බිමල් අත්අඩංගුවට ගන්නැයි දයාසිරි ඉල්ලයි..
තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලීම සඳහා ඊයේ (16) එම කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසූවේ රතු ලේබල් සහිත කන්ටේනර් පෙට්ටි 323ක් නිදහස් කිරීම වරදක් බව ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුව නිගමනය කරන්නේ නම් ඒ සඳහා මැදිහත් වී කටයුතු කළ බිමල් රත්නායක අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් වහා ම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළයුතු බවයි.
එහිදී තවදුරටත් අදහස් දැක් වූ හෙතෙම මෙසේද කීය.
“කන්ටේනර් 323 සම්බන්ධ පුවතක් පුවත්පත් වල පළ වෙලා තිබුණා. එහි බොහොම පැහැදිලිව සඳහන් වෙනවා මේ කන්ටේනර් 323 සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ නිර්දේශය අතර තියෙනවලු මේවා මුදාහැරීම වැරදියි කියලා. ඒ කියන්නේ රතු ලේබල් සහිතව තිබූ මේ කන්ටේනර් මුදාහැරීම වැරැදියි කියලා තමා ඔවුන්ගේ නිගමනය වෙලා තිබෙන්නේ. මාවත්, ගම්මන්පිලවත් සී.අයි.ඩී. එකෙන් අපිව අරගෙන යන්න හැදුවා. කට උත්තර ගන්න. අපි ගිහින් කට උත්තර දුන්නා. පැය පහකට වැඩි කාලයක් මම කට උත්තර දුන්නා.
මේ කන්ටේනර් 323 නිදහස් කිරීම සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් තැබීම තමයි ඒකට හේතුව. අපි වරදක් කරලා නොවේ. මේ තොරතුරු සම්බන්ධයෙන් පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වීම නිසා තමයි අපිව අරන් යන්න හැදුවේ. මේ තීන්දුවත් එක්ක මේ කන්ටේනර් 323 නිදහස් කිරීම වැරදියි කියලා කියනවා නම් කරුණා කරලා දැන් බිමල් රත්නායකව අත්අඩංගුවට ගත යුතුයි. මේවා නිදහස් කළ නිලධාරීන් සියලු දෙනාට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතුයි.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?