
පෝට්සිටියට චීනයෙන් ඩොලර් මිලියන 120ක ආයෝජනයක්
ඩොලර් මිලියන 120ක ආයෝජනයකින් කොළඹ වරාය නගරයේ ඉදිවන නිකේතන වරාය(Marina) ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීමේ උත්සවය ඊයේ පැවැත්විණි.
හෙක්ටයාර 3.1ක් පුරා විහිදෙන අති නවීන සුඛෝපභෝගී නිකේතන වරාය ව්‍යාපෘතිය LOLC හෝල්ඩින්ග්ස් සමූහයේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම විසින් CHEC පෝර්ට් සිටි සමාගම සමඟ හවුල්කාරිත්වයෙන් සිදු කරනු ලැබේ.
CHEC පෝර්ට් සිටි සමාගමේ ඩොලර් බිලියන 1.4ක ඍජු විදේශ ආයෝජන ව්‍යාපෘතියක් වන කොළඹ වරාය නගරයේ ප්‍රධාන ආකර්ෂණයක් බවට මෙම ව්‍යාපෘතිය පත්වනු ඇත.
උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ සංචාරක හා විදේශ කටයුතු ඇමැති විජිත හේරත් පැවසුවේ මෙම නිකේතන වරාය ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව සඳහා පරිවර්තනීය පිම්මක් නියෝජනය කරනු ඇති බවයි.
යාත්‍රා 250ක ධාරිතාවයකින් යුත් මෙම නිකේතන වරාය ඩුබායි සහ ෆුකෙට් අතර ඇති එකම පූර්ණ සේවා නිකේතන වරාය ලෙස ස්ථානගත කර ඇති බව ද ඔහු පැවසීය.
රතු මුහුද, මාලදිවයින සහ ඈත පෙරදිග අතර ගමන් කරන සුඛෝපභෝගී යාත්‍රා සඳහා කොළඹ නිකේතන වරාය පැහැදිලිවම අතරමැදි සේවා සපයන ස්ථානයක් වනු ඇති බව ඇමැති හේරත් තවදුරටත් පැවසීය.
“මෙම ව්‍යාපෘතිය අපගේ සංචාරක ඉලක්ක සමඟ ගැළපෙනවා. එසේම රැකියා අවස්ථා, කුසලතා සංවර්ධනය, ආගන්තුක සත්කාර, සංචාරක සහ ඒ ආශ්‍රිත අංශවල දේශීය කුසලතා සඳහා අවස්ථා ලබා දෙනවා. 2025 සඳහා, අපි මිලියන 3ක සංචාරකයන් අපේක්ෂා කරනවා, එමඟින් ඩොලර් බිලියන 5ක ආදායමක් උපයා ගන්නයි බලාපොරොත්තුව. එය අපගේ ආර්ථික ප්‍රකෘතියට ඉතා වැදගත් ඉලක්කයක් ,” යනුවෙන් ද ඇමැති හේරත් පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංකල්පයක් පරිදි, පුළුල් සමාජ ආර්ථික පරිවර්තනයක් සඳහා, ශ්‍රී ලංකාව ‘පොහොසත් රටක්’ ලෙස ගොඩනැංවීම සහ ජනතාවට ‘ලස්සන ජීවිතයක්’ සුරක්ෂිත කිරීම සහතික කිරීමට රජය කටයුතු කරන බව ද ඔහු පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
