News Category
From Date
To Date
Maximum Number of Result

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සංචාරයක් සඳහා අද (09) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

යෝජිත අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මඟින් මෙරට අධ්‍යාපන පද්ධතිය වැඩි වශයෙන් පෞද්ගලික අංශයට පැවරීම සඳහා යෝජනා කර ඇති බව කොළඹ විශ්වවිද්‍යාල ශාස්ත්‍රපීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනිව සභාපති ලෙස පත්වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක පවසයි.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මනුෂ්‍ය ශරීරයකටවත් ළං කිරීමට සුදුසු තත්වයේ නැති බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂඥ වෛද්‍ය කමිටුව වාර්තා කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මින් ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියට දැනුම් දුන්නාය.

නිකවැරටිය, පොල්ගහවෙල, මහව සහ ආණමඩුව යන රජයේ වී ගබඩාවලින් 2022 වසරේ යල සහ මහ කන්නයට අදාළ වී කිලෝ ලක්ෂ 30ක් පමණ අතුරුදන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

පැවැති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී යුද්ධය හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන්වූවන් රඳවා සිටින සියලු සුබසාධන මධ්‍යස්ථාන මෙම වසරේදී වසා දමන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය පවසයි.

ජනවාරි 01 දින සිට මාර්තු 31 වැනිදා දක්වා කාලය තුළ බන්ධනාගාර රැඳවියන් 53 දෙනකු මිය ගොස් ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා ඊයේ (8දා) පැවසීය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් භාවිතයෙන් ඇතිවූ අසාත්මිකතා නිසා කොළඹ ජාතික රෝහලින් ප්‍රතිකාර ලැබූ රෝගීන් තිදෙනකු මියගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් සවිස්තර වාර්තා කැඳවන ලෙස, අල්ලසට හා දූෂණයට එරෙහි සංවිධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා ඊයේ (08 දා) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ (08 දා) පැවැත්වූ දේශපාලන මණ්ඩල රැස්වීම නීත්‍යානුකූල නොවන අතර එය පක්ෂ ව්‍යවස්ථාවටද පටහැනි බව, ශ්‍රීලනිප හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.


ප්‍රධාන පුවත්

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.