News Category
From Date
To Date
Maximum Number of Result

මීට අවුරුදු 300කට පෙර කාර්මික විප්ලවයේ ජයග්‍රහණ අත්පත් කරගැනීම සඳහා ඇමරිකාව වැනි රටවල් වනල් ක්‍රමය යොදාගත් ආකාරය වි在තුන් මෙන්ම හද කම්පාකරවන ඓතිහාසික කතාන්තරයකි. අප්‍රිකානු රටවලට කඩා වැදුණු පෞද්ගලික ඇමරිකානු හමුදා කැලෑ පිරිමින් ගම් බිම් ගිනි තබමින් තරුණ අප්‍රිකානුවන් අල්ලාගෙන බෙල්ලට දම්වැල් දමා ඇදගෙන යන ආකාරය රූට්ස් (Roots) වැනි බටහිර ටෙලි චිත්‍රපටවලින් අපි දැක ඇත්තෙමු. එම ක්‍රೂರ බලහත්කාරයට එරෙහි වූවන් ඉතා ම්ලේච්ඡ ලෙස ඝාතනය කෙරුණු අතර එම දුෂ්කර ක්‍රියාවලියේදී ලෙසෙඩ වූවන් සහ පැනීමට උත්සාහ කළවුන් වෙඩි තබා ඝාතනය කිරීමට වනල් වෙළෙඳුන් මොහොතක් හෝ පසුබට වූයේ නැත. වනල් වෙළෙදාම වනල් වෙළෙඳුන්ට ඉතා දුෂ්කර අත්දැකීම් ලබාදුන්නද වනල් සඳහා තිබූ අධික ඉල්ලුම නිසා එය ඉතා ලාභදායී ව්‍යාපාරයක් විය.

අප රටේ කෘෂිකර්මාන්තය සහ කෘෂි පරිසර පද්ධතීන් මුහුණ දෙමින් තිබෙන දහසකුත් එකක් ගැටලු අතුරින් බොහෝමයකට හේතු වී ඇත්තේ ප්‍රතිපත්තිමය කරුණු බව සැබෑය. එμως නම් වගකීම් පිළිබඳ අල්පමාත්‍ර හැදෑරීමක් නොමැති සමහර රාජ්‍ය නිලධාරීන්ගේ සහ තමාගේ ලාභය වෙනුවෙන් සමස්ත රටේම කෘෂි පරිසර පද්ධතියට අනතුරේ හෙළීමට සූදානම් මසුරු ව්‍යාපාරිකයින් පිරිසකගේ හිතුවක්කාර ක්‍රියා කලාපයන් ද ප්‍රධාන ගැටලු අතර එකක් බව රහසක් නොවේ. මෑතකදී අප රටට ආනයනය කළ විනාශකාරී වල් පැළ වල් ඇට අඩංගු වූ තෘණ ඇට තොගය නිදහස් කළ ආකාරය මීට හොඳම උදාහරණයකි.

බොනෙල් බැරලයක මිල ඩොලර් 50 දක්වා ඉහළ යන විට සහ එය තවදුරටත් ඩොලර් 60 දක්වා ඉහළ යාවිද යන භීතියක් රට තුළ ගොඩනැගෙන විට ඉතා නරක තත්වයක් යටතේ වුවත් හොඳ දේ සිදුවෙමින් පවතී. වැදගත් දේ පවතින තත්වය පිළිබඳව ජන සමාජය තුළ සෑම තලයකම යම් සංවාදයක් පැණ නැගීමුයි. මෙරට ආණ්ඩු විසින් මෙතෙක් කාලයක් පවත්වාගෙන ආ ආර්ථික ප්‍රතිපත්ති මත තව දුරටත් රටට ඉදිරියට යා හැකිද යන තීරණාත්මක පැනය සාමාන්‍ය ජනතාව විසින් අසන්නට පටන්ගෙන ඇත. නමුත් රජය සමස්තයක් ලෙස සහ විවිධ මට්ටමේ රාජ්‍ය නිලධාරීන් පවතින ආර්ථික අර්බුදය ලෝක අර්බුදයේ ප්‍රකාශනයක් ලෙස පටු සීමාවන් තුළ විග්‍රහ කිරීමට පෙළඹෙන තත්වයක් පෙනෙන්නට ඇත.


ප්‍රධාන පුවත්

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.