වයඹ විතරක් නෙවෙයි වෙනත් විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨ සිසුනුත් මෘත දේහ දන් දුන් අයට ආගමික වතාවත් ඉටු කරනවා. සියලු විශ්ව විද්‍යාල සිසුන් නිරාගමික අදහස් දරන්නේ නැහැ- වසන්ත අල්විස් මහජන යුතුකම් කෙන්ද්‍රය
"වයඹ වෛද්‍ය සිසුන්ගෙන් දුර්ලභ ආදර්ශයක්" යන මාතෘකාව යටතේ ලංකා ලීඩ් වෙබ් අඩවියේ පලවූ ප්‍රවෘත්තියට ඌන පූරණයක් එකතුකරමින් මහජන යුතුකම් කේන්ද්‍රයේ කැඳවුම්කරු වසන්ත අල්විස් මහතා පවසා සිටින්නේ, වයඹ විශ්ව විද්‍යාලයේ පමණක් නොව කොළඹ, ජයවර්ධනපුර, පේරාදෙණිය, කරාපිටිය සහ රාගම වෛද්‍ය පීඨ වල බොදු සංගම් විසින් මෘත දේහ දන් දුන් පුද්ගලයන් වෙනුවෙන් ආගමික වතාවත් ඉටු කරන බවයි.
කෙසේ වුවද ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත මෙතෙක් ලැබුණු තොරතුරු මත පදනම්ව මෙම ප්‍රවෘත්තිය පළ කළ අතර ඕනෑම විශ්ව විද්‍යාලයක සිසුන් තම අතීත උරුමයන්ට පිටු නොපා ඒවා අගය කරමින් වඩාත් ධනාත්මකව පෝෂණය කිරීම වෙනුවෙන් ගනු ලබන ඕනෑම කටයුත්තක් ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවියේ ඇගයීමට ලක්වන බව ප්‍රකාශ කරමු. එවැනි වාර්තා අප වෙත ලැබුණහොත් අපි ඒවා පල කිරීම සඳහා සැදී පැහැදී සිටින බවද දන්වා සිටිමු.
වසන්ත අල්විස් මහතා අප වෙත එවා තිබූ පැහැදිලි කිරීම අදාල වෛද්‍ය පීඨ වල සිසුන් වෙත කරන ගෞරවයක් සේ සලකා මෙසේ පල කරමු.
" ලංකා ලීඩ් කතෘ මණ්ඩලය වෙත, 'වයඹ වෛද්‍ය සිසුන්ගෙන් දුර්ලභ ආදර්ශයක්' යනුවෙන් ඔබ වෙබ් අඩවියේ පල කළ ආගමික කටයුත්ත වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පමණක් නොව කොළඹ, ජයවර්ධනපුර, පේරාදෙණිය, කරාපිටිය සහ රාගම වෛද්‍ය පීඨ වල බොදු සංගම් විසින්ද සිදු කරනු ලබන ආගමික කටයුත්තකි. පුද්ගලිකව මමද ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැති එවැනි පින්කමකට සහභාගිවී ඇත්තෙමි. එම උත්සව වලට ආගම් භේදයකින් තොරව සියලු සිසුන් සහභාගි වීමද මම නිරීක්ෂණය කර ඇත්තෙමි. එපමණක් නොව මම නියෝජනය කරන මහජන යුතුකම් කේන්ද්‍රය සහ රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ආදී සංගම් වල සාමාජිකයන් සහභාගිවූ සම්මන්ත්‍රණ අවස්ථාවන්හි දී සිසු විරුවන් පමණක් නොව රට වෙනුවෙන් දිවිදී ඔවුන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට අවස්ථාව දුන් මේ රටේ ත්‍රිවිධ හමුදාවේ පොලීසියේ වීරෝධාර රණවිරුවන් සිහිපත් කිරීමට ද එදා අප කටයුතු කළ බවද අවධාරණය කරමි.
විශ්ව විද්‍යාලවල සිටින සිසුන්ගෙන් සුලු පිරිසක් නිරාගමික අදහස් දැරුවත් බහුතර සිසුන් එසේ නොවන බව අවධාරණය කිරීමට කැමැත්තෙමි. හිටපූ කතානායක අශෝක රංවල මහතා ද දෙමාපියන් සමඟ ඇතැම් සාමාජිකයන් බොරු කියා මග හරිද්දී නොවරදවාම කැළණිය විහාරයේදී දීවා රාත්‍රි ආගමික කටයුතුවල අප සමඟ සහභාගිවූ බව සිහිපත් කරමි.අශෝක රංවල මහතාගේ කුමන හෝ අඩු පාඩුවකට වෙහෙස නොබලා බැටදුන් ජාතික මතය දරන ඇතැම් පිරිස්, මාලිමාව තුළ සිටින අල්ප මාත්‍රයක හෝ ජාතික මතය දරණ අයවළුන් අපහසුතාවයට පත් කිරීමට නොදැනුවත්වම, මාලිමාවේ සිටින නිරාගාමික සිංහල බෞද්ධ විරෝධීන්ගේ අවශ්‍යතාවය ඉටු කළ බව මගේ අදහස බව වැඩිදුරටත් පවසමි."
ආශ්‍රිත පුවත්...
වයඹ වෛද්‍ය සිසුන්ගෙන් දුර්ලභ ආදර්ශයක්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා