News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාවේ ඇත්තේ සිංහලයන් විසින් සිංහලයන් වෙනුවෙන් ගොඩනැගූ සිංහලයන්ගේ ආණ්ඩුවක් බවත්, දෙමළ අපේක්ෂකයකුට ජනාධිපතිවරණයකින් ජයග්‍රහණය කළ නොහැකි බවත් තමිල් මක්කල් තේසිය කුට්ටනි (ටීඑම්ටීකේ) පක්ෂයේ නායක සහ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් පවසයි.

සිංහල හා දෙමළ අවුරුදු සමය වෙනුවෙන් ක්‍රියාත්මක බස් සේවාව හරහා සිය දෛනික ආදායම රුපියල් මිලියන 25කින් පමණ ඉහළ ගොස් ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

මහබැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයන් ඇතුළත් කර නොගෙන තම සමගි ජන බලවේගය නිර්මාණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම පිළිබඳව ඉන්දියානු මැතිවරණ වේදිකාවේ උණුසුම් මාතෘකාවක් වී ඇති බැවින්ද ඒ පිළිබඳ ජාත්‍යන්තර අධිකරණයේ නඩු පවරන බවට තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව ප්‍රකාශ කරන බැවින් ද මේ සම්බන්ධ සැබෑ තත්වය පිළිබදව මෙරට ජනතාව දැනුම්වත් කල යුතු බව පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

තම නම කෙසේ වෙතත් මෙවර ජනපතිවරණය ඡන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන්ම පොහොට්ටු ලකුණ දැකිය හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය හරහා වෛද්‍ය උපාධිය සිවිල් සිසුන්ට මුදලට ලබා දීම සඳහා ප්‍රකාශ කෙරුණු කැබිනට් තීරණය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මඟින් ඊයේ(10) ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨ පරිශ්‍රයේ දී, මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.

ශ්‍රී ලංකාව චීන නෞකා ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ විශේෂ ආර්ථික කලාපය තුළට විදේශ පරේෂණ යාත්‍රා ඇතුල්වීම තහනම් කරමින් නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් චීන අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවේ කනස්සල්ල පළ කර ඇතැයි වාර්තා වෙයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව දෙන ලෙස කළ ඉල්ලීමට හේතු පැහැදිලි කිරීම සඳහා තමාට බලයක් නොමැති බව සමාජ සවිබල ගැන්වීම් පිළිබඳ රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල් මහතා පවසයි.

දකුණු කොරියාවේ ඊයේ (10) පැවති මහ මැතිවරණයෙන් ප්‍රධාන විපක්ෂය විශිෂ්ට ජයක් හිමි කරගෙන ඇති අතර ඒ අනුව පාර්ලිමේන්තුවේ බලය තහවුරු කර ගැනීමට ඔවුන් සමත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ප්‍රධාන පුවත්

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.