
රේගුවෙන් අල්ලපු සුපිරි වාහන කේස් එකකට මෛත්‍රීගේ දුවගේ නම ගෑවීම පිළිබඳව මෛත්‍රීගෙන් නිවේදනයක්!
තමාගේ දරුවකුගේ නමද සඳහන් කරමින් අද උදෑසන වාර්තා වූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
නිවේදනයක් නිකුත්කරමින් හිටපු ජනාධිපතිවරයා පවසන්නේ, තමාගේ ආරක්ෂක සේවයේ නොමැති පොලිස් නිලධාරියෙක් පදනම් කරගෙන අසත්‍ය ප්‍රවෘත්තියක් ජනමධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇති බවයි.
විදේශ රටවලින් ආනයනය කර නිෂ්කාශනය නොකරන ලද සුඛෝපභෝගි වාහනවල ඡායාරූප පෙන්වා සුඛෝපභෝගී මෝටර් රථයක් ලබා දීමට හැකි බව පවසමින් රුපියල් 27,660,000 මුදලක් වංචා කළැයි කියන සිද්ධියට අදාළ තවත් සැකකරුවන් සිටී නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට වහාම ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (9) නියෝග කර තිබේ.
මෙම සිද්ධිය පිටුපස සිටින්නේ තම සේවාදායකයා නොව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේනගේ ආරක්ෂක නිලධාරියකු බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේදී ප්‍රකාශ කළ අවස්ථාවේදී මෙලෙස නියෝග කරන ලද බවට අද ජාතික පුවත්පතක් මගින් කරුණු අනාවරණය කර තිබිණි.
කෙසේ වෙතත් එම ප්‍රවෘත්තිය ඔස්සේ තමාගේ සහ තම දරුවන් පිළිබඳව ජනතාව තුළ වැරදි මතයක් නිර්මාණය කිරීමේ උත්සාහයක් පවතින බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
අදාළ නිවේදනය පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
