කෘත්‍රිම බුද්ධිය න්‍යෂ්ටික අවි තරම්ම තර්ජනයක් විය හැකියි.. විද්‍යාඥයින්ගෙන් සහ තාක්ෂණික ක්ෂේත්‍රයෙන් දැඩි අනතුරු ඇඟවීමක්
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය මිනිස් පාලනයෙන් ඔබ්බට ගමන් කිරීම වැළැක්වීම සඳහා ලොව පුරා රාජ්‍යයන් සහ පෞද්ගලික තාක්ෂණික සමාගම් කඩිනමින් එක්ව ආරක්ෂිත නියාමනයන් සැකසිය යුතු බව නොබෙල් සාම ත්‍යාගලාභී ‘පග්වොෂ්’ විද්‍යා සංවිධානයේ ප්‍රධානී කැරන් හෝල්බර්ග් මහත්මිය ප්‍රකාශ කළ බව RT පුවත් සේවය වාර්තා කරයි.
මොස්කව් නුවරින් බැහැරව පැවැති ‘වල්ඩායි සාකච්ඡා සමාජයේ’ සැසියක් අමතමින් ඇය කෘත්‍රිම බුද්ධිය හැඳින්වූයේ න්‍යෂ්ටික තාක්ෂණයට සමාන ක්‍රියාවලියක් ලෙසයි. මෙම තාක්ෂණයන් ද්විත්වය මඟින්ම මානව වර්ගයාට අතිවිශාල ප්‍රතිලාභ ලැබෙන සේම, බරපතළ ව්‍යසනයන් නිර්මාණය කිරීමේ ඉඩකඩක්ද පවතින බව ඇය පෙන්වා දුන්නාය.
වෛද්‍ය විද්‍යාව මෙන්ම එදිනෙදා ජීවිතය පහසු කිරීම සඳහා කෘත්‍රිම බුද්ධියෙන් ලැබෙන අතිමහත් සහයෝගය හේතුවෙන් එය ‘ද්විත්ව භාවිත’ තාක්ෂණයක් ලෙස හැඳින්විය හැකි බව හෝල්බර්ග් මහත්මිය පැවසුවාය. කෙසේ වෙතත්, තමන් විසින්ම ස්වයං-දියුණුවක් ලබාගැනීමට සමත් කෘත්‍රිම බුද්ධි පද්ධතීන් කිසිවකුටත් අනාවැකි කිව නොහැකි මඟක් කරා ගමන් කළ හැකි බවට ඇය අනතුරු ඇඟවූවාය.
තාක්ෂණික ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගම්වල ප්‍රවීණයන් පවා මෙය දැනටමත් මිනිස් පාලනයෙන් ගිලිහෙමින් පවතින බව පවසන බැවින්, සැබවින්ම ඔවුන්ගේ අනතුරු ඇඟවීම්වලට කන් දිය යුතු බව ඇය අවධානය යොමු කළාය.
ආරම්භක න්‍යෂ්ටික යුගයේදී මෙන් නොව, වර්තමාන AI තාක්ෂණයෙන් වැඩි කොටසක් නිර්මාණය කරනු ලබන්නේ පෞද්ගලික ව්‍යාපාරික ආයතන මඟින් බව පෙන්වා දුන් හෝල්බර්ග් මහත්මිය, ඒ සඳහා පොදු නීති රීති පද්ධතියක් සම්පාදනය කිරීමට රාජ්‍යයන් එකී සමාගම් සමඟ සෘජුව සාකච්ඡා කළ යුතු බව සඳහන් කළාය.
එමෙන්ම, ඕනෑම ඇල්ගොරිතමයක මානවයා සතු පූර්ණ පාලනය තහවුරු කෙරෙන ආරක්ෂිත පියවර අන්තර්ගත විය යුතු බවද ඇය අවධාරණය කර සිටියාය.
