ජනතාව රෝහල් ගතවීම අවම කිරීමට අවධානය..
ජනතා සෞඛ්‍ය හා සුවතාවය උදෙසා ප්‍රජා සෞඛ්‍ය පිළිබඳව දැනුම ජනතාවට ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය (College of Community Physicians of Sri Lanka- CCPSL) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව සංවිධානය කළ “ප්‍රජා සුව දැක්ම – 2025” පාගමන සහ සෞඛ්‍ය අධ්‍යානික ප්‍රදර්ශනය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
රෝහල් පරිශ්‍ර තුළ කෙතරම් යටිතල පහසුකම්, මානව සම්පත් සංවර්ධනය කළ ද සෞඛ්‍ය සේවාවේ ඉලක්ක ජයගත හැකි සීමාවන් පවතින බැවින් වැඩිම අවධානය යොමු කළ යුතු වන්නේ ජනතාව රෝහල් ගතවීම අවම කිරීමටත්, රෝග ව්‍යාප්තිය වළක්වාලීමටත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී අදහස් දක්වමින් පැවසී ය.
සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස සෞඛ්‍ය සේවාවේ සියළුම අංශ මෙහෙයවනු ලබන්නේ රෝග නිවාරණය සහ රෝහල් ගතවීම අවම කිරීම සඳහා බව අවධාරණය කල අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශය ට මෙරට ජනතාව සමග එක්ව සිදු කිරීමට බැරෑරුම් කටයුත්තක් තිබෙන බව ද පැවසී ය. එම කටයුත්ත දිනකින් දෙකකින් අවසන් වන කාර්යක් නොවන බවත්, ඒ සදහා යම් කාලයක්, අඛණ්ඩව අභියෝගයන් ට මුහුණ දෙමින් ධෛර්ය සම්පන්නව කළ යුතු කාර්යක් මෙන් ම මෙරට සියළු දෙනාම නිසි අවබෝධයෙන් තමන්ගේ වගකීම ඉටුකළ යුතු කාර්යක් බවද පැවසූ අමාත්‍යවරයා එය කළහොත් ප්‍රතිකාර අංශයට එයින් සහනයක් ලැබෙන බව ද අවධාරණය කර සිටියේ ය.
ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සෑම අවස්ථාවකම රට තුළ පවතින සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව දත්ත මත පදනම්ව තීන්දු තීරණ ගන්නා බවත්, ඒ ඇසුරින් කාලීන වැඩසටහන් සකස් කරන බවත් සිහිපත් කළ අමාත්‍යවරයා මෙරට ජනතාව රෝග වලින් ආරක්ෂා වීමට, රෝග පැතිරීම වළක්වාලීමට, රෝග අවම කරගත් ජීවිතයක්, සුව දිවියක් ඇති කර ගැනීම සඳහා මෙම දැනුවත් කිරීම් වැඩසටහන් ඉතා වැදගත් වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසී ය.
නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයෙන් ආරම්භ කළ පාගමන විහාර මහාදේවී උද්‍යානය දක්වා ගමන් කෙරුණු අතර එම පරිශ්‍රයේ දී සෞඛ්‍ය අධ්‍යාපනික ප්‍රදර්ශනය ආරම්භ විය.
මෙම ප්‍රදර්ශනයට අධ්‍යාපන කුටි, සුවතා වැඩමුළු, ළමා කලා ප්‍රදර්ශන, සෞඛ්‍ය සම්පන්න ආහාර කුටි, නොමිලේ සෞඛ්‍ය පරීක්ෂණ ද ඇතුළත් වේ. පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා විහාර මහාදේවී උද්‍යානයේ එළිමහන් රංග පීඨයේ දී අධ්‍යාපනික හා සංස්කෘතික සංදර්ශනයක් පැවැත්වීමට ද නියමිතය.
“සුවබර දිවියක් – සතුටුමත් ජීවිතයක්” යන්න ප්‍රධාන තේමාව කරගනිමින් අද දිනය පුරා පැවැත්වෙන මෙම ප්‍රජා සුව සැණකෙළිය පාසල් දරුවන්, තරුණ ප්‍රජාව, සෞඛ්‍ය වෘත්තිකයන් සහ මහජනතාවට සුව සතුටින් පිරි දිවි පෙවෙතකට සෞඛ්‍ය අධ්‍යාපනික දැනුම බෙදා දෙන ප්‍රමුඛතම වැඩසටහනක් වේ.
මෙම අවස්ථාවට විද්‍යා හ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න යන මහත්වරුන් මෙන් ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සාමාජික විශේෂඥ වෛද්‍යරුන්, වෛද්‍යවරුන්, ජාත්‍යන්තර සංවිධාන සහ මෙරට රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන වල නියොජිතයින්, විශ්ව විද්‍යාල, ආරක්ෂක අංශ නියෝජනය කරමින් පිරිසක් ද මහජනතාව ද සහභාගි වූහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?