
තනි කැමැත්තට රහස් ඡන්දයක් කැදවූ පලාත් පාලන කොමසාරිස්ට එරෙහිව පියවර ගන්නා බව සජිත් කියයි..
පළාත් පාලන ආයතනයක සමස්ත සභික ප්‍රමාණයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධින කණ්ඩායමක් විසින් ලබා නොමැති අවස්ථාවල දී සභාපති හා උපසභාපති තෝරන මාර්ගෝපදේශ පිළිබද පැහැදිලි උපදේශන සහ නිර්ණායක රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය 2025 නිකුත් කර ඇති බවත් විශේෂයෙන්ම මේ මාර්ගෝපදේශ අනුගමනය කරමින් රටේ ප්‍රදේශවල මේ කාර්යය නියමිත ආකාරයට ක්‍රියාත්මක වන අවස්ථාවල සමගි ජන බලවේගයට හා විපක්ෂයට සභා ගණනාවක බලය හිමි වූ බවත් මෙය දුටු වත්මන් රජය මේ වන විට බලපෑම් කරමින් මෙහි සදහන් මාර්ගෝපදේශ වෙනස් කර ක්‍රියාත්මක කිරිමට කටයුතු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
මේ මාර්ගෝපදේශවල 7 වැනි පිටුවේ රහස් ඡන්දයක් හෝ විවෘත ඡන්දයක් පැවැත්වීම ගැන මත විමසන ආකාරය සදහන් බවත් එහි දී එක් එක් සභිකයාගේ නම අඩගසා විමසන ආකාරය ගැන සදහන්ව ඇති බවත් එසේ තිබියදී සමගි ජන බලවේගයත් විපක්ෂයත් මේ මාර්ගෝපදේශ අනුගමනය කිරිම තුළ ක්‍රියාත්මක කිරීම තුළ සභාවල බලය ගැනීම නිසා අත්තනෝමතික ලෙස මේ මාර්ගෝපදේශ වෙනස් කරන්නට බලධාරීන් ඒ ඒ ප්‍රදේශ භාර පළාත් පාලන කොමසාරිස්වරුන් කටයුතු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ මාර්ගෝපදේශ ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කළ පළාත් පාලන කොමසාරිස්වරුන්ට ස්තූතිවන්ත වන බවත් කොළඹ නගර සභාවේ සභිකයන් 60ක් අත්සන් කර විවෘත ඡන්දයක් ඉල්ලා සිටින විට ඒ ඉල්ලීම පැහැර හරින්නේ කොහොමද කියා ගැටලුවක් ඇති බවත් ඒ මාර්ගෝපදේශ වෙනස් කර තමන්ට ඕන ඕන ආකාරයට වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලපෑම් කළ පාර්ශ්ව කවරේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මීට දින කිහිපයකට පෙර විමසූ අවස්ථාවේ පවා මේ මාර්ගෝපදේශ සලකන බවට පැවසූ නමුත් මේ මාර්ගෝපදේශ අමුඅමුවේ උල්ලංඝනය කර කොළඹ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන ගණනාවක කටයුතු කර ඇති බවත් එය ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
මේ මාර්ගෝපදේශවලින් බැහැරව කටයුතු කරන්නට ඉහළ තැනකින් බලපෑම් ආවාද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් අද වන විට ස්ථාන ගණනාවකදී මේ මාර්ගෝපදේශ පැහැර හැර ඇති බවත් එය ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමක් බවත් එක් ප්‍රදේශයක විවෘත ඡන්දයත් තවත් ප්‍රදේශයක රහස් ඡන්දයත් පැවැත්වීම නිසා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට එරෙහිව ගත යුතු සියලුම පියවර ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
