News Category
From Date
To Date
Maximum Number of Result

ඉරාන නැවට ලංකා මුහුදු තීරයේ දී එල්ල වූ ඇමරිකා ප්‍රහාරය හොර ගිවිසුමක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්.. - නාමල් කියයි

Mar 5, 2026 at 05:39 AM
|

ශ්‍රී ලංකා මුහුදු තීරය ඇතුළේ ඉරාන යුද්ධ නෞකාවකට ප්‍රහාරයක් එල්ල වූයේ කෙසේදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කරයි.

පාර්ලිමේන්තුව හෙතෙම මෙම අදහස් පළ කළේය.

"ලංකාවේ මුහුද තීරයේ නැත්නම් ජාත්‍යන්තර මුහුදු තීරයේ හැබැයි දැනගන්න ලැබෙන්නේ එක Exclusive economic zone එක ඇතුලෙ කියලා  නෞකාවකට ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා කියලා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.ඒ වගේම තමයි ලංකාවේ නාවික හමුදාවත් ගිහිල්ලා ඒ තුවාල වෙච්ච කට්ටිය ගෙනිහිල්ලා ගාල්ලේ  රෝහලටත් ඇතුලත් කරලා තියෙනවා.දැන් ගරු සභාපතිතුමා එකසිය ගානක්  අතුරුදහන්. දැන් මේ නෞකාව කොහේ ඉඳන්ද ලංකාවේ මුහුදු තීරයේ සීමාවට ආසන්නව ආවේ. අපට දැනගන්න ඕනේ එක්කෝ විශාකාපට්නම් වල තිබිච්ච ජාත්‍යන්තර යුද අභ්‍යාසයට සහභාගී වෙලා ආයෙ අරාබි මුහුදට යන ගමන්ද එහෙම නැත්නම් ඒ මුහුදේ ඉඳලා ලංකාවට ආපු එකක්ද.ඒ නිසා ඔබතුමන්ලා මේ පිළිබඳව රට දැනුවත් කළ යුතුයි.මොකද එක පැත්තකින් අපේ රටේ ධීවර ජනතාව දකුණු වෙරල තීරයේ මාලු අල්ලන මුහුදට යනවා.මොකද අපේ මුහුදු තීරය ජාත්‍යන්තර මුහුදු තීරය උනාට මේ සිද්ධිය වෙලා තියෙන්නේ exclusive economic zone එක ඇතුළේ EEZ එක ඇතුළේ.එතකොට අපිට නාවික ආරක්ෂාව ලබාදෙන්න වගකීමක් තියෙන සීමාව ඇතුළේ.කොහොමද ඉරාන නෞකාවකට අපේ මුහුදු තීරය ඇතුලේ ප්‍රහාරයක් එල්ල වෙන්න කටයුතු කරේ කියන කාරණය සම්බන්ධව ඔබතුමන්ලා  රට දැනුවත් කළ යුතුයි ඒ වගේම තමයි ඔබ තමුන්නාන්සේලා ඒ සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ.මොකද පැහැදිලිවම එක්කෝ ඔබතුමන්ලා බුද්ධි අංශ එක්ක පැහැදිලිව කටයුතු කරන්නේ නෑ.යහපාලන ආන්ඩුවත් ඇවිල්ලා කරේ බුද්ධි අංශ දුර්වල කලා අදත් ඔබතුමන්ලා බලයට ඇවිල්ලා ඔබතුමන්ලාගේ ආණ්ඩුව ඇතුලේ ඉන්න පාස්කු ප්‍රහාරයේ බුද්ධි අංශ වාර්තා හංගගත්තු අය ආරක්ෂා කරන්න ඕන නිසා සලේව ගෙනල්ලා අත්ඩංගුවට ගන්නවා.රැදවුම් නියෝග ගන්නවා  මොකද්ද කියන්නේ පාස්කු ඉරිදා සම්බන්ධයෙන් කතා කරනවා.හැබැයි ඒ අත්අඩංගුවට ගැනීම පාක වින්දිතයන්ට සාධාරණයක් කිරීම කෙසේ වෙතත් ඔබතුමන්ලාගේ දේශපාලන අවශ්‍යතාවයක් ඉටු කර ගන්න කියන කාරණය දැන් හොඳටම පැහැදිලි.

