රෝහල්වල ධාරිතාවට සහ අවශ්‍යතාවන්ට නොගැළපෙන භෞතික සම්පත් එපා - සෞඛ්‍ය ඇමති නලීන්ද ජයතිස්ස
සැලසුමකින් තොරව, රජයේ රෝහල්වල ධාරිතාවට සහ අවශ්‍යතාවන්ට නොගැළපෙන, භෞතික සම්පත් ලබාදීම මත රෝහල්වලට මෙන්ම අමාත්‍යාංශයට ද විවිධ ගැටලු මතුවීම් සහ චෝදනා එල්ලවීම් සිදුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
විශේෂයෙන්ම නිසි සැලසුමකින් තොරව රජයේ රෝහල්වලට ගොඩනැඟිලි සහ වෛද්‍ය උපකරණ අනවශ්‍ය පරිදි ලබාදීම නිරන්තරයෙන් සිදුවන බවත්, අනතුරුව ඒවා භාවිතයට කාර්ය මණ්ඩල සපයා නොමැති බවට අමාත්‍යාංශයට බහුල ලෙස චෝදනා එල්ලවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයට අයත් සීදූව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ ප්‍රතිකාර සේවාවන්හි වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව පසුගියදා රෝහල් පාලනාධිකාරිය සමග එම රෝහල් පරිශ්‍රයේ පැවැත් වූ සාකච්ඡාවකදීය.
දිවංගත විජය කුමාරතුංග කලාකරුවා සිහිවීම පිණිස මෙම රෝහල විජය කුමාරතුංග අනුස්මරණ රෝහල ලෙස එවකට සිටි ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතින් 1999 ඔක්තෝබර් මස 09 දින ජනතා අයිතියට පත්කෙරුණි. මෙම රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිනිය ලෙස වර්තමානයේද හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කටයුතු කරනු ලබයි.
2020 වසරේ සිට මේ දක්වා රෝහලේ කාර්ය සාධනය, රජයේ ප්‍රදාන, ඉපැයීම් සහ වියදම්, පරිත්‍යාග ලැබීම්, 2025 වසරට අදාළව වෛද්‍ය උපකරණ, ගෘහභාණ්ඩ සහ ගොඩනැඟිලිවලට අදාළ මුළු ඇස්තමේන්තුගත ප්‍රාග්ධන අයවැය ඇතුළු පරිපාලන කටයුතු පිළිබඳව ද මෙහිදී අමාත්‍යවරයා දැඩි අවධානයකින් යුතුව කරුණු සොයා බලනු ලැබීය.
රෝහල මගින් අඩු ආදායම්ලාභීන්ට සහ අනුමත සුදුසුකම් සපුරා ඇති සහ වකුගඩු රෝගීන්ට අක්ෂි කාචයේ සිට දැනට සපයන ප්‍රතිකාර සේවා නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළ තවදුරටත් වඩා ක්‍රමවත්ව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් පිළිබඳව මෙහිදී අමාත්‍යවරයා සිය අදහස් ඉදිරිපත් කරන ලද අතර අක්ෂි කාච ලබාගැනීමේ වැඩපිළිවෙළ, රෝහලට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාගැනීම හා නඩත්තුව, භාණ්ඩාගාරය සමග සම්බන්ධව රෝහලට ලැබෙන පරිත්‍යාග බදුවලින් නිදහස් කරගැනීම යන රෝහල් කළමනාකාරීත්වයේ ඉල්ලීම් ඉටුකරදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරන බවද පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..