News Category
From Date
To Date
Maximum Number of Result

රටවල්ද මේවා? මේවා තමයි හුණ්ඩු... - ජනපති පාර්ලිමේන්තුවේදී කියයි..

Mar 3, 2026 at 03:07 PM
|

රටේ පවතින ගෑස් ගබඩා කිරීමේ පහසුකම්වල පවතින දැඩි දුර්වලතාවය සහ ඒ හේතුවෙන් මතුව ඇති අර්බුදය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  පාර්ලිමේන්තුවේදී සිය දැඩි අප්‍රසාදය පළ කළේය. 

රටේ දෛනික ගෑස් අවශ්‍යතාවය හා සසඳන විට ගබඩා ධාරිතාවය සතියකටවත් ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, වත්මන් ක්‍රමය දැඩි විවේචනයට ලක් කළේය.

වත්මන් ගෑස් සැපයුම් ක්‍රියාවලිය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේ පැවසීය. "දැනුත් කරලා තියෙන්නේ මොකක්ද? මාලදිවයිනේ නැවක් නතර කරගෙන තියෙනවා. ඒ නැවෙන් පොඩි පොඩි නැව්වලින් මෙට්‍රික් ටොන් 800 ගාණේ දවසක් ඇර දවසක් ගේනවා. රටවල්ද මේවා? මේවා තමයි හුණ්ඩු... මේවා රටවල් නෙමෙයි. මාලදිවයිනේ නැවක් නතර කරගෙන පොඩි නැවකින් 800 ගාණේ ගේනවා. ඉතින් මේවා වෙනස් කරන්න ඕනේ".

ලිට්‍රෝ ගෑස් සමාගමේ දෛනික ගෑස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 1,000ත් 1,200ත් අතර පවතින නමුත්, රටේ සමස්ත ගබඩා ධාරිතාවය පවතින්නේ මෙට්‍රික් ටොන් 8,000ක මට්ටමක බව ජනාධිපතිවරයා අනාවරණය කළේය. මේ හේතුවෙන් උපරිම වශයෙන් ගෑස් ගබඩා කළ හැක්කේ දින පහකට හෝ හයකට පමණක් බවත්, මෙය රටක් ලෙස ඉතා අවදානම් සහගත තත්ත්වයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම හදිසි තත්ත්වයට විසඳුම් ලෙස හම්බන්තොට පිහිටි පෞද්ගලික සමාගමකට අයත් මෙට්‍රික් ටොන් 30,000ක ධාරිතාවයකින් යුත් ගබඩා පර්යන්තයෙන් මෙට්‍රික් ටොන් 15,000ක පහසුකම් තාවකාලිකව ලබා ගැනීමට රජය සාකච්ඡා කර ඇත. එම සමාගම ඒ සඳහා කැමැත්ත පළ කර ඇති බවද ජනාධිපතිවරයා පැවසීය.

පෞද්ගලික ගෑස් සමාගමේ (ලාෆ්ස්) අපනයන වෙළෙඳපොළ බංග්ලාදේශ යුද ගැටුම් හේතුවෙන් බිඳ වැටීම නිසා, එම සමාගමට දේශීය වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමට තිබූ නීතිමය බාධාවන් ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබේ,. ඒ අනුව, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා හරහා විශේෂ රෙගුලාසි මගින් එම සමාගමට දේශීය වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමට තාවකාලිකව අවසර ලබා දෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

රජයේ ගෑස් මිල පෞද්ගලික අංශයට වඩා රුපියල් 500කින් පමණ අඩු බැවින් පාරිභෝගිකයන් විශාල පිරිසක් ලිට්‍රෝ ගෑස් වෙත යොමු වීමේ ප්‍රවණතාවක් පවතී. එම ඉල්ලුම සපුරාලීම සඳහා ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් ලක්ෂයක් අලුතින් ඇණවුම් කර ඇති බවත්, ඉන් කොටසක් මේ මස මැද භාගය වන විට වෙළෙඳපොළට පැමිණෙන බවත් හෙළි විය.

අනාගතයේදී තෙල් සහ ගෑස් ක්ෂේත්‍රයේ මෙවැනි අර්බුද ඇති වීමේ ඉඩකඩ අවම කිරීමට අවශ්‍ය විධිමත් සැලසුම් සකස් කරමින් පවතින බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ඇතිවිය හැකි ඕනෑම අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීම සඳහා රජය සූදානම් බවද දිසානායක මහතා පැවසීය. "අපි සුභදායී දේ අපේක්ෂා කරනවා, නරකම දේට සූදානම් වෙනවා" යන ප්‍රතිපත්තිය මත පිහිටා සියලු රාජ්‍ය ආයතන එක්ව ක්‍රමවත් සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