තව පැත්තකින් දැන් මැද පෙරදිග යන්නේ මේ යුද්ධය.ඊශ්‍රාලය ඇමරිකාව, ඉරානය එක්ක යුද්ධ කරනවා.හැබැයි අවසානයේ ඔබතුමන්ලා ගිවිසුම් අත්සන් කරානේ හොරාට දැන් මේ නෞකාවත් අපේ මුහුදු තීරයේ අසල වෙච්ච හානිය ඒ හොරාට අත්සන් කරපු ගිවිසුමක ප්‍රතිඵලයක් ද.ඒ පිළිබඳව වගකිවයුතු කෙනෙක් ප්‍රකාශයක් කළ යුතුයි.ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයා ඉන්නවා ඔබතුමාගේ විෂය මේක.එහෙම අත්සන් කරපු ගිවිසුමක ප්‍රතිඵලයක්ද එහෙම නැත්නම් ඔබතුමන්ලා අධ්‍යයනය කරන්න අද මැද පෙරදිගට මොකක්ද වෙලා තියෙන්නේ කියලා.මැද පෙරදිග එක්ක ඉරානේ ගහගන්නේ නෑ හැබැයි ඇමරිකානු කඳවුරු වලට ගහන්නේ.ඇමෙරිකානු කඳවුරු වලට ගැහුවට පස්සේ ඒකේ වින්දිතයා වෙන්නේ කවුද ඒ ඒ රටවල්.ඒ නිසා ඔබතුමන්ලා හොරාට ගිවිසුම් අත්සන් කරනකොට මේව ගැන අධ්‍යනය යොමුකරන්න.

තවත් පැත්තකින් මම දැක්කා ගරු ජනාධිපතිතුමා ඇවිල්ලා මේ පිළිබඳව විග්‍රහයක් කරනවා.විග්‍රහයේ ඵලක් වෙන්නේ නැහැ.2009න් පස්සේ අපේ ආණ්ඩුව ඇතුළුව ආපු ආණ්ඩු බොහොමයක් මේ භූගෝලිය  දේශපාලනයේ වෙනස්කම් සහ භූගෝලීය දේශපාලන කාරණා පිළිබඳව අවධානය යොමු කරේ නැහැ ඒක තමයි ඇත්ත කතාව.ඒ හින්දා තමයි අපිට ක්‍රමානුකූලව කාලානුරූපව නොයෙක් අභියෝගවලට අර්බුදවලට මුහුණ දෙන්න වුණේ.ඒ හින්දා ආණ්ඩුවක් විදියට ඔබට වගකීමක් තියෙනවා දැන්වත් අඩුම ගානේ මේ මැද පෙරදිග ගල්ෆ් කලාපයේ  තත්ත්වයත් එක්ක ලංකාවට ඇතිවෙන බලපෑම මොකක්ද.ඒ බලපෑමට අපි මුහුණ දෙන්නේ කොහොමද,ඒකෙන් අපිට යම්කිසි ආර්ථික ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් නාවික සහ ගුවන් මාර්ග හැදෙනවද, ඒ පිළිබඳව ආණ්ඩුව මේ වෙනකොට අධ්‍යනයක් කරලා තියෙනවද.ඒ වගේම තමයි එක පැත්තකින් විදේශ සම්ප්‍රේෂණ වලට විශාල අභියෝගයක් වෙන්න පුළුවන්.බලපෑමක් වෙන්න පුළුවන් අනිවාර්යෙන් .අද ලෝකයේ සංචාරක ව්‍යාපාරයෙන් බොහොමයක් මේ අරාබි ගල්ෆ් ගුවන් සීමාව හරහා තමයි යන්නේ. ඒ තුළින් අපේ රටට ඇතිවන බලපෑම කොහොමද ඒ තුළින් ඔබ ආණ්ඩුවක් විදියට මුහුණ දෙන්නෙ කොහොමද රටක් විදියට අපි සූදානම් වෙන්නේ කොහොමද ඒ වගේම තමයි තවත් පැත්තකින් අපේ රටේත් තේ ඇතුළු අපනයන නිෂ්පාදන ගල්ෆ් කලාපය වගේම ලෝකයේ අනිත් කලාපවලටත් යනවා.මේකට මොකද්ද අපි අලුත් වෙළඳපොළකට යනවද අපි කොහොමද මේ රටවල් එක්ක තවදුරටත් කාරණා ඉෂ්ට කරන්නේ කියන කාරණය පිළිබඳව ආණ්ඩුවක් විදිහට මෙතෙක් දුරට කොතරම් අවධාන යොමු කරල  තියෙනවද  කියන කාරණය පිළිබඳව මේ පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුයි.ඒ වගේම තමයි අපි ඔබෙන් ඉල්ලන්නේ අපිට බැනලා අපි කරන වැඩ ගැන,අපි ඒ කාලේ කරන්න හදනකොට විරුද්ධ වෙච්ච අය ඔය.ඒ කාලේ තෙල් ටැංකි හදනකොට විරුද්ධවෙච්ච අය තමයි ඔය.හැබැයි ඒක නෙවෙයි උත්තරේ.ඒ හින්දා අනිවාර්යයෙන් ඔබ තමුන්නාන්සේලා මුහුණ දෙන්නේ කොහොමද මේ සඳහා රටක් විදියට මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව මේ පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුයි.ඒවගේම ආණ්ඩුව මේක දේශපාලන කෝණයෙන් බලන් නැතුව කරුණාකරලා මේ එක තෙල් පෝලිමක් ගැස් පෝලිමක් දිහාබලලා මේක මේ සතියක වැඩක් මාසෙක වැඩක් කියන එක නෙවෙයි.ලෝකයේ ප්‍රධාන අනෙකුත් හැම රටක්ම මේ අර්බුදයත් එක්ක පැන නගින අතුරු අර්බුද වලට මුහුණ දෙන්න ලෑස්ති වෙනවා අපේ සූදානම මොකක්ද.මේ පිළිබඳව ඔබතමුන්නාසේලා රට දැනුවත් කරන්න ඕනේ.

