කොලොම්බියාවේ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේට වෙඩි ප්‍රහාරයක්..
කොලොම්බියානු සෙනෙට් සභිකයෙකු වූ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේ බොගොටා හී පැවැති උත්සවයකදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
2026දී ජනාධිපති ධුරය සඳහා තරග කරන 39 හැවිරිදි මිගෙල් උරිබේ හිටපු කොලොම්බියානු ජනාධිපති අල්වාරෝ උරිබේ විසින් ආරම්භ කරන ලක විපක්ෂ කොන්සර්වේටිව් ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යස්ථාන පක්ෂයේ සාමාජිකයෙකුද වේ.
බොගෝටා හී පොදු උද්‍යානයක ප්‍රචාරක උත්සවයක් අතරතුර මිගෙල් උරිබේට වෙඩි තබා ඇති අතර සිද්ධිය සම්බන්ධව සැකකරුවෙකු අත්අඩංගුවයට ගෙන ඇති බවත් එරට පොලිස් සේවය සඳහන් කර තිබේ.
ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇති උරිබේගේ තත්ත්වය පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළිව නැත.
බොගෝටා හී නගරාධිපති කාලෝස් ගැලන් පවසා ඇත්තේ ෆොන්ටිබන් දිස්ත්‍රික්කයේ ප්‍රහාරයකින් පසු උරිබේට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් බවට වාර්තා වන බවය. කෙසේ නමුත් අවශ්‍ය වුවහොත් කොලොම්බියානු අගනුවර සම්පූර්ණ රෝහල් ජාලය ඔහු වෙනුවෙන් සීරුවෙන් තබා ඇති බවත් ඔහු පවසා තිබේ.
කොලොම්බියාවේ ආරක්ෂක අමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් පැවසුවේ වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් මීට සම්බන්ධ තවත් අය සිටීද යන්න පිළිබඳව බලධාරීන් විසින් විමර්ශනය කරන බවත්ය.
උරිබේ කොලොම්බියාවේ ප්‍රමුඛ පවුලකින් පැවත එන අයෙකු වන අතර ඔහුගේ පියා ව්‍යාපාරිකයෙකු සහ වෘත්තීය සමිති නායකයෙකුද වේ.
ඔහුගේ මව වන මාධ්‍යවේදිනියක් වූ ඩයනා ටර්බේ 1990 වසරේදී අභාවප්‍රාප්ත කාටෙල් නායක පැබ්ලෝ එස්කොබාර්ගේ අණ යටතේ සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහර ගන්නා ලද අතර ගලවා ගැනීමේ මෙහෙයුමකදී ඇය ජීවිතක්ෂයට පත්වූවාය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්