ස්ථානාධිපතිවරුන් කැඳවා උපදෙස් පන්තියක්ද පවත්වා තිබෙන බවත් මෙහිදී ද අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සමගින් බහින්බස් වීමක්ද සිදුව ඇති බවත් පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
දේශපාලන වුවමනාවන් මත පොලිස් නිලධාරීන් මේ ආකාරයෙන් ස්ථාන මාරුකර යැවීම වැරැදි සහගත ක්‍රියාකලාපයක් බව යටියන්තොට පොලිසියේ නිලධාරීහු සඳහන් කරති.
මූලාශ්‍ර - අරුණ පුවත්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..