News Category
From Date
To Date
Maximum Number of Result

ඉරානය යනු ඉරාකය නොවේ- "Valdai International Discussion Club" හි අධ්‍යක්ෂක ෆියෝඩර් ලුකියානොව්ගේ විග්‍රහය

Mar 3, 2026 at 01:21 PM
|

‘කම්පනය සහ විස්මය’ යනු 2003 වසන්තයේ දී ඉරාකයට එරෙහි එක්සත් ජනපද මෙහෙයුම හඳුන්වා දීමට භාවිතා කළ යෙදුමයි. මෙහෙයුම සම්බන්ධයෙන් කළ පසු විපරමේදී, මෙහෙයුම ජාත්‍යන්තර දේශපාලන වේදිකාවේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළේය. බාත්වාදී පාලනයේ වේගවත් පරාජය සහ සදාම් හුසේන් බලයෙන් පහ කිරීම, එක්සත් ජනපදයට තම අභිමතය පරිදි මුළු කලාපයම නැවත හැඩගස්වා ගැනීමේ හැකියාව ලැබී ඇති බවට හැඟීමක් ඇති කළේය.

එහෙත් භූමියේ යථාර්ථය වෙනස් විය. යුද්ධය වෙනසක් ගෙන ආවේය යන්න සත්‍යක් නමුත් එහි ගෘහ නිර්මාණ ශිල්පීන් සිතූ ආකාරයේ වෙනසක් සිදු වූයේ නැත. මැද පෙරදිග පැරණි පිළිවෙල බිඳ වැටුණු අතර, ස්ථාවරත්වයෙන් නොව සීමිත සාර්ථකත්වයක් සහිතව පාලනය කිරීමට දැවැන්ත සම්පත් අවශ්‍ය වූ අර්බුද දාමයකින් පැරණි තත්වය ප්‍රතිස්ථාපනය විය. ඇමරිකාවේ ගෝලීය කීර්ති නාමයට එල්ල වූ පහර කල් පවතින පහරක් බව ඔප්පු විය.

2026 ශීත කාලය අවසානයේ, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව එපික් ෆියුරි මෙහෙයුම දියත් කළහ. එක් අර්ථයකින්, රටවල් දෙකෙහිම ප්‍රධාන විරුද්ධවාදියා ලෙස ඉරානය මතුවීම දශක දෙකකට පෙර ඉරාකය විනාශ කිරීමේ ව්‍යාපාරයේ සෘජු ප්‍රතිවිපාකයකි. අද ප්‍රහාරකයන්ට ඉක්මන් හා තීරණාත්මක ප්‍රතිඵල ලබා ගත හැකිද යන්න තවමත් පැහැදිලි නැත. දශක ගණනාවකින් එක්සත් ජනපදය සෘජුවම මුහුණ දී ඇති බරපතලම ප්‍රතිවාදියා ඉරානයයි. ඉරානයේ මිලිටරි සාර්ථකත්වය වේගවත් වුවද, බල තුලනය ඉරානයට පක්ෂව සිට ගන්නේ නැත. අමෙරිකාවට ඉරාකයේ මෙන් අභ්‍යන්තර වාඩිලෑමට ඉඩක් නොලැබී පශ්චාත් යුධ අවුල් සහගත තත්ත්වය වළක්වා ගත්තද, පුළුල් ප්‍රතිවිපාක බලාපොරොත්තු සුන් කරවන සුළු වනු ඇත.

