News Category
From Date
To Date
Maximum Number of Result

ඉරානය යනු ඉරාකය නොවේ- "Valdai International Discussion Club" හි අධ්‍යක්ෂක ෆියෝඩර් ලුකියානොව්ගේ විග්‍රහය

Mar 3, 2026 at 01:21 PM
|

‘කම්පනය සහ විස්මය’ යනු 2003 වසන්තයේ දී ඉරාකයට එරෙහි එක්සත් ජනපද මෙහෙයුම හඳුන්වා දීමට භාවිතා කළ යෙදුමයි. මෙහෙයුම සම්බන්ධයෙන් කළ පසු විපරමේදී, මෙහෙයුම ජාත්‍යන්තර දේශපාලන වේදිකාවේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළේය. බාත්වාදී පාලනයේ වේගවත් පරාජය සහ සදාම් හුසේන් බලයෙන් පහ කිරීම, එක්සත් ජනපදයට තම අභිමතය පරිදි මුළු කලාපයම නැවත හැඩගස්වා ගැනීමේ හැකියාව ලැබී ඇති බවට හැඟීමක් ඇති කළේය.

එහෙත් භූමියේ යථාර්ථය වෙනස් විය. යුද්ධය වෙනසක් ගෙන ආවේය යන්න සත්‍යක් නමුත් එහි ගෘහ නිර්මාණ ශිල්පීන් සිතූ ආකාරයේ වෙනසක් සිදු වූයේ නැත. මැද පෙරදිග පැරණි පිළිවෙල බිඳ වැටුණු අතර, ස්ථාවරත්වයෙන් නොව සීමිත සාර්ථකත්වයක් සහිතව පාලනය කිරීමට දැවැන්ත සම්පත් අවශ්‍ය වූ අර්බුද දාමයකින් පැරණි තත්වය ප්‍රතිස්ථාපනය විය. ඇමරිකාවේ ගෝලීය කීර්ති නාමයට එල්ල වූ පහර කල් පවතින පහරක් බව ඔප්පු විය.

2026 ශීත කාලය අවසානයේ, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව එපික් ෆියුරි මෙහෙයුම දියත් කළහ. එක් අර්ථයකින්, රටවල් දෙකෙහිම ප්‍රධාන විරුද්ධවාදියා ලෙස ඉරානය මතුවීම දශක දෙකකට පෙර ඉරාකය විනාශ කිරීමේ ව්‍යාපාරයේ සෘජු ප්‍රතිවිපාකයකි. අද ප්‍රහාරකයන්ට ඉක්මන් හා තීරණාත්මක ප්‍රතිඵල ලබා ගත හැකිද යන්න තවමත් පැහැදිලි නැත. දශක ගණනාවකින් එක්සත් ජනපදය සෘජුවම මුහුණ දී ඇති බරපතලම ප්‍රතිවාදියා ඉරානයයි. ඉරානයේ මිලිටරි සාර්ථකත්වය වේගවත් වුවද, බල තුලනය ඉරානයට පක්ෂව සිට ගන්නේ නැත. අමෙරිකාවට ඉරාකයේ මෙන් අභ්‍යන්තර වාඩිලෑමට ඉඩක් නොලැබී පශ්චාත් යුධ අවුල් සහගත තත්ත්වය වළක්වා ගත්තද, පුළුල් ප්‍රතිවිපාක බලාපොරොත්තු සුන් කරවන සුළු වනු ඇත.

වත්මන් උත්සන්න වීමේ ක්ෂණික ධාවකය වන්නේ අද්විතීය තත්වයන් සමූහයක් භාවිතා කිරීමට ඊශ්‍රායලය දරන අධිෂ්ඨානයයි. බටහිර ජෙරුසලමේ දෘෂ්ටිකෝණයෙන්, මෙය වොෂින්ටනයේ සහාය ඇතිව ප්‍රමුඛ කලාපීය ස්ථානයක් ලබා ගැනීමට උත්සාඅ ගන්න මොහොතකි. අවසාන දැක්ම වන්නේ ඊශ්‍රායලය කේන්ද්‍ර කරගත් කලාපීය පිළිවෙලක් වන අතර සෙසු ජාතීන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තත්වයට අනුගත විය යුතුය.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ මැද පෙරදිග ප්‍රතිපත්තිය හැඩගස්වන දෘෂ්ටිවාදීන් හට (ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඥාතීන් සහ ව්‍යාපාරික හවුල්කරුවන් ද වෙති.) ඔවුන්ගේම වූ ගණනය කිරීම් තිබේ. ඊශ්‍රායලය සතු මිලිටරි සේවයේ උසස් බව, ඊශ්‍රායලය සහ ගල්ෆ් රාජාණ්ඩු අතර ගැඹුරු වන වාණිජ සබඳතා සමඟ ඒකාබද්ධව, එක්සත් ජනපදයට ආර්ථික ප්‍රතිලාභ ප්‍රධාන වශයෙන් තමන්ටම යොමු කිරීමට ඉඩ සලසයි. චීනය, රුසියාව සහ ඉන්දියාව කෙරෙහි උනන්දුවක් දක්වන ප්‍රධාන භූ-ආර්ථික සහ සැපයුම් ව්‍යාපෘති ඇමරිකානු අධීක්ෂණය මත රඳා පවතිනු ඇත. වොෂින්ටනය ප්‍රධාන වෙළඳපොළවල්, විශේෂයෙන් අමුද්‍රව්‍ය සහ මිලිටරි-තාක්ෂණික සහයෝගීතාව කෙරෙහි තම පාලනය පුළුල් කරනු ඇත. ඒ සමඟම, එක්සත් ජනපද සහභාගීත්වයෙන් තොරව, විශේෂයෙන් ඹ්ර්‍ඓCS සහ ෂැංහයි සහයෝගිතා සංවිධානය, නිර්මාණය කරන ලද කණ්ඩායම්වල අකාර්යක්ෂමතාව ප්‍රදර්ශනය කරමින් සිටියි.චේතනාව විනිවිද පෙනෙන සුළු නමුත් පැන නගින ප්‍රශ්නය ශක්‍යතාවයි.


ඉරාක යුද්ධය ද ආරම්භ වූයේ ආරක්ෂාවේ නාමයෙන් කලාපීය ප්‍රතිව්‍යුහගත කිරීමේ සටන් පාඨ සමඟින්, නොවරදින වෙළඳ අවශ්‍යතා සමඟ මිශ්‍ර කරමිනි. ඩික් චෙනී සහ හැලිබර්ටන් සමාගමේ කටයුතු සිහිපත් කිරීම මගින් පමණක් මෙය අවබෝධ කර ගත හැක ( ඩික් චේනි යනු 1995 සිට 2000 දක්වා හැලිබර්ටන් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස සේවය කළ පුද්ගලයාය. ඔහු අමෙරිකාවේ උප ජනාධිපතිවරයා වීමට පෙර හැලිබර්ටන් නැමැති බලශක්ති සේවා සමාගමේ නායකත්වය දැරීය. ඔහුගේ කාලය තුළ හැලිබර්ටන් සමාගම සැලකිය යුතු ලෙස විහිදුණු අතර, රජයේ කොන්ත්‍රාත් වැඩි කරගෙන, සමාගමේ කොටසක වටිනාකම 150%කින් ඉහළ දමා ගැනීමට කටයුතු කළේය. ඔහුගේ නායකත්වය සහ පසුව ගත් රාජ්‍ය ක්‍රියාමාර්ග යුද්ධයට සම්බන්ධ කොන්ත්‍රාත් පිළිබඳ ආරෝපිත ප්‍රතිලාභ ගැටලු (cඔන්ෆ්ලිcට් ඔෆ් ඉන්ටෙරෙස්ට්) පිළිබඳ සැකයන් මතු කළේය.) එහෙත් කේන්ද්‍රීය සාධාරණීකරණය දෘෂ්ටිවාදී වන්නේය එනම් ප්‍රජාතන්ත්‍රවාදය අපනයනය කිරීමයි. ට්‍රම්ප් සහ ඔහුගේ කවය දෘෂ්ටිවාදය පසුබිමට ඇද දමා, ඒ වෙනුවට ද්‍රව්‍යමය ප්‍රතිලාභ අවධාරණය කර ඇත. පෙර ප්‍රවේශය අසාර්ථක වූයේ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනය මායාවක් බව ඔප්පු වූ නිසා පමණක් නොව, දිගුකාලීන අස්ථාවරත්වය අපේක්ෂිත ලාභාංශ ලබා ගැනීමට නොහැකි වූ බැවිනි.

නව, විවෘත ගනුදෙනු ආකෘතිය වඩාත් ප්‍රායෝගික ලෙස පෙනෙන්නට පුළුවන, නමුත් එය ස්වයං අවදානම් දරයි. බාහිර පීඩනය ව්‍යාපාරික කාරණයක් ලෙස පමණක් ඉදිරිපත් කරන්නේ නම්, එය ශක්තිමත් දෘෂ්ටිවාදාත්මක ප්‍රතිරෝධයක් ඇති කළ හැකි අතර, පද්ධතිය පාලනය කිරීමට හෝ බලහත්කාරයෙන් පද්ධතියට ඇතුළුවීමට විරුද්ධ වන පුද්ගලයින් ඒකාරාශි කිරීමට හේතුවේ.

ජනාධිපති ට්‍රම්ප් කොංග්‍රස් අනුමැතියකින් තොරව, මහජන අභිලාශය්න්ට එරෙහිව සහ සැබෑවට සිදුවන පාඩු අපේක්ෂාවෙන් ප්‍රධාන මිලිටරි මෙහෙයුමක් දියත් කර ඇත. ඔහුට්ට එරෙහිව නැගෙන දේශීය ප්‍රවණතා ආපසු හැරවීමට ඔහුට ජයග්‍රහණයක් අවශ්‍ය වේ. සාර්ථක වුවහොත්, ධවල මන්දිරය නිගමනය කිරීමට ඉඩ ඇත්තේ තමන්ට ඉතිහාසයක් ඇති බවත්, දෙවියන් වහන්සේ පවා තම පැත්තේ සිටින බවත්, දේශීය හා විදේශීය වශයෙන් වඩාත් දැඩි අධිෂ්ඨානයක් දිරිමත් කරන බවත්ය. යම් විධියකින් ට්‍රම්ප්ට ජයග්‍රහනය්ක් අත්පත් කර නොගන්නේ නම්, සැබෑ ප්‍රතිඵල අත්කර ගැනීම වෙනුවට ආක්‍රමණශීලීත්වය භාවිතා කරන බැවින් තත්වය නරක අතට හැරිය හැකිය.

කෙසේ වෙතත්, මැද පෙරදිග කලාපය තවත් කැළඹිලි සහිත අවධියකට පිවිසෙමින් සිටින අතර, එහි ප්‍රතිවිපාක කලාපයෙන් ඔබ්බට විහිදීමට නියමිතය.එහෙත් එයට සම්බන්ධ වූ කිසිවෙකුටත් යහපත් ප්‍රතිඵ්ල අත්පත් කරගැනීමක් සිදු වන්නේ නැත.

ෆියෝදර් ලුක්‍යානොව් ජාත්‍යන්තර සම්බන්ධතා සහ විදේශ ප්‍රතිපත්තිය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම රුසියානු විශේෂඥයන්ගෙන් එක් අයෙකි. ඔහු 1990 සිට මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරමින් සිටින අතර, නවීන ජාත්‍යන්තර සම්බන්ධතා සහ රුසියානු විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ බොහෝ වැදගත් ලිපි රචනා කර ඇත.
2002 සිට ඔහු “Russia in Global Affairs” නම් සඟරාවේ ප්‍රධාන සංස්කාරකවරයා ලෙස කටයුතු කරයි. එම සඟරාව විදේශීය සහ රුසියානු විශේෂඥයන් හා ප්‍රතිපත්ති නිර්මාතෘවරුන් අතර සංවාද හා විවාද සඳහා වේදිකාවක් ලෙස කටයුතු කරන සඟරාවකි.
2012දී ඔහු රුසියාවේ පැරණිතම රාජ්‍ය නොවන සංවිධානවලින් එකක් වන විදේශ හා ආරක්ෂක ප්‍රතිපත්ති සභාවේ (Council on Foreign and Defense Policy) ප්‍රසිඩියම් සභාපතිවරයා ලෙස තේරී පත් විය. 2015 සිට ඔහු වල්ඩයි ජාත්‍යන්තර සංවාද සමාජය (Valdai International Discussion Club) සංවර්ධනය හා ආධාර කිරීම සඳහා ඇති පදනමේ විද්‍යාත්මක කටයුතු අධ්‍යක්ෂවරයා ලෙස සේවය කරයි.
ඔහු ජාතික පර්යේෂණ විශ්වවිද්‍යාලය වන Higher School of Economics හි ලෝක ආර්ථිකය සහ ගෝලීය දේශපාලනය පිළිබඳ පීඨයේ පර්යේෂණ ආචාර්යවරයෙකු ලෙසද කටයුතු කරයි.
පරිවර්තනය: ජීවන්ත ජයතිස්ස

සම්බන්ධිත පුවත් | Related News

ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් නැවතත් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවට පළවන වාර්තාත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ.
සෞදි අරාබියේ දමාම් සහ රියාද් දක්වා ක්‍රියාත්මක සියලු ගුවන්ගමන් අත්හිටුවීම නොවැම්බර් පළමු වනදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රීලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේමැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට සිර දඬුවම් නියම වීමෙන් පසුව පූජ්‍ය ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් යළි නොවැම්බර් 18 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (22) නියම කළේය.
උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.
පවතින වැසි අධික කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ 14ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 11ක් වාන් මට්ටමට පැමිණ තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැටි රුවක් සකසා මහසෝන් යක්ෂයා ආරූඪ කරමින් සහ හිස සත්කඩකට පැළී මියයන ලෙස ශාප කරමින් සිදුකරන මන්ත්‍ර හා යාතුකර්ම පිටුපස ඇත්තේ රාජ්‍ය නායකයා ඝාතනය කිරීමේ සෘජු කුමන්ත්‍රණකාරී චේතනාවක් බවත්, ඒ පිළිබඳව ආරක්ෂක අංශ වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බවත් ‘ජන බලය සාමූහිකය’ සංවිධානය අවධාරණය කරයි.
අන්තර්ජාලයේ වෙබ් අඩවි විශාල ප්‍රමාණයකට බලපෑ හැකි PHP ක්‍රමලේඛන භාෂාවේ බරපතළ ආරක්ෂක දුර්වලතා දෙකක් හඳුනාගැනීමෙන් පසු, ලොව රටවල් රැසක ආයතන තම වෙබ් අඩවි තාවකාලිකව අක්‍රිය කර ඇත.
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට දිවයින පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය අද (22) සත්වන දිනටත් පැවැත්වෙයි.

ප්‍රධාන පුවත්

පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්..

උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.