News Category
From Date
To Date
Maximum Number of Result

බටහිර බලවතුන්ගේ සල්ලි පොම්ප කිරීම් හමුවේ "ඒකීයභාවයේ කොඩිය සහ ජාතික සමගියේ කොඩිය" අතහැර ඇති දේශපාලන කඳවුරුවල රූකඩ අපේක්ෂකයන් වෙනුවට "ඒකීයභාවයේ කොඩිය සහ ජාතික සමගියේ කොඩිය" රැඳුණු එකම දේශපාලන කඳවුර වන සර්වජන බලය දේශපාලන කඳවුරෙහි ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා දිනවීමට පෙරට එන්නැයි සර්වජන බලය විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙරට ජාතිකවාදී, දේශමාමක, වාමවාදී, ප්‍රගතිශීලී සියලු බලවේග වෙතින් ඉල්ලා සිටියි.

ජනාධිපති අපේක්ෂකයන් බොහෝ දෙනෙකු තම ප්‍රතිපත්ති ප්‍රකාශ මේ වන විට රට හමුවේ ඉදිරිපත් කර ඇති බවත්, ඇතැම් අපේක්ෂකයන් රටේ මූලයන් සිඳ දැමීම සඳහා කුමන්ත්‍රණකාරීව තම ප්‍රතිපත්තිවලට කරුණු ඇතුළත් කර ඇති බවත් බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ, පූජ්‍ය අගුලුමැල්ලේ සිරි ජිනාන්ද හිමියෝ පවසති.

විශාල එක්සත් ජනපද ෆෙඩරල් ණය ගොන්නට සේවා සැපැයීමේ පිරිවැය මේ වන විට ආරක්ෂක අයවැය ඉක්මවා යමි තිබෙන බව ටෙස්ලා සහ ස්පේස්එක්ස් හි ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් ඇල්ල්-ඓන් පොඩ්කාස්ට් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. එහිදී ඔහු රට “ඉතාම ඉක්මනින් බංකොලොත්” වන බවද වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් රාජ්‍ය ඇමැතිවරුන් 05 දෙනකු ඊයේ (10දා) එම ධුරයන්ගෙන් ඉවත් කර ඇත.

රුසියානු පොටෑෂ් පොහොර තොගය පිළිබඳ කාරණය සම්බන්ධයෙන් රුසියානු තානාපති ලෙවන් ධගාරියන් මහතා විසින් මෑතකදී හෙළිදරව් කරන ලද කාරණය සම්බන්ධයෙන් රුසියානු තානාපති කාර්යාලය පහත සඳහන් කරුණු වැඩිමනත් එකතු කරනු ලබයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි යළි සලකා බැලීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ජාතික ජන බලවේගය ආර්ථිකය සම්බන්ධයෙන් එක් මතයකට පැමිණෙන්නේ නම් අනුර කුමාර දිසානායක මහතා විවාදකයක් සඳහා තමාට කළ අභියෝගය භාර ගැනීමට තමන් සූදානම් බව, ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

1988 ජනාධිපතිවරණයේ දී සුළු ජාතික පක්ෂවල ඡන්දය ලබාගැනීම සඳහා එවකට බලයේ සිටි රණසිංහ ප්‍රේමදාස මහතා මාස 6ක් තුළ රටට ඉතාම හානිකර ව්‍යවස්ථා සංශෝධන 3ක් සම්මත කළ බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා හෙළිකරයි.

තමන් වරදක් සිදුකර නැතිනම් ජනතාව හමු වී ඔවුන් අසන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට බිය වීමට කිසිදු හේතුවක් නොමැති බව මව්බිම ජනතා පක්ෂයේ උත්තරීතර මණ්ඩල සාමාජික සහ යාපනය දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.


ප්‍රධාන පුවත්

ජාතික න්‍යාය පත්‍රයක් දිනවන සටනට සියලු දෙනා එක්විය යුතුයි.. - විමල් වීරවංශ

මේ වන විට රටේ සභ්‍යත්වයට, උරුමයට සහ බුදු දහමට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ද දරුණු ප්‍රහාරයක් එල්ලකර ඇති බවත්, ඒ හරහා ආණ්ඩුව ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වයක් කරා රට මෙහෙයවමින් පවතින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාවටත් අභියෝගයක් වූ හුතී බලයේ රහස ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

යේමනයේ අන්සාර් අල්ලා හෙවත් හූති සටන්කාමීන් රතු මුහුද ආශ්‍රිතව තම බලය තහවුරු කරගැනීමෙන් අනතුරුව, භූමිය අත්පත් කරගැනීමේ ප්‍රහාරාත්මක මෙහෙයුම් තවදුරටත් වේගවත් කර ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

ව්‍යවස්ථා සංශෝධනවලින් පමණක් රටක ගැටලු විසඳිය හැකිද?..

රටක පවතින අර්බුද හා ගැටලුවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පමණක් දෝෂාරෝපණය කිරීම සුදුසු නොවන බවත්, සැබෑ ගැටලුව පවතින්නේ පාලනය කිරීමේ ඇති අසමත්කම තුළ බවත් පෙන්වා දෙන තොරතුරු ඇතුළත් සටහනක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

ගෝඨාගේ කාලයේ තෙල් අර්බුදය කෘතිමව නිර්මාණය කළ හැටි මෙන්න.. - සංඛ චන්දිම අබේවර්ධනගෙන් හෙළිදරව්වක්..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී මෙරට ඇති වූ ඛනිජ තෙල් අර්බුදය ස්වාභාවිකව සිදු වූවක් නොව, සැලසුම් සහගතව කෘතිමව නිර්මාණය කරන ලද්දක් බව සංඛ චන්දිම අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා කැනඩාවේදී NATO හමුදා ප්‍රධානීන් හමුවී, මෙරට අවි ආයුධ නවීකරණය කිරීමටත්, යුධ ගබඩා සැලසුම් කිරීමටත්, NATO සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ඉහළ නැංවීමටත් කළ ආරාධනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය දැඩි විරෝධය පළ කර සිටියි.

වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දෙවසරක පාලන කාලය ලෝකයේ වෙනත් රටක පාලනයක් හා සැසඳීමේ දී හොඳම සමපාත වීම ලෙස සැලකිය හැක්කේ වෙනිසියුලාවේ අන්තර් කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ගේ පාලනයට බව ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.