විමල්‌ගේ '' සඳේ ගින්දර" ගින්දර නිවන්න කැත උත්සාහයක්
ජාතික නිදහස් පිටමුණේ නායක විමල් වීරවංශ මහතාට ආණ්ඩුවට සම්බන්ධ ආයතනයකින් සිදුවී ඇතැයි කියන බරපතල අසාධාරණයක් පිළිබඳ තොරතුරු මේ වන විට වාර්තා වී තිබෙනවා.
විමල් වීරවංශ මහතා විසින් රචිත ” සඳේ ගින්දර ” නම් නවකතාව එළිදැක්වීමේ උත්සවය වෙනුවෙන් එළඹෙන 07 වෙනිදා ජාතික ලේඛනාරක්ෂක ශ්‍රවණාගාරය වෙන් කිරීමට අදාළ සංවිධායක කමිටුව පියවර ගෙන තිබෙනවා.
වාර්තාවන අන්දමට ඒ සඳහා අත්තිකාරම් මුදලක්ද ඔවුන් විසින් ගෙවා ඇති අතර උත්සවයට අදාළ ආරාධනා පත්‍ර ද මුද්‍රණය කර බෙදා හැර තිබෙනවා.
කෙසේ වෙතත් අද (04) පෙරවරුවේ ජාතික ලේඛනාරක්ෂක ශ්‍රවණාගාරයේ නිලධාරීන් විසින් දන්වා තිබෙන්නේ මෙම උත්සවය පැවැත්වීමට අවසර ලබා දිය නොහැකි බවයි.
මේ සම්බන්ධයෙන් උත්සව සංවිධායකයින් සහ අදාළ නිලධාරින් අතර උණුසුම් සංවාදයක් ද නිර්මාණය වී ඇති අතර උත්සවය පැවැත්වීම සඳහා අත්තිකාර මුදලක් ලබා ගෙන අවසන් මොහොතේ නිශ්චිත හේතුවක් නොදක්වා එය පැවැත්වීමට අවසර ලබාදිය නොහැකි බවට පැවසීම විමතියට කරුණක් බවයි උත්සව සංවිධායකයින් සඳහන් කර තිබෙනවා.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ සංවිධායක කමිටුව අදාළ උත්සවය සඳහා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන ශ්‍රවණාගාරය වෙන් කරවාගෙන තිබෙනවා.
මතු වූ ව්‍යාකූල තත්ත්වය පිළිබඳව දැනුවත් කරමින් නව ආරාධනා පත්‍රයක්ද නැවත බෙදා හැරීමටයි ඔවුන් පියවර ගෙන තිබෙන්නේ.
එමෙන්ම අත්තිකාරම් මුදලක් ලබා ගනිමින් අදාළ වෙන් කිරීම සිදුකොට අවසන් මොහොතේ උත්සවය පැවැත්වීමට ඉඩ ලබා විය නොහැකි බව පැවසූ නිලධාරින් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇති බවද වාර්තාවනවා.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..