News Category
From Date
To Date
Maximum Number of Result

1988/1989 සමයේදී මේ රටේ 60000කගේ ජීවිත පරිත්‍යාග නොකරන්නට රට බෙදී වෙන්වී අවුරුදු 30කට වැඩි බව ආචාර්ය අතුල සුමතිපාල මහතා පවසයි. මෙයට වසර 5කට පමණ පෙර අන්තර්ජාල නාලිකාවක් ‍හා සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් මගින් ඔහු මෙම කරුණු අනාවරණය කර ඇති අතර ඔහුගේ කාලීන වැදගත්කම සලකා එය පළ කිරීමට තීරණය කළෙමු.

ශ්‍රී ලංකාව ‘එක් චීනයක් ප්‍රතිපත්තිය’ අඛණ්ඩව අනුගමනය කිරීමට අදාළව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබෙනවා. ඒ බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ලෝකයේ කිසිම රටක් මේ ආකාරයට තමන්ගේ රටේ ජනතාවගේ දත්ත විදෙස් රටක් සතු කර නැති බව ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ සියලු‍ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර සිටී.

ලක්ෂ හතළිස් තුනක පාසල් සිසුන් අතරින් දක්ෂතාවය මත තෝරා ගන්නා සිසුන් දෙදහසකට වැඩි පිරිසකට වසර පහකට කලින්, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල සිසුන් එම තැනට ගෙන ඒමේ තවත් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව මහජන යුතුකම් කේන්ද්‍රයේ කැඳවුම්කරු වසන්ත අල්විස් මහතා කරුණු හෙළිකරයි.

ඔන්ලයින් ණය මාෆියාව සම්බන්ධයෙන් කොතෙක් තොරතුරු හෙළිදරව් කළද කිසිඳු බලධාරියෙක් ඒ පිළිබඳව අවධානය යොමුකරන බව නොපෙනෙන බවත්, නව වටයකින් මෙම මාෆියාව වර්තමානයේ සමාජය තුළ ක්‍රියාත්මක වෙමින් පවතින බවත් මේ සම්බන්ධයෙන් කරුණු හෙළිකරන පාර්ශ්ව පෙන්වා දෙති.

අද විදේශ ගමන් බලපත්‍ර ලබා දීම අභියෝගයක් බවට පත්ව ඇතැයි විදේශ කටයුතු ඇමති විජිත හේරත් පවසයි.

වී කිලෝවක සහතික මිල රුපියල් 110 ක් කර ගැසට් පත‍්‍රයක් නිකුත් කිරීමට රජය සූදානම් වන බවත් දැනටත් වී මිල ඇත්තේ ඊට බොහෝ ඉහලින් බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.

වී සඳහා සහතික මිල තව දින කීහිපයක් ඇතුළත ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය

සීමාසහිත වැලිවිටිය දිවිතුර නව විවිධ සේවා සමුපකාරසමිතියට කාරක සභා නියෝජිතයන් පත් කර ගැනීමට පැවති නිලවරණයෙන් ජාතික ජන බලවේගය සහයෝගය ලබා දුන් කණ්ඩායමට ජය ගැනීමට නොහැකි වී ඇත.


ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.