
අපේ මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට ආවේ වරප්‍රසාද භුක්ති විඳීමට නොවෙයි - ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා
වර්තමාන ආණ්ඩුවේ මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට පැමිණියේ වරප්‍රසාද සහ වරදාන භුක්ති විඳීමට නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වා අවධාරණය කරයි.
ඔහු මේ අවධාරණය කර ඇත්තේ, ‘දිවයින ඉරිදා` (12) පුවත් පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක දී ය. එම පුවත් පතේ මාධ්‍යවේදී, සිරිමන්ත රත්නසේකර යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ටිල්වින් සිල්වා ඒ බව අවධාරණය කර ඇත.
“ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රීවරු 159 දෙනෙක් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. ඔවුන්ගේ මන්ත්‍රී වැටුප පක්‍ෂයට ලබා ගන්නා බවත්, එම නිසා ඔවුන්ට සිය ජීවිතය ගෙන යන්න හරිහමන් මුදලක් නැති බවත් චෝදනා එල්ල වෙනවා” යනුවෙන් යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්, ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ප්‍රකාශ කර ඇත්තේ පහත සඳහන් පරිදි ය :
“මේ සුවිසල් ජයග්‍රහණය ලබා ගත්තේ අපි හැමෝ ම එකාවන්ව මහන්සි වෙලා. එම නිසා මන්ත්‍රීවරයකුට ලැබෙන දේවල් පොදුවේ මෙම ව්‍යාපාරයට අයිතිය යන අදහස අපට තිබෙනවා. මේ ව්‍යාපාරයට පිරිස් ආවේ සැප ජීවිත ගත කරන්න නොවෙයි. අපි කලින් ජීවත් වෙච්ච විදියට ම ජීවත් වෙමින් ස්වේච්ඡාාවෙන් වැඩ කරනවා” යනාදී වශයෙන් පිළිතුරු ලබා දී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
