
වයඹ විතරක් නෙවෙයි වෙනත් විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨ සිසුනුත් මෘත දේහ දන් දුන් අයට ආගමික වතාවත් ඉටු කරනවා. සියලු විශ්ව විද්‍යාල සිසුන් නිරාගමික අදහස් දරන්නේ නැහැ- වසන්ත අල්විස් මහජන යුතුකම් කෙන්ද්‍රය
"වයඹ වෛද්‍ය සිසුන්ගෙන් දුර්ලභ ආදර්ශයක්" යන මාතෘකාව යටතේ ලංකා ලීඩ් වෙබ් අඩවියේ පලවූ ප්‍රවෘත්තියට ඌන පූරණයක් එකතුකරමින් මහජන යුතුකම් කේන්ද්‍රයේ කැඳවුම්කරු වසන්ත අල්විස් මහතා පවසා සිටින්නේ, වයඹ විශ්ව විද්‍යාලයේ පමණක් නොව කොළඹ, ජයවර්ධනපුර, පේරාදෙණිය, කරාපිටිය සහ රාගම වෛද්‍ය පීඨ වල බොදු සංගම් විසින් මෘත දේහ දන් දුන් පුද්ගලයන් වෙනුවෙන් ආගමික වතාවත් ඉටු කරන බවයි.
කෙසේ වුවද ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත මෙතෙක් ලැබුණු තොරතුරු මත පදනම්ව මෙම ප්‍රවෘත්තිය පළ කළ අතර ඕනෑම විශ්ව විද්‍යාලයක සිසුන් තම අතීත උරුමයන්ට පිටු නොපා ඒවා අගය කරමින් වඩාත් ධනාත්මකව පෝෂණය කිරීම වෙනුවෙන් ගනු ලබන ඕනෑම කටයුත්තක් ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවියේ ඇගයීමට ලක්වන බව ප්‍රකාශ කරමු. එවැනි වාර්තා අප වෙත ලැබුණහොත් අපි ඒවා පල කිරීම සඳහා සැදී පැහැදී සිටින බවද දන්වා සිටිමු.
වසන්ත අල්විස් මහතා අප වෙත එවා තිබූ පැහැදිලි කිරීම අදාල වෛද්‍ය පීඨ වල සිසුන් වෙත කරන ගෞරවයක් සේ සලකා මෙසේ පල කරමු.
" ලංකා ලීඩ් කතෘ මණ්ඩලය වෙත, 'වයඹ වෛද්‍ය සිසුන්ගෙන් දුර්ලභ ආදර්ශයක්' යනුවෙන් ඔබ වෙබ් අඩවියේ පල කළ ආගමික කටයුත්ත වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පමණක් නොව කොළඹ, ජයවර්ධනපුර, පේරාදෙණිය, කරාපිටිය සහ රාගම වෛද්‍ය පීඨ වල බොදු සංගම් විසින්ද සිදු කරනු ලබන ආගමික කටයුත්තකි. පුද්ගලිකව මමද ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැති එවැනි පින්කමකට සහභාගිවී ඇත්තෙමි. එම උත්සව වලට ආගම් භේදයකින් තොරව සියලු සිසුන් සහභාගි වීමද මම නිරීක්ෂණය කර ඇත්තෙමි. එපමණක් නොව මම නියෝජනය කරන මහජන යුතුකම් කේන්ද්‍රය සහ රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ආදී සංගම් වල සාමාජිකයන් සහභාගිවූ සම්මන්ත්‍රණ අවස්ථාවන්හි දී සිසු විරුවන් පමණක් නොව රට වෙනුවෙන් දිවිදී ඔවුන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට අවස්ථාව දුන් මේ රටේ ත්‍රිවිධ හමුදාවේ පොලීසියේ වීරෝධාර රණවිරුවන් සිහිපත් කිරීමට ද එදා අප කටයුතු කළ බවද අවධාරණය කරමි.
විශ්ව විද්‍යාලවල සිටින සිසුන්ගෙන් සුලු පිරිසක් නිරාගමික අදහස් දැරුවත් බහුතර සිසුන් එසේ නොවන බව අවධාරණය කිරීමට කැමැත්තෙමි. හිටපූ කතානායක අශෝක රංවල මහතා ද දෙමාපියන් සමඟ ඇතැම් සාමාජිකයන් බොරු කියා මග හරිද්දී නොවරදවාම කැළණිය විහාරයේදී දීවා රාත්‍රි ආගමික කටයුතුවල අප සමඟ සහභාගිවූ බව සිහිපත් කරමි.අශෝක රංවල මහතාගේ කුමන හෝ අඩු පාඩුවකට වෙහෙස නොබලා බැටදුන් ජාතික මතය දරන ඇතැම් පිරිස්, මාලිමාව තුළ සිටින අල්ප මාත්‍රයක හෝ ජාතික මතය දරණ අයවළුන් අපහසුතාවයට පත් කිරීමට නොදැනුවත්වම, මාලිමාවේ සිටින නිරාගාමික සිංහල බෞද්ධ විරෝධීන්ගේ අවශ්‍යතාවය ඉටු කළ බව මගේ අදහස බව වැඩිදුරටත් පවසමි."
ආශ්‍රිත පුවත්...
වයඹ වෛද්‍ය සිසුන්ගෙන් දුර්ලභ ආදර්ශයක්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
