News Category
From Date
To Date
Maximum Number of Result

නීතිය හා සාමය බිඳ වැටීම හේතු­වෙන් සිය කර්මා­න්ත­ශාලා සහ ව්‍යාපා­රික ස්ථාන විරෝ­ධ­තා­ක­රු­ව­න්ගෙන් රැක ගැනීම සඳහා කඩි­න­මින් ආර­ක්ෂාව සහ­තික කරන ලෙස බංග්ලා­දේ­ශයේ සමස්ත ව්‍යාපා­රික ප්‍රජාව අන්ත­ර්වාර රජ­යෙන් ඉල්ලී­මක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මොකා බලයට ආවත් තොපිට මේක කරන්න වෙන්නෑ. ඉදිරි වසර 10 ඇතුළත ගිනි තබනවා’ යයි ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකදී එම පක්ෂයේ තරිඳු උඩුවරගෙදර මහතා විසින් සිදුරනු ලැබුවා යැයි සඳහන් කතාව ඇතුළත් වීඩියෝවේ කරුණු විකෘත්ති කර සංස්කරණය කර ඇති බව තරිඳු උඩුවරගෙදර මහතා විසින් පවයි.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන හෙට (15 දා) ඉරිදා දිනයේ දරුවන්ගේ විභාග කටයුතුවලට බාධා වන අයුරින් විභාග මධ්‍යස්ථාන අවට ශබ්ද විකාශන යන්ත්‍ර යොදා මැතිවරණ ප්‍රචාරක කටයුතු නොපවත් වන ලෙස විභාග කොමසාරිස් ජනරාල් දමිත් ජයසුන්දර මහතා සියලු ජනාධිපති ධුර අපේක්‍ෂකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි පුද්ගල ආදායම් බදු ව්‍යුහය සඳහා සංශෝධන සිදුකිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මැතිවරණ රැස්වීම් සඳහා සෙනග සපයන මෑන් පවර් ආයතන බිහිව ඇතැයි හිටපු අධිකරණ, බන්ධනාගාර අමාත්‍ය ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසුව පවතින පැය 48 ක නිහඬ කාල​යේ දී සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන අපේක්ෂක ප්‍රචාරක කටයුතු හා මඩ ප්‍රචාර ආදිය නතර කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර ඇත.

රටට බලවත් ලෙස අනර්ථකාරී වන 13 වන සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට පවා අවකාශය සැලසෙන සත්‍ය සෙවීමේ කොමිසම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පක්ෂද? විරුද්ධද යන්න ගැන තම මතය ප්‍රකාශ කරන්නැයි අපේ ජනබල පක්ෂයේ ජනාධිපති අපේක්ෂක කීර්ති වික්‍රමරත්න මහතා ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

මෙරට පළාත් 9කින් 7ක මහ ජාතිය වන සිංහල ජාතිය උතුරු සහ නැගෙනහිර පළාත්වල සුළු ජාතිය බවට පත්වී ඇති බවත්, මෙවර ජනාධිපතිවරණයේ දී ද ඔවුන්ට සාධාරණයක් ඉටුවනු ඇතැයි විශ්වාස නොකරන බවත් සිසු සෙවන සංවිධානයේ සහ සසුන රැකුමට සිංහල ගෝලීය එකමුතුවේ සභාපති කෝසල පත්තිනිගේ මහතා පවසයි.

සැප්තැම්බර් 21 පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසු පත්වන නව ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කර සිය වැඩසටහන යටතේ මීළඟ සමාලෝචනය සාකච්ඡා කරන බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසයි.


ප්‍රධාන පුවත්

ව්‍යවස්ථා සංශෝධනවලින් පමණක් රටක ගැටලු විසඳිය හැකිද?..

රටක පවතින අර්බුද හා ගැටලුවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පමණක් දෝෂාරෝපණය කිරීම සුදුසු නොවන බවත්, සැබෑ ගැටලුව පවතින්නේ පාලනය කිරීමේ ඇති අසමත්කම තුළ බවත් පෙන්වා දෙන තොරතුරු ඇතුළත් සටහනක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

ගෝඨාගේ කාලයේ තෙල් අර්බුදය කෘතිමව නිර්මාණය කළ හැටි මෙන්න.. - සංඛ චන්දිම අබේවර්ධනගෙන් හෙළිදරව්වක්..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී මෙරට ඇති වූ ඛනිජ තෙල් අර්බුදය ස්වාභාවිකව සිදු වූවක් නොව, සැලසුම් සහගතව කෘතිමව නිර්මාණය කරන ලද්දක් බව සංඛ චන්දිම අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා කැනඩාවේදී NATO හමුදා ප්‍රධානීන් හමුවී, මෙරට අවි ආයුධ නවීකරණය කිරීමටත්, යුධ ගබඩා සැලසුම් කිරීමටත්, NATO සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ඉහළ නැංවීමටත් කළ ආරාධනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය දැඩි විරෝධය පළ කර සිටියි.

වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දෙවසරක පාලන කාලය ලෝකයේ වෙනත් රටක පාලනයක් හා සැසඳීමේ දී හොඳම සමපාත වීම ලෙස සැලකිය හැක්කේ වෙනිසියුලාවේ අන්තර් කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ගේ පාලනයට බව ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.