News Category
From Date
To Date
Maximum Number of Result

තමාගේ නම් වෙනස් කළ බවට මේ දක්වා කිසිදු මාධ්‍යයක පල කර නැති බවද නමුත් මේ වනවිට නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ නම ‘හෑවගේ’ ලෙස සමාජය මාධ්‍ය තුළ සදහන් කර ඇතැයිද කරුණාකර එසේ නොකරන ලෙස ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය සඳහන් කරයි.

කොළඹ වරායේ නැඟෙනහිර බහාලුම් පර්යන්තය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ හවුල් වීමට ප්‍රධාන නැව් සමාගම් කැමැත්ත පළකර ඇති නමුත් අදානි සමාගම විසින් පවත්වාගෙන යනු ලබන බටහිර බහාලුම් පර්යන්තය සමඟ ඇති ගිවිසුම හේතුවෙන් ඊට බාධා මතුව ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් ලබාදීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (සිලින්ඩරය) සමග එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මැති ඇමැතිවරුන් කිහිපදෙනකු යළිත් එම පක්ෂයට එක්වීමට අවශ්‍ය බවට ඉල්ලීම් කර ඇතත් ඔවුන් යළි පක්ෂයට බඳවා නොගත යුතු යැයි එම පක්ෂයේ ප්‍රබලයකු දැඩි මතයක සිටින බව එහි ප්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුව විසුරුවා හැරියොත් එය භාර ගැනීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.ජනාධිපතිවරයාට ඒ සදහා තව වසර දෙකහාමාරකින් අවස්ථාව උදා වන බවත් කීවේය.

ඇතිමලේ සියඹලාණ්ඩුව සූර්ය බලාගාර ටෙන්ඩරයක් ලබාදීමේදී සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් රජයට රුපියල් බිලියන 3 කට අධික අලාභයක් සිදුවන බව පවසමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඇතුළු වගඋත්තරකරුවන් කිහිපදෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කර තිබේ.

යෝජිත පළාත් පාලන මැතිවරණය මැයි මස මුල් සතියේ පැවැත්වීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට විස්තීර්ණ ණය පහසුකමට අදාළ තුන්වන සමාලෝචනය අනුමත කිරීම වෙනුවෙන් එම අරමුදලේ විධායක මණ්ඩලය 2025 පෙබරවාරි 28 දින රැස්වීමට නියමිතය.

හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා කොළඹදී පවත්වා තිබේ.


ප්‍රධාන පුවත්

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..

රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති කාර්යාලය පසුගිය ජූනි 11 වන දින සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණි..

ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.

ඉරානය තම භූමියට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරවලට පළිගන්නා බව ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි අද(13) ප්‍රකාශ කළේ ප්‍රහාරයෙන් ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් මිය ගිය බව තහවුරු කරමිනි.

විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..

ශ්‍රී ලංකාවට අදාළව විස්තීරණ ණය පහසුකමේ සිව් වන ඇගයීම සම්පූර්ණ කිරීම ජාත්‍යතර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩල තීරණය මත පදනම් වන බවත්, ශ්‍රී ලංකා රජය ප්‍රකාශයට පත්කළ විදුලි ගාස්තු සංශෝධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන ගිය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..

පසුගිය 11 වැනිදා මානව හිමිකම් කොමිසමට විරෝධතා පෙත්සමක් ඉදිරිපත් කරමින් එම කොමිසම විසින් දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා ගනු ලබන උත්සාහයට විරෝධය පළ කිරීම සඳහා කාන්තා පරපුර සංවිධානය කටයුතු කරනු ලැබීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.