News Category
From Date
To Date
Maximum Number of Result

ඇතිවූ ආර්ථික අර්බුදයට මුහුණ දීමට නොහැකිව පරාටේ නීතිය යටතේ තමන්ගේ දේපොල අහිමිවූ මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 127 දෙනකුට ආසන්න පිරිසක් මේ වනවිට සියදිවි හානිකරගෙන ඇතැයි දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසාය සංවිධානයේ සභාපති චම්ලි කුමාරසිරි කුරුණෑගලදී ඊයේ (3වැනිදා) පැවැති එම සංගමයේ රැස්වීමකදී සඳහන් කළේය.

තෙල්දෙණිය, දිගන ප්‍රදේශයේ නිවෙසක ගරාජයක තිබී සොයාගත් ව්‍යාජ අංක තහඩු සහිත මිට්සුබිෂි පැජරෝ වර්ගයේ ජීප් රථය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසිය ගාල්තැන්න දේවාලයේ ප්‍රධාන කපුවා වන ගාමිණි ආනන්ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

වරින්වර නිර්මාණය වන වෙළෙඳපොළේ සහල් අර්බුදයට පැවති ආණ්ඩු වගකිව යුතු බවට මහා පරිමාණ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පෙරේදා (02) කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී. ගුණරත්න මහතා පවසයි.

මාලදිවයින් ජාතිකයකු හා ලාංකිකයන් පස් දෙනකු ඇතුළු සැකකරුවන් හයදෙනකු ආරුගම්බේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවත්, පරීක්ෂණවලින් මෙය මොන ආකාරයේ සැලසුමක්ද යන්න පිළිබඳව තවමත් කරුණු හෙළිවී නොමැති බවත් මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් මහතා පවසයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ හා මාධ්‍ය ප්‍රකාශක කර්නල් එම්. බී. බී. නලින් හේරත් මහතා පවසන්නේ ආගමික ස්ථානවලට ලබා දී තිබෙන ත්‍රිවිධ හමුදා ආරක්ෂාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්ගේ ආරක්ෂාව ඉවත්කර නැති බවය.

පොල් සංවර්ධන අධිකාරිය පවසන්නේ කර්මාන්ත කරුවන් සඳහා අවශ්‍ය පොල් මඳ ආනයනයට අවසර ලබාදීමත් සමඟ පොල් මිල අනිවාර්යෙන්ම ඉදිරියේදී පහළ බසිනු ඇති බවයි.

ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ඇමැතිවරයා ආණ්ඩුව ණය ගෙන නොමැති බව ප්‍රකාශ කළ ද ශ්‍රී ලංකා මහ බැංකුව මගින් තම වෙබ් අඩවියේ ආණ්ඩුව විසින් ණය ගත් බව පැහැදිලිව සඳහන් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩුකර ඇති බවට පළවෙන මාධ්‍ය වාර්තා අසත්‍ය බවට ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කල නිවේදනය අසත්‍යයක් යයි නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

න්‍යෂ්ටික බලය සහිත B-52H මූලෝපායික බෝම්බ හෙලිය හැකි යානා ගණනාවක් ඇතුළුව මැද පෙරදිගට අතිරේක හමුදා යෙදවීමට එක්සත් ජනපද හමුදාව සූදානම් වන බව පෙන්ටගනය නිවේදනය කර ඇත.


ප්‍රධාන පුවත්

රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා කැනඩාවේදී NATO හමුදා ප්‍රධානීන් හමුවී, මෙරට අවි ආයුධ නවීකරණය කිරීමටත්, යුධ ගබඩා සැලසුම් කිරීමටත්, NATO සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ඉහළ නැංවීමටත් කළ ආරාධනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය දැඩි විරෝධය පළ කර සිටියි.

වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දෙවසරක පාලන කාලය ලෝකයේ වෙනත් රටක පාලනයක් හා සැසඳීමේ දී හොඳම සමපාත වීම ලෙස සැලකිය හැක්කේ වෙනිසියුලාවේ අන්තර් කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ගේ පාලනයට බව ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.