එයාර් බස් සිද්ධියට නාමල්ට ඇප..
ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 100 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේත්‍රාත් පසන් අමරසේන අද (30) නියෝග කළේය.
එසේම, සැකකරුගේ විදසේ ගමන් තහනම් කළ මහේසත්‍රාත්වරයා එම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙස ද අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේය.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි විමර්ශන නිලධාරීන් විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග නිකුත් කරන ලදී.
සිද්ධියට අදාල ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය පෙර නඩු දිනයේ දී අධිකරණයේදී කියවා දෙනු ලැබීය.
එහි දී ඇප ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීම සදහා අධිකරණයට පහත කරුණු තුන සම්බන්ධයෙන් ලිඛිතව දේශන ඉදිරිපත් කරන ලෙසට පෙර නඩු දිනයේ දී විමර්ශන නිලධාරීන්ට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දකවමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර පවසා සිටියේ එම නියෝගයේ කරුණු 3 සම්බන්ධයෙන් සලකා බැලු බවයි.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර මෙහිදි මෙලෙස කරුණු ඉදිරිපත් කළේය.
" ස්වාමිනි, මෙම අධිකරණයේ අදාල විමර්ශනයට සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින විමර්ශනය ඒකාබද්ධ කර නඩු පැවරීමට හැකිද ? යන්න පලමු කරුණයි.
ඒ සම්බන්ධයෙන් තවම අවසන් තිරණයට එළඹ නැහැ. එකම තත්වය යටතේ විමර්ශනය සිදු කරනවා.
" දෙවන කරුණ වන්නේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට මෙම නඩුව යොමු කළ හැකිද යන්නයි. "
ස්වාමීනි, මෙය විමර්ශන දෙකකට අදාලව කරන්නේ. එම නිසා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කිරිමට අවශ්‍ය වන්නේ නැහැ. එම විමර්ශන දෙකකටම අදාලව උදෘත නිතිපතිවරයා වෙත යොමු කරලා තියෙන්නේ. ඉතා ඉක්මනින් තිරණය කරනවා මේ ගැන.
" ස්වාමීනි, තුන්වැනි කරුණ වන්නේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පවතින නඩුවේ හතරවන සැකකරු ලෙස අල්ලස් සිද්ධියට අදාලව අල්ලස් පනත අනුව අධ්‍යක්ෂවරයා විසින් 149 වගන්තිය යටතේ සහතියක් ඉදිරිපත් කර තිබේද යන්නයි.
‘ඔව් ස්වාමීනි” ඉදිරිපත් කර තිබෙනවා." යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් UN වෙතින් ශ්‍රී ලංකා රජයට දැඩි ප්‍රශ්නාවලියක්..
ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 6.5 පනී - 69%ක සීඝ්‍ර ඉහළ යාමක්!
සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ
සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ
ට්‍රම්ප් තීරණයක් ගැනීමට නොහැකිව අර්බුදයකට හසුවෙලා-ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි
2027 අයවැය නොවැම්බර් 12 දා..
ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි
ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි
ඊශ්‍රායලයේ සහ ඇමෙරිකාවේ ක්‍රියාකලාපයට එරෙහිව ලෝකයේ ප්‍රබල විරෝධයක් ගොඩනැගෙමින් පවතිනවා.. - ජාත්‍යන්තර දේශපාලනය සහ එක්සත් ජාතීන්ගේ සැසිය ගැන උවිඳු විජේවීරගෙන් විශේෂ විග්‍රහයක්..
අනුරගේ රතු හැට්ටයට යටින් ඉන්නේ වෙනිසියුලාවේ ඇමෙරිකානු පදයට නැටූ ඩෙල්සිලා.. උතුරේ කොටි සැමරුම් හා සිංහල බෞද්ධ උරුමයට එල්ල වන තර්ජන හමුවේ විපක්ෂයේත් අශුද්ධ එකඟතාවක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඕස්ට්‍රේලියානු සමාගමක කොටස් හිමිකම සම්බන්ධ නඩුවෙන් උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්..
කියුබාව ‘වැටෙනු ඇතැයි’ ට්‍රම්ප් පැවසීමෙන් පසු චීනයේ සහාය කියුබාවට!
ඇමරිකාවේ පනස් වසරක ධර්ම දූත මෙහෙවර ඇගයේ: "ධර්ම විකෘතිය යනු කුමක්ද?" - මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් විශේෂ දේශනයක්..
එක්සත් ජාතීන්ගේ අර්ථවත් ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාව සහාය දක්වනවා.. - ඇමති විජිත UN මහ සමුළුව අමතමින් කියයි
ආක්ටික් කලාපීය බලපෑම් හමුවේ ඇමෙරිකාව සහ යුරෝපා සංගමය අතර මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වෙයි..
“අනුර නමින් ඩෙල්සි ඇවිත්?”.. - විමල්ගේ විශේෂ දේශනය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙයි..