News Category
From Date
To Date
Maximum Number of Result

පාස්කු වාර්තා සහ ණය ගැනීම පිළිබඳව තමන් සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිනෙන්නැයි විජිත හේරත් ඇමතිවරයාට සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සහ පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අභියෝග කලේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපතිවර්යා ලෙස තේරී පත්වී යුක්රේන ගැටුම අවසන් කිරීමට ඉතා උනන්දුවෙන් උත්සාහ කළහොත් ඔහුට අවසානයේ අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ ඉරණම අත්විය හැකි බව හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වදෙව් ප්‍රකාශ කරයි. හෙට(05) පැවැත්වෙන ජනාධිපතිවරණයේදී කවුරුන් බලයට පත්වුවද වොෂින්ටනය සහ මොස්කව් අතර සබඳතා වල මේවන විට තිබෙන ආතතිමය ස්වභාවය එලෙසම පවතිනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය .

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රෂි ප්‍රභා රත්වත්තේ මහත්මියව ද එළැඹෙන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා තෝරා පත්කර ගෙන තිබේ.

පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනුකර තිබු පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කර තිබේ.

රටවල් දෙකක් ලෙස භූගෝලීය වශයෙන් දුරස්ථ වුවත්, චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය වසර 2,000කට වඩා වැඩි බවත්, ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද, චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සිටින අතර ශ්‍රී ලංකාවට විශ්වාසය තැබිය හැකි සැබෑ මිතුරෙකු සහ හොඳ හවුල්කරුවෙකු බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පවසයි.

වාහන අංක තහඩු මුද්‍රණය සීමාකිරීම හේතුවෙන් වාහන නව ලියාපදිංචියේදී හා වාහන හිමිකම් පැවරීමේදී අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියයි.

නව රජය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම පවුලේ සාමාජිකයන් පෞද්ගලික කාර්ය මණ්ඩලය ලෙස පත් කර ගැනීමට නොහැකි වනු ඇති බව අගමැති හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

පාඩු ලබනවා යැයි පවසමින් පසුගිය සමයේ විකිණීමට ලන්සු කැදවූ මිල්කෝ ආයතනය පසුගිය මාසයේ මෙතෙක් ලැබූ ඉහළම පිරිවැටුම ලබාගත් බව එහි සභාපති පී.එච්.වී. ගෝඨාභය මහතා පැවසීය.


ප්‍රධාන පුවත්

රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා කැනඩාවේදී NATO හමුදා ප්‍රධානීන් හමුවී, මෙරට අවි ආයුධ නවීකරණය කිරීමටත්, යුධ ගබඩා සැලසුම් කිරීමටත්, NATO සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ඉහළ නැංවීමටත් කළ ආරාධනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය දැඩි විරෝධය පළ කර සිටියි.

වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දෙවසරක පාලන කාලය ලෝකයේ වෙනත් රටක පාලනයක් හා සැසඳීමේ දී හොඳම සමපාත වීම ලෙස සැලකිය හැක්කේ වෙනිසියුලාවේ අන්තර් කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ගේ පාලනයට බව ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.