

සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කළ මුදල් අවභාවිත කිරීමට ආධාර අනුබල දෙමින් රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් මඟනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් දෙදෙනකු ලබන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ඊයේ (25දා) නියෝග කළාය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව ගුවන් යානා ඇණියක් ප්‍රතිස්ථාපන කිරීමේදී සිදු වූ බව කියන මුදල් ගනු දෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. 2013 වසරේ සිදු වූ එයාර් බස් ගනු දෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට නියමිතය.

රුසියානු - යුක්‍රේන යුදමය තත්වය රුසියානු ජයග්‍රහණය දෙසට තල්ලු වෙමින් පවතින බවත් ඉන් පසුව ලෝකයේ තත්වයන් වෙනස් වනු ඇතැයි ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති LEVAN S. DZHAGARYAN මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ ”යුක්‍රේන ප්‍රොක්සි යුද්ධය : ඇත්ත සහ බොරුව” (Ukraine Proxy War: The Truth and Lies) නමින් ‘අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදය‘ විසින් සංවිධානය කළ ඡායාරූප ප‍්‍රදර්ශනය හා සම්මන්ත‍්‍රණය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද අවධාරණය කළේය. ‘‘රුසියාව කිසිම විටක යුරෝපා ජාතීන් සහ ඇමෙරිකානු වැසියන්ට කිසිදු විරුද්ධත්වයක් නැති බවත් රුසියාව තුළ ඇත්තේ සමස්ත අධිරාජ්‍යවාදයට එරෙහිව සටනක් පමණක් බවයි. “

බටහිර අධිරාජ්‍යවාදීන් තමන්ගේ අවි ආයුධ යුක්‍රේනයට ලබාදීම හරහා බලාපොරොත්තු වූයේ රුසියාව පරාජය කිරීමට හැකිවනු ඇතැයි කියා වුවද, නමුත් ගතවූ කාලයේ දී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඇතුළු ජනතාවට බටහිර කඳවුරේ යුද උපායික උවමනාව පරාජය කරා ගමන්කරවීමට හැකිවී ඇති බවද ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ප්‍රධාන පුවත්
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
