News Category
From Date
To Date
Maximum Number of Result

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගයට අති බහුතරයක් ලැබීම දේශපාලනික වශයෙන් විනාශකාරී දෙයක් විය හැකි බව දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකත්වය ලබාගෙන ඇති ඇතැම් ගුරුවරු පාසල් තුළ සිය ප්‍රවර්ධන කටයුතු සිදු කරන බවට පැමිණිලි ලැබී ඇතැයි පැෆරල් සංවිධානය පවසයි.

ජාතික ජනබලවේගයේ නිල මතය ලෙස පිළිගත යුත්තේ එම පක්ෂයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක සහ විධායක කමිටු සාමාජික නලින්ද ජයතිස්ස මහතා විසින් පවසන මතය දැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා රූපවාහිනී නාලිකාවක සංවාදයකට එක් වෙමින් ප්‍රශ්න කරයි.

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල 'X' ගිණුමේ පණිවුඩයක් නිකුත් කරමින් සුබ පැතුම් එක්කර තිබේ.

ප‍්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේදී රුපියල් කෝටි දහයක මුදලක් වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතාට ලබා දුන් බව ජන අරගල සන්ධානය පවසයි.

විධායක බලතල තිබුණත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබුණත් ජනතා විශ්වාසය නොමැතිව කිසිවකුට රටක් පාලනය කළ නොහැකි යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

2025 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි මුළු අවශ්‍යතාවයම ප්‍රදානයක් ලෙස ලබා දීමට මහජන චීන සමූහාණ්ඩුව විසින් එකඟතාව පළ කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

අමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයේ ජය තහවුරු කර තිබේ.

හිටපු ව්‍යාපාරික නායකයකු වූ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, පසුගිය සතියේ ආයතනික සංසදයකදී, අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීම සඳහා සිටින ‘වන් ෂොට්’(one shot) ලෙස හඳුන්වාදෙමින් ඔහු ගැන ඉතා ඉහළින් කතාකළේය.


ප්‍රධාන පුවත්

රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා කැනඩාවේදී NATO හමුදා ප්‍රධානීන් හමුවී, මෙරට අවි ආයුධ නවීකරණය කිරීමටත්, යුධ ගබඩා සැලසුම් කිරීමටත්, NATO සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ඉහළ නැංවීමටත් කළ ආරාධනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය දැඩි විරෝධය පළ කර සිටියි.

වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දෙවසරක පාලන කාලය ලෝකයේ වෙනත් රටක පාලනයක් හා සැසඳීමේ දී හොඳම සමපාත වීම ලෙස සැලකිය හැක්කේ වෙනිසියුලාවේ අන්තර් කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ගේ පාලනයට බව ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.