යුද ගැටුම් පවතින කලාපයේ ශ්‍රී ලාංකිකයන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විදේශ අමාත්‍යාංශය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ අදාළ තානාපති කාර්යාල හරහා පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන සේවාවන් (Hotlines) ආරම්භ කර ඇති බව ප්‍රකාශ කළේය. තත්ත්වය තවදුරටත් දරුණු වුවහොත් ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික සබඳතා හරහා ඔවුන්ට සහාය වීමේ ක්‍රමවේද පිළිබඳව ද අවධානය යොමු කර ඇති බව හෙතෙම සඳහන් කළේය.පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට පැමිණ සිටින සංචාරකයන් මුහුණ දෙන ගැටලු සලකා බලා, ඔවුන්ගේ වීසා බලපත්‍ර කාලය සති දෙකකින් නොමිලේ දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. යුරෝපයේ සිට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රධාන ගුවන් ගමන් මධ්‍යස්ථාන වන ඩුබායි, දෝහා සහ අබුඩාබි වැනි කලාපවලට බලපෑම් ඇතිවීම හේතුවෙන් සංචාරක පැමිණීම් කෙරෙහි යම් බලපෑමක් ඇතිවිය හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මැදපෙරදිග වරායන් සක්‍රිය නොවීම හේතුවෙන් ඇතැම් නැව් සමාගම් තම බහලුම් කොළඹ වරායේ ගබඩා කිරීමට අවසර ඉල්ලා ඇති බවත්, එම බහලුම් නැවත රැගෙන යන කාලසටහනක් මත පදනම්ව පමණක් එම පහසුකම් ලබාදීමට අධ්‍යයනය කරමින් පවතින බවත් ජනාධිපතිවරයා පැවසීය. කොළඹ වරාය හුදු ගබඩා මධ්‍යස්ථානයක් (Dumping site) බවට පත් නොවීමට වගබලා ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

පසුගිය වසරේ ශ්‍රී ලංකාව ලැබූ ඉහළම විදේශ ප්‍රේෂණ ආදායම වන ඩොලර් බිලියන 8.2 ක මුදලට මෙම අර්බුදය හරහා බලපෑමක් ඇතිවීමේ අවදානමක් පවතින බව ජනාධිපතිවරයා අනතුරු ඇඟවීය. එබැවින් විදේශ විනිමය අනුපාත ආරක්ෂා කර ගැනීම සහ අපනයන වෙළඳපොළට සිදුවන බලපෑම අවම කර ගැනීමට මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය ඇතුළු ආයතන දැඩි අවධානයෙන් පසුවන බව ඔහු කියා සිටියේය.

ඛනිජ තෙල් සංස්ථාව, ගෑස් සමාගම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන මේ වන විටත් සක්‍රිය යාන්ත්‍රණයක් හරහා කටයුතු කරමින් සිටින බවත්, දේශපාලන අධිකාරිය ලෙස රජය ඊට අවශ්‍ය නායකත්වය ලබාදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

සම්බන්ධිත පුවත් | Related News

හිටපු කතානායක අශෝක රන්වලගේ ආචාර්ය උපාධි සහතිකය තමන්ට අවශ්‍ය නැති බවත් වහාම ඔහු කතානායක ධුරයෙහි නැවත පිහිටුවන ලෙසත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.
රුසියා–යුක්රේන ගැටුම සම්බන්ධයෙන් සටන් විරාමයක් ඉල්ලා සිටින යුරෝපා නායකයන්ගේ අරමුණ වන්නේ, දැනට කියෙව්හි බලයේ සිටින ආක්‍රමණශීලී රුසියා විරෝධී ආණ්ඩුව එම ස්වරූපයෙන්ම ආරක්ෂා කර ගැනීම බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී කරන ලද ප්‍රකාශයක් මගින් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් සිදුව ඇතැයි නිගමනය කරමින්, කොටුව මහේස්ත්‍රාන්වරයා විසින් අභියාචනාධිකරණය වෙත කරන ලද යොමු කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකළ රිට් පෙත්සම අද (10) දින අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු ඉදිරියේ කැඳවන ලදී.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත එළඹෙන සැප්තැම්බර් 24 සහ 25 යන දිනයන්හිදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තීරණය කර තිබේ.
පර්සියානු බොක්ක කලාපයේ රැඳී සිටින අමෙරිකානු හමුදාවන්ට "ප්‍රමාද වීමට පෙර ඔබේ නිවසට ආපසු යන ලෙස" ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කාරක සභාවේ සභාපති ඊබ්‍රාහිම් අසීසි අනතුරු අඟවා තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.
බණ්ඩාරවෙල මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක නිශාන්ත රත්නායක බණ්ඩාරවෙල විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් ඊයේ (09) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතා අද (10) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණියේය.

ප්‍රධාන පුවත්

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..

කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.