News Category
From Date
To Date
Maximum Number of Result

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, හමාස් සහ හිස්බුල්ලා සංවිධානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් ඇති මතු ගැටුම මධ්‍යයේ ඊශ්‍රායල ආරක්ෂක අංශයේ “සැලකිය යුතු හිඩැස්” ඇති කරමින් ඉශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ‍Yoav Gallant නෙරපා හැර තිබේ. ඊශ්‍රායල් විදේශ අමාත්‍ය Katz වෙත ආරක්ෂක ඇමති තනතුර භාර දී ඇති අතර යම් හෙයකින් ඔහු මෙම තනතුර භාර නොගත්තොත් Gideon Saar ආරක්ෂක අමාත්‍ය තනතුර දැරීමට ඉව අල්ලමින් සිටින බව ඊශ්‍රායල මාධ්‍ය පවසයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, හමාස් සහ හිස්බුල්ලා සංවිධානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් ඇති මතු ගැටුම මධ්‍යයේ ඊශ්‍රායල ආරක්ෂක අංශයේ “සැලකිය යුතු හිඩැස්” ඇති කරමින් ඉශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ‍Yoav Gallant නෙරපා හැර තිබේ. ඊශ්‍රායල් විදේශ අමාත්‍ය Katz වෙත ආරක්ෂක ඇමති තනතුර භාර දී ඇති අතර යම් හෙයකින් ඔහු මෙම තනතුර භාර නොගත්තොත් Gideon Saar ආරක්ෂක අමාත්‍ය තනතුර දැරීමට ඉව අල්ලමින් සිටින බව ඊශ්‍රායල මාධ්‍ය පවසයි.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව ඉවත් කිරීමක් හෝ අඩුකිරීමක් කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ගාලු මුවදොර පිටිය විවිධ සාමාජ ක්‍රියාකාරකම් සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතාට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කිරීමට එම මහෙස්‌ත්‍රාත්වරයා අද (06) නියෝග කළේය.

එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ තරඟය ඉතා තියුණු මුහුණුවරක් ගෙන තිබුණද , රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් "වඩා ජනප්‍රිය අපේක්ෂකයෙකු" බව විශ්‍රාමික එක්සත් ජනපද ගුවන් හමුදා ලුතිනන් කර්නල් Karen Kwiatkowski පවසයි. ඒ මහතා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු විශ්ලේෂකයෙකු ද වේ.

අප්‍රිකානු සූකර උණ රෝගී තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාත තුළ පමණක් මුළු සූකර ගහණයෙන් සියයට 50ක් පමණ මේ වනවිට මියගොස් ඇති බව බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

හිටපු මැති ඇමතිවරුන් භාවිත කළ රජයට අයත් නිල නිවාස 04ක් මෙතෙක් නිසි ලෙස රජයට බාරදී නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ඊයේ නාවලපිටිය මීපිටිය ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී ගම්වාසීන් සහ ඔහු අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.


ප්‍රධාන පුවත්

රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා කැනඩාවේදී NATO හමුදා ප්‍රධානීන් හමුවී, මෙරට අවි ආයුධ නවීකරණය කිරීමටත්, යුධ ගබඩා සැලසුම් කිරීමටත්, NATO සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ඉහළ නැංවීමටත් කළ ආරාධනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය දැඩි විරෝධය පළ කර සිටියි.

වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දෙවසරක පාලන කාලය ලෝකයේ වෙනත් රටක පාලනයක් හා සැසඳීමේ දී හොඳම සමපාත වීම ලෙස සැලකිය හැක්කේ වෙනිසියුලාවේ අන්තර් කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ගේ පාලනයට බව ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.