News Category
From Date
To Date
Maximum Number of Result

ඩිල්මා ආයතනයේ හිටපු සභාපති මෙරිල් ජේ. ෆර්නැන්ඩු මහතා 2021 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණේ සභික වසන්ත සමරසිංහ මහතා වෙත යැවූ බව පැවසෙන ලිපියක් අන්තර්ජාලයේ සංසරණය වේ.

මෙම මස 9 වෙනිදා සිට 13 වෙනිදා දක්වා රුසියාවේ සන්නද්ධ හමුදාවන්හි සාමාන්‍ය කාර්ය මණ්ඩලයේ හමුදා ඇකඩමියේ ප්‍රධානී කර්නල් ජෙනරාල් වී.බී. සරුඩ්නිට්ස්කිගේ ප්‍රධානත්වයෙන් නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවිය.

තමා අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී සූර්ය බලශක්තිය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් නියෝගයක් අනුව කටයුතු කිරීම වැළැක්වූ බවට අසත්‍ය ප්‍රකාශයක් කර ඇති ජනාධිපති අපේක්ෂක කීර්ති වික්‍රමරත්න සහ එම ජනමාධ්‍ය සාකච්ඡාව මෙහෙය වූ ජනමාධ්‍යවේදියාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ජනාධිපති අපේක්ෂක හිටපු අධිකරණ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ ඊයේ (12දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකළේය.

දේශප්‍රේමී ජතික පෙරමුණේ ඊයේ(12) දිනයේ දී කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පැවති මහජන සම්මන්ත්‍රණයට එල්ලවූ ප්‍රහාරය පිළිබඳව දේශප්‍රේමී ජතික පෙරමුණේ මධ්‍ය මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්න්තුඩාව මහතා අද මාධ්‍ය හමුවේ කරුණු හෙළිදරව් කිරීමක් සිදුකළේය.

උතුරු සහ නැගෙනහිර පළාත්වලට පොලිස් සහ ඉඩම් බලතල ලබා නොදෙන බවට නාමල් රාජපක්ෂ මහතා විසින් සිදුකළ ප්‍රකාශයේ ගැඹුර පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආණ්ඩුවක් යටතේ උතුරු නැඟෙනහිර ඒකාබද්ධ නොකරන බවත් ඉඩම් හා පොලිස් බලතල ලබා නොදෙන බවත් ජනාධිපති අපේක්‍ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරි අතිපූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් විසින් ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ අධ්‍යයනය කිරීමකින් තොරව ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට ඉදිරිපත් වීම පිළිබඳව කණගාටුවට පත්වන බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

බාල අක්‍ෂි දියර ලබාදීමෙන් දෑස් අඳ රෝගීන්ට වන්දි ලබාදීමක් හෝ එම අපරාධය සිදුකළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමක් ද මෙතෙක් සිදු නොවීම බරපතළ ගැටලුවක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා පවසයි.

එළඹෙන 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී නිවැරදිව ඡන්දය සලකුණු කරන ආකාරය පිළිබඳව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.


ප්‍රධාන පුවත්

ව්‍යවස්ථා සංශෝධනවලින් පමණක් රටක ගැටලු විසඳිය හැකිද?..

රටක පවතින අර්බුද හා ගැටලුවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පමණක් දෝෂාරෝපණය කිරීම සුදුසු නොවන බවත්, සැබෑ ගැටලුව පවතින්නේ පාලනය කිරීමේ ඇති අසමත්කම තුළ බවත් පෙන්වා දෙන තොරතුරු ඇතුළත් සටහනක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

ගෝඨාගේ කාලයේ තෙල් අර්බුදය කෘතිමව නිර්මාණය කළ හැටි මෙන්න.. - සංඛ චන්දිම අබේවර්ධනගෙන් හෙළිදරව්වක්..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී මෙරට ඇති වූ ඛනිජ තෙල් අර්බුදය ස්වාභාවිකව සිදු වූවක් නොව, සැලසුම් සහගතව කෘතිමව නිර්මාණය කරන ලද්දක් බව සංඛ චන්දිම අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා කැනඩාවේදී NATO හමුදා ප්‍රධානීන් හමුවී, මෙරට අවි ආයුධ නවීකරණය කිරීමටත්, යුධ ගබඩා සැලසුම් කිරීමටත්, NATO සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ඉහළ නැංවීමටත් කළ ආරාධනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය දැඩි විරෝධය පළ කර සිටියි.

වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දෙවසරක පාලන කාලය ලෝකයේ වෙනත් රටක පාලනයක් හා සැසඳීමේ දී හොඳම සමපාත වීම ලෙස සැලකිය හැක්කේ වෙනිසියුලාවේ අන්තර් කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ගේ පාලනයට බව ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.