වැඩ බලන පොලිස්පතිවරයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් පොලිස් කොමිසමෙන් නිවේදනයක්
වැඩ බලන පොලිස්පතිවරයා විසින් පසුගිය දා (22) මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ අදහස් සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 උ(1) (ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව පොලිස්පතිවරයා හැර පොලිස් නිලධාරීන්ගේ පත්කිරීමේ, උසස් කිරීමේ, ස්ථාන මාරු කිරීමේ ඔවුන් විෂයෙහි විනය පාලනය කිරීමේ සහ ඔවුන් සේවයෙන් පහ කිරීමේ බලය ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත පැවරී ඇති අතර, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම, විනය පාලනය කිරීම හා සේවයෙන් පහ කිරීම පිළිබඳ ජාතික පොලිස් කොමිෂන් සභාව සතු බලතල, පොලිස්පතිවරයා විමසා ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලැබිය යුත්තේය යනුවෙනුයි එහි සඳහන් කර ඇත්තේ.
එමෙන්ම එකී බලතල එනම්, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම, විනය පාලනය කිරීම හා සේවයෙන් පහ කිරීම පිළිබඳ ජාතික පොලිස් කොමිෂන් සභාවේ බලතල ක්‍රියාත්මක කිරීම සෑමවිටම පොලිස්පතිවරයා විමසා සිදු කරනු ලබන බවයි එහි සඳහන් කර තිබෙන්නේ.
තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 එ (1) ව්‍යවස්ථාවට අනුව යම් කාණ්ඩයකට අයත් පොලිස් නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම, ඔවුන් විෂයෙහි විනය පාලනය කිරීම සහ සේවයෙන් පහ කිරීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාව සතු බලතල ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් නිශ්චිතව දක්වනු ලැබිය හැකි කොන්දේසිවලට සහ කාර්යය පටිපාටිවලට යටත්ව පොලිස්පතිවරයා වෙත හෝ පොලිස්පතිවරයා වීමසා යම් පොලිස් නිලධාරියෙකු වෙත ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පවරනු ලැබිය හැක්කේය යනුවෙන් ද එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..