දැන් එක වේලාවක ඔබතුමන්ලාගේ දේශපාලන න්‍යාය පත්‍රය අනුව ඔබතුමන්ලාට වීරයෝ ඉන්නවා ඉල්මහ විරුවෝ ඉන්නවා.හැබැයි යුද්ධය අවසන් කරපු කෙනා සෙබලා.එල්ටීටීඊ ත්‍රස්තවාදියෝ එක්ක හැප්පුනු කෙනා හැබැයි දැන් කල්පනා කරලා බලන්න එල්ටීටීඊය ත්‍රස්තවාදයක් විදියට මේ රටේ ක්‍රියාත්මක වෙලා තිබුනනම් අද ලෝකෙ තියෙන තාක්ෂණයත් එක්ක අර කුරුම්බැට්ටි ප්ලේන් නෙවෙයි කොළඹට එන්නේ  ඩ්‍රෝන් වලින් ගහලා යන්නේ උන් හිටි තැන් හොයාගන්න බැරි වෙන්න.හැබැයි ඒ ත්‍රස්තවාදය නැති කරන්න මැදිහත් වෙච්ච  බුද්ධි අංශය අය අද හිරේ දානවා ත්‍රස්තවාදය අතැරලා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ආපු අයව හිරේ දානවා රණවිරුවෝ සෙබළු බවට පත්වුණා ඔබතුමන්ලා ඉල් මහවිරුවෝ සමරගන්න අපිට ප්‍රශ්නයක් නෑ.රණවිරුවා සෙබළා බවට පත්වුණා. අනිත් පැත්තෙන් අපේ ගරුතර මහා සංඝරත්නය ආගමික නායකයෝ වනචාරී බවට පත් කරලා ඔබ තමුන්නාන්සේලා.