වත්මන් උත්සන්න වීමේ ක්ෂණික ධාවකය වන්නේ අද්විතීය තත්වයන් සමූහයක් භාවිතා කිරීමට ඊශ්‍රායලය දරන අධිෂ්ඨානයයි. බටහිර ජෙරුසලමේ දෘෂ්ටිකෝණයෙන්, මෙය වොෂින්ටනයේ සහාය ඇතිව ප්‍රමුඛ කලාපීය ස්ථානයක් ලබා ගැනීමට උත්සාඅ ගන්න මොහොතකි. අවසාන දැක්ම වන්නේ ඊශ්‍රායලය කේන්ද්‍ර කරගත් කලාපීය පිළිවෙලක් වන අතර සෙසු ජාතීන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තත්වයට අනුගත විය යුතුය.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ මැද පෙරදිග ප්‍රතිපත්තිය හැඩගස්වන දෘෂ්ටිවාදීන් හට (ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඥාතීන් සහ ව්‍යාපාරික හවුල්කරුවන් ද වෙති.) ඔවුන්ගේම වූ ගණනය කිරීම් තිබේ. ඊශ්‍රායලය සතු මිලිටරි සේවයේ උසස් බව, ඊශ්‍රායලය සහ ගල්ෆ් රාජාණ්ඩු අතර ගැඹුරු වන වාණිජ සබඳතා සමඟ ඒකාබද්ධව, එක්සත් ජනපදයට ආර්ථික ප්‍රතිලාභ ප්‍රධාන වශයෙන් තමන්ටම යොමු කිරීමට ඉඩ සලසයි. චීනය, රුසියාව සහ ඉන්දියාව කෙරෙහි උනන්දුවක් දක්වන ප්‍රධාන භූ-ආර්ථික සහ සැපයුම් ව්‍යාපෘති ඇමරිකානු අධීක්ෂණය මත රඳා පවතිනු ඇත. වොෂින්ටනය ප්‍රධාන වෙළඳපොළවල්, විශේෂයෙන් අමුද්‍රව්‍ය සහ මිලිටරි-තාක්ෂණික සහයෝගීතාව කෙරෙහි තම පාලනය පුළුල් කරනු ඇත. ඒ සමඟම, එක්සත් ජනපද සහභාගීත්වයෙන් තොරව, විශේෂයෙන් ඹ්ර්‍ඓCS සහ ෂැංහයි සහයෝගිතා සංවිධානය, නිර්මාණය කරන ලද කණ්ඩායම්වල අකාර්යක්ෂමතාව ප්‍රදර්ශනය කරමින් සිටියි.චේතනාව විනිවිද පෙනෙන සුළු නමුත් පැන නගින ප්‍රශ්නය ශක්‍යතාවයි.


ඉරාක යුද්ධය ද ආරම්භ වූයේ ආරක්ෂාවේ නාමයෙන් කලාපීය ප්‍රතිව්‍යුහගත කිරීමේ සටන් පාඨ සමඟින්, නොවරදින වෙළඳ අවශ්‍යතා සමඟ මිශ්‍ර කරමිනි. ඩික් චෙනී සහ හැලිබර්ටන් සමාගමේ කටයුතු සිහිපත් කිරීම මගින් පමණක් මෙය අවබෝධ කර ගත හැක ( ඩික් චේනි යනු 1995 සිට 2000 දක්වා හැලිබර්ටන් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස සේවය කළ පුද්ගලයාය. ඔහු අමෙරිකාවේ උප ජනාධිපතිවරයා වීමට පෙර හැලිබර්ටන් නැමැති බලශක්ති සේවා සමාගමේ නායකත්වය දැරීය. ඔහුගේ කාලය තුළ හැලිබර්ටන් සමාගම සැලකිය යුතු ලෙස විහිදුණු අතර, රජයේ කොන්ත්‍රාත් වැඩි කරගෙන, සමාගමේ කොටසක වටිනාකම 150%කින් ඉහළ දමා ගැනීමට කටයුතු කළේය. ඔහුගේ නායකත්වය සහ පසුව ගත් රාජ්‍ය ක්‍රියාමාර්ග යුද්ධයට සම්බන්ධ කොන්ත්‍රාත් පිළිබඳ ආරෝපිත ප්‍රතිලාභ ගැටලු (cඔන්ෆ්ලිcට් ඔෆ් ඉන්ටෙරෙස්ට්) පිළිබඳ සැකයන් මතු කළේය.) එහෙත් කේන්ද්‍රීය සාධාරණීකරණය දෘෂ්ටිවාදී වන්නේය එනම් ප්‍රජාතන්ත්‍රවාදය අපනයනය කිරීමයි. ට්‍රම්ප් සහ ඔහුගේ කවය දෘෂ්ටිවාදය පසුබිමට ඇද දමා, ඒ වෙනුවට ද්‍රව්‍යමය ප්‍රතිලාභ අවධාරණය කර ඇත. පෙර ප්‍රවේශය අසාර්ථක වූයේ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනය මායාවක් බව ඔප්පු වූ නිසා පමණක් නොව, දිගුකාලීන අස්ථාවරත්වය අපේක්ෂිත ලාභාංශ ලබා ගැනීමට නොහැකි වූ බැවිනි.

නව, විවෘත ගනුදෙනු ආකෘතිය වඩාත් ප්‍රායෝගික ලෙස පෙනෙන්නට පුළුවන, නමුත් එය ස්වයං අවදානම් දරයි. බාහිර පීඩනය ව්‍යාපාරික කාරණයක් ලෙස පමණක් ඉදිරිපත් කරන්නේ නම්, එය ශක්තිමත් දෘෂ්ටිවාදාත්මක ප්‍රතිරෝධයක් ඇති කළ හැකි අතර, පද්ධතිය පාලනය කිරීමට හෝ බලහත්කාරයෙන් පද්ධතියට ඇතුළුවීමට විරුද්ධ වන පුද්ගලයින් ඒකාරාශි කිරීමට හේතුවේ.