මේ අතර, ශීඝ්‍රයෙන් දියුණු වන AI තාක්ෂණයේ ඇති බිහිසුණු ප්‍රතිවිපාක පිළිබඳව එම තාක්ෂණය නිපදවන සමාගම් විසින්ද අනතුරු අඟවා තිබේ. එළැඹෙන ඔක්තෝබර් මස මැද භාගයේදී ප්‍රථම වරට කොටස් වෙළෙඳපොළට පිවිසීමට (IPO) සූදානම් වන ප්‍රමුඛ පෙළේ ඇමෙරිකානු සමාගමක් වන ‘ඇන්ත්‍රොපික්’ (Anthropic), දියුණු කෘත්‍රිම බුද්ධිය හේතුවෙන් මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මටම දැවැන්ත හෝ විනාශකාරී තර්ජන එල්ල විය හැකි බවට සිය අනාගත ආයෝජකයන් වෙත දැනුම් දී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
පිටු 261කින් සමන්විත ඔවුන්ගේ මූලික නිකුතු ප්‍රකාශනයෙන් පිටු 80ක් පමණ මෙවැනි අවදානම් සාධක විස්තර කිරීම වෙනුවෙන්ම වෙන් කර ඇති බවද රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.
ලොව පුරා සන්නද්ධ ගැටුම් සහ සමූල ඝාතක අවි මඟින් එල්ල වන තර්ජන අවම කිරීම උදෙසා විද්‍යාඥයන් හා ප්‍රමුඛ පෙළේ සමාජ ක්‍රියාකාරීන් ඒකරාශී කරන ජාත්‍යන්තර ‘පග්වොෂ්’ සංවිධානය, එහි සම-නිර්මාතෘ ජෝසප් රොට්බ්ලැට් සමඟ එක්ව 1995 වසරේදී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබා ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් UN වෙතින් ශ්‍රී ලංකා රජයට දැඩි ප්‍රශ්නාවලියක්..
ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 6.5 පනී - 69%ක සීඝ්‍ර ඉහළ යාමක්!
සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ
සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ
ට්‍රම්ප් තීරණයක් ගැනීමට නොහැකිව අර්බුදයකට හසුවෙලා-ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි
2027 අයවැය නොවැම්බර් 12 දා..
ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි
ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි
ඊශ්‍රායලයේ සහ ඇමෙරිකාවේ ක්‍රියාකලාපයට එරෙහිව ලෝකයේ ප්‍රබල විරෝධයක් ගොඩනැගෙමින් පවතිනවා.. - ජාත්‍යන්තර දේශපාලනය සහ එක්සත් ජාතීන්ගේ සැසිය ගැන උවිඳු විජේවීරගෙන් විශේෂ විග්‍රහයක්..
අනුරගේ රතු හැට්ටයට යටින් ඉන්නේ වෙනිසියුලාවේ ඇමෙරිකානු පදයට නැටූ ඩෙල්සිලා.. උතුරේ කොටි සැමරුම් හා සිංහල බෞද්ධ උරුමයට එල්ල වන තර්ජන හමුවේ විපක්ෂයේත් අශුද්ධ එකඟතාවක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඕස්ට්‍රේලියානු සමාගමක කොටස් හිමිකම සම්බන්ධ නඩුවෙන් උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්..
කියුබාව ‘වැටෙනු ඇතැයි’ ට්‍රම්ප් පැවසීමෙන් පසු චීනයේ සහාය කියුබාවට!
ඇමරිකාවේ පනස් වසරක ධර්ම දූත මෙහෙවර ඇගයේ: "ධර්ම විකෘතිය යනු කුමක්ද?" - මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් විශේෂ දේශනයක්..
එක්සත් ජාතීන්ගේ අර්ථවත් ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාව සහාය දක්වනවා.. - ඇමති විජිත UN මහ සමුළුව අමතමින් කියයි
ආක්ටික් කලාපීය බලපෑම් හමුවේ ඇමෙරිකාව සහ යුරෝපා සංගමය අතර මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වෙයි..
“අනුර නමින් ඩෙල්සි ඇවිත්?”.. - විමල්ගේ විශේෂ දේශනය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙයි..