News Category
From Date
To Date
Maximum Number of Result

ගොවීන් වෙළෙඳපොළ නොදන්නේ නම් වගා කිරීමෙන් වලකින්නැයි කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

ඉන්දුනීසියාවේ ජකර්තා හිදී අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස රැගත් ගුවන් යානය මීට සුළු මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වී තිබේ.

ජපන් ආක්‍රමණයට එරෙහි චීන ජනතාවගේ ප්‍රති යුද්ධයේ ජයග්‍රහණය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ ජයග්‍රහණයේ 80 වන සංවත්සරය මේ වසරේ යෙදී තිබේ. ලංකා ලීඩර් නිව්ස් වෙබ් අඩවිය මෙම සැමැරුමේ ඇති වැදගත්කම සලකා පලකරනු ලබන ලිපි මාලාවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සමඟ කළ සාකච්ඡාවක්ද එකතු කරනු ලබන්නෙමු. පහත පලවන්නේ ඒ මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේ ලිඛිත සටහනයි..

දෙවන පරපුර ව්‍යාපාරයේ රණවිරු ජනපවුර විසින් ලබන මස 08 වන දින ශ්‍රි ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත ජිනිවා යෝජනා වලට එරෙහිව මහජන අත්සන් එකතු කිරීමේ දැවැන්ත වැඩසටහනක් ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

ජපානය සහ බටහිර පැසිෆික් කලාපයේ අනෙකුත් රටවල් සමඟ ඒකාබද්ධ අභ්‍යාස පැවැත්වීමෙන් පසු පසුගිය 28 වනදා බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ ගුවන් යානා ගෙන යා හැකි නෞකාව ජපානයේ නැංගුරම් ලා සිටීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, එක්සත් රාජධානිය පැවසුවේ අදාල නෞකාව නැංගුරම් ලෑම ඊනියා "ඉන්දු-පැසිෆික් කලාපයේ" ආරක්ෂාව සහ සමෘද්ධිය කෙරෙහි එහි අඛණ්ඩ අවධානය සහ කැපවීම ලොවට පෙන්වීම වෙනුවෙන් මෙලෙස කළ බවයි.

අඛණ්ඩව මාස 11ක් පැවැති අවධනමන තත්ත්වයෙන් අනතුරුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය ධන අගයකට පත්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

දිවයින පුරා ළමුන් 14,834ක් පමණ අවදානම් තත්ත්වයන් යටතේ සිටින බව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව අනාවරණ කර තිබේ.

ශ්‍රී ලංකා විදුලි බල සං‍ශෝධන පනතේ ස්වේච්ඡා විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමයේ නියමයන් හා කොන්දේසි ගැසට් කර තිබේ.

අර්තාපල් සහ ළූණු සඳහා බද්ද පනවන බවට වූ තොරතුර එම බද්ද පැනවීමට පෙර තමන්ට කීකරු ව්‍යාපාරිකයන්ට රජය විසින් ලබා දී ඇතැයි සමගි ජන බලවේග දූෂණ විරෝධී බලවේගයේ කැඳවුම්කරු, හිටපු පළාත් සභා මන්ත්‍රි නිරෝෂන් පාදුක්ක කොළඹ සජබ කාර්යාලයේදී පැවසීය.


ප්‍රධාන පුවත්

බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්

විහාරගම් හා දේවාලගම් පනත වෙනස් කරමින්, එම ඉඩම්වල පදිංචිකරුවන් විහාරස්ථානවලට එරෙහිව නඩු මඟට යොමු කිරීමට බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සාහ කරන බවට මතුගම සෙනෙවිරුවන් මහතා චෝදනා කරයි.

ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..

ගාසා තීරයේ පවතින අර්බුදය විසඳීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු 15කින් සමන්විත සාම සැලැස්ම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..

පිලිපීනය සහ කාම්බෝජය වැනි රටවලින් පලවා හරින ලද ආසියානු පාතාල කල්ලි සහ නීති විරෝධී අන්තර්ජාල සූදු ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන නවාතැනක් බවට ශ්‍රී ලංකාව, විශේෂයෙන්ම කොළඹ වරාය නගරය පත්වෙමින් පවතින බව 'The Island' පුවත්පත මගින් අනාවරණය කර ඇත.

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.