යුද්ධය පටන් ගත්තේ අපි නෙමෙයි. අපි කරන්නේ අපිව ආරක්ෂා කර ගැනීම පමණයි.. - මෙරට ඉරාන තානාපති කියයි
ඉරානයට එරෙහිව ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ක්‍රියත්මක කර ඇති යුදමය ක්‍රියාමාර්ග වහාම නතර කරන ලෙස බලකරමින් මුස්ලිම් ප්‍රජාව විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් ඊයේ (06) කොළඹ, දවටගහ පල්ලිය අසලදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කෝශ් (Alireza Delkhosh) ද එක්ව සිටීම විශේෂත්වයක්.
මෙහිදී අදහස් දැක්වූ ඉරාන තානාපතිවරයා සඳහන් කළේ, "යුද්ධය පටන් ගත්තේ අපි නෙමෙයි. අපි අපිව ආරක්ෂා කර ගන්නවා විතරයි,” යනුවෙනි.
එසේම, ලෝක සාමය අපේක්ෂා කරන සියලු දෙනා මෙම අසාධාරණ යුද්ධයට එරෙහිව හඬ නැගිය යුතු බව ද තානාපතිවරයා සඳහන් කළේය.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉරාන තානාපතිවරයා, මෙසේ ද පැවසීය,
“ඔබ දන්නා පරිදි පෙබරවාරි 28 වැනිදා අපි එක්සත් ජනපද රෙජිමයේ සහ ඊශ්‍රායල් රෙජිමයේ නීතිවිරෝධීි ප්‍රහාරයකට ලක්වුණා. මෙම ප්‍රහාරය එල්ල වුණේ අපි එක්සත් ජනපදය සමග සාකච්ඡා කරමින් සිටින අතරතුරදීයි. ඒකෙන් දෙවැනි වරටත් පෙන්නුම් කළේ මේ මාස අටට එක්සත් ජනපදය කිසිදු සාකච්ඡාවක් විශ්වාස නොකරන බවයි.
ඔවුන්ට අවශ්‍ය වන්නේ අණ දෙන්න පමණයි. ඔවුන්ට අවශ්‍ය යමක් කියලා අනෙක් අය ඒ දේට අවනත වෙන එකයි. අපිට ඒකට එකඟ වෙන්න බෑ. අපි ඉරාන ජාතිකයින්. අපි ස්වාධීනයි. අපි බලවත්. අපිට අපිව ආරක්ෂා කර ගන්න පුළුවන්.
යුද්ධය පටන් ගත්තේ අපි නෙමෙයි. අපි කරන්නේ අපිව ආරක්ෂා කර ගන්න එකයි. අපි දිගටම අපිව ආරක්ෂා කරගන්නවා. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 51 වන වගන්තියට අනුව. මගේ පණිවුඩය නම් ශ්‍රී ලංකාව ඉරානයට ඉතා ගෞරවනීය රටක්. ලංකා ශිෂ්ඨාචාරය සමග අපට සහයෝගීතාවයේ ඉතා දිගු ඉතිහාසයක් තිබෙනවා. අවුරුදු දහස් ගණනක ඉතිහාසයක්.
මම හිතනවා මේක තමයි වෙලාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමට විරුද්ධයි කියලා හැම රටකටම පණිවිඩයක් දෙන්න. ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කරලා අපි මධ්‍යස්ථයි කියන්න බෑ. මධ්‍යස්ථභාවය කියන්නේ සෑම කෙනෙකුටම ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර රෙගුලාසි ගැන සැලකිලිමත් විය යුතුයි කියන එක.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..