News Category
From Date
To Date
Maximum Number of Result

බැඳුම්කර සිද්ධියට චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට එන ඒමට කිසිදු නීතිමය බාධාවක් නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම කාර්යාලයේ (පෙබරවාරි 26දින) පැවති තරුණ සැසියක් අමතමින් සදහන් කරන්නේ තමා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ගෙන ඒමට කටයුතු කළ බැවින් අද එම කණ්ඩායමට ආණ්ඩු බලය ලබාගැනීමට හැකිවී ඇති බවය.

පසුගිය 24 වැනිදා ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිය අමතමින් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සදහන් කරන්නේ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ දිගටම එකඟතාවය පවත්වා ගැනීමට (Engagement) මෙන්ම මානව හිමිකම් සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයන බවට පොරොන්දුවක් ලබාදී ඇත.

අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදය විසින් ඊයේ(26) කොළඹ 7 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සංවිධානය කර තිබූ "යුක් රේන ප්‍රොක්සි යුද්ධය : ඇත්ත සහ බොරුව " ඡායාරූප ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටියේ, ඊනියා මයිදාන් සහ ගෝල් ෆේස් පන්නයේ අරගල වලින් පාර කැපෙන්නේ සෙලෙන්ස්කිලා වැනි ජනතාවට විනාශය රැගෙන එන නායකයන්ට බවයි.

මහ බැංකු බැදුම්කර ගනුදෙනුවකට අදාල විමර්ශනයක් සදහා හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ලබා දිය නොහැකි බව සිංගප්පූරු රජය ප්‍රකාශ කරයි. ඔහු ශ්‍රී ලංකාවේ ඉපදුන ද මේ වනවිට සිංගප්පූරු පුරවැසියෙක් බැවින් තම පුරවැසියන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීමක් ඇතැයි ද සදහන් කර තිබේ.

ආහාර උද්ධමනය ඉහළ යෑම නිසා ලංකාවේ ජනතාව ඉදිරියේ දී මන්දපෝෂණ අර්බුදයකට මුහුණ දියහැකි අවදානමක් රට හමුවේ ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පැවසීය.

අයවැය යෝජනා මගින් හෙද සේවාවට බරපතළ අසාධාරණයක් සිදුව ඇති බැවින් ඊට විරෝධය දක්වා අද (පෙබ. 27) දහවල් 12:00ට දිවයින පුරා පිහිටි සියලු රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසා ඇත.

රිළා ගැටලුවට විසඳුමක් බලාපොරොත්තුවෙන් සිටි ගොවීන්ට හා ගම්වාසීන්ට ගපොළදොළුව ගොඩවෙල වසමේ රාජ්‍ය නිලධාරීන් විසින් දැඩි නීතිරීති පනවමින් රජයේ සහනය යටතේ වායු රයිෆල් ලබාදීමට පැය හතරක පමණක් කාලයක් ලබාදීමේ සිද්ධියක් මුල්කර ගනිමින් ප්‍රදේශවාසීන් එම නිලධාරීන්ට දැඩි ලෙස විරෝධයක් එල්ල කර ඒ පිළිබඳව කෘෂිකර්ම ඇමැති ලාල් කාන්තට ද පැමිණිලි කර තිබේ.

අද (27) දින දිවයිනේ සියලුම රෝහල් ඉදිරිපිට පැයක කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති නාලක හෙට්ටිආරච්චි සදහන් කරයි.


ප්‍රධාන පුවත්

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..

රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති කාර්යාලය පසුගිය ජූනි 11 වන දින සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණි..

ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.

ඉරානය තම භූමියට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරවලට පළිගන්නා බව ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි අද(13) ප්‍රකාශ කළේ ප්‍රහාරයෙන් ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් මිය ගිය බව තහවුරු කරමිනි.

විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..

ශ්‍රී ලංකාවට අදාළව විස්තීරණ ණය පහසුකමේ සිව් වන ඇගයීම සම්පූර්ණ කිරීම ජාත්‍යතර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩල තීරණය මත පදනම් වන බවත්, ශ්‍රී ලංකා රජය ප්‍රකාශයට පත්කළ විදුලි ගාස්තු සංශෝධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන ගිය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..

පසුගිය 11 වැනිදා මානව හිමිකම් කොමිසමට විරෝධතා පෙත්සමක් ඉදිරිපත් කරමින් එම කොමිසම විසින් දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා ගනු ලබන උත්සාහයට විරෝධය පළ කිරීම සඳහා කාන්තා පරපුර සංවිධානය කටයුතු කරනු ලැබීය.

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්

ඉරානයට එරෙහිව ඊශ්‍රායල රාජ්‍යය විසින් සිදු කරන ලද පූර්ව අනතුරු අඟවන ප්‍රහාරයෙන් පසුව, ඊශ්‍රායල රාජ්‍යයට සහ එහි සිවිල් ජනතාවට එරෙහිව මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ දී අපේක්ෂා කෙරන බව ඊශ්‍රායල ආරකෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසීය.

දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..

දණ්ඩනීති සංග්‍රහයේ 356 සහ 365 (අ) වගන්ති සංශෝධනය කරීම මගින් මෙරට දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළීමට මානව හිමිකම් කොමිසම විසින් අධිකරණ ඇමැතිවරයාට නිර්දේශ කිරීම ඉතා සූක්ෂම අයුරින් සිදු කළ ක්‍රියාවක් බවත්, මෙම වගන්ති සංශෝධනය කිරීම හරහා මෙරට දරුන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව පිළිබඳව දැඩි තර්ජනයක් මතුවන බවත් ලක්මව දියණියෝ සංවිධානය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.