ජනාධිපති ට්‍රම්ප් කොංග්‍රස් අනුමැතියකින් තොරව, මහජන අභිලාශය්න්ට එරෙහිව සහ සැබෑවට සිදුවන පාඩු අපේක්ෂාවෙන් ප්‍රධාන මිලිටරි මෙහෙයුමක් දියත් කර ඇත. ඔහුට්ට එරෙහිව නැගෙන දේශීය ප්‍රවණතා ආපසු හැරවීමට ඔහුට ජයග්‍රහණයක් අවශ්‍ය වේ. සාර්ථක වුවහොත්, ධවල මන්දිරය නිගමනය කිරීමට ඉඩ ඇත්තේ තමන්ට ඉතිහාසයක් ඇති බවත්, දෙවියන් වහන්සේ පවා තම පැත්තේ සිටින බවත්, දේශීය හා විදේශීය වශයෙන් වඩාත් දැඩි අධිෂ්ඨානයක් දිරිමත් කරන බවත්ය. යම් විධියකින් ට්‍රම්ප්ට ජයග්‍රහනය්ක් අත්පත් කර නොගන්නේ නම්, සැබෑ ප්‍රතිඵල අත්කර ගැනීම වෙනුවට ආක්‍රමණශීලීත්වය භාවිතා කරන බැවින් තත්වය නරක අතට හැරිය හැකිය.

කෙසේ වෙතත්, මැද පෙරදිග කලාපය තවත් කැළඹිලි සහිත අවධියකට පිවිසෙමින් සිටින අතර, එහි ප්‍රතිවිපාක කලාපයෙන් ඔබ්බට විහිදීමට නියමිතය.එහෙත් එයට සම්බන්ධ වූ කිසිවෙකුටත් යහපත් ප්‍රතිඵ්ල අත්පත් කරගැනීමක් සිදු වන්නේ නැත.

ෆියෝදර් ලුක්‍යානොව් ජාත්‍යන්තර සම්බන්ධතා සහ විදේශ ප්‍රතිපත්තිය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම රුසියානු විශේෂඥයන්ගෙන් එක් අයෙකි. ඔහු 1990 සිට මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරමින් සිටින අතර, නවීන ජාත්‍යන්තර සම්බන්ධතා සහ රුසියානු විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ බොහෝ වැදගත් ලිපි රචනා කර ඇත.
2002 සිට ඔහු “Russia in Global Affairs” නම් සඟරාවේ ප්‍රධාන සංස්කාරකවරයා ලෙස කටයුතු කරයි. එම සඟරාව විදේශීය සහ රුසියානු විශේෂඥයන් හා ප්‍රතිපත්ති නිර්මාතෘවරුන් අතර සංවාද හා විවාද සඳහා වේදිකාවක් ලෙස කටයුතු කරන සඟරාවකි.
2012දී ඔහු රුසියාවේ පැරණිතම රාජ්‍ය නොවන සංවිධානවලින් එකක් වන විදේශ හා ආරක්ෂක ප්‍රතිපත්ති සභාවේ (Council on Foreign and Defense Policy) ප්‍රසිඩියම් සභාපතිවරයා ලෙස තේරී පත් විය. 2015 සිට ඔහු වල්ඩයි ජාත්‍යන්තර සංවාද සමාජය (Valdai International Discussion Club) සංවර්ධනය හා ආධාර කිරීම සඳහා ඇති පදනමේ විද්‍යාත්මක කටයුතු අධ්‍යක්ෂවරයා ලෙස සේවය කරයි.
ඔහු ජාතික පර්යේෂණ විශ්වවිද්‍යාලය වන Higher School of Economics හි ලෝක ආර්ථිකය සහ ගෝලීය දේශපාලනය පිළිබඳ පීඨයේ පර්යේෂණ ආචාර්යවරයෙකු ලෙසද කටයුතු කරයි.
පරිවර්තනය: ජීවන්ත ජයතිස්ස

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජාතික ජන බලවේගය බලයට පත්වූ විගස රටටම සාමය ගෙනැවිත් දුන් බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි.
ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත මහජන රැලිය හේතුවෙන් බේරුවල ධීවර වරායට යාත්‍රා ඇතුළු වීම තාවකාලිකව නතර කරන ලෙස දන්වමින් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නිකුත් කරන ලදැයි කියන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත් බවත්, 2027 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළින් ඉවත් වී ජනතාවට මීට වඩා සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධූර සඳහා සුදුසු පුද්ගලයන් තෝරාගැනීම ප්‍රමාද වී ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 13ක තිස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ව්‍යාපාරික නිමල් පෙරේරා නැමැත්තා ලබා දුන් ප්‍රකාශයක් පදනම් කරගෙන පමණක් බව එම පක්ෂයේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.