ඔබතුමන්ලාගේ ඇමතිවරුන්ගේ ප්‍රකාශ, ජනාධිපතිවරයාගේ ප්‍රකාශ වලින්,අනිත් පැත්තට මේ මාතෘ භූමිය ගොඩනගන්න මාතෘ භූමිය බේරගන්න කැපවීම් කරපු ඉතිහාසයක් තියෙන රටක්.ඒ මාතෘ භූමිය අද හුණ්ඩුවක් බවට පත් කරලා.ඔබතුමන්ලාගේ තියෙන මානසිකත්වය හිතුම් පැතුම් හිතන විදිහ ඒ හුණ්ඩුවට සීමා වෙන්න පුළුවන්.හැබැයි මේ රට ගොඩනගන්න සහ අභිමානය ගොඩනගන්න ලෝකෙ තියෙන ඕනම රටක් ලෝකෙ තියෙන පොඩිම රටක උනත් පුංචිම දූපතක උනත් තමන්ගේ රටේ නායකය ඇවිල්ලා තමන්ගේ රට හුණ්ඩුවක් කියලා කියාගන්නේ නෑ.එහෙම කරන්නේ නෑ මොකද අභිමානයක් තියෙන්න ඕනේ තමන්ගේ රට පිළිබඳ තමන්ගේ ජාතිය පිළිබඳව තමන්ගේ ආගම පිළිබඳව .එහෙම තමන්ගේ ආගම ජාතිය පිළිබඳව අභිමානයක් නැත්නම් එතනින් එහාට ඒ රටේ නායකයා ගන්න තීන්දු තීරණ පිළිබඳව දිගුකාලීන සැලැස්මකට මේ රටේ අනාගත පරම්පරාවට මුහුණ දෙන්න පුළුවන් විදිහේ තීන්දු තීරණ ගන්න රාජ්‍ය නායකයෝ බිහිවෙන්නේ නෑ.

ඉතින් ඒ හින්දා අපි ඔබෙන් ඉල්ලන්නේ දැන් මේ දේශපාලනය අපි ඔබ විසඳගන්න පුළුවන් හැබැයි කරුණාකරලා මේ මැද පෙරදිග ගල්ෆ් කලාපයේ ඇතිවෙලා තියෙන අභියෝගයක් තියෙනවා අර්බුදයක් තියෙනවා ඒ ගල්ෆ් කලාපයේ ඇමරිකානු කඳවුරු විතරක් නෙමෙයි සිවිල් පුරවැසියන් ආර්ථික කේන්ද්‍රස්ථාන ගුවන් කේන්ද්‍රස්ථාන වරායවල් වලට හානි වෙනවා මේ නිසා අපේ රටට කෙටි කාලීන මධ්‍යකාලීන වගේම දිගුකාලීන ආර්ථික බලපෑමක් ඇතිවෙන්නන පුළුවන් ඒ නිසා කරුණාකරලා ඔබතුමන්ලාගේ ඔය හුණ්ඩු මානසිකත්වය පැත්තක තියලා තිරසාර සැලැස්මකට අනුව කටයුතු කරන්න කියලත් ඉල්ලනවා."



සම්බන්ධිත පුවත් | Related News

හිටපු කතානායක අශෝක රන්වලගේ ආචාර්ය උපාධි සහතිකය තමන්ට අවශ්‍ය නැති බවත් වහාම ඔහු කතානායක ධුරයෙහි නැවත පිහිටුවන ලෙසත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.
රුසියා–යුක්රේන ගැටුම සම්බන්ධයෙන් සටන් විරාමයක් ඉල්ලා සිටින යුරෝපා නායකයන්ගේ අරමුණ වන්නේ, දැනට කියෙව්හි බලයේ සිටින ආක්‍රමණශීලී රුසියා විරෝධී ආණ්ඩුව එම ස්වරූපයෙන්ම ආරක්ෂා කර ගැනීම බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී කරන ලද ප්‍රකාශයක් මගින් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් සිදුව ඇතැයි නිගමනය කරමින්, කොටුව මහේස්ත්‍රාන්වරයා විසින් අභියාචනාධිකරණය වෙත කරන ලද යොමු කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකළ රිට් පෙත්සම අද (10) දින අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු ඉදිරියේ කැඳවන ලදී.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත එළඹෙන සැප්තැම්බර් 24 සහ 25 යන දිනයන්හිදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තීරණය කර තිබේ.
පර්සියානු බොක්ක කලාපයේ රැඳී සිටින අමෙරිකානු හමුදාවන්ට "ප්‍රමාද වීමට පෙර ඔබේ නිවසට ආපසු යන ලෙස" ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කාරක සභාවේ සභාපති ඊබ්‍රාහිම් අසීසි අනතුරු අඟවා තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.
බණ්ඩාරවෙල මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක නිශාන්ත රත්නායක බණ්ඩාරවෙල විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් ඊයේ (09) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතා අද (10) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණියේය.

ප්‍රධාන පුවත්

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..